Jul 10, 2013

බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා පිටියේ වසර 16 ක් පැරණි අනුරාධපුර උදේනි ගේ වාර්තාව වලල සදමාලි බිද දමයි

ස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජූලි නව වන දින නිමා වන විට අලුත් වූ නව වාර්තා ප්‍රමාණය හයක් වන අතර ඊට අමතරව සම වූ තරග වාර්තාවක් ද දැකිය හැකිය.බිද වැටුණු වාර්තා අතර වසර 16 ක් පැරණි ශ්‍රී ලංකාවෙන් බිහි වූ ඉහළ තලයේ මැදි දුර ධාවිකාවක වන උදේනි කාංචනමාලා සතු වාර්තාවක් ද විය.උදේනි අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන් බිහි ව මලල ක්‍රීඩා දක්ෂතා මත කොළමට සේන්දුව නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් 1997 දි අවුරුදු 19 න් පහළ මීටර් 800 ඉසව්ව වෙනුවෙන් විනාඩි 2:25. 2 කින් නිමා කර මෙම වාර්තාව තබා තිබිණ.
ඇයගේ වාර්තාව බිද දැමුවේ ද ඒ ආකාරයටම වලල ඒ රත්නායක විද්‍යාලයෙන් බිහි වූ වර්ථමානයේ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන සදමාලි රාජසේකර ය.අැයගේ නව වාර්තාවේ කාලය වූයේ විනාඩි 2:23.3 කි. ඊට අමතරව 1998 දි චාමිනි රිද්මා නිශ්ශංක ප්‍රනාන්දු විසින් අවුරුදු 19 න පහළ හෙල්ල වීසි කිරීම මීටර් 37.7 ක් දුරට වීසි කර පිහිටුවා තිබූ වාර්තාව පානදුර යහපත එඩේරාගේ කන්‍යාරාමයේ සයෝනා චාමිකා ගුණරත්න විසින් මීටර් 38.75 ක දක්ෂතාවයක් දක්වමින් බිද දැමුවාය.
එසේම ඉකුත් වසරේදි අවුරුදු 17 න් පහළ වයස් ඛාන්ඩයේ තරග සදහා පළමු වරට ඉදිරි පත් වූ කොළම මෙතෝදිස්ත විද්‍යාලයේ කාමිනි ජයසිංහ පිහිට වූ විනාඩි 1:10.5 ක වාර්තාව ඇය විසින්ම මෙවර විනාඩි 1:10.3 දක්වා වර්ධනය කිරීමද කැපී පෙණින.
පහත දැක්වෙන සබදතාවය හරහා එම නව වාර්තා වෙත පිවිසීමට හැකියාව ඇත.
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13fc3565d6abf07b&attid=0.2&disp=inline&realattid=f_hix22mqg1&safe=1&zw&sadnir=1&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1373593740338&sads=rT3wETNGdE5r2GkPaeqMhOGi2vE

www.supirikrida.com

Jul 9, 2013

ශ්‍රී ලංකාව අවසාන තරගයට?

