Oct 15, 2012

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොරියාවට පරාදයි

වවන ආසියාතික යොවුන් කාන්තා බාලිකා වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ දෙවන තරගයෙන්ද වට  3 - 0 ක පරාජයක් ලැබුවාය.ලකුණු තත්ත්වය 25 -  6 , 25 - 7 සහ 25 - 9 ක් වූ මෙම තරගයේදී තරග වට තුන පුරාම කොරියාව, හ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් විය.
චීනයේ පැවත්වෙන මෙ තරගාවලියේ මූලික වටය සදහා චීන තායිපේ සහ කොරියා කණ්ඩායම් සමග ඩී කාණ්ඩයේ තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ තරග වටයට පෙර දෙවන වටය සදහා එච් කාන්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එහි දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉරානය සහ ඕස්ට්‍රේලියාව යි.
ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉරානය සමග තරග වැදීමට නියිමිත අතර හෙට ඕස්ට්‍රේලියාව සමග තරග වැදීමට නියමිතය.තරගාවලිය සදහා චිනය,ජපානය,තායිලන්තය,චීන තායිපේ මෙන්ම කසකස්තානය වැනි ආසියාවේ වොලිබෝල් ක්‍රීඩාවේ දැවැන්තයන් ගේ අනාගතය භාර කණ්ඩායම් සියල්ලම පාහේ සහභාගි වන අතර දකුණු ආසියාතික කළාපයේ ප්‍රබලයා ලෙස සැළකෙන ඉන්දියාව බී කාන්ඩයෙන් මූලික වටය නියෝජනය කරමින් දෙවන වටයේ දී ශ්‍රී ලංකාව තරග වදින එච් කළාපයේ සිටින ඉරානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කර සිටින නිසා ශ්‍රී ලංකාවට අද සහ හෙට තරග දෙක අතිශයින් වැදගත් ය.
www.supirikrida.com

මුම්බායි කිරුළ හොංකොං රැගෙන යයි - ලංකාවට පස්වන තැන

සියානු එච්එස්බීසී  සත් සාමාජික රගර් තරගාවලිය යටතේ මුම්බායි හී ක්‍රියාත්මක වූ සත් සාමාජික රගර් තරගාවලියේ සූරතාවය දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.අවසාන තරගයේදී ප්‍රබල ජපාන කණ්ඩායම ඉදිරියේ 28  - 7 ක් ලෙස පහසු ජයක් ලබමින් කිරුළට හිමි කම කී හොංකොං කණ්ඩායම මෙම තරගාවලියේ කණ්ඩායමක් ලද දැවැන්තම ජය වූ 54 - 0 ක ජයක් 66 - 0 ක ජයක් තායිලන්තයට එරෙහිව මූලික වටයෙදී වාර්තා කිරීම කැපී පෙණුනා.
සත් සාමාජික රගර් තරගාවල දී ආසියානු මට්ටමෙන් ලැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ද මුල් කණ්ඩායම් පහ අතරට ප්‍රවේශ වෙමින් පස් වන සහ හය වන තැන තීරණය කරන්නට නියිමිත තරගයේදී මැලේසියාව පරාජය කරමින් ලකුණු 22 - 17 ක ජයක් ලබා ගත්තා.මෙම තරගාවලියට දකුණු ආසියාතික කණ්ඩායම් ලෙස සත්කාරක ඉන්දියාව,පනිස්තානය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම කණ්ඩායම් අතරින් පෙරමුණේ රැදෙන්නට හී ලංකාව සමත් වුණා.ඉන්දියාව තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරින් 13 වන ස්ථානයට පත් වෙද්දී පිළිවෙළින් පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය 15 වන සහ 16 වන ස්ථාන තහවුරු කර ගත්තා.ඒ අනුව දකුණු ආසියාතික තරගාවලියට සත් සාමාජික රගර් ක්‍රීඩාව ඉසව්වක් ලෙස ඇතුළත් කිරීමට හැකිනම් එය කළාපීය රගර් ක්‍රීඩාවේ ප්‍රබෝධයට මෙන්ම ශ්‍රී ලංකාවට නිශ්චිත රන් පදක්කමක් බවට ද පත් කළ හැකි බව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක්විය හැකියි.
හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබූ ජපානය දෙවන ස්ථානය දිනා ගනිද්දී තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා පැවති තරගයේදී තායිලන්තය පරාජයට පත් කළ චීන තායිපේ කණ්ඩායම ලකුණු 21 - 24 ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.ඡායාරූපයේ ජයග්‍රාහි හොංකොං කණ්ඩායම දැක්වෙනවා.
www.supirikrida.com

Oct 14, 2012

මෙවර තනි සූරයෝ වෙනුවට සම සූරයෝ

මස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම වරක් සූරතා දිනා ඇති වලල ඒ රත්නායක විද්‍යාලයට මෙවර සම සූරතාවයකට  ඈදී සිය ගෞරවය රැක ගන්නට සිදු විය.ඒ අනුව බාලිකා සූරතාවය  කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සමග වලල දිනා ගනිද්දී ඉකුත් වසරේ සූරියන් වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට තෙවන ස්ථානයෙන් සීමා වන්නට සිදුවිය.බාලක සූරතාවයේදී වලල ඒ රත්නායකයට තෙවන ස්ථානය දක්වා පහළ බසින්නට සිදු වූ අතර වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය පිරිමි සම සූරයෝ වුහ.මෙවර ක්‍රීඩා උළෙල වෙනුවෙන් අවුරුදු 21 න් පහළ තරග ඉසව් තරගකාරී ලකුණු සදහා බලපාන ඉසව් බවට පත් කිරීම ඇරඹීමෙන් පසු ප්‍රථම අවස්ථාවේම දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව අවුරුදු 21 න් පහළ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක වීම විශේෂත්වයකි.
එසේම ගෙවුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඉහළ දස්කම් දැක්වීම කැපී පෙණින.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලයේ අශේන් ප්‍රනාන්දු මීටර් 7 . 43 ක දක්ෂතාවයක් දැක් වූ අතර ඔහු ද ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කළ සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.දක්ෂතම ක්‍රීඩිකාව වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ පබසරා සේනානායක ද එම ක්‍රීඩා උළෙල මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ගණනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කළ මීට පෙර ද මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවය වීමට තරම් දක්ෂතා ප්‍රකට කර තිබූ ක්‍රීඩිකාවක්ය.
තරග උළෙලේ නව වාර්තා බිහි කිරීමට සමත් වූ ඉසව් 13 ක ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් බැගින් පිරිනමන්නට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කටයුතු කිරීම අගය කළ යුතු ක්‍රියාවකි.නමුත් එම අගය කිරීම අතරේම වාර්තා 13 ට සීමා වීම ට තරගාවලිය බෙලිඅත්ත ඩීඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණීම හේතු වූ බව ද පැවසිය යුතුය.විශේෂයෙන් පබසරා සේනානායක වැනි ක්‍රීඩිකාවක් මීටර් 100 වැනි ඉසව්වක නව වාර්තාවකට පිවිසෙමින් තත්පර 12.30 ක ට තරගය නිම කිරීම අගය කළ යුතු අතර එවැනි වාර්තාවක් ඇගයීම මෙන්ම එම වාර්තාව බිහි වූ භෞතික පසුබිම සැළකිල්ල යොමු කිරීමේදී සුගතදාස පිටියේදී හෝ දියගම රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එම ධාවනයේ කාලය තව දුරටත් අඩු වීමට ඇති භෞතික තත්ත්වයන් ගැන ද සැළකිල්ල යොමු කිරීම වටින්නේය.
ඒ නිසා ක්‍රීඩාවට යම් ඇගයීමක් හිමි වීම මෙන්ම ක්‍රීඩාවට ජාතික තලයෙන් ඉහළට ප්‍රවේශ වීමට ඇති ගුණාත්මක සාධක අහිමි වීම පිලිබදවද මෙහිදී අවධානය යොමු කිරීම වටින්නේය.එහිදී අධයාපන අමාත්‍යවරයා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ලබා දෙන ශක්තිය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීම වෙනුවෙන් තර්ක කිරීමට ඇති හැකියාව ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් අගුළු ලෑ අධ්‍යාපන අමාත්‍යංශ ක්‍රීඩා අංශය මෙන්ම පාසල් මලල ක්‍රීඩා සංගමයේ දේශපාලනය ශේප කර ගැනීමේ න්‍යායට අවනත වීමේ ක්‍රියා කළාපයද,ලබා දුන් ආශිර්වාදය ඒ ආකාරයෙන් නෙලා ගැනීමට අපොහොසත් වීමේ වගකීම භාර ගත යුතුය.
ක්‍රීඩා උළෙල කළෙකින් ගමට යාම ගැන උදම් අනමින් අධයාපන අමාත්‍යවරයා ඉදිරියේ ලකුණු ලබා ගන්නා අධ්‍යාපන ක්‍රීඩා බලධාරීන් එම තත්ත්වය ශ්‍රී ලංකාවට කෘතිම ධාවන පථයක් නොමැති කළ සිදු වූ බව අමාත්‍යවරයාට හෝ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට වටහා දෙන්නට හෝ තරගාවලිය බෙලිඅත්තට ගෙන යාම නිසා ක්‍රීඩා ශක්‍යතා වල වර්ධනයේ බලපෑමක් මෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ පරිසාධන මට්ටම්වලට පිවිසීමට ඇති අවස්ථා වැළකී යාම පිලිබදව කියන්නට ඔවුන්ගේ දිව වල් පැටලී තිබිණ.
දේශපාලනඥයන් සිය කාර්යයෙන් උපරිම සහ වැදගත්ම ප්‍රතිපලය බලාපොරොත්තු වන බව තේරුම් ගන්නට නොහැකි නිලධාරි නඩයක් ස්ව කැමැත්තෙන් ස්වීය කොදු නාරටි බිද ගෙන සිටින තත්ත්වයක දේශපාලනඥයන්ගේ වෙහෙසද හිල් කල වලට වතුර පිරවීමක් ලෙස අවසන් වන අතර එහි යම් යම් ඉස්මතු වීම් සළකා කරනු ලබන ඝෝෂාවන් හිස් කළ සෙලවීමක්ම පමණක් බව ද සිහි තබා ගැනිම වටින්නේය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව අද මුම්බායි අර්ධ අවසන් පූර්ව තරග වලට

සියානු එච්එස්බීසී සත් සාමාජික රගර් තරගාවලිය යටතේ මුම්බාය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන සත් සාමාජික රගර් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය.එහි මූලික වට වලදී ශ්‍රී ලංකාව තරග තුනකට මුහුණ දුන් අතර එහිදී ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගෙන තරගයක් ජය ගැනීමට සමත් විය.
මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 31 - 19 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව ඉරානයට පරාජය අත් කර දුන්නේ ලකුණු 24 - 0 ක් ලෙස ය.චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාව ලකුණු 12 ක් රැස් කරන විට චීනය ලකුණු 28 ක් ලැබීමට සමත් විය.
www.supirikrida.com

Oct 13, 2012

ශ්‍රී ලංකා යුගල කණ්ඩායම් වල තරග පහටම විනාඩි 100 යි

චීනයේ ගුවෑන්ඩොන්ග් හී පැවත්වෙන ආසියානු අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ බාලක බාලිකා යොවුන් තරගාවලියේ යුගල තරග නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා යුගල පහම විනාඩි 101 ක කාලයක් ඇතුළත ප්‍රතිවාදින් ඉදිරියේ පරාජයට පත් විය.ඒ අතරින් අවුරුදු 15 න් පහළ බාලක බාලිකා තරග යුගලයත් අවුරුදු 17 න් පහළ බාලිකා යුගලයකුත් එම තරග වට වල වේගවත්ම පරාජයන් වාර්තා කළ කන්ඩායම් වීම ද කැපී පෙණින.
අවුරුදු 15 න් පහළ බාලක තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රසිත් හැළඹගේ සහ ටිහාන් හේවගේ දෙපළට හමු වූ ඉන්දියාවේ යාදෙව් රාහුල් සහ ෂෙන් විරාග් ඉදිරියේ විනාඩි 18 ක දී එම වයස් කාණ්ඩයේ එම දිනයේ වාර්තා වූ ඉක්මන්ම පරාජය වැළද ගන්නට සිදු වූයේ ලකුණු තත්ත්වය 21 10 සහ 21 -13 ක් ලෙස ලකුණු පූවරුව ප්‍රදර්ශනය කරමින්ය.එම වයස් ඛාන්ඩයේ බාලිකා තරග වලදී සචිති ඉලේපෙරුම සහ සදුනිකා මුල්ලේගම ද ඊයේ දිනයේ අඩුම කාලයකින් තරගය පරාජයට පත් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා බවට පත් වූ අතර ඔවුන් දෙදෙනා මැලේසියාවේ ටෙව් ජියා ජියා සහ කිශොනා සෙල්වදොරේ ඉදිරියේ විනාඩි 20 ක් ඇතුළත පරාජය වූයේ ලකුණු තත්ත්වය 21 9 සහ 21 11 ක් ලෙස පවතිද්දීය.
අවුරුදු 17 න් පහළ බාලිකා තරගයට යුගල කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වූ අතර එහිදී මධුශිකා දිල්රුක්ෂි සහ යස්මිතා දයාරත්න එම වයස් ඛාන්ඩයේ එම දිනය තුළ ලද වේගවත්ම පරාජය භුක්ති වින්දේ ලකුණු 21 - 9  සහ 21 - 9 ක් ලෙස මැලේසියාවේ යැප් රුයි චෙන් සහ හෝ යෙන් මෙයි ඉදිරියේ ය.අවුරුදු 17 න පහළ බාලක තරග අංහයේ දි බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් සිය තරගය විනාඩි 23 ක් තිස්සේ පවත්වා ගෙන යාමට සමත් වූයේ මේ වන විට තරගාවලියේ එම වයස් කාණ්ඩයේ අවසාන තරගයට පිවිස සිටින චිනයේ  ෂූ බොවෙල් සහ සන් සෙයි ෂියෑන්ග් ඉදිරියේ ය.එහි ලකුණු තත්ත්වය 21 - 10 සහ 21 - 7 ක් විය.
අවුරුදු 17 න් පහළ බාලිකා තරගයේදී ප්‍රථම වටයේදී නිතරග ජයකින් පෙරට එන්නට භාග්‍යය ලද ගයත්‍රී හේරත් සහ නිල්මිතරු හෙට්ටිආරච්චි දෙවන වටයේ තරගයේදී  පරාජය ලැබුවේ එම වටයේ අවසාන තරගය සදහා පිවිස සිටින චීනයේ චෙන් මින්ග් චුන් සහ ලී යුන් ඉදිරියේය.එහිදී විනාඩි 22 ක් පැවති එම එම තරගයේ ලකුණු සටහන කියවුණේ 21 - 13 සහ 21 9 ක් ලෙස ය.
www.supirikrida.com

ආසියානු කුසලානයට සහභාගි වන යොවුන් ක්‍රීඩිකාවෝ ප්‍රථම තරගයෙන් පරාජයට පත් වෙති

චීනයේ පැවත්වෙන ඔක්තෝමබර් 12 වන දා ඇරඹි නව වන ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීය.මෙවර කණිෂ්ඨ තරගාවලියේදී අනු සූරියන් වූයේද චීන තායිපේ කණ්ඩායම වූ අතර මෙම තරගයේදී එම ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා බාලිකාවන්ව ලකුණු 15 - 2 ,15 - 6 සහ 25 - 14 ක් ලෙස පරාජයට පත් කළහ.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඩී කාන්ඩයෙන් තරග වදින අතර එහිදී ජයග්‍රහණයක් ගැන සිතීම අසීරු වන්නේ එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වන්නේ ආසියාවේ ඉහළ කාන්තා වොලිබෝල් සංස්කෘතියක් ඇති රටවල් දෙකක් ලෙස පිළී ගැනෙන චීන තායිපේ සහ දකුණු කොරියා කණ්ඩායම් වීමය.නමුත් රටවල් 13 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීඹ් තරග වලදී අංක 9 - සිට 13  දක්වා වන ස්ථානයන් සදහා තරග වැදී ඒ අතරින් ඉහළ ස්ථානයකට පැමිණීමට අවස්ථාව ඇත.
මූලික තරග වලදී ශ්‍රී ලංකාව ලද පරාජය මේ දක්වා ලද ඉහළම ලකුණු පරතරයක් සහිත පරාජය ලෙස දැක්වෙන අතර එහි සමස්ත ප්‍රතිපලය ගත්විට ලකුණු 75 - 22 ක් ලෙස දැක්වේ.ඉන් අනතුරුව ඉන්දියාව සමස්ත ප්‍රතිපලය 23 - 75 ක් වන ලෙස ජපානයට පරාජය වූ අතර ශ්‍රී ලංකාව චීන තායිපේ තරගයේ තෙවන වටයේ දී ලකුණු 14 ක් ලබා ගත්තද ඉන්දියාවට තරග වට 3 න් එකකදී හෝ ලකුණු 10 (ලකුණු 7,9 සහ 7) ඉක්මවා ලබා ගැනීමට නොහැකි වීම ද කැපී පෙණින.
මෙම තරගාවලියට සහභාගිවන යොවුන් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇහැලියගොඩ දර්මපාල විද්‍යාලයේ පීකේඑල් පෙරේරා විසින් ය.එච්එච්එස් ප්‍රනාන්දු,එම්ටී මධුවන්ති,ඒටීඑන් ප්‍රියදර්ශණී,ටීසීඑද්කේ ද සිල්වා,එම්එස්එන් තෙන්නකෝන්,ඒඑල්ඒඒ සදමාලි,ඩීඑච්වී කෞශල්‍යා,වයිආර්එස් කුලරත්න,එම්ටිඑම් සෙනවිරත්න,එල්එච්ටී මධුෂානි සහ ආර්පීඑස්ඩී රාජපක්ෂ කණ්ඩායමට අයත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරත්වය අජන්ත දහනායකට හිමි වී ඇති අතර සහය පුහුණුකරු ලෙස ආර්පි කටයුතු කරයි.ආර්එම්එස් විමලවීර කණ්ඩායමෙ අභයාසක ලෙස සංචාරයට එක්වන අතර බීඩබ්පී රංජනී කාන්තා නිලධාරිණිය ලෙස සංචාරයට එක් වී සිටින අතර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර්එම්එන්ජීඕ පෙරේරා ය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට මත්තෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සමග ඡායාරුපයකට පෙනී සිටි අවස්තාව ඡායාරූපයේ දැක්වේ
www.supirikrida.com

Oct 12, 2012

පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අධ්‍යාපන ඇමතිට සහ ලේකම්ට කොකා පෙන්නයි

පාසල් බැඩ්මින්ටන් සංගමයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මෙන්ම අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්නයන් ද  ජනමාධය ඉදිරියේ කළ දැණුම් දීම් ඉදිරියේ ඒ වන විට පැවත්වෙමින් තිබූ කණ්ෂ්ඨ ජාතික තරගාවලියෙන් පසුව පාසල් සංගමයට තරග සංවිදානය කිරීමට ඇති බලය අත්හිටුවා එම සංගමය පිලිබදව පරික්ෂණයක් පවත්වන බව කීව ද,යළිත් එම තහනම ඉවත්කර ඉදිරි තරග සංවිධානයට පාසල් සංගමයට අවස්ථාව ලබා දීමට අධ්‍යක්ෂවරයා ක්‍රියා කර ඇත.
වරක් පාසල් සංගමයෙන් ඉල්ලි අස් වූ නැවත පැමිණිම පිළිබදව කිසිදු ප්‍රසිද්ධියක් නොකළ පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක විහිළුවකි.කුමන හෝ සංගමයකට අක්‍රමිකතා පිළිබදව චෝදනා එල්ල වන්නේනම් ඊට මූලිකවම වගකිවයුත්තා එම සංගමයේ ප්‍රධානියා වන අතර අධ්‍යක්ෂවරයා එම ප්‍රධානියාගේ ඉල්ලීමට තව දුරටත් අවස්ථාව ලබා දීම යනු පිළිගත නොහැකි තත්ත්වයකි.සභාපතිවරයා සියළු වැරදි සදහා වගකිවයුතු අතර ඔහු නොදන්නේනම් හෝ ඔහු අසම්බන්ධිතව ඒ දේවල් සිදු වී ඇත්නම් පැහැදිළි වන්නේ ඔහුගේ දුර්වලතාවය සහ අක්‍රමිකතා කළ පුද්ගලයන්ගේ ප්‍රබලත්වය ය.එසේනම් එවැනි දුර්වලතා ප්‍රකට කළ පුද්ගලයෙකු වෙත මෙසේ වගකීම් පැවරීමෙන් තව දුරටත් සිදු වන්නේ පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩාව අගතියට යාමය.
අධයාපන ඇමතිවරයා සහ ලේකම්වරයාගේ දැණුම්දීම් වලට අනුව මේ වන විට පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය ද අත් හිටුවා පරීක්ෂණ පැවත්විය යුතු අතර ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ද ප්‍රකාශ කර සිටියේ මෙම සංගමය තහනම් කරන්නට තරම් චෝදනා එල්ල වී තිබෙන බවය.නමුත් කතාව ඒ ආකාරයට සිදු වුව ද යළිත් පාසල් බැඩ්මින්ටන් සංගමයේ අගතිගාමී ක්‍රියා කළාපයන්ට දිරිය දීමට සිය දෑත දිගු කරන්නට පාසල් අධ්‍යක්ෂවරයා උත්සාහ ගැනීම ඔහුගේ භාවිතාවන් පිළිබදව සැක උපදවන්නක් නොවේද?
www.supirikrida.com