Nov 12, 2012

දැල් පන්දුවේ තවත් පැටලිලි

අවසාන වරට ශ්‍රී ලංකාව ආසියානු සූරතා කුසලානය දිනූ මොහොතේ ගත් ඡායාරූපයකි.දැන් මතුව ඇති ගැටළුව සහ සිදු වෙමින් පවතින දේ අනුව තව කෙතරම් කාලයක් ඉහත වාක්‍යය යටතේ මේ ඡායාරූපය පළ කරන්නට සිදු වේද යන්නයි.කෙසේ හෝ මේ ජයග්‍රහණයෙන් පසුව ලෝක සූරතාවලියකට යාමට පෙර මෙහි පුහුණුකාරිය වූ තිලකා ජිනදාස ඉවත්කිරීමට පිඹුරුපත් සකස් කරමින් පුහුනුකාරියක ලෙස තම්න ලැබූ තරග අත්දැකීම වෙනත් පුහුණුකාරියක් විදීමට අකමැති වූ අයට යළිත් සිය උවමනාව සපත කර ගැනීමට පමණක් නොව බැරි බැරි ගානේ කණ්ඩායමක් පුහුණු කිරීමටත් හැකි වී ඇත.මෙම තත්ත්වයන්ට විරෝධය දක්වා ඉවත්වීම වෙනුවට ඕනෑම පුහුණුකාරියක් යටතේ දක්ෂතා දැකිවිය හැකිය යන මතය ක්‍රීඩා බලධාරීන්ට ඒත්තු ගන්වමින් විදේශ සංචාරයේ උවමනාව පිණිස ක්‍රියා කරන හීලෑ සතුන් පිරිසක් බවට ක්‍රීඩිකාවන් පත් වී සිටියි. මේ පිළිබදව ලියන අය වැරදිද, තමන්ට හෘදය සාක්ෂයක් නොමැති වීමද වඩා බරපතල කාරණය යන්න මේ මොහොතේ හෝ සිතීම වඩා වැදගත් වන්නේ කෙදිනක හෝ මවක ලෙස ජීවිතයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවක් ඇතිනම් දරුවන්ට හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් ලෙස මුහුණ දීමේ වැදගත් කම තේරුම් ගැනීම වැදගත් බැවිනි

දැල් පන්දු තේරීම් කමිටුව කලෙක සිට කණ්ඩායම තේරීමෙන් ඔබ්බට කටයුතු නොකළ ද,නව තේරීම් කමිටුව ඔවුන්ගේ දැක්ම අනුව කණ්ඩායම් නායකයා සහ නායිකාව පත් කිරීමට කටයුතු කළ ද,ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල පරිදි නැවතත් සම නායිකාවන් ලෙස තර්ජනී සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලකව සිංගප්පූරු නේෂන්කප් තරගාවලිය සදහා ද නම් කර තිබෙන බව දැල්පන්දු කේෂ්ත්‍ර ආරංචි මාර්ග පැහැදිඝි කරයි.මෙම නම් කිරීමට තේරීම් කමිටුව පෙළඹී ඇත්තේ සාමාන්‍යයෙන් ජාතික කන්ඩායමේ නායකත්වය මෙතරම් කාලයකට ක්‍රියාත්මක වීම සාමාන්‍යයෙන් සිදු නොවන තත්ත්වය සැළකිල්ලට ගෙන විය යුතුය.එසේම ඉදිරි තරගවලදී නව නායකත්වයක් ගැන සිතීමට සිදුවන අතර ඒ තත්ත්වය සළකා කණ්ඩායමේ ඊ ළගට සිටින ජ්‍යෙෂ්ඨයන්ට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලියේ නායකත්වය ලබාදීමේ වැදගත්කම ඔවුන්ගේ කල්පනාවට බදුන් වූ බවක් පෙනෙන්නට ඇත.
කෙසේ නමුත් තේරීම් කමිටුවේ ආකෘතිය අනුව ක්‍රීඩා අමාත්‍යංශයට පිටින් වැඩ කළ නොහැකි චරිත කිහිපයක්ම තේරීම් කමිටුව නම් කිරීමේදීම ඔබා ගන්නට එය බාරව සිටින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු බලධාරියා කල්පනා කර බැවින් ඒ සම්බන්ධයෙන් බරපතල විරෝධයක් නැගෙන්නේ නැත.සාමාන්‍යයෙන් ඇහුංකං දී සාදාරණය පිළිබදව දෙවරක් සිතන ඇමතිවරයෙකු ලෙස වර්ධනය වෙමින් සිටි ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට වෙනත් දරදඩු තීරණ ගැනීමට පෙළඹි සිටීම කණගාටුදායක තත්ත්වයකි.
නමුත් තව දුරටත් ක්‍රීඩා පනතට අනුව සියල්ල සිදු කරන බව මෙම පත් කිරීම් සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් පෙන්නා දෙන්නට උත්සාහ කළ ද,තේරීම් කමිටුවට සංවර්ධන දෙපාර්තමේන්තු සාමාජිකත්වයක් පත් කළ හැක්කේ එයට පත් කරනු ලබන ඔත්තේ සංඛ්‍යාවේ නිලධාරී මණ්ඩලයට අමතරව අධික්ෂන කටයුතු සදහා පමණි.ඔහුට හෝ ඇයට තීන්දු තීරණ ගැනීමේ ඡන්ද බලයක් හිමි වන්නේද නැත.එවැනි මධ්‍යස්ථ සහ ගෞරවනීය චිරිතයක් බවට ක්‍රීඩා පණතේ නම් කර තිබෙන සංවර්ධණ දෙපාර්තමේන්තු නිලධාරීයා තුරුම්පු කොළයක් බවට පත් කරමින් බූරුවා කූට්ටමක සාමාජිකයෙකු බවට පත් කිරීමට සංවර්ධන දෙපාර්තමේන්තුවේම ජ්‍යෙඨත්වයෙන් ඉහළ තනතුරුවලට පත් නිලධාරීන් කටයුතු කර ගෙන යන්නේ සිය කීර්තිය කැමැත්තෙන්ම අසූචි වලවල් වලට ඔබා ගනිමින්ය.
දැනට ප්‍රචාරය වී ඇති කණ්ඩායමේ සංයුතියේ වෙනසක් නැති බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් යොමු කළ සංයුතිය පැහැදිළි කරන අතර එම තොරතුරු වලට අනුව නායිකාව ලෙස අනාගතය පිළිබදව සළකා නම් කරන ලද මරීෂා ප්‍රනාන්දු ගේ නම සහ උප නායිකාව ලෙස තෝරා ගත් සේමිණි අල්විස් ගේ නම එම තනතුරු වලට ඇතුළත් නොවීම පමණක් සිදු වී ඇත.මෙම ඇතැම් ක්‍රීඩිකාවන්ට ඇති විනය චෝදනා ආදිය සැළකිල්ලට ගත්තද,අනෙකුත් නම් කිරිම් සැළකිල්ලට ගතහොත් ඇත්තේද එවැනි චෝදනා වල නැවුම්  බවේ අඩුවක් පමණක් බැවින් නේෂන් කප් තරගාවලියේ පුහුණුකරුවන් පත්කිරීම, තේරීම් කමිටුව පත් කිරීම අතරට නායකත්වය පත් කිරීමෙන් ද,ක්‍රීඩාවේ ප්‍රගමනයට ගත යුතු තීන්දු තීරන වලට ඇණ ගැසීම අමාත්‍යවරයාගේද ආශිර්වාදය ඇතිව ඉටු කරන්නට තරම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් වාසනාවන්ත වී ඇත.
අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙ අනුමැතිය ලැබුණු දැල්පන්දු කණ්ඩායම මෙසේ විය.සම නායිකාවන් ලෙස තර්ජණී සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලක,මරීෂා ප්‍රනාන්දු,සේමිණි අල්විස්,සමන්ති නිලූෂිකා,ප්‍රියදර්ශණී ජයසූරිය.ගයනි දිසානායක,තිසාලා අල්ගම,දුලනි එරන්දිකා,සෙව්වන්දි තාරකා,හසිතා මෙණ්ඩිස්,සුරේකා කුමාරි නම් කර ඇති අතර අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සංචිතයට ඇතුළත් කර   ඇත්තේ පී අශ්විනී,දීපිකා අබේකෝන්,පී විස්නා සහ කේ ප්‍රනාන්දු ය.
www.supirikrida.com

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ වේගවත්ම මිනිසා කළුතර විද්‍යලයේ හිමාෂ ඒෂාන්

නැවුම්  වේගය - හිමාෂ (627)
කොළම සුගතදාස ක්‍රීඩාංගණයේදී ඉයේ නිමාවට පත් වූ 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කළුතර විද්‍යාලයේ හිමාෂ ඒෂාන් පත් විය.බොහෝ  කලකට පසු මීටර් 100 ඉසව්ව තත්පර 10.5 සීමාවට රැගෙන එන්නට සමත් වූ ඒෂාන් මූලික තරගවලදී ද එම දස්කම ප්‍රදර්ශනය කළ අතර අවසාන තරගය ජය ගත්තේ තත්පර 10.50 ක දක්ෂතාවයක් දක්වමින්ය.2011 වසරේ ජගත් කණිස්ඨ මලල ක්‍රීඩා සූරතාවිලයේ පරිසාධන මට්ටම ඉක්ම වූ ක්‍රීඩකයෙකු ලෙස මීටර් 100 තරගයේදී ඉදිරියෙන් සිටි හිමාෂ එවැනි තරගකරුවන් සිව්දෙනෙකු සිටියදී එම සිව්දෙනා තරගකාරී ඉසව්වකට ඇතුළත් කර සහය දිවීමේ පළමු පෙළ කණ්ඩායම් 16 ට ගෙන ඒමට හෝ උත්සාහයක් නොගැණින.ඒ ආකාරයෙන් පළමු අන්තර්ජාතික සිහිනය බොද කර ගත්තද මෙවර ආසියානු ‍කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් මීටර් 100 අවසාන තරගයේදී පසුවන ස්ථානය දිනා ගැනීමට සමත්විය.හිටපු කෙටි දුර දාවකයෙකු වූ චමින්ද කුමාර පෙරේරා ගේ මග පෙන්වීම යටතේ දිනෙන් දින දියුණුවට පත්වෙන මෙම ක්‍රීඩකයා මෙන්ම ඔහුගේ පුහුනුකරු ද අනාගත මලල ක්‍රීඩා සුභ සිද්ධිය උදෙසා සුරැකිය යුතු සම්පත්ය.
තරගාවලියේ දක්ෂතා යම් මට්ටමක වර්ධනයක් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණුන අතර තරගකාරීත්වය සහ නැවුම් අභියෝගයන් වලට ජ්‍යෙෂ්ඨයන්ට මුහුණ දෙන්නට සිදුවීම මෙහිදී කැපී පෙණින.
මීටර් 1500 කාන්තා ඉසව්වට ශ්‍රී ලංකා වාර්තාලාභිණිය වන චම්පිකා දිල්රුක්ෂි සහභාගි නොවුණ ද පැවති උළෙල වාර්තාව අභිබවා යමින් නව වාර්තාවක් තැබීමට (විනාඩි 4:21.97) හිටපු ජාතික වාර්තාලාභිණිය ශානිකා සමන්මලී සමත් වූවාය.දෙවන ස්ථානය දිනූ ගයන්තිකා තුෂාරි ද පැරණි වාර්තාව ඉක්මවා යමින් දස්කම් දැක් වූවාය.
මේ අතර මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකාවට අභිමානය කැද වූ තරග කරුවන් දෙදෙනෙකු වූ ප්‍රසන්න අමරසේකර සහ රෝහිත පුස්පකුමාරට ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව යොවුන් ක්‍රීඩකයන් විසින් වළකාලනු ලැබීමද කැපී පෙණින.ප්‍රසන්න ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසු ඉදිරිපත් වූ පළමු තරගාවලිය වූ ජාතික තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන්ම ඉවත් වන්නට ඔහුට සිදු විය.රෝහිත පුෂ්පකුමාර අවසන් තරගයට සුදුසකම් ලැබුව ද,එහිදී ඔහුට හිමි වූයේ අවසාන ස්ථානය ය.නමුත් ජයගත් යොවුන් ක්‍රීඩකයන්ගේ වාර්තාගත කාලයන් සළකා බැලීමේ දී එම වයස් හී මෙමම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වාර්තා කර ඇති කාලයට සාපේක්ෂව සතුටුවිය නොහැකි අතර ඔවුන් ජයග්‍රහණය මහත් සේ අදම් ඇනීමට කාරණයක් කර නොගෙන එම වයස් හී මෙම ජ්‍යෙෂ්ඨයන් සිටි තත්ත්වයට ළගා වීමට උත්සාහ කිරීම ඔවුන්ගේද රටේද ක්‍රීඩාවේ අනාගතයට යහපත්තත්ත්වයක් උදා කරන බව නිසැකය.
එසේම කෙටි දුර කාන්තා ඉසව් වලදී ජානි චතුරංගි ද සිල්වා මීටර් 100 ඉසව්ව තත්පර 11.85 කින් නිමා කරමින් ද,සුජානි බුද්ධිකා මීටර් 200 තත්පර 23.92 කින් නිමා කරමින්ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස පෑ දක්ෂතා කලකට පසු එම ඉසව්වල වර්ධනයක් පෙන්වීමකි.හිටපු හෙල්ල වීසිකිරීමේ සූරයා වූ වරුණ ලක්ෂාන් දයාරත්න කලකට පසුව මීටර් 73.27 ක දක්ෂතාවයක් දක්වමින් වීසිකිරීමේ ඉසව් සදහා පිරිනමන පිරිමි සූරතාවයට හිමිකම් කියූ අතර ඔහු ද වර්ථමාන ජාතික සූරයා වන සචිත් මධුරංග හා සමාන කොට සැළකිය යුතු ක්‍රීඩකයෙකු වන අතර මේ දෙදෙනා අතර ඇති වන තරගකාරීත්වය මත ලැබෙන අවසාන ප්‍රතිපලය අපට දකුණු ආසියාව ඉක්ම වූ ජාත්‍යන්තර පදක්කමක් පිලිබදව සිහිනය සපත කිරිමක් විය හැකි බව පැහැදිළිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාලාභියා වෙමින් මීටර් 16.37 ක දක්ෂතාවයක් දැක් වූ  එරංග දිනේෂ් ප්‍රනාන්දු සම්මාණනීය වූ අතර දක්ෂතම ක්‍රිඩිකාව සම්මානය මීටර් 800 ඉසව්ව විනාඩි 2:04.97 කින් නිමා කළ චම්පිකා දිල්රුක්ෂිටත් මීටර් 3000 බාධක දිවිම විනාඩි 10:11.72 කින් නිමා කළ එරංගා දුලක්ෂිටත් හිමි විය.
තරගාවලියේ දශ ප්‍රයාම සූරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩබ්ලිව්කේඩීඑස් පෙරේරා තේරී පත් වූ අතර සත් ප්‍රයාම සූරිය වූයේ ශ්‍රී ලංකා පොලිසීයේ බීඒඑස් අයේෂා ය.
තරගාවලියේ සමස්ත ප්‍රතිපල සදහා http://www.srilankaathletics.com/F2d%202012.html ඔස්සේ පිවිසිය හැකි බව මලල ක්‍රීඩා සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සහ වාර්තාකරු සමන් කුමාර දන්වා සිටිනවා.ඉදිරියේදි තරගාවලියේ තරගාවලියේ විශේෂ දක්ෂතා සටහනක් එළි දැක්වීමට නියමිතයි.
www.supirikrida.com 

මාතර පාරවල් යොවුන් ජවයෙන් පිරුණු දිනයක්


මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 2012 යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ පාපැදි,මැරතන් සහ ඇවිදීමේ තරග නිසා මාතර මංමාවත්යොවුන් ජවයෙන් පිරී ගිය අතර තරගකාරීත්වය,උනන්දුව සහ සහෝදරණිය බව මෙන්ම විශාල පිරිසකගේ සහභාගිත්වය ද නිසා මුළු මාතරම අලුත් ජවයකින් බැබලිණ..ජාතික මට්ටමට පිවිසීමට ආසන්නතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කළ එලි මංගල්ලයක් බදු මෙම තරගවලදී ඇවිදීමේ තරග අවුරුදු 20 න් පහළ සහ ඉහළ ලෙස වයස් ඛාණ්ඩ දෙකකින් ක්‍රියාත්මක විය.එහිදී අවුරුදු 20 න් පහළ ඇවිදීමේ සූරිය ලෙස මාතර දිස්ත්‍රික්කයේ පීබී ගයානි කිරුළු පැළදි අතර දෙවන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීපී අජන්තාටත්,තෙවන ස්ථානය කේකේකේඑම් දමයන්තිටත් හිමි විය.

අවුරුදු 20 න් පහළ ඇවිදීමේ සූරයා වීමඑ මාතර දිස්ත්‍රික්කයේ එස් චතුරංග සමත් වූ අතර දෙවන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදීප් මධුශංකටත් තෙවන ස්ථානය,බීඑල්එම් කුමාරටත් හිමි විය.20 න් ඉහළ කාන්තා අවිදීමේ තරගයේ ප්‍රථම ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයට දිනා දීමට දිනූසා දිල්හානි සමත් වූ අතර දෙවන ස්ථානය යිමි වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මල්කි නවෝදා ට ය.තෙවන ස්ථානය මොණරාගල දිස්ත්‍රිත්කයේ ඉන්දිරා ප්‍රියදර්ශණීට හිමිවිය.පිරිමි 20 න් ඉහළ අවිදීමේ සූරයා වූයේ මාතර දිස්ත්‍රික්කයේ එම්ඩී සම්පත් ය.දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ කේපී ධනුෂ්ක ට හිමි වූ අතර තෙවන ස්ථානය කුරුණැගල දිස්ත්‍රික්කයේ කෙජීඑස්කේ අබේරත්නට හිමි විය.මෙම ඇවිද"ීමේ තරග පිරිමි තරග කිලෝමීටර් 10 ක් ලෙස සහ කාන්තා තරග කිලෝ මීටර් 5 ක් ලෙස ක්‍රියාත්මක විය.
කිලෝමීටර් 102 ක් දුරැති පිරිමි පාපැදි තරගයේ සූරයා වන්නට කොළඹ දිස්ත්‍රික්කයේ නුවන් දුලාන්ත සමත් විය.දෙවන ස්ථානයට පත් වීමට හැකි වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රියන්ත ජයලාල් ට ය.තෙවැනියා ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ රංගජීව පෙරේරා තරගය නිමා කළේය.කාන්තා පාපැදි සූරිය වන්නට අම්පාර දිස්ත්‍රික්කයේ මනෝමි කුමාරිට හැකි වී අතර එම තරගය ක්‍රියාත්මක වූ කිලෝ මීටර් 50 ක දුර ප්‍රමාණය දෙවැනියා ලෙස නිමාවට පත් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉෂාරා නිල්මිණි ය.තෙවන ස්ථානයට පත් වීමට පුත්තලම දිස්ත්‍රික්කයේ දිනේෂා දිල්රුක්ෂි ට හැකිවිය.
යොවුන් මැරතන් සූරයා ලෙස කිරුළු පළදින්නට කළුතර දිස්ත්‍රික්කයේ කෙඒපීඑස් මධුෂාන් ට හැකි විය.ඔහු සමග පැමිණි ආධාරකරුවෙක්ගෙන් දැන ගන්නට ලැබුණේ ඔහු යුධ හමුදාවට සම්බන්ධ ක්‍රීඩකයෙකු බවත් මෙම තරගාවලියට සහභාගි වීම සදහා එහුට නිවාඩු ලැබී නොතිබි බවත් ය.නමුත් එය හමුදා ඉහළ පරිපාලනය දැනුවත්ව සිදුවිය හැක්කක් නොවිය හැකි අතර මන්ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධානියා වන්නේද,යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් දයා රත්නායකය.ඒ නිසා මධුෂාන් ගේ දෙපයට විලංගු වැටීම තව දුරටත් සිදු නොවීමට අවශ්‍යය ක්‍රියා මාර්ග මේජර් ජෙනරාල්වරයා විසින් ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ වසන්ත කුමාර ට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආර්ඒඑම්වයි හිරංගට ය.
www.supirikrida.com

මාල දිවයින් වොල්බෝල් සූරයා ගේ කිරුල ජනිත් සුරත්ට

ශ්‍රී ලංකා වොලිබෝල් කේෂ්ත්‍රයට සම්බන්ධ පුහුණුකරුවෙකු විසින් වෙනත් ආදේශනයක් ඉදිරිපත් කළ ද මාල දිවයින් වොලිබෝල් පරිපාලනය විසින් එරට ජාතික ලීග් තරගාවලියට සහ ජාතික සූරතාවලිය වෙනුවෙන් කැදවන ලද එකම ලාංකේය ක්‍රීඩකයා බවට පත් වූ ජනිත සුරත් එම තරගාවලි දෙකේම තමන් ක්‍රීඩා කළ STO කණ්ඩායම වෙනුවෙන් විහිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය.ලීග තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා වෙමින් සූරතාවය එම කණ්ඩායමට දිනා දීමට මුල් වූ ජනිත,ජාතික සූරතාවලියේ දී අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ සෑම අංශයකින්ම කැපී පෙණුන ක්‍රීඩකයා බවට ද පත් විය.
සුපිරි ඉන්දීය ක්‍රීඩකයන්ද මෙම තරගාවලියේදී විදේශ ක්‍රීඩකයන් ලෙස මාල දිවයිනේ ක්‍රීඩා සමාජ සමග එක් වී සිටියද ඒ සියල්ල අභිබවා කැපී පෙනෙන දස්කම් ඉදිරිපත් කිරීමට ජනිත සමත් වී ඇත.මාල දිවයින් ආරක්ෂක කණ්ඩායම ලීග් තරගාවලියේදී මෙන්ම ජාතික සූරතාවලියේදී ද STO කණ්ඩායමේ අවසන් තරග ප්‍රතිවාදියා වූ අතර ලීග් තරගාවලියේ අවසාන තරගයට වඩා සටනක් ලබා දෙමින් ජාතික සූරතාවලියේඅවසන් තරගයේ තීරණය වට පහක් දක්වා දිග් ගස්සන්නට ආරක්ෂක කණ්ඩායම සමත් විය.
වර්ථමානයේ වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරන ජනිත පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තරගාවලි සියල්ලගේම පාහේ සූරයා වූ අතර එවැනි පසු බිමක ඔහු වෙනුවට මෙරට පුහුණුකරුවෙකු වෙනත් ක්‍රීඩකයෙකු මාල දිවයිනට පිටත් කිරීමට උත්සාහ කළ ද,මාල දිවයින් වොලිබෝල් පරිපාලකයන් අවධියෙන් සිට නිවැරදි තීරණය ගැනීමෙන් ජනිතට  මෙන්ම හ්‍රී ලංකා වොලිබොල් ක්‍රීඩාවට ද විශාල කීර්තියක් අත් විය.
www.supirikrida.com

චාමර පීරිස් පිටියෙන් ඉවතට පහර දුන් සිව් වැන්නා බවට පත් වෙයි

කිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ සිය දෙවන තරගයට සහබාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හෝම් හිට් ප්‍රහාරයක නිරත වූ චාමර පීරිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් කළ සිව් වැන්නා බවට පත් විය.ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව වට තුනකට පමණක් සීමා වූ තරගයේදී ලකුණු 16 - 1ක් ලෙස තරගය ජය ගත් අවස්ථාවේ හෝම් හිට් ප්‍රහාරයක නිරත වෙමින්ය.
ක්‍රීඩා පිටියෙන් ප්‍රහාරයන් එල්ල කිරීමේ ශ්‍රී ලංකා ඉතිහාසය නිරීක්ෂණයේදී චාමර ට පෙර එම දක්ෂතාවය ප්‍රදර්ශනය කර ඇති තිදෙනා වන්නේ පිළිවෙලින් යසස්වි රත්නායක,සමීර රත්නායක සහ නිරෝෂන් පුංචිහේවා වන අතර දැනට සමීර සහ චාමර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරති.මෙම සිව් දෙනාම එම දක්සතාවය පකිස්තානයේ පැවත්වෙන තරග වලදී ඉදිරිපත් කර ඇති අතර එවැනි දක්සාතවයන් දැක්වීමේදී හ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අඩුවක් දකින්නට ලැබෙන ප්‍රධාන හේතුව ශක්තිජනනය සදහා ප්‍රමාණවත් පරිදි අවස්ථාවන් විවර වී නොමැති බව බේස්බොල් ප්‍රේමීන්ගේ මතය වන්නේය.නමුත් බේස්බෝල් තාක්ෂණයට අදාළව කාලගණනය කරමින් ප්‍රහාරයන් හී නිරත වීමේ දී මෙම පිතිකරුවන්ට හෝම් හිට් ‍ලෙස හැදින්වෙන පිටියෙන් ඉවතට ප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇත.
www.supirikrida.com

Nov 11, 2012

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිතයා

අමුත්තා පැමිණියේ මංජුල කුමාර උස පනින අයුරු නරඹන්නද?
සුගතදාස ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ උස පැනීමේ තරගය පැවත්වෙමින් තිබිණ.ඒ අතර මීටර් 400 පිරිමි තරගයේ අවසාන පූර්ව වටය ඇරඹිමට ද නියමිතය.සියල්ල අවුල් කරමින් හදිසියේම ක්‍රීඩාංගණයට ධාවන පථයට අමුත්තෙක් ඇතුල්විණඔහු ධාවන පතයෙන් ඉවත් නොවී තමන්ට සිදු වූ අසාධාරණයක් ප්‍රදර්ශණය කරන්නට විය..කවුරුන් හෝ විසින් කළ පහරදීමක් නිසා ඔහු ධාවන පථයේ අපහසුවෙන් බඩ ගාන්නට විය.ප්‍රහාරය එල්ල වූ තැන ඉදිමී තිබිණ.

තරග ආරම්භක සහයට සිටි තැනත්තා අසළින් හොයා ගත් කිරි පැකට්ටුවකින් තට්ටුවක් දැමීය.ප්‍රතිපලය වූයේ ඔහු තව දුරටත් ධාවන පථය තුළට තල්ලු වීමය.අනතුරුව කම්බියකින් ඔහුව ඉවත් කිරීමට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියා ඉදිරිපත් විය.ඒ වන විට අමුත්තා තමන් සදහා තරගය ක්‍රියාත්මක වූ කාලයෙන් විනාඩි 10  ට ආසන්න කාලයක් වෙන් කර ගෙන තිබිණ.නමුත් එහු ඉවත් කිරීමට වගකිව යුතු මැදිහත්වීමක් සිදු නොවුණු තැන සන්ඩේ ටයිම්ස් ඡායාරූප ශිල්පී අමිල ප්‍රබෝධ මැදිහත් විය.නමුත යලි යළිත් ප්‍රේක්ෂකාගාරයේ කම්බි වැටේ එල්ලුණු අමුත්තා ක්‍රීඩා පිටිය දෙසට සිය ගිජු බැල්ම එල්ල කරන්නට විය.අවසානයේ මහා වර්සාව පැමිණ උස පැනීමේ තරගය කඩා කප්පල් වීමට ආසන්න වන තුරුම ක්‍රීඩා පිටියට ඇතුග් වන්නට ඇතුල්වන්නට වෙර දරන අමුත්තා වැළක්වීමට මගේ මාධ්‍ය රාජකාරියට අමතරව අමතර රාජකාරියක් ලෙස සිදු කරන්නට විය.

අමුත්තා ගැටළු කිහිපයක් ඉතිරි කළේය.රටේ ප්‍රධානතම ධාවන පථයට විශාල ආරක්ෂක සහ සේවක පිරිසකගේ ඇස් වසා ඇතුල් වූයේ කෙසේද? සහය ආරම්භක නිලධාරියා හිස් කිරි පැකට්ටු වලින් ගසා ඉවත් කරන්නට අසාර්ථක උත්සාහයක නියැලීම පසෙක ලා,තරග ආරම්භයට සම්බන්ධව සිටි නිලධාරීන් ඒ තත්ත්වය තරග පැවත්වීමටත් අපහසුතා ඇති කරමින් මහා හඩින් ක්‍රියාත්මක වන ශබ්දවාහිණී වලින් සුගතදාස සේවකයන් දැනුවත් කර එම අමුත්තා ඉවත් කිරීම වැනි ප්‍රායෝගික භාවිතාවකට නොගියේ මන්ද?
වැදගත්ම දේ ගැරඩියාට පහර දුන්නේ කවුද?
www.supirikrida.com

ටියුනීසීයාවට ශ්‍රී ලංකාවෙන් බොක්සිං ක්‍රීඩිකාවන් තිදනෙක්









Sithri Sandareka.jpgDian Gomes.JPG



Wellington.jpg


































































ටියුනීසියාවේ දී නොවැම්බර් 12 ා සිට 17 වන දා දක්වා පැවත්වෙන අන්තර්ජාතික බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන්
Harsha Kumara - Coach.jpgMendis Coach.jpg
තිදෙනෙකු
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර අත් දැකීම් ඇති 2011 වසරේ කිලෝග්‍රෑම් 46 බර පංතියේ ලොව 9 වන තැනට ශ්‍රේණිගතව සිටි අනූෂා කොඩිතුවක්කු සහභාගි වන ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන් සිටින අතර ඇය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.ගෙවුණු ආසියානු කාන්තා බොක්සිං සූරතාවලියේදී ලෝකඩ පදක්කමකට හිමි කම් කී ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන ශිරෝමාලි වීරරත්න  ද  මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර තෙවැන්නිය වන්නේ මාස් සදර්න් ක්‍රීඩා සමාජයේ සිතාරි සදරේඛා යි.කණ්ඩායම් පුහුණුකරු ලෙස ජාත්‍යන්තර අත්දැකීම් ඇති හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුහුණුකරුවෙකුද වන ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ හර්ෂ කුමාර සහභාති වන අතර සහය පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන  ඩබ්ජේ මෙණ්ඩිස් ය.රොබට් වෙලින්ටන් ද මෙම තරගාවලියට විනිසුරුවෙකු ලෙස එක්වන අතර,කණ්ඩායමේ කළමණාකරු ලෙස ලාකේය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රබෝධයේ මග පෙන්වන්නා වන ඩයන් ගෝමස් සහභාගි වේ.සාමාන්‍යයෙන් ඩයන් ගෝමස් අසලින් සිටින විට එය යහපත් ප්‍රතිපල වලට ආශිර්වාදයක් බව ජාතික මට්ටමේ බොහෝ ක්‍රීඩකයන්ගේ විශ්වාසයක් වන බැවින් එය මෙම ක්‍රීඩිකාවන් තිදෙනාටද ආශිර්වාදයක් වන්නැයි සුපිරික්‍රීඩා සුභ පතන්නෙමු.www.supirikrida.com