Angelo Mathews led from the front with 4 for 29ටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම අතර පැවති දෙවන තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 39 ක ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.වර්ෂාව නිසා දෙදිනකට දිගෑදුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 41 දී රැස් කළේ ලකුණු 219 ක් පමණයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉණිමක් ක්‍රීඩා කළ කුමාර සංගක්කාර නොදැවී ලකුණු 90 ක් ලබමින් හෙිදී කැපී පෙණෙන ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු ලහිරු තිරිමාන්න සමග සිව්වන කඩුල්ලට ලකුණු 64 ක් ද,ඇන්ජලෝ මැතිව්ස් සමග පස්වන කඩුල්ලට ලකුණු 46 ක් ද ලබා ගනිමින් කැපී පෙණුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවෙන් ප්‍රබලතම අභියෝගය එල්ල කළ කැමරොන් රෝච් ලකුණු 27 ට කඩුලු 4 ක් දවා ගත්තා.පිළිතුරු ඉනිමට පිවිසි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඩැරන් බ්‍රාවෝ ලකුණු 70 ක් සහ ලෙන්ඩ්ල් සීමන්ස ලකුණු 67 ක් එක් කළ ද සෙසු පිතිකරුවන්ට හිස එසැවීමට අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් ලැබුණේ නැහැ.ඒ අතරින් නායක මැතිවිස් ලකුණු 29 ට කඩුලු 4 ක් දවා ගත් අතර පන්දු ඕවර් 40 නිමාවේදී ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් ලකුණු පූවරුව කඩුලු 9 ට ලකුණු 190 ක ට සීමා වී තිබුණා.
ඒ අනුව මේ වන විට තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් ඉතිරිව තිබියදී  ලකුණු සටහනේ පෙරමුණේ රැදෙන්නට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.ලංකාව සහ කොදෙව් කණ්ඩායම තරග දෙක බැගින් ජය ගනිමින් සහ ඉන් තරගයක ප්‍රසාද ලකුණු ද සමග ලකුණු 9 බැගින් ලබා සිටින අතර ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව පෙරමුණේ සිටිනවා.ඉන්දියාව එක් තරගයක් ප්‍රසාද ලකුණු සමග ජය ගෙන  සිටින අතර ඔවුන්ට ශ්‍රී ලංකාව සමග තරගය ප්‍රසාද ලකුණු සමග ජය නොගන්නේ නම් ලකුණු සටහනේ පෙරමුණට ඒමට අවස්ථාවක් නැහැ.එසේම විශාල ලකුණු පරතරයක් සහිතව ශ්‍රී ලංකාව ඉතා අඩු ලකුණු ගණනකට දැවී නොගියොත් ශ්‍රී ලංකාව අවසාන තරගයට පිවිසීම වැළක්වීම කළ නොහැකි වන බව මේ සමග ඇති සබදතාවය පිරික්සා බැලීමෙන් අවබෝධ කර ගන්නට හැකියි.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/series/597920.html?view=pointstable
එසේම පහත ඇති සබදතාවයෙන් ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පැවති තරගයේ නිල ලකුණු සටහනට පිවිසීමට ද හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/current/match/597927.html

www.supirikrida.com

SORRY!

වැස්ස කොදෙව්වන් ට අවසාන තරගයට පාර කපයි යනුවෙන් ඊයේ සටහන් තබන ලද ප්‍රවෘත්තිය වැරදිය.නිවැරදි තොරතොරු පිලිබදව අවධානය යොමු නොකරමින් එවැන්නක් පළ කිරීම විශාල වරදක් මිස අත්වැරද්දක් නොවන බව පිළි ගනිමි.එය අත්වරදක් ලෙස නොසිතිය හැකි තරමේ වරදකි.ඒ නිසා ක්‍රිකට් ලෝලී සහෘද පාඨකයන් කෙතරම් අපහසුවකට පත් වන්නට ඇද්ද යන පැමිණි පණිවිඩ වලින් දැන ගතිමි.

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් නාට්‍යයක් සදහා පුහුණු කරමින් සිටින බැවින් බන්ධනාගාරය තුළ දුරකතනය ක්‍රියාත්මක නොවීම නිසා එම ප්‍රවෘත්තිය පිළිබදව දුරකථනය මාර්ගයෙන් අසන්නට වන දොස් යම් තරමකට අඩු වුව ද,එම පරිසරයෙන් පිටත අසන්නට වූ දොස් එම ප්‍රවෘත්තියෙන් ක්‍රිකට් ලෝලි ඔබ  කෙතරම් අපහසුතාවයකට පත් වූවා ද යන්න සිතා ගැනීමට ප්‍රමාණවත්ය.
වූ වරදට සමාවෙන්න වරක් නොව සිය දහස් වාරයක්

Jul 8, 2013

වැස්ස කොදෙව්වන් ට අවසාන තරගයට පාර කපයි

Groundstaff pull the covers onto the fieldටහිර ඉන්දීය කොදෙව් දූපත් වල ක්‍රියාත්මක තුන් කොන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පැවති තරගය වර්ෂාව නිසා අතහැර දමන්නට සිදු වූ අතර මේ තත්ත්වය නිසා කොදෙව් ක්‍රීඩකයන්ට අවසාන තරගයට පිවිසීමට අවස්ථාව නිතැතින්ම හිමි විය.එම තරගයේ ජය පරාජය නොවිසදීම ත් සමග තරගාවලියේ කොදෙව් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව සමග සම ලකුණු ද,ජයග්‍රහණ දෙකක ලකුණු ද සමග ලකුණු සටහනේ පෙරමුණේ රැදෙන අතර ශ්‍රී ලංකාව එක් ජයග්‍රහණයක් සහ ජය පරාජය නො විසදි තරගයේ සම ලකුණු ද සමග ලකුණු සටහනේ දෙවන තැන සිටියි.
ඒ නිසා තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාව අනිවාර්යෙන් ඉන්දියාව පරාජය කළ යුතු අතර එසේ නොවි ඉන්දියාව ජය ගතහොත් ලකුණු සටහනේ දෙවන තැන ඔවුන්ට හිමි වී අවසාන තරගයට කොදෙව්වන්ට එරෙහිව මුහුණ දීමේ අවස්ථාව ඉන්දියාවට හිමි වන්නේය.එහෙත් එම තරගයට ද වර්ෂාව බාධා ඇති කළහොත්   අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ අවසාන තරගයට පිවිසීමේ බලාපො‍රොත්තුව වර්ෂාව අත සහ ඉන්දීය තරගයේ ජයග්‍රහණය මත රැදී තිබෙන අතර  ඉන්දියාව ජය ගැනීම වැළක්වීම ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට ඇති එකම මාවත වන්නේය.
වර්ෂාව නිසා අතහැර දැමූ තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය භාවිතා කරන්න.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597927.html

www.supirikrida.com



වසර 6 ට පසු 400 සහය කණ්ඩායමෙන් ආසියානු පදක්කමක්

සර හයකට පසු ආසියානු මට්ටමෙන් මීටර් 400 සහය ඉසව්වේ පදක්කමක් ශ්‍රී ලංකාවට උරුම කර දුන්
(මේ සමග වන ඡායාරූපයේ වමේ සිට ) අංජන කුමාර ගුණරත්න,දුලාන් ප්‍රියශාන්ත,කසුන් කල්හාර සෙනවිරත්න සමග එක් වූ දහම් ආලෝක සමත් විය.මීට පෙර අවසාන වරට එම සහය දිවීමේ ඉසව්වේ ආසියාතික සූරතාවලියක ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2007 වසරේ ජෝර්දානයේ පැවකි ආසියානු සූරතා තරගාවලියේදී ය.එහිදී එම දස්කම දායාද කර ඇත්තේ ප්‍රසන්න අමරසේකර, ශිවන්ත වීරසූරිය,අසෝක ජයසුන්දර සහ රෝහිත පුෂ්පකුමාරය.එවර එහි කේවල ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ ද ප්‍රසන්නය.පස්වන ස්ථානය අශෝක ජයසුන්දරට හිමි විය.නමුත් මෙවර ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමට හිමිකම් කියද්දී කිසිදු ක්‍රීඩකයෙකු අවසාන අට දෙනා අතර නොසිටියේ ය
තරගාවලියේ අවසාන දිනයේ ශ්‍රී ලංකාව වඩාත් බලාපොරොත්තු තබා සිටි ඉසව් අතර මීටර් 400 සහය දිවීමේ තරගයට වඩා අවධානය යොමු වී තිබුණේ මීටර් 400 කඩුලු කාන්තා,මීටර් 800 කාන්තා සහ උස පැනීම පිරිමි තරගය ය.නමුත් ශ්‍රී ලංකා කදවුරේ මෙම කාන්තා බලාපොරොත්තු දෙකම හොද සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටියේය.ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍යය වුව ද මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශයෙන් වෛද්‍යවරු බලාපොරොත්තු නොවුණු අතර ක්‍රීඩා අමාත්‍යංශයද ක්‍රීඩාවේ පරිපාලන පුටු වලට තමන් රුචි මිනිසුන් පත කර ගැනීමට පිඹුරුපත් සකස් කළ ද,මෙවැනි අවස්ථාවක කණ්ඩායම සමග වෛද්‍යවරයෙකු සිටිය යුතු බවට බලපෑම් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියේය.එම නිසා එම ක්‍රීඩිකාවන් දෙදෙනාටම පදක්කම් අහිමි වීමට සිය සෞඛ්‍ය තත්ත්වය ද හේතු වූ බව කියන්නට මේ වන තෙක් නොකීවද හේතුවක් ඉතිරිව තිබිණ.
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියාද වෛද්‍යවරයෙකු නොමැති වීම මලල ක්‍රීඩා සංගමයෙන් එවැනි ඉල්ලීමක් නොපැමිණිම බව ප්‍රකාශ කළ අතර,ඒ අවාසනාවන්ත ක්‍රීඩාවේ දේශපාලනයට අදාළ කාරණා පදනම් කරගෙන විශාල පිරිසක් නිලධාරින් ලෙස තරගාවලියට එක් වෙද්දී කණ්ඩායමට වෛද්‍යවරයෙකුත්- පදක්කම් බලාපොරොත්තු ලෙස සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇතැම් පුහුණුකරුවන් ප්‍රමුඛත්වයේ නොසැළකීමත් දකින්නට ලැබිණ.මංජුල කුමාර ද පසුගිය කාලයේ ඔහුගේ සාමාන්‍ය මීටර් 2.20 සටහන් කර ගෙන සිටියද ඊයේ සිය පිමි මීටර් 2.18 කින් කෙළවර කරමින් සිය තෙවන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි රන් පදක්කම පිළිබද සිහිනය බොද කර ගත්තේය.
අවසානයේ ශ්‍රී ලංකාවේ පදක්කම් අස්වැන්න රිදී පදක්කම් දෙකකට සහ එක් ලෝකඩ පදක්කමකට සීමා වූ අතර රිදී පදක්කම් දෙකම ශ්‍රී ලංකාවට දිනා දීමේ ගෞරවය පුහුණුකරුවෙකු ලෙස හිමි ඒජේ රොද්‍රිගෝ ට හිමි විය යුතුය.එමෙන්ම මීටර් 400 වැනි ඉසව්වක දක්ෂතා ගැන කියැවෙන විට නිරන්තරයෙන් පුහුණුකරුවෙකු ලෙස කියවෙන සුනිල් ගුණවර්ධනයන්ගේ නම එම ජයග්‍රාහී කණ්ඩායමේ කිසිවෙකු හා නොපෑහෙන අතර එය නව ප්‍රවනතාවයකි.එම කණ්ඩායමේ සිටි අංජන ගුණරත්න ගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු වන අතර දහම් ආලෝක ගේ පුහුණුකරු සජිත් ජයලාල් ය.කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ දුලාන් ප්‍රියශාන්තගේ පුහුණුකරු ලාල් අබේවික්‍රම වන අතර කසුන් කල්හාර සෙනවිරත්නගේ පුහුණුකරු වූයේ කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු වූ යෝගානන්ද විජේසුන්දරය.
www.supirikrida.com

දැලේ හීනය යළිත් බිද වැටේ

මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ මූලික තරග වල දී අති විශිෂ්ඨ දක්ෂතා දක්වන ලද ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේදී වසර ගණනාවක් මුහුණ දුන් ඉරණමට යළිත් මුහුණ දෙමින් මැලේසියාව ඉදිරියේ පරාජයට පත් විය.ලකුණු 59 50 ක් වූ ලකුණු නවයක පරතරයකින් පරාජය ලැබූ ශ්‍රී ලංකාව සෙසු කණ්ඩායම් හා පැවති තරග වලදී විශාල ලකුණු ගණනකට නිරන්තරයෙන්ම පිවිසෙනු දැකිය හැකි වූ අතර නමුත් මලේසියානු තරගයේදී මැලේසියානු පසු පෙළ මැඩ පෙරට ඒම ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු වූයේ නැත.ඒ නිසා අප වෙබ් අඩවිය මගින් දිගින් දිගටම පවසා සිටි පරිදි වඩා පසු පෙළක් සහිත සමබර කණ්ඩායම අවසාන තරගයේ ජයග්‍රාහකයන් බවට පත් විය.
ශ්‍රී ලංකා කණ්ඩාම අවසාන තරගයට පිවිසි පළමු අවස්ථාවේදීම අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික යොවුන් කුසලානය දිනා ගත් මොහොතේ ආසියානු යොවුන් දැල් පන්දු රැජිණ බවට පත් වු ධම්මිකා මල්කාන්තිගෙන්ද අප මේ පිළිබදව පවසා සිටියේද තරගයේ තීරණාත්මක සාධකය ආරක්ෂක පෙළ බවය.නමුත් මේ තරගාවලියේ ශත්තිමත්ම ඉදිරි පෙළ සහ සාර්ථකම දැල් විදින්නියන් සිටියේ ශ්‍රී ලංකාවේ බව මෙහිදී මැනවින් පැහැදිළි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර නමුත් එම හැකියාවන්ට මැලේසියානු ආරක්ෂක අංශය මැඩ ජය ගැනීම අසීරු කරුණක් විය.
තරගාවලිය අතරතුර පැවති ආසියානු දැල් පන්දු නිලවරණයේදී ශ්‍රී ලංකාවට ‍ඓතිහාසික ජයක් හිමි කර දෙමින් ශ්‍රී ලංකා දැල්පන්දු සභාපතිණි ලක්ෂ්මි වික්ටෝරියා ආසියානු දැල් පන්දු සම්මේලනයේ සභාපතිණිය වීම සුවිශේෂී  අවස්ථාවකි.ආසියාවේ රටවල් කිහිපයකම දැල් පන්දු රෝපනය කර වර්ධනය කළ ශ්‍රී ලාංකේය දැල් පන්දුපුහුණුකාරියනගෙ හැකියාව සම්බන්ධයෙන්ද මෙවර තරගාවලිය හරහා නිදසන් දැකිය හැකි විය.විශේෂයෙන්ම තිලකා ජිනදාස සත්කාරක බෘනායි දේශය තරගාවලියේ හයවන ස්ථානය දක්වා ගෙන එන්නට සමත්  වීම ඒ අතරින් කැපි පෙණින.
www.supirikrida.com

Jul 7, 2013

වෙළද සේවා යුගල බැඩ්මින්ටන් තෙවන වරටත්



වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මගින් ක්‍රියාත්මක කරන යුගල කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය ජූලි මස 10 දා සිට 14 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගි විය හැකි මෙම තරගාවලියට එම සංගමයට අයත් ක්‍රීඩා සමාජ 34 ක් නියෝජනය කරමින් බැඩ්මින්ටන් කණ්ඩායම් 42 ක් සහභාගි වීමට නියමිතය.එම ක්‍රීඩා සමාජ වලට අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කණ්ඩායමකට ඉදිරිපත් කළ යුතු අතර එයින් සත් දෙනෙකු අනිවාර්යෙන්ම ක්‍රීඩකයන් විය යුතුය.ඒ අනුව මෙම තරගාවලියට අවම වශයෙන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය 500 ක් පමණ වේ.
එහිදි ජාතික මට්ටමේ ඉදිරි පෙළ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාහේ සිය ආයතන නියෝජනය කරමින් මෙම තරගාවලියට ඉදිරිපත් වනු ඇතැයි වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය බලාපොරොත්තු වන අතර පිරිමි යුගල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස ක්‍රියාත්මක තරගාවලියට පිරිමි අවුරුදු 40 න් ඉහළ තරග අංශයක්ද ඇතුලත් වී තිබේ.ජූලි මස 3 දා සිට වෙළද සේවා බැඩ්මින්ටන් සංගම් වෙබ් අඩිවිය වන http://www.mercantilebadminton.lk වෙතින් හෝ තරග ලේකම් මෝදිත ජයසේකර 0714 900 631 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අදාළ තොරතොරු ලබා ගැනීමට හැකිය.
www.supirikrida.com