Oct 12, 2012

ලාංකේය යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමු දිනයේ පරාජය

චීනයේ ක්‍රියාත්මක අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ යොවුන් බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු දිනයේ තමන් සහභාගි වූ කේවල තරග වලදී පරාජයට පත් වුණා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ප්‍රථම වටයේ නිතරග ජයක් හිමි වූ අතර නමුත් දෙවන වටයේ පිටියට පිවිසි පසු සිදු වූයේ පරාජය අත් විදින්නටයි.
අවුරුදු 15 න් පහළ තරග වලදී රසිත් හැළඹගේ,කසුන් අමරසේන සහ තිහාන් හේවාගම යන ක්‍රීඩකයන් තිදෙනාම ප්‍රථම වටයේදී නිතරග ජය ලැබුවද රසිත් කොරියාවේ පාක් කියුන්ග් හූන් අතින් ලකුණු 21 - 13 ,21 - 4 ක් ලෙස ද,කසුන් අමරසේන මැලේසියාවේ ලී සී ජියා අතින් ලකුණු 21 -12,21 - 7 ලෙස ද,තිහාන් හේවාගම පිලිපීනයේ මාක් ෂෙලි අතින් ලකුණු 21 -9 සහ 21 -8 ලෙස ද දෙවන වටයේ දී පරාජය ලැබූහ.අවුරුදු 15 න් පහළ බාලිකා තරග‍වලදී සදුනිකා මුල්ලේගම ලකුණු 21 - 8 සහ 21 - 6 ලෙස චීනයේ චීනයේ ටාන් යූ අතින් පරාජය ලැබුවාය.චීනයේ ජියෝ යූ අතින් සචිති ඉලේපෙරුම ලකුණු 21 - 7 සහ 21 - 10 ලෙස ද පරාජය ලැබුවාය.
අවුරුදු 17 න් පහළ බාලක තරග වලදී බුවනෙක ගුණතිලක ප්‍රථම වටයේ  නිතරග ජයක් ලැබුව ද,චීනයේ ලී යුවාන් රැයි අතින් ලකුණු 21 -8  සහ ලකුණු 21 - 15 ක් ලෙස පරාජය ලැබූ අතර චීන ක්‍රීඩකයා ඉදිරියේ එසේ් දස්කම් පෑ බුවනෙක ඊයේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා විය.සචින් ඩයස් ද චීනයේ ෂෙන්ග් සිවෙයි අතින් පරාජය ලැබූ අතර එහි ලකුණු තත්ත්වය 21 - 9 සහ 21 - 11 ක් විය.බාලිකා අංශයේදී යස්මිතා දයාරත්නට ප්‍රථම වටයේ නිතරග ජයක් ලැබූ අතර දෙවන වටයේදී ඇය ඉන්දුනීසියාවේ රුසේලි හර්තවන් අතින් ලකුණු 21 - 9 සහ 21 - 6 ක් ලෙස පරාජය ලැබුවාය.ප්‍රථම වටයේ නිතරග ජයක් සමග දෙවන වටයට පිවිසි මධුෂිකා දිල්රුක්ෂි මැලේසියාවේ යැප් රුල් චෙන් අතින් පරාජය වූයේ ලකුණු 21 - 2 සහ 21 - 10 ක් ලෙස ය.ඉන්දියාවේ රුත්විකා ෂෙවානි මුණ ගැසීමට ප්‍රථම වටයේ නිතරග ජයත් සමග පිවිසි ගයත්‍රි හේරත් ට ලකුණු 21 - 11 සහ 21 - 9 පරාජයක් ලැබුවාය.නිල්මි තරු හෙට්ටිආරච්චි ට ඉන්දියාවේ සංජානා සංතෝස්   ඉන්දියාවේ 21 - 8 සහ 21 - 10 ලෙස පරාජය ලැබුවාය.
මෙහිදී අවුරුදු 17 න් පහළ බාලිකා තරග වල දී,ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාවව සිටින තිළිනි හෙන්දහේවාට ද සහභාගි වීමේ හැකියාව තිබුණත් ඇය පෞද්ගලික හේතු මත සහභාගීත්වයෙන් වැළකී සිටිය අතර අංක දෙකට සිටින එම වයස් කාණ්ඩයේ ඉන් අනතුරුව දක්ෂතා අතර ඉදිරියෙන් සිටින්නී ඉල්මි වරංගනා බැඩ්මින්ටන් පරිපාලනයේ නොසැළකිල්ල නිසා මෙම තරගාවලියට සහභාගි කර නැත.
www.supirikrida.com

