Dec 26, 2012

දියගමට ජපන් බේස්බෝල් සත්කාරයේ උණුසුම දැණුනු තවත් දවසක්

සුහද තරගයෙන්
පන් ආධාරයෙන් දකුණු ආසියාවේ ප්‍රථම බේස්බෝල් ක්‍රීඩාංගණයේ උරුමක්කාරයන් වන්නට භාග්‍යවන්ත වූ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් තවත් සත්කාරයන් රැසක් සිදු වූ වැඩසටහන් කිහිපයක් එම දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ පිහිටි බේස්බෝල් පිටියේදී සිදු වුණා.එහිදී උදෑසනම ශ්‍රී ලංකා බේස්බෝල් සාමාජිකයන් සහ ජපන් සාමාජිකයන් එකට එක්ව මිත්‍ර බේස්බොල් තරග කිහිපයක නියැලි අතර අනතුරුව අවුරුදු 15 න් පහළ පාසල් සිසුන් වෙනුවෙන් බේස්බෝල් ක්‍රීඩාවේ මූලික දැණුම ලබා දෙන පුහුණු වැඩ සටහනක් සංවිධානය වුණා.
තරුණියන්ටත් මූලික දැණුම

ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල -වමේ සිට සුජීව විජේනායක,කොජියසෝ සහ පිරිස 

අනතුරුව පස්වරුවේ ජපාන අන්තර්ජාතික විනිසුරු සහ එරට බේස්බෝල් නීති සහ රෙගුලාසි සම්පාදන කමිටු සභාපති කොජියසෝගේ ප්‍රධානත්වයෙන් එරටින් සහභාගි වූ ඒ පිළිබද විශේෂ දැණුම සහිත පිරිසක් සහ ශ්‍රී ලංකාවේ එකම අන්තර්ජාතික විනිසුරු වන සුජීව විජේනායක සහභාගිත්වයෙන් විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩ මුළුවක් ක්‍රියාත්මක වුණා.එම පුහුණු වැඩ මුළුව අවසානයේ කොජියසෝ ගේ අත්සන ද සහිතව වටිනා සහභාගීත්ව සහතිකයක් එම වැඩමුළුවට සහභාගි වූ සියළු දෙනාටම පිරිනැමුණු අතර ජපානයෙන් ලැබුණු ක්‍රීඩා උපකරණ තොගයක් ජාතික කණ්ඩායමේ සහ අවුරුදු 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයන් අතර බෙදා දිම සිදු කරන්නට යෙදුණා.

විනිසුරු වැඩ මුළුවෙන්
සහතිකපත් බෙදා දීමේ උත්සවයෙන්
මේ අතර ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික් ආශ්‍රිතව ඉදිරියේදී පැවත්වෙන මෙවැනි වැඩමුළු සහ සුහද බේස්බෝල් තරගාශ්‍රිතව එම දිස්ත්‍රික්කයන්හී සිටින ජාතික කණ්ඩායම සහ අවුරුදු 18 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර ද මෙවැනිම ජපන් ආදාර සහිතව උපකරණ බෙදාදීමක් සිදු වන බව බේස්බෝල් සංගමයේ සංවිධායක දිනේෂ් පෙරේරා ප්‍රකාශ කර සිටියා.
ඡායාරූප - එස් සුන්දර්රාජ්
www.supirikrida.com

Dec 25, 2012

බේස්බෝල් අලුත් හිතීමක අවශ්‍යතාවය තහවුරු වෙයි

භාපතිවරයෙකු නොමැති බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කරන අතරේම ඊයේ සභාපතිවරයාගේ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා සංචිතයේ නායකයා විතරක් අඩුවෙන් ජපාන කනගාවා කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 11 - 4 ක පරාජයක් ලැබීය.කනගාවා රැස් කරන ලද එම ලකුණු ප්‍රමාණය ක්‍රීඩා පිටිය විවෘත කරමින් ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 3 ට වඩා ලකුණු 8 ක් රැස් කිරීමක්ය.
එම තරගය සජීවි ව විද ගත් ඕනෑම අයෙකු තරගය නිම වන තෙක් කනගාවා ක්‍රීඩකයෝ තැති ගැන්මකින් ක්‍රීඩා කළ බව දුටූහ.ඒ නිසා පීඩනය ලකුණු 11 ක් තරම් දුර යෑමේදි මදක් හෝ සැහැල්ලු විය හැකි වුව ද,ලකුණු 3 සීමාවේදි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉදිරියේ කනගාවා කණ්ඩායමට සැහැල්ලු විමට කිසිදු අවකාශයක් නොවිණ.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම
විශේෂයෙන් ශ්‍රී ලංකා නායක ක්‍රිෂ්න හපුආරච්චි සහ 2009 දී අවුරුදු 18 න් පහළ ආසියාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස පවා අභිෂේක ලැබූ මධුරංග ප්‍රියනාත් දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අතර ඒ අතරට ඉතා ඉක්මණින් ජෙරුසනා සුබ්‍රමනියම්,රශ්මික විජයංග සහ ඉෂාර තෙන්නකෝන් ද එක් විය යුතු බව කණිෂ්ඨ ක්‍රීඩක දක්ෂතා විමසද්දී පැහැදිළි විය.මේ පිළිබදව විමසා බලද්දී කණ්ඩායම අලුත් වීමට අලුත් තේරීමකට මේ වන විට පියවර ගෙන නොමැති වීමේ අඩුව ඊට හේතුව විය හැකි බව පෙනෙන්නට තිබුණද,පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් බැහැරව ශ්‍රී ලංකාව පෙරමුණේ තබා කටයුතු කරන්නේ නම් එකම ක්‍රීඩකයාට කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීමෙන් හෝ එවැනි අනීතික සහ සම්ප්‍රදායික නොවන තත්ත්වයන්ට පෙළඹීමෙන් වැළකී,මේ පිටිය යොදා ගෙන වැඩි වාරයක් තේරීම් තරග පැවත්වීම වටින්නේය.
නාලන්ද කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම
 ජාතික මට්ටමේ ක්‍රීඩා කිීමෙන් අත්දැකීම් ඇති කැපවීමෙන් ක්‍රියා කළ හැකි තේරීම් කමිටුවක් මගින් මේ තත්ත්වය ඇති කළ හැකි අතර බේස්බෝල් සංගමය පවත්වන තරගාවලි දෙකේදී ක්‍රීඩකයන්ට කණ්ඩායම් මාරු කර වෙනස් කණ්ඩායම් වලට එකම පිරිසකට ක්‍රීඩා කිරීමේ අවකාශ සැළසීමේ ‍විහිළුවෙන් නැවතී,දක්ෂ ක්‍රීඩකයන් තෝරා දක්ෂතම කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර සංගමය මගින් තරග පැවත්වීම වටින්නේය.උදාහරණයකට උඩරට බ්ලූ සහ රෙඩ් ලෙස කණ්ඩායම් දෙකක් බටහිර යෙලෝ සහ ග්‍රීන්  ලෙස කණ්ඩායම් දෙකක් ලෙස ඒ ආකාරයට නම් කරන ලද දකුණ, වයඹ ආදි කණ්ඩායම් ද නම් කර මෙම තරගාවලිය පැවත්වීමට හැකියාව ඇත.
එය ඉතා ස්වාධින සහ විශ්වසනීය මට්ටමෙන් ද ඉහළ තරගාවලියක් මෙන්ම සැබෑ දක්ෂයන්ට බේස්බෝල් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට අවස්ථාව දිනා ගැනීමට කරන සාධාරණ පරීක්ෂණයක්ද වනු නිසැකය.
ජාත්‍යන්තර විනිසුරු සුජීව විජේනායක
නැවත කනගාවා දෙසට හැරීමේදී ඔවුන් ශ්‍රී ලංකා පාසල් සූරයන් වන නාලන්දාව පරාජය කළේ ලකුණු 28 - 1 ක් ලෙස ය.එය ඉතාම ඛේදණිය සහ පසුබස්නා සිතුවිලි ඇති කරන පරාජයක් විය.ලොව ඉහළම බේස්බෝල් සංස්කාතියක් ඇති රටක් ලෙස සැළකෙන ජපානයේ ඇකඩමි කණ්ඩායමක් යනු අපේ ජාතික කණ්ඩායමටත් ඉදිරියෙන් තිබෙන කණ්ඩායමක් බව තේරුම් ගැනීම අපහසු නැත.එය සභාපතිගේ කණ්ඩායම ලෙස ඉදිරිපත් වූ අපේ ජාතික කණ්ඩායමට අත් වූ ඉරණමෙන්ම පැහැදිළිය.
මෙය ජාතික බේස්බෝල් පරිපාලනය දන්නා දෙයකි.ඒ නිසා පරාජය ක්‍රීඩාවට ඇති උනන්දුව හීන කරන සහ මන්දෝත්සාහී පරාජයක් වීම වැළකිය යුතුය.
එවැනි තත්ත්වයක කනගාවා තරුණ කණ්ඩායමේ වයස මට්ටම සැළකිල්ලට අපේ පාසල් සූරයන්ට ඔවුන් හා තරග වැදීමට ඉඩ සැකසීම ළදරු පාසල් දරුවෙකු සහ උසස් පෙළ දරුවෙකු අතර මීටර් 100 තරගයක් පැවත්වීම වැනිය.හාවා සහ ඉබ්බා ගේ තරගයේදී මුග්ධ හාවා සිතූ සහ ක්‍රියා කළ ලෙස ක්‍රියා කරන්නට ජපානය නොසිතුවේ නම් මේ තරගයේ ඉරණම 28 - 1 ක් වීම සාමාන්‍ය දෙයක් බව බලධාරීන්ට නොතේරීම කණගාටුදායකය.
වටනබේ බේස්‍බෝල් ක්‍රීඩාංගණයේ සිහිනය සැබෑවක් කළ උත්තරීතර මිනිසා
ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම හෝ ක්‍රීඩා සමාජ සූරතාවය දිනූ කණ්ඩායම පිළිබදව නොසිතා හෝ නැතිනම් සභාපති ගේ හෝ ලේකම් ගේ කණ්ඩායමක් ලෙස නිර්මාණය කරන ලද කණ්ඩායමක් පිළිබදව නොසිතීමෙන් පරිපාලනය ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවට මෙන්ම නාලන්දයේ බේස්බෝල් ක්‍රීඩාවටද පරාජයට වඩා හානියක් කළ බව තේරුම් ගත යුතුය.
ජාතික පරිපාලනයක් සිය හෘදයාංගම බැදීම් වලින් මිදී ක්‍රියා කළ යුතුය.හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය.එසේම බලය යනු පාවාඩ සහ පිරුවට ය.සදාකාලික උරුමයන් නොවේය.ඒ තත්ත්වය තේරුම් ගෙන සිය දරු මල්ලන්ට සමාජ පූර්වාදර්ශයක් ලෙස සිය පියවරුන් සහ මව්වරුන් පිළිබදව ආඩම්බරයෙන් කතා කරන සමාජයක් ඉතිරි කර දීම පිලිබදව හැගිම්බර වන්නේ නම් එය වඩාත් බුද්ධිමත් තීරණයක් වනු සැක නැත.
අප අපට ලැබුණු අවස්ථා වෙන්දේසි කර අවසන් බැවින් එහි ලාභ අලාභ කතා කරන්නට යාම පල නැත.අලාභය රටට ද බලපාන බැවින් ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට එරෙහිව කැරළි ගැසිමට වඩා වටින්නේ එහි යථාර්තයට අනුව කටයුතු කර බේස්බෝල් ක්‍රීඩාංගණයේ සැබැ ආශිර්වාදය දිනා ගැනිමය.මිලියන ගණනක සිහිනයක් අපට සැබෑවක් කර දෙන්නට ජපානය වෙහෙසුණ බව ඇත්තය.ඒ සිහිනය යථාර්තයක් වූ බිමේ අප වැඩි දුර  නොසිතා නිරුවතින් දිවගිය බවක් පෙනෙන්ට ඇත.
ජපානය, හිරෝසිමා - නාගසාකි  ‍ඛේදවාචකයෙන් නැගිටි රටකි.වසරකට ආසන්න කාලයකදි සුනාමි අනතුරෙන් යළි ඉපදී ඇත.ඔවුන් ඒ අතර අප වැනි රටවලට සහෘදත්වයේ උණුසුම් දෑත දිගු කරන්නෙමු.අප ඔවුන් නැගිට්ටේ කෙසේද යන්න තඹයකට මායිම් නොකර තවමත් අද දවසේ ජයග්‍රහණ පිලිබදව පමණක් සිතන අනාගතය පිළිබද බර සිහින නැති රටක් ලෙස හුරේ දමමින් සිටිමු.
ජපානයේ බේස්බෝල් යනු හුදෙකලා වික්‍රමයක් නොවන එහි දේශපාලන යාන්ත්‍රණයේ පිබිදීම ප්‍රකාශ කරන කොටසක් බව සිතන්නට දේශපාලනික වූ දැක්මක් සහ පදනමක් බේස්බෝල් පරිපාලනයට ඇවැසිය.
එවිට රටක ක්‍රීඩාව සෙල්ලමක් නොවන ජාතික සංවර්ධනයේ සැළසුම් සහගත විෂය ධාරාවක් බව වැටහෙනු ඇත.ඒ තුළ කිසි විටෙක මගේ යන්න වෙනුවට අපේ යන්න ප්‍රකාශ වන්නේ එවිටය.ජයග්‍රහණ මගේ සීමාවෙන් එපිට වඩා පුළුල් අපේ ඒවා බවට පත්වන්නේද එවිටය.මෙය ලංකාවේ බේස්බෝල් වලට පමණක් නොව සියළු ක්‍රීඩාවන්ටද අදාළ විය හැකිය.
ඡායාරූප - එස් සුන්දරරාජන්
www.supirikrida.com



ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් කුරුළු වේගයක්

Jackson Bird runs in to bowl at trainingෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් කුසලානය සදහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාව නව වේග පන්දු යවන්නෙක් හදුන්වා දීමට සූදානමින් සිටියි.ජැක්සන් බර්ඩ් නම් 26 හැවිරිදි එම වේග පන්දු යවන්නාගේ සහභාගීත්වය මේ වන විටත් ඔස්ට්‍රේලියානු පුහුණුකරු විසින් සනාත කර ඇති අතර වර්ථමානයේදි ටස්මේනියා ප්‍රාන්තය නියෝජනය කරමින් පළමු පෙළ තරග වලට සහභාගි වන්නෙකි.පළමු පෙළ ක්‍රිකට් තරග 17 ක් සදහා පමණක් සහභාගි වී ඇති බර්ඩ් එම තරග 17 තුළ කඩුලු 87 ක් දවා ගෙන ඇත.
හය වතාවක්ම ඉණිමකදී කඩුලු 5 සීමාවට පැමිණ ඇති ජැක්සන් බර්ඩ් දෙවතාවකදීම තරගයකදී කඩුලු 10 සීමාවට පැමිණ ඇත.ඒ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ජැක්සන් පළමු වරට ටෙස්ට් වරම් දිනා ගත්තද ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු භාවිතා කරන වේගය සහ ඉලක්කය නම් ශ්‍රී ලංකාවට පහසුවෙන් මුහුණ දිය හැකි තත්ත්වයක තිබෙනු ඇතැයි සිතීම අපහසුය.
www.supirikrida.com

සචින් එක්දින වාර්තා පොත වසා දමයි

ලොව එක්දින වැඩිම තරගලාභියා,ලකුණුලාභියා මෙන්ම ශතකලාභියා ලෙස ද වාර්තා පොත අලුත් කරමින් සිටි සචින් තෙන්දුල්කාර් සහභාගි වන සෑම අන්තර්ජාතික එක්දින තරගයකදීම වැඩිම එක්දින තරගලාභියාගේ වාර්තාව අලුත් කිරිමට සිදු වූවත් සචින් එම තත්ත්වයට නැවතුම තබමින් එක්දින පිටියෙන් නික්ම යන්නට තීරණය කළේය.නික්ම යන විට වසර 23 ක් සපිරී තිබූ සචින් ගේ එක්දින දිවිය ඇරඹෙන්නේ 1989 දෙසැම්බර් 18 දා ය.ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් ලැබූ 74 වැන්නා විය.
ශතක 49 ක් රැස් කර ගත් සචින්,අර්ධ ශතක 96 ක් රැස් කර ඇත.පන්දු යවන්නෙකු ලෙස ද කැපී පෙ‍ණුන සචින් කඩුලු 154 ක් දවා ගෙන ඇති අතර පන්දු යැවීමේන් ඔහු තරග දෙකකදී ම කඩුලු 5 බැගින් දවා ගන්නට සමත් විය.වැඩිම එක්දින ලකුණුලාභියා ලෙස ලකුණු 18,426 ක් රැස් කර තිබූ සචින්,ඉණිමකදී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය 200 කි.කඩුලු 100 ට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්,උඩ පන්දු 140 ක් රැක ගනිමින් තරග 463 දී සචින් දක්වා ඇති තුන් ඉරියව් දක්ෂතාවයද ලෙහෙසි පහසු එකක් නොවේය.
ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ආගමක් සේ අදහන ක්‍රිකට් හී දෙවියන් ලෙස සැළකෙන සචින් අද එරට සෙනෙට් සභාවේ මහජන නියෝජිතයෙකු ලෙස පාළක කොංග්‍රස් පක්ෂය විසින් නම් කර ඇත්තේය.සිය පියා මහාචාර්යවරයෙකු වූ බැවින් සිය පුතා පොත මත ඇලවිම වෙනුවට පුතුගේ හැකියාවට සරිලන ගමණ යාමට ඉඩ දීමට ඔහු බුද්ධිමත් වූ අතර එය තමන්ට පමණක් නොව ලෝකය ඉදිරියේ ඉන්දියාවටම ආඩම්බරයක් විය හැකි තීරණයක් බවට පත් විය.ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි අසහාය පිතිකරුවා ලෙස ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉදිරියේ ගරු බුහුමන් ලැබීමට සමත් වූ සචින්,ඉන්දියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටම පහළ වූ වීරයෙකු ශ්‍රේෂ්ඨයෙකු ලෙස ක්‍රිකට් ඉතිහාසය තුළ සදාතනිකව රැදෙනු ඇත.ඔහු කළ බොහෝ දේ යලි දිනයක විය හැකි වුවත් ඒ බොහෝ දේ පළමුව කිීමේ අපූර්ව ගුණය දිනූ තැනත්තා ලෙස සචින් සදාකාලිකවම ක්‍රිකට් වංශ කතාව තුළ අපූර්ව ක්‍රීඩකයෙකු ලෙස වැජඹෙනු නිසැකය.
www.supirikrida.com

Dec 24, 2012

දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය විවෘත වෙයි

කුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයේ දී විවාත විය.ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී විවාත වූ මෙම ක්‍රීඩාංගණයේ විවෘතය ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් සිදු වන්නට තිබුණ ද එය සිදු වූයේ ඔහු පුත් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂයන් අතින්ය.ඊට රජයේ කැබිනට් ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන ඇමති බන්දුල ගණවර්ධන ඇතුළු මැති ඇමතිවරු රැසක් එක් වූහ.විශේෂ ආරාධිතයා වූයේ ජපාන තානාපති නොබොහිටෝ හොබෝ ය.
ක්‍රීඩා පිටිය විවෘත කරමින් පළමු පන්දු පහර නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා විසින් එල්ල කරන්නට යෙදුණ අතර පන්දුව යොමු කළේ,ජපාන තානාපති හොබෝය.මංගල තරගයට ශ්‍රී ලංකා තරුණ පිළට එරෙහිව ක්‍රීඩා කළ කනගාවා උසස් පාසල් ඇකඩමි කණ්ඩායම සමරු තිලිණයක් ප්‍රදානය කරන්නට යෙදුණ අතර එය එම කණ්ඩායම් කළමනාකරු විසින් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ වෙත ප්‍රදානය කරන්න යෙදිණ.
නාමල් මංත්‍රීවරයා පහර දෙනු බලි සිටින්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධනය.ජාත්‍යන්තර තරග විනිසුරු සුජීව විජේනායක පසුපසින් වේ 
තරගයේ දී ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම කනගාවා කණ්ඩායම හා සම මට්ටමක නැති බව හැගුණේ පන්දුවට පහර දීමේදීය.ශක්තිය මෙන්ම පිතිකරුවන් ධාවනයේදී දක්වන ලද මන්දගාමීත්වය ද නොවන්නට තවත් බොහෝ දේ වෙනස් වන්නට තිබිණ.ඒ සදහා අතිරේක වශයෙන් ලැබෙන විටමින් පෙත්තකවත් අනුග්‍රහයක් නොලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒ වරප්‍රසාද ලබා ගැනීම සදහා අවශ්‍යය මග පෙන්වීමේ කාර්යය කළ සුපිරි ක්‍රීඩා පුවතට පසු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි  වී සිටින බේස්බෝල් ක්‍රීඩකයන් ඒ සමගම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ශක්තිවර්ධන සහ කායවර්ධන පහසුකම් ද ලබා ගැනීමෙන් ඉක්බිතිව මෙම පරතරය අඩු කර ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු.
ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගනයේ විවෘත වීම.වමේ සිට බස්නාහිර පළාත් සභා අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි සහ උපාලි කොඩිකාර,මංත්‍රි නාමල් රජපක්ෂ,අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ජපාන තානාපති නොබිහිටෝ හොබෝ සහ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ 
එතැනින් මෙපිට සිට පන්දු රැකීමේදී මෙන්ම ශිල්පීය වශයෙන්ද ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෝ පෑ හපන්කම් මත තරගය 3 - 0 ට පරාජය වුව ද සතුටු විය හැකි දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට ලාංකේය ක්‍රීඩකයන් සමත් වුණා.ලබා ගත් ලකුණු 3 න් ලකුණු දෙකක්ම දයිසුකේ ඇබේ විසින් රැස් කරන්නට යෙදුණ අතර යුමා නිෂිඩා ඉතිරි ලකුණ ලබා ගත්තා.තරගය වට අටක් ක්‍රියාත්මක වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යොමු කිරීමට කටයුතු කළ මධුරංග මෙන්ම නායකත්වය දරමින් කටයුතු කළ ක්‍රිෂ්න හපුආරච්චි ද කැපී පෙනෙන දක්ෂතා දැක් වූවා.
තරගය විනිශ්චය කිරීමට සහභාගි වූයේ ශ්‍රී ලංකාව සතු එකම අන්තර්ජාතික විනිසුරු වන සුජීව විජේනායකයි.ඔහු ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් සිය ආයතනය හරහා මිලියන 8.5 ක මුදලක් මේ ක්‍රීඩාංගණය සදහා සොයා දීමට මැදිහත් පුද්ගලයාද වූවා.මෙහිදී සංවිධානයේදී වූ යම් යම් දුර්වලතා නිසා සුජීවට යම් අපහසුතා වලට මුහුණ දීමට සිදු වූවා.ඒ මොහොතේ ඔහු සමග සිටීමෙන් ඔහු විදින අපහසුව පසෙකලා ඔහු සම්භන්ධයෙන් වාර්තා වැඩ සටහනකට කරුණු එකතු කර ගන්නට පැමිණි ජපාන රූපවාහිනි මාධ්‍යවේදීන් ඉදිරියේ ලංකාව හෑල්ලු වීම වළකා ගන්නට මේ ලියුම්කරුට හැකි වුණා.
එහෙත් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පූර්ව දැණුම් දිමක් නොකර තිබීම ගැන කම්පා වෙමින් රටේ ගෞරවය මෙන්ම එහි ගරු කළ යුතුම පුද්ගලයෙක් බවට සුජීව පිළිගැනීමෙන් කටයුතු කිරීම අගය කළ යුතුයි.
ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ඉහළම නිලධාරීන් කැමැත්ත දුන්නද එය නොරුස්සනා ගතියෙන් හැසිරි එක් නිලධාරියෙක් හැරෙන්න අන් සියළු දෙනාම මා විසින් ඒ පිලිබදව කරුණු පහදා දුන් අවස්ථාවේ එය ඉතා සතුටින් භාර ගැනීම ප්‍රශංසාත්මකයි.වාහනය නැවත්වීමේ දී එය මැති ඇමතිවරුන්ට වෙන් කළ සීමාවක් බැවින් වාහනය ඉවත් කර ගන්නා බව කී විට එම නිලධාරියාට මෙම ක්‍රීඩාංගණය පැමිණෙන දේශපාලකයන්ට එය විවෘත කිරීම සදහා ක්‍රීඩා පිටිය තනන්නට මුල් වූ සහ තරගයේ ප්‍රධාන විනිසුරු සුජීව බව පෙන්වා දුන් විට ඔහු ඉතාමත් නිහතමානීව වාහනය නැවතීමට අවශ්‍යය පසුබිම සකසා දුන්නා.
මේ තත්ත්වය ආරක්ෂක අංශවල අඩු-පාඩු කම් නිසාම පමණක් සිදුවන්නක් නොවන බව කිව යුතු අතර ඉසව් සංවිධානයේදී ඒ අය සිය අවශ්‍යයතා පිලිබදව මීට වඩා ඔවුන්ව දැනුවතත් කර පහසුකම් ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.
www.supirikrida.com

නියමයි - වටනබේ

ම් යම් අය අනුන්ගේ ලියැදි වලට ද පැන අල්ලා වගා කරති.අස්වැන්න  නෙලා ගෙන පලා යති.ඇතැම් විට බිම් කඩේ හිමිකරුට ශත පහක හිමිකමක් නෙලැබෙන්නේය.නමුත් අනුන්ගේ ලියැද්දක් දහදිය හෙලා වගා කර අස්වැන්න ද ඒ බිමේ හිමිකරුටම දී දෑත් පිසලා හිනා වෙන මිනිස්සු වෙයිද?
වටනබේ එවැන්නෙකි.මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ අභිනවයෙන් ඉදි වූ බේස්බෝල් ක්‍රීඩාංගණයේ හීනය සැබෑවක් කරන්නට සිහිනය දැකීමේ සිට යථාර්තයක් වන තෙක් ඇප කැප වූ මිනිසා ඔහුය.වත්මන් ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ද ඔහු ය.
ඔහු මෙරට පුහුණුකරු ධූරය සමග මෙරට හා කෙතරම් බැදී යද්ද යන්න වඩාත් පැහැදිළි වූයේ ක්‍රීඩාංගණය විවෘතයේදී ඔහු බොහෝ හැගීම්බර ලෙස ශ්‍රී ලංකා ජාතික ගීය කට ඇර ගායනා කරද්දීය.සිය දෙවන ජාතියද පළමු ජාතිය කොට සිතා මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස ඔහු විසින් කරවන්නට මග පෑදු මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වූ මොහොතේ මොකද්ද දැනෙන හැගීම යැයි මම ඔහුගෙන් විචාළෙමි.සතුටුයි යනුවෙන් පවසා එය දැනෙන තරමින් විස්තර කරන්නට ඔහු සතු පටු සිංහල ශබ්ද කෝෂයේ වචන හාරා අවුස්සන්නට වුව ද ඒ සිංහල කිව හැකි අදහසට ප්‍රමාණවත් නොවන බව මට හැගිණ.අනතුරුව ඔහු ඒ සියල්ල හැඩුම්බරව සහ හැගුම්බරව එක වචනයකින් මුදා හළේ ඔහුගේ දැණුමට සාපේක්ෂව ඒ හොදම වචනය වන බව හැගුණ නිසාවෙන් විය යුතුය.එය 'නියමයි' නම් විය.
ඇතැමෙක් ඔහු මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කරන කළ මාධ්‍ය පවා නොමග යවමින් මෙම ඉදිකිරීමට අදාළ වැසිකිළි වලත් නැවත ඔහු රැගෙන යන බවට  පළ කළද එවැනි ජරා සිත් ඇත්තවුන්ට එය ක්‍රීඩාංගණයේ නොවපුළ වැසිකිළියේම වපුළ හැකි පරිදි වටනබේලා වැසිකිළිද තනා දෙනු ඇත.ඒවා පිට කරන්නට මිස අනුභව කරන්නට නොවන බව වටනබේලා වැනි මිනිසුන්ගෙන් හෝ අප උගත යුතුය.
"මම වැදගත් නෑ මගේ රට වෙනුවෙන් මම මේ රටට මේ ග්‍රවුන්ඩ් එක දෙන්න වැඩ කළා.මම රටවල් දෙකටම ආදරෙයි."
වටනබේ විදිහට හිතන්නට තරම් පොහොසත් පරාර්ථයක් නැති වුව ද කම් නැත.සිය මව් රටට පමණක් හෝ ආදරය කළ හැකි පමණට සිය බඩ වියත හරහා කේන්ද්‍රීයව තිබෙන හැගීම පෝෂනය කර ගැනීමට හැකිනම්,වටනබේ ට ගල් ගසනු වෙනුවට මල් පුදනු සැක නැත.අඩු - පාඩු හිත් රිදවීම් තිබිය හැකිය.එහෙත් මේ විදේශිකයා ලංකාවේ බොහෝ දෙනෙකුට කළ හැකිව තිබුණ ද,නොකළ දේ කළේය.එහි පොළිය කාගේ ගිණුමට දමා ගත්තද කම් නැත.ජපානය සතුටු වන පරිදි අඩු තරමේ මේ සොදුරු මිනිසාගේ නම එහි ක්‍රීඩාගාරයක් ඉදිවන මොහොතක එයට යොදන්නට හෝ බේස්බෝල් පරිපාලකයෝ,ක්‍රීඩා පරිපාලකයෝ සිතට ගන්නේ නම් එය තවත් සොදුරු මිනිසුන්ගේ සහෘද පරිත්‍යාගයන්ට සුදුසු කෘතවේදී ජාතියක් ලෙස අපට තව - තවත් වරප්‍රසාද හිමි වන්නට හේතුවක් වනු නිසැකය.
අවසානයේ වටනබේ ගේ උදාරතර දාන සිතුවිල්ල යථාර්තයක් විය.ක්‍රීඩා පිටිය විවාත වෙමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ වටනබේගේ ජපානයේ බේස්බෝල් නෑදෑයෝ පිරි කනගාවා උසස් පාසල් බේස්බෝල් ඇකඩමි යොවුන් කණ්ඩායම තරග වැදිණ.මේ සියල්ල පිළිබද වටනබේ ගේ දැණුමෙන් ඔහුට දැනෙන හැගීම නියමයි වන්නා සේම අපට ඔබ ගැන දැනෙන හැගීමද ඔබේ දැනුමත් ප්‍රමාණයෙන්ම ඔබට තේරුම් ගත හැකි පරිදි මෙහි තබන්නට අපි සිතුවෙමු.
වටනබේ!
ඔයා නියමයි.
www.supirikrida.com

Dec 23, 2012

කල්මාඩි ට දඩුවම් නියමවීම ලබන මාසයේ

න්දියාවේ ජාත්‍යනත්ර ක්‍රීඩා පාලකයෙකු ලෙස නමක් දිනා  සිට එරට ඔලිම්පික් කමිටු සභාපතිවරයාව සිටි සුරේස් කල්මාඩි ඇතුළු දස දෙනෙකුට 2010 නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කරන ලද වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීම ලබන මාසයේදී සිදු විමට නියමිත බව ඉනදියාවෙන් වාර්තාවේ.මෙහි දී ස්විස් ආයතනයකින් භාණ්ඩ මිළදී ගැනීමේ දී අදාළ පරිපාටි උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට එම ක්‍රීඩා උළෙලේ සභාපතිවරයා ලෙස කල්මාඩි ද දායක වී තිබෙන බව අනාවරනය වීම නිසා මේ වන විට ඔහුට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියමය පරිදි ඉන්දිය ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට ඉදිරිපත්වීමේ අවසරයද අහිමි වී එම තනතුරද අහිමි වී ඇත.
අදාළ චෝදනා  තහවුරු කරමින් 2011 අප්‍රේල් මාසයේදී කල්මාඩි ව ඉන්දීය මධ්‍යම අපරාධ පරික්ෂණ කාර්යංශය (CBI) මගින් අත් අඩංගුවට ගන්නට යෙදිණ.
www.supirikrida.com