Nov 5, 2012

ලංකාව ලුවිස් සමග එකතු වී නවසීලන්තය ලකුණු 14 කින් පරදවයි

Tom Latham was bowled by Lasith Malinga for 2 off 18 ballsවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක් දින තරගයෙන් ලකුණු 14 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේය.කාසියේ වාසිය ලැබූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 250 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට වර්ෂාවත් සමග ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ ඉහළ ලකුණු වේගයක් රදවා ගැනීමේ අවදානම් අවශ්‍යයතාවයද ඇති කරමින්ය.
පළමු පන්දුවට පහර දුන් නවසීලන්ත ඉණිමේ පළමු කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 17 ක් ව තිබූ අතර ක්‍රියාත්මක වෙමින් තිබුණේ හත් වන පන්දු ඕවරය ය.නමුත් ඉන්
අනතුරුව රොබ් නිකෝල් සහ බීජේ වැට්ලින්ග් ලකුණු අතරට කණ්ඩායම රැගෙන එමින් දෙවන කඩුල්ල දැවී යන විට ලකුණු පූවරුව ලකුණු 100 රදවන්නට සමත් විය.නැවතත් ලකුණු 91 පස්වන කඩුල්ල වෙනුවෙන් එකතු කරන්නට නායක රොස් ටේලර් සහ ජේම්ස් ෆ්‍රෑන්ක්ලීන් සමත් වූයේ නවසීලීන්තය පසුව පන්දුවට පහර දෙන වර්ෂාවේ අවධානය ඇති තරගයක හොද ලකුණු ගණනකට සිය කණ්ඩායම ගෙනවිත් තබමින්ය.රොබ් නිකොල් ලකුණු 46 ක් ලැබූ අතර,බීජේවැට්ලින්ග් ලකුණු 55 ක් ලැබූ අතර වේගවත් පිති හරඹයක නියැලි ‍රොස් ටේලර් ලකුණු 72 ක් රැස් කළේය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නවසිලන්තයේ පන්දු යැවීම මෙන්ම කළු වෙමින් පැවති අහසේ අභියෝගය සමගින් ද සටන් කරන්නට සිදු විය.ඒ අභියෝගයම ලකුණු 39 දී ශ්‍රී ලංකාවට කඩුලු 2 ක් අහිමි කළ අතර අනතුරුව ඩිල්ෂාන් සහ මහේල යම් ස්ථාවරයකට ලකුණු තත්ත්වය කඩුලු රැක ගනිමින් ලකුණු පූවරුව 98 දක්වා ගෙන ආවේය.ඩිල්ෂාන් ලකුණු 37 ට දැවී ගිය අතර මහේල නොදැවී ලකුණු 43 ක් එක් කර ගත් අතර ඒ තත්ත්වය මත වර්ෂාව පැමිණෙන විට ලකුණු පූවරුව පන්දු ඕවර් 22.5 දී 118 ක් ව තිබිණ.ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාව ලබා ගත යුතුව තිබුණේ ලකුණු 104 ක් පමණක් වූ බැවින් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගත් ලසිත් මාලිංග තරගයේ වීරයා විය.ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
 http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582188.html
www'supirikrida.com

විද්‍යාර්ථ බාලක සූරතාවය රැක ගනියි - බාලිකා සූරතාවය වේයන්ගොඩ ට


කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වූ ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේ බාලක සූරතාවය තව දුරටත් රැක ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට හැකි විය.අනු සූරතාවය මහනුවර ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලයටත් තෙවන ස්තානය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයටත් හිමි විය.බාලිකා සූරතාවය හිමි වූයේ වේයන්ගොඩ මැදි විදුහල් කණ්ඩායමට ය.අනු සූරතාවය මාස් ලීනියා බොක්ෂිං සමාජයට හිමි වූ අතර තෙවන ස්ථානය සදහා මාස් සදර්න් බොක්සිං සමාජය,පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය,හොරණ විද්‍යාරත්න විද්‍යාලය සම සේ හිමිකම් කී අතර මාස කිහිපයක ඇවෑමෙන් බොක්සිං කවයට ගොඩ වූ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සිය පළමු අවසාන තරග පහක් නියෝජනය කරමින් තෙවන ස්ථානයට පත් වීම කැපී පෙණින.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලද්දේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඒඑස් තුඩුවේවත්තය.දක්ෂතම ක්‍රීඩිකාව බවට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ එම්ඒටීඑච් ජයතිස්ස ය.දකුෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්ඒඩීඑල් හෙට්ටිආරච්චිය.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ ලීනියා බොක්සිං සමජයේ ආර්ජේ ජයරත්නය.
තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 158 ක් සහභාගි වූ අතර ආධුනික බොක්සිං සම්මේලනය තරගාවලිය සාර්ථකව පැවත්වීමට දැරූ වෙහෙස මල් පල ගැන්වීමට සෙසු කාර්යන් හී දායකත්වය තව දුරටත් ඊට එක් විය යුතුව තිබිණි.ඇපැහැදිළි විනිශ්චය කටයුතු ගණනාවක් දකින්නට තිබුනු අතර ඒවා සාමාන්‍ය මිනිස් වැරදීම් නොවන්නේ ඒවා බොහෝ විට පාර්ශව දෙකෙන් එක් පාර්වශයක් ඉලක්ක කර ගෙන සිදුවන බව දැනෙන නිසයි.
www.supirikrida.com.



තමාසාට් පිටියේ දී ලංකාවට රන් පැහැයක්


තායිලන්ත තමාසාට් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන 58 වන තායිලන්ත විවෘත ජවන හා පිටිය මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනය නිමා වන විට එයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සමත් වී ඇත.නොවැම්බර් 02 දා ඇරඹි තරගාවලියේ අවසාන දිනය අද වන අතර ගෙවුනු දින තුන තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් හතරක් රිදී පදක්කම් තුනක් සහ එක් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වී සිටියි.
මිලන්ත සම්පත් දිසානායක (දුර පැනීම- මීටර් 7.69),උපමාලි රත්න කුමාරි (මීටර් 400 -තත්.55.12),චානක මධුශංක (මීටර් 400 - තත්.47.26),චම්පිකා දිල්රුක්ෂි (මීටර් 1500 - විනාඩි 4:19.27) සහ එරංගා දුලක්ෂි (විනාඩි 10:27.84 ) ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ.ඒ අතරින් එරංගා දුලක්ෂි රන් පදක්කමට අමතරව රිදී පදක්කමක්ද හ්‍රී ලංකාවට දිනා දෙමින් විනාඩි 4:30.34 ක දක්ෂතාවයක් දක්වා මීටර් 1500 ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත්තාය.ඒඑම්ආර් රාජේෂ් ඛාන් (මීටර් 200 - තත්.21.63),යූජීයූ සදමාලි (මීටර් 400 -55.66) ශ්‍රී ලංකාවේ සෙසු රිදී පදක්කම්ලාභින් වූහ.ශ්‍රී ලංකා හෙල්ල වීසිකිරීමේ සූරයාට සිය පෞද්ගලික හොදම දක්ෂතා ආසන්නයට හෝ පැමිණියේ නම් රන් පදක්කම පහසුවෙන් දිනා ගැනීමට අවස්ථාව තිබුණු අතර නමුත් මීටර් 70.46 ක් වූ දක්ෂතාවයට සචිත් මධුරංගට හිමි වූයේ තෙවන ස්ථානය ය.
www.supirikrida.com

බේස්බෝල් පිටියේ ජාත්‍යන්තර වු ලාංකේය මුද්‍රාව - සුජීව විජේනායක

'ජපානයේ පැවත්වෙන විශාලතම බේස්බෝල් තරගාවලිය වන අන්තර් නගර තරගාවලිය විනිශ්චය කිරීමට සහභාගි වූ එකම විදේශිකයා මම' ඒක ඔහුට විතරක් නෙමෙයි අපටත් ආඩම්බර වෙන්න කාරණයක්.ඒ ඔහු ලාංකිකයෙකු වීම නිසයි.නමින් සුජීව විජේනායක වූ ඔහු ශ්‍රී ලංකාව සතුව සිටින එකම අන්තර්ජාතික බේස්බෝල් විනිසුරුවරයා යි.කොළඹ ආනන්දයෙන් බේස්බෝල් ක්‍රීඩාවට පිවිසෙන සුජීව අද වන විට ජපානයේ පමණක් නොව පිලීපීනය වැනි රටවල බේස්බෝල් විනිසුරුවන් පුහුණුකිරීමේ  උපදේශකයෙකු ලෙස ද සහභාගි වෙනවා.
කොළඹ ආනන්ද විද්‍යලයෙන් 99' වසරේ බේස්බොල් ක්‍රීඩාවට පිවිසෙන සුජීව 2002 වන විට එම විද්‍යාලීය කණ්ඩායමේ නායකයා බවට පත් වෙනවා.ඒ වන විට බේස්බෝල් ක්‍රීඩකයෙකු ‍ඉක්මවා දැඩි බේස්බෝල් ප්‍රේමියෙකු බවට පත්ව සිටින සුජීව ලංකාව වැනි නැගෙමින් පවතින රටක බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඒ වෙනුවෙන් කළ හැකි අවශේෂ කාර්යයන් පිළිබදව අවධානය යොමු කරනවා.ඒත් 2006 දී සුජීවට මද කලෙකට සියල්ල අතහැර ජපානය බලා යන්න වන්නේ ලංකාවේ බේස්බෝල් ගැන තිබුණු ආදරය ඇතුළු හදවතේ තදින්ම ගුලි කරගෙන,ජපානයේ බේස්බොල් සංස්කෘතිය ඇතුළත එය විහිදුවා විකසිත කළ හැකි මං සෙවීමේ අරමුණත් ඇතිවයි.
ආසියානු ශාන්තිකර ආගන්තුක සත්කාර හා කළමණාකරණ උපාධිය හැදෑරීම පිණිස ජපානයට යන සුජීව සිය ඉගෙනුම් සාර්ථක කර ගන්නා අතරේම බේස්බෝල් ආදරයට අලුත් අරුතක් දීම පිණීස එහි තිබෙන බේස්බෝල් විනිසුරුවන් පුහුණුකිරීමේ පාසලකට ඇතුලත් වෙනවා.වෘත්තීය සුදුසුකම් වෙනුවට කුමන හෝ බලධාරියෙකුගේ හිතවතෙකු වීමේන් මහා දේවල් කළ හැකි ලාංකේය භූමිය තුළ එවැනි හිස් මිනිසෙකු ලෙස නොව මහා බරැති හඩකින් කතා කළ හැකි විශ්වසනීය පදනමක් සහිත මිනිසෙකු වීම සුජීවගේ උවමානව වන්නට ඇති බව හැගෙන්නේ අද බේස්බෝල් ලෝක සංස්කෘතිය ඉදිරියේ සමස්ත ලංකාව ඉක්ම වූ චරිතයක් ලෙස ඔහු  පත් වී සිටින නිසයි.
ජපානයේ කමොනෙයි හෝටල් සමූහයේ විධායක කළමණාකරුවෙකු ලෙස කටයුතු කරන සුජීව,ලෝකය පිලිගන්න බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙස වැඩිපුරම ක්‍රියා කරන්නෙ බේස්බෝල් ආගමක් ලෙස අදහන පැතිරි බේස්බෝල් සංස්කෘතියක් ඇති රටකයි.එවැනි සංස්කෘතියක් ඇතුළත ඔහු උපයාගෙන තිබෙන පිළිගැනීම,කීර්තිය යන දේ නැවත ශ්‍රී ලංකාවට ආයෝජනය කරන්නට ඔහුට හැකි වෙනවා.ලංකාවේ හැදෙන ප්‍රථම බේස්බෝල් ක්‍රීඩා පිටිය මේ දිනවල හෝමාගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා.ඒ ජපන් රජයේ ආදාර ඇතිව,ඒ සදහා වන වියදමෙන් ලක්ෂ 85 ක පමණ මුදලක් සොයා දීමට දායක වන්නේ සුජීවයි.ඒ තමා සේවය කරන හෝටල් සමූහයේ අධාරයෙන්.
ලංකාවේ බේස්බෝල් පරිපාලන ව්‍යහුය මුදල් ඉපයීම අතින් අසමත් වන්නේ සුජීවලා වැනි වාත්තීමය පදනමක් ක්‍රීඩාව තුළ නැති ලංකාවේ බේස්බෝල් පිටි තුළ සිය පරාක්‍රමයන් රදවා එය බූදලයක් බවට පෙරළාගෙන වසරකට වරක් ලැබෙන ඡන්ද වෙනුවෙන් වරප්‍රසාද බෙදා දිමේ යාන්ත්‍රනයෙන් එපිටට ඔවුන්ට සිතන්නට හැකියාවක් නැති නිසාදැයි සුජීවගේ මැදිහත් විම ගැන සිතන විට අපට හැගෙයි.ක්‍රීඩාව වෘත්තීය පදනමකට රැගෙන යාම සදහා අවශ්‍යය විද්‍යාත්මක සාධක ගැන සිතා ක්‍රීඩකයාගේ පහසුව පිණිස භෞතචිකිත්සකයෙකු රැගෙන යාම පසෙකලා ඡන්දයක් රැක ගැනීම වැදගත් කොට සිතා නිලධාරියෙකු කැටුව යන්නට සිතන බව මේ මොහොතේ ක්‍රියාත්මක වන පකිස්තානු සංචාරයටද නිලධාරීන් ගොන්නක් සහභාගි කරවීමෙන් ඔප්පු කරන පරිපාලනය සුජීවලා වැනි චරිත තමන් උපයා ගත් දැණුම,පිලිගැනීම,කීර්තිය හරහා ලංකාවේ බේස්බෝල් දියුණුවට ගෙනෙන මුදල් වලට වග කියන්නන් බවට පත් විම ඛේදවාචකයක් නොවන්නේද? 
මුහුණු මාරුව වෙනුවට ආකල්පමය වශයෙන් මේ රටාව වෙනස් කිරිමට අවශ්‍යය වටපිටාව ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් හෝ සැකසිය යුතු බව ලංකාවේ බේස්බෝල් ඉක්ම වූ සමස්තය පිළිබදව සිතද්දී වුව වැටහෙන යථාර්තයකි.ඒ යථාර්තයේ සිට නැවත සුජීව ගේ හඩ දෙසට සවන් යොමු කරන අපට හැගෙන්නේ,තව බොහෝ දේ නිවැරදි විය යුතු බවයි.එසේම එය සුජීවගේ සිහිනයේ සීමාවට එපිටින් ඇති පරිපාලනමය වශයෙන් එහි යාන්ත්‍රණයේ නියමුවන් අතින් ගිලිහී ‍ගොස් තිබෙන වැඩ රටාවන් විසින් අවුල් කල දෑය.
'මම විනිසුරුවරයෙකු ලෙස උපරිමයට ළගා වන අතරේ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන යන්න උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.අපේ ක්‍රීඩාවේ අඩුපාඩු ගොඩක් තියෙනවා.'
දැණුම වගේම තාක්ෂණික කාරනා වලිනුත් නිවැරදි විය යුතු ඒ බොහෝ දේ නිවැරදි කරන්නට සිය දැණුම මෙන්ම කාලය සහ ධනය ද වැය කරන්නට මග බලන සුජීව වැන්නන් ගේ කැපවීම ගගට ඉනි කැපීමක් නොවිය යුතුය.ක්‍රීඩක සහ නිලධාරි විනය සහිත වට පිටාවක සියල්ලගේ පළමු අවශ්‍යයතාවයත්,දෙවන අවශ්‍යයතාවයත් සියළු අවශ්‍යයතාවයනුත් බේස්බෝල්ම වන්නේ නම් එය එසේ වන්නේ නැත.
නැවත එලැඹෙන දෙසැම්බරයේ ලංකාවේ පළමු ජාත්‍යන්තර බේස්බෝල් පිටිය විවාත වන මෙහොත පියවි දෑසින් විදින්නට ලංකාවට ඒමේ බලාපොරොත්තු පෙරදරිව නැවත ජපානය බලා යන්නට පොදි බදින මොහොතක ලද ඉසිඹුව අප වෙනුවෙන් කැප කරන්නට එකගවීම පිළිබදව සුපිරික්‍රීඩා සුජීවට හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු.

www.supirikrida.com


Nov 4, 2012

දඹුල්ල නොසළකා හරීම පිලිබදව cricinfo ද කණස්සල්ලෙන්

ශ්‍රී ලංකාව වැනි කුඩා වර්ෂා අවධානම ඇති රටක වියළි කළාපයට අයත් ක්‍රීඩා පිටියක් වන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නොසළකා හැර තිබෙන බවක් දැකිය හැකි බව cricinfo වෙබ් අඩවිය අවධාරණය කරයි.මීට පෙර අවස්ථා කිහිපයකදිම දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇති අවශ්‍යයතාවය සුපිරි ක්‍රීඩා ද පෙන්වා දුන් අතර මෙවැනි අන්තර් මෝසම් වැසි සමයකදි එවැනි ක්‍රීඩාංගණයක ඇති වටිනාකම තව දුරටත් ඉහළ යයි.
අන්තර් මෝසම් සමයක ක්‍රිකට් තරග සදහා ශ්‍රී ලංකාවට පැමිණීම අවධානමක් සහිත සහ කාලය නිකරුනේ වැය කිරිමක් විය හැකි බවට මතයක් වර්ෂාව නිසා තරග අත හැරීමට සිදු වීමේ ප්‍රවනතාවය දිගටම පැවතියහොත් ජගත් ක්‍රිකට් ප්‍රජාව තුළ ඇති වීමේ අවධානමක් ඇති වෙමින් ඇත.නමුත් ක්‍රිකට් දේශපාලනයේ බල අරගලයේ ප්‍රති පාර්ශවකරුවෙකුගේ ගිණුමට කීර්තිය එකතු වන බැවින් වර්ථමාන ක්‍රිකට් පරිපාලනය දඹුල්ල ක්‍රීඩාංගනයේ ආලෝකය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව නිවැරදි කිරිම මග හරිමින් සිටින්නේය.
2010 ලෝක කුසලාන තරගාවලියටත් පෙර සිට හදුනාගෙන තිබූ එම ගැටළුව 20 / 20 ලෝක කුසලානය පැමිණෙන විටත් ඉවත් කර නොතිබෙන අතර මෙම ගැටළුව ඉදි කිරිමෙන් කලකට පසුව මතු වූ ගැටළුවක් ලෙස සිතිය හැකිය.මන්ද විශාල දිවා රාත්‍රී තරග තණනාවක් පැවත් වූ ක්‍රීඩාංඝනයක් ලෙස හැදින්විය හැකි දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක තත්ත්වයේ ගැටළුව නිවැරදි නොකිරිමට කාලය හෝ මුදල් වැය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ආර්ථික අපහසුතා නොතකා වෙනත් ඉදිකිරීම් සහ බදවා ගැනීම සදහා කෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇද්ද යන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වන බැවින් ඔහු හෝ සොයා බැලිය යුතුය.
ලංකාවේ ජනමාධ්‍යයට සම්බන්ධ විම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වීම,දේශපාලනඥයෙකු විම සහ ජාත්‍යන්තර සබදතා වලින් හිග නොවීම යන කාරණා දඹුල්ල ක්‍රීඩාංගණය සදහා පිඹුරුපත් සකස් කළ පුද්ගලයා සතු වන බැවින් දඹුල්ල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමේ දි ඔහුව ඉස්මතු වීම වැළක්වීමට නොහැකි කාරණයක් වීම මේ නොසළකා හැරීමට හේතුව ලෙස දැකීමේ වරදක් නැත.දැනට ශ්‍රී ලංකාවේ ක්‍රමානුකූලම ජලය බැස යාමේ පද්ධතිය සමග විවිධ කාරණා සැළකිල්ලට ගනිද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රසාදයට විශාල වශයෙන් ලක්වන ක්‍රීඩාංගණය වන පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිටු පස සිටි දැවැන්තම හස්තය වන බන්දුල වර්ණපුර පිළිබදව සදහන් නොකිරීමට එහි වගකිවයුත්තන් කටයුතු කරනාකාරයෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමේදී එම ක්‍රීඩාංගණය ඉදිකළ පුද්ගලයා සගවා තැබීම දුෂ්කර නිසා එම ක්‍රීඩාංගණය සගවා තැබීමට උත්සාහ කරන බවක් දැකිය හැකිය.
www.supirikrida.com

ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ජුලියෝ සන්තානා

ද අවසන් වීමට නියමිත 2012 ජාතික කණිෂ්ට බොක්සිං තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ජාතික බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වන කියුබානු ජාතික ජුලියෝ සන්තානා සහභාගි වීමට නියමිතය.දින දෙකක් පුරා පැවති මෙම බොක්සිං තරගාවලියේදි දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අවසන් තරග සදහා පිවිසීමට නියමිතය.


ඇතැම් පාසල් විදුහල්පතිවරුන් මෙම තරගාවලිය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇකැප තරගාවලියක් ලෙස වැරදි මතයක සිටිමින් ක්‍රීඩකයන්ට ප්‍රතිපාදන ලබා දීමෙන් වැළකී තිබුණු බවට තොරතුරු වාර්තා වන අතර අඩු තරමේ පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ චක්‍රලේඛන පිළිබදව සැළකිල්ල යොමු කර මෙම තරගාවලිය පාසල් ක්‍රීඩකයන්ට අකැපද නැද්ද යන්න සොයා නොබලා තීරණ ගැනීම ඛේදණීය තත්ත්වයකි.පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික පාසල් වර්ණ දිනා ගැනීමෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු එකතු වන බව හෝ මෙම තරගාවලිය එසේ වර්ණ සදහා සුදුසුකම් ලබන තරගාවලියක් බව නොදැන කටයුතු කිරිම  ක්‍රීඩකයන්ගේ අවස්ථාවක් අහිමි කිරිමක් ලෙස දැකිය හැකිය.
ඒ නිසා පාසල් බොක්සිං සංගමය මෙවැනි තත්ත්වයන් ඇති වූ විද්‍යාල පිළිබදව සොයා බලා පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙන්ම,පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් පාසල් ක්‍රීඩකයන්ට කැප බොක්සිං තරග කවරේද යන්න පිලිබදව එම විදුහල්පතිවරුන් දැනුවත් කිරිම ද වැදගත් ය.කෙසේ හෝ අවුරුදු 17 - 19 යන වයස් ඛාණ්ඩ වල තරගාවලියක් යනු පාසල් ක්‍රීඩකයන් සහභාගි නොවන තරගාවලියක් බව තේරුම් ගැනීමට ප්‍රායෝගික බුද්ධියක් නොතිබෙන පාසල් ප්‍රධානින් සිටීම ක්‍රීඩාවට මෙන්ම අධයාපනයට ද හිතකර තත්ත්වයක් නොවේය.
www.supirikrida.com

මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 47,500 ක් සැන්ඩි සුළි කුණාටුවට හසුවේ

ද පැවත්වීමට නියමිතව තිබූ සුප්‍රකට නිව්යෝර්ක් මැරතන් තරගය නිව්යෝර්ක් හරහා හඹා ගිය සැන්ඩි සුලි කුණාටුවෙන් වූ හානිකර තත්ත්වය මත අවලංගු කිරීමට නිව්යෝර්ක් නගරාධිපති මිචෙල් බ්ලූම්බර්ග් තීරණය කිරීම නිසා එයට සහභාගි වීමට සිටි 47,500 ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දුෂ්කරතාවයට පත්ව ඇත.
ලොව අංක එකේ මැරතන් තරගයක් ලෙස ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ රත්තරන් ලේබලය යටතේ ක්‍රියාත්මක, නිව්යෝර්ක් මැරතන් තරගය ලොව පුරා මලල ක්‍රීඩා ලෝලීන් මිලියන ගණනක් සජීවිව නරඹන ආශක්ත තරගාවලියක් වුව ද,සුළගින් ඇති කරන ලද පීඩාකාරී තත්ත්වය මත නැවත මානව පුනරුත්ථාපන කටයුතු මෙන්ම නාගරික ප්‍රති සංවර්දන කටයුතු ද සිදුවන තෙක් එවැනි ජාත්‍යන්තර තරගයකට නිව්යෝර්ක් සූදානම් නැති බව නගරාධිපතිවරයාගේ අදහසය.
වසර 40 ක් පුරා නිව්යෝර්ක් වාසීන්ට අභිමානයක් වූ ලොව පුරා සිටින විශිෂ්ඨතම මැරතන් ක්‍රීඩකයන්ගේ පා පහස ලත් නිව්යෝර්ක් මැරතන් මාර්ගය හෝ වැසියන් නිව්යෝර්ක් මැරතන් තරගය පිළිගැනිමට සූදානම් තත්ත්වයක් නොමැති බව නගරාධිපතිවරයා සමග ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කරන තරග සංවිධායක කමිටු සභාපති මැරී විටෙන්බර්ග් ද පෙන්වා දෙයි.ඩොලර් බිලියන ගණනක හානියක් මෙන්ම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් ද අහිමි කරමින් හමා ගිය සැන්ඩි සුළි සුළගින් මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා වන විදුලි බලය විසන්ධි කිරිම් ආදිය සැළකිය යුතු මට්ටමෙන් තවමත් නිවැරදි වි නැති බව පෙන්වා දෙන නිව්යෝර්ක් නගරාධිපතිවරයා එවැනි සංකීරණ තත්ත්වයක මැරතන් තරගය නිව්යෝර්ක් වාසීන්ට යහපත් ප්‍රතිපල අත් කර දෙන තරගාවලියක් නොවනු ඇති බව විශ්වාස කරයි.
ඔලිම්පික් රන් පදක්කම්ලාභිණිය ටිකි ගෙලේනා ඉකුත් වසරේ නිව්යෝර්ක් මැරතන් ජයග්‍රාහකයා වූ ග්‍රොඩ්පි මුතායි, විල්සන් කිප්සෑන්ග් වැනි සුප්‍රකට මැරතන් ධාවන සූර - සූරියන් රාශියක් මේ වන විටත් තරගාවලියට සහභාගි වීම සදහා නිව්යෝර්ක් වෙත පැමිණ සිටින බව සැළ වෙන අතර එවැනි තත්ත්වයක් උද්ගත වීමට පෙර ඇති වී තිබෙන තත්ත්වය සළකා තරගාවලිය අවලංගු කිරිමේ තීරණයට නිව්යෝර්ක් බලධාරීන් නොපැමිණීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදු වී ඇත.ඡායාරූපයේ දැක්වෙන්නේ ඉකුත් වසරේ ජයග්‍රාහකයා වූ ග්‍රොඩ්පි මුතායි එම ජයග්‍රහණයෙන් අනතුරුව ජය සංඛේත සමග ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවයි.
 www.supirikrida.com