ලියාපදිංචිය නැතිව පුහුණු කිරීම් බැහැ

 ක්‍රීඩා පුහුණුකරුවන් ලියා පදංචි කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය අරඹන ලද වැඩ පිලිවෙල යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් 3500 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉදිරියේදී ඒ ලියාපදිංචි පුහුණුකරුවන්ට හැර වෙනත් අයට පුහුණුවීම් කටයුතු කර ගෙන යාමට අවසරයක් නැති බවත් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.ලියාපදිංචි පුහුණුකරුවන් අතර පුහුණුකිරීම සදහා දේශිය වශයෙන් මෙන්ම විදේශිය පුහුණුවද ලැබූ පුහුණුකරුවන් සිටින බව පෙන්වා දෙන අමාත්‍යංශය,එසේම කිසිදු විධිමත් පුහුණුවක් නොලද අයද සිටින බව ද පවසයි.ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන දීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්ද මේ අතර දක්නට ලැබෙන බව පෙන්වා දෙන ක්‍රිඩා අමාත්‍යංශය විවිධ වූ හැකියාවන් සහිත මෙම පිරිස සියල්ලටම සිය දැණුම වර්ධනය කර ගැනීමට සහ යාවත්කාලීන කර ගැනීමට අවශ්‍යය දැණුම විදේශ පුහුණුකරුවන් හරහා ලබා දීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව ද අවධාරණය කරයි.
www.supirikrida.com

සුගතදාස පිහිණුම් තටාගය දැන් හැමෝටම OPEN

51 1iADwc4L SS400  Waterfi Shuffle Swim Kit Waterproof MP3 Player waterproof swimming mp3 player waterproof mp3 players for swimming waterproof mp3 players waterproof mp3 player reviews waterproof mp3 for swimming සුගතදාස ක්‍රීඩාංගණ පිහිණුම් තටාගය මෙන්ම එහි කායවර්ධන සුවතා මධ්‍යස්ථානය ද මහජනතාවට මුදල් ගෙවා සේවය ලබා ගත හැකි පරිදි විවෘත කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පිහිණුම් තටාගයේ සහ කායවර්ධනාගාරයේ පහසුකම් භුක්ති විදීමට මෙන්ම ඒ සදහා පැමිණෙන පිරිස් සදහා රථගාල පහසුකම් ලබා දීමට සහ ආපනශාලා පහසුකම් ලබා ගැනීමට ද කටයුතු සළසා ඇත.එසේ සුගතදාස ක්‍රීඩාංගණය පරිශීලනය කරන පිරිසගේ පවුල් සදහ විශේෂ අනුග්‍රාහක පදනමක් ක්‍රියාත්මක වන බව ද ක්‍රීඩා අමාත්‍යංශය දන්වා සිටියි.
එසේම නව පරිපාලනය යටතේ වෙනස් වීමකට භාජනය කළ සුගතදාස රථගාල සහ සුගතදාස හෝටලයේ ආදායම ද රුපියල් ලක්ෂ 5 සිට මිලියන 2 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද එම නිවේදනයෙන් අනාවරණය කරයි.
www.supirikrida.com

Oct 11, 2012

ඇමතිලාට මට්ටු නැති බැඩ්මින්ටන් යොවුන් ක්‍රීඩකයන්ගේ අට දාහකට කොටයි

චීනයේ පැවත්වෙන ආසියානු යොවුන් (අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ ) බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම සංචාරයට එක් වූ පුහුණුකරු අවසාන මොහොතේදී රුපියල් අටදාහක මුදලක් ඉල්ලීම නිසා දෙමව්පියන් මහත් අසරණභාවයට පත් ව ඇත.එසේම එවැනි මුදලක් අය කරන්නේනම් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරියෙකු ඊට මැදිහත්ව එම ගෙවීම් සම්බන්ධ රිසිට් පතක් ලබා දී එම මුදල් ලබා ගත යුතු වුව ද මෙහිදී එවැනි කිසිදු නිල ගණුදෙණුවක ස්වරූපයෙන් යමක් සිදු වී නැත.අවසාන මොහොතේදී එසේ මුදල් ඉල්ලීම නිසා වඩාත් අසරණභාවයට පත් දෙමව්පියන් කිහිප දෙනෙකුම එම මුදල් ගෙවා නැති අතර මෑත කාලීනව දැඩි කතා බහකට ලක් වූ තම සේවකයෙකු කණ්ඩායම් කළමණාකරු ලෙස විදේශ ගත කළ ජාතික සංගමයේ උප සභාපතිවරයාගේ පුතු ට තනි කාමරයක් වෙන කර තිබීම නිසා රුපියල් 13,000.00 මුදලක් ගෙවන්නට සිදු වී ඇත.
තරගාවලිය සදහා රුපියල් එක්ලක්ෂ දොළොස් දහස මගින් දරුවන් අට දෙනෙකුගෙන් අය කර ගෙන ඇති අතර එම අට දෙනාට එහි පහසුකම් සම්පාදනය වන අතර ඉතිරි තිදෙනාගෙන් අය කර ඇති මුදල අයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිනව දාහකි.
එසේ මුදල් අය කර ඇතත් තව දිනක් වැඩි පුර එරට සිටින්නට වන බවත් එය මුලදී ගණනය කර නැති බවත් පවසමින් කණ්ඩායම් කළමණාකරු මෙසේ මුදල් එකතු කර තිබේ.එයින් පැහැදිළි වන්නේ ජාතික සංගමය සහ පාසල් සංගමය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවකි.තරගාවලිය පැවත්වෙන බව සහ එහි තොරතුරු දීර්ඝ කාලයක සිට වෙබ් අඩවියේ පළ වන අතර එසේ තිබිය දී සංචාරයේ දින ගණන සහ අවශ්‍යය මුදල් පිලිබදව නිවැරදිව එකවර දැණුම් දීමට අපොහොසත් වීම එම සංගම් දෙක වගකීම පැහැර හැරීමකි.
නමුත් වැරදි කරන්නට කරන්නට ඒවා දැණුම් දෙන පුද්ගලයන් ආශ්වාදයට ලක්වන ප්‍රකාශ කිරීමට එහා යමක් ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම සංගම් දෙකට එරෙහිව සිදු නොවන අතර එයින් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය පමණක් සිදු වෙමින් බැඩ්මින්ටන් ක්‍රීඩාව අගාධයට යමින් පවතියි.විශේෂයෙන්ම ජාතික සංගමය ක්‍රීඩා අමාත්‍යවරයාද නොතකා වැඩ කරන තත්ත්වයට පත්ව ඇති නමුත් අමාත්‍යවරයාට ඒවා ඉවසා විද දරන්නට සිදු වී ඇති බලයක් බැඩ්මින්ටන් සංගමය තුළ තිබෙන බව එම අන පනත් නොතකා හැසිරෙන නිලධාරීන්ම කිහිප තැනකදී පවසා ඇත.
මෙම සටහනට පාදක වූ සංචාරයට අවුරුදු 17 න් පහළ ජාතික අනු සූරිය වන ඉල්මි වරංගා ඇතුළත් කර නැති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකා පරස්පර ප්‍රකාශ කරමින් සහ අනෙකාට ඇගිල්ල දිගු කරමින් සිටිනු විනා යමක් නොකළ අතර ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට ද ක්‍රියා මාර්ගයක් ගෙන නැත.ඇය ජාතික සූරිය වන තිළිණි හෙන්ද‍හේවා ට පමණක් එම වයස් කාණ්ඩයේ පසු පසින් සිටින අතර මෙවර ජාතික කණිෂ්ඨ සූරතාවලියේදී ද ඒ බව සනාත කරමින් ඇය තිළිණිට පමණක් පරාජය වෙමින් එම වයස් කාණ්ඩයේ කේවල අනු සූරියද,තිළිණි සමග එක්ව යුගල සූරතාවය ද දිනා ගත්තාය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා බැඩ්මින්ටන් සංගමයේ සිටීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කළ පුද්ගලයෙකු දිගින් දිගටම එහි රදවා තබා ගැනීමට පරාක්‍රම බස්නායක ශක්තිමත් වී ඇති අතර එපමණක් නොව ඔහුට ප්‍රධාන විධායක තනතුර පිරිනමමින් රටේ බැඩ්මින්ටන් සංවර්ධනය සම්බන්ධ සාකච්ඡාවකට සහභාගිවීමට මැලේසියාවට යැවීමට ද තීරණය කර ඇත.
පසුගිය කාලයේ බොහෝ අයථා පාලන පැවති ක්‍රීඩා සංගම්වල පරිපාලනය වෙනස් කිරීමට අමාත්‍යවරයා මැදිහත් වුව ද,බැඩ්මින්ටන් සංගමයට චෝදනා එල්ල වද්දී ඒ මොහොතට බැනීම සහ විවේචනය හැරෙන්නට යමක් කිරීමට නොහැකි තත්ත්වය නිසා ක්‍රිඩා අමාත්‍යවරයාට බැඩ්මින්ටන් සංගමයේ සියළු වැරදි ඉවසා සිටින්නට සිදු වී ඇත.
පාසල් සංගමයේ තත්ත්වය ද මෙය වන අතර එහි ක්‍රියාකාරීත්වය මේ රටේ සාමාන්‍ය ජනතාවට ඇති අයිතිය පවා පිලි නොගනිමින් රැකීමට ඇතැම් අවස්ථාවල අධ්‍යක්ෂවරයා ක්‍රියා කරමින් සිටියි.ඔහු සෑම විටම ලිඛිත සාක්ෂි නැති බව කියා ලිස්සා ගිය ද අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය වාර්තා පදනම් කර ගෙන පරීක්ෂණ අරඹන්නට මාධ්‍යවේදීන් ඉදිරිපිටදීම නියෝග කළ ද අධ්‍යක්ෂවරයා ඉන් අනතුරුව ද මාධ්‍ය කිහිපයකටම පවසා ඇත්තේ ලිඛිත සාක්ෂි නොමැති බවය.එසේම එම සංගමයේ ක්‍රියාකාරීත්වය අභියෝග කරමින් අධ්‍යක්ෂවරයාට යොමු කළ ලිපි කිහිපයකම පිටපත් අප සතුව ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා සිය අත්සනින් පාසල් බැඩ්මින්ටන් සංගමයේ චෝදනා ගැන පරික්ෂා කරන්නට යැයි අධ්‍යක්ෂවරයාට දෙන ලද ලිපියක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා ලිපිය යොමු කළ පුද්ගලයාට දන්වා එවන්නේ ඔහු දෙමව්පියෙක් හෝ විදුහල්පතිවරයෙක් හෝ ගුරුවරයෙක් නොවන බැවින් ඔහුට එසේ චෝදනා කරන්නට අයිතියක් නැති බවය.
ඒ නිසා ජාතික බැඩ්මින්ටන් සංගමය මෙන්ම පාසල් බැඩ්මින්ටන් සංගමය ගැන වැරදි වාර්තා කිරීමේ එකම සුගතිය එම සංගම්වල ක්‍රියාකාරීන්ගේ තොරතුරු දැන ගැනීමෙන් සාමාන්‍ය ජනතාව ප්‍රවේශමෙන් කටයුතු කරන්නට ඉගෙනීම පමණක් වන තරමට තත්ත්වය ඛේදණීය වී ඇති අතර ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරයාට සිය බලය යොදවා මෙම සංගම් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි තත්ත්වයක් තිබෙන බව එක දිගටම සිදුවන සිදුවීම් වලදී එම අමාත්‍යවරුන්ට නිහඩව සිටින්නට සිදු වීමෙන් පැහැදිළි වේ.
www.supirikrida.com

කල්මාඩි ට දොර වැසේ

Suresh Kalmadi_and_Lalit_Bhanot_09-10-1මූල්‍යමය වංචා පිළිබද චෝදනා එල්ල වූ සුරේෂ් කල්මාඩි ට සහ තවත් දෙදෙනෙකු පිළි නොගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කොමිසම විසින් ගත් තීරණය නිසා  ඔවුන්ට ඉන්දීය ඔලිම්පික් කමිටුවේ නිලතල දැරීමට මින් ඉදිරියට අවස්ථාව නොලැබෙනු ඇත.2010 නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගිණුම් කටයුතු විනිවිදභාවයකින් සිදු නොකිරීම නිසා වංචනික චෝදනාවන්ට ලක් වූ සුරේෂ් කල්මාඩි ඇතුළු තිදෙනෙකු බන්ධනාගාර ගත කළ අතර මේ පිළිබදව විමසා බැලූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නොවැම්බර් 25 දා පැවත්වෙන ඉන්දීය ඔලිම්පික් කමිටු නිලවරණයට සහභාගි වීම මේ තිදෙනාට අහිමි කර ඇත.
නවදිල්ලි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවත්වෙන විට සුරේෂ් කල්මාඩි එරට ඔලිම්පික් කමිටු සභාපතිවරයා වූ අතර,චෝදනා එල්ල වී තිදෙනාගෙන්  සෙසු දෙදෙනා වන ලලිත් බානෙට් සහ වීකේ චර්මා අතරින් ලලිත් ඔලිම්පික් කමිටු ලේකම්වරයා විය.වර්මා පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ උළෙල අධ්‍යක්ෂවරයෙකු කළ කටයුතු කළේය.ඡායාරූපයේ සිටින්නේ ලලිත් බානෙට් (වම) සහ සුරේෂ් කල්මාඩි ය.
මේ තත්ත්වය රටක අයහපත් ක්‍රීඩා පරිපාලනයක් පවතින්නේනම් එය වෙනස් කිරීමට එම ක්‍රීඩාවට අදාළ ජාත්‍යන්තර මව් සංගමයට ඇති මැදිහත් වීමේ හැකියාව පැහැදිළි කරන්නකි.දැනට මෙරට එවැනි ජාතික සහ පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා සංගම් කිහිපයක්ම අප හදුනාගෙන ඇති අතර එම සංගම්වල ක්‍රියාකාරීත්වයන්ට අදාළ දූෂණ සහ අක්‍රමිකතා බොහොමයක්  මාධ්‍ය භාවිතාවෙන් මෙන්ම පෞද්ගලිකව ද, හෙළිදරව් කර ඇත.අදාළ වගකිව යුතු අංශ සහ පුද්ගලයන් ද එම තොරතුරු අනුමත කරමින් ප්‍රකාශ කළ ද,තවමත් එම සංගම්වල නිලධාරීන් අක්‍රමිකවත් පරිපාලනයක නියැලෙමින් සිටියි.ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් නිසා එම ක්‍රීඩාවට ජාතික මට්ටමෙන් වන හානිය අවම කිරීමට අදාළ ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර මව් සංගම් දැනුවත් කිරීමේ කාර්යයට සුපිරික්‍රීඩා මැදිහත් වන්නට බලාපොරොත්තු වෙයි.
www.supirikrida.com

Oct 10, 2012

ආසියානු කණිටු සූරියෝ චීනයෙන්

තායිලන්තයේ පැවති 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට චීනය සමත් වුණා.ඔවුන් අවසාන තරගයේදී චීන තායිපේ කණ්ඩායම වට 3 - 0 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කළා.25 - 18 , 25 - 15 සහ 25 -9 ක් ලෙස චීනය විසින් තායිපේ කණ්ඩායම පරාජයට පත් කරද්දී,තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරෙන් 13 වන තැනට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ තියුණුම තරගය වූ තෙවන ස්ථානය සදහා පැවති තායිලන්තය සහ ජපානය අතර තරගයෙන් වට  3 - 2 ක් ලෙස ජපානය ජය ගත්තා.තරගාවලියට පෙර කාන්තා ආසියානු කණ්ඩායම්  අතර දෙවන ස්ථානයේ සිටි දකුණු කොරියවට මෙම තරගාවලිය යහපත් එකක් නොවුණු අතර ඔවුන් ශ්‍රේණිගත කිරීමේ තරග වල දී ඉන්දියාවට එරෙහිව වට 3 - 0 ක ජයක් ලබමින් තරගාවලියේ පස් වන ස්ථානය දිනා ගත්තා.

www.supirikrida.com
,

Oct 9, 2012

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් ජයග්‍රහණ දෙකක් - ආසියානු කණිෂ්ඨ සූරතාවලියේ 13 වන තැනට පත් වේ

තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් සූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් තරග වලදී ටර්කිමනිස්තානය සහ මොංගෝලියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් අතරින් 13 වන ස්ථානය දිනා ගත්තා.දෙවන වටයේ තරග වලදී ජී කාන්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කුවේට් කණ්ඩායම පහසුවෙන් පරාජය කළ අතර ශ්‍රේණිගත කිරිම් තරග වල දී ටරකිමනිස්තානය වට 3 - 0 කින් ද මොංගෝලියාව වට 3 - 1 කින් ද පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
ටරකිමනිස්තානය අතර පැවති තරගයේදී ලකුණු 25 - 15, 25 - 17 සහ 25 - 22 ලෙස ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දක්ෂතා අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින වියට්නාමයට ද තරගාවලියේ මුල් කණ්ඩායම් පහ අතර රැදීම සදහා තරග වදින්නට නියමිත ඉන්දියාවට ද එරෙහිව වටයක් ජය ගෙන සිටි මොංගෝලියාව සමග පැවති තරගය ලකුණු 25 - 20 ,25 - 19,16 - 25 සහ 26 - 24 ලෙස ද ජය ගත්තා.මෙම තරගයේදී තෙවන වටයේදි ප්‍රථම වට දෙක ජය ගෙන සිටි ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ජය ගත් තෙවන වටයේදී විශාල ලෙස ඉදිරියට පැමිණි මොංගෝලියාව යළි සිය දක්ෂතා වලට යටත් කරමින් සිව්වන වටය තියුණු තරගයකින් පසු 26 - 24 ක් ලෙස ජය ගැනීම සදහා පුහුණුකරු චාල්ස් තිලකරත්න කල මග පෙන්විම මෙන්ම  ශ්‍රී ලංකා කන්ඩායමේ තිලිණි වාසනා පෙරේරා ගේ දක්ෂතා ද ඉහළ මට්ටමකින් පැවතිම ඇගයීමට ලක්විය යුතුය තිබෙනවා.
අද තරගාවලියේ අවසාන දිනය වන අතර අසල්වැසි ඉන්දියාව තරගාවලියේ පස්වන සහ හයවන ස්ථාන තිරණය කරන තරගයට අද දකුණු කොරියාව සමග තරග වදිනවා.තරගාවලියේ තෙවන ස්ථානය තීරණය කිරීමේ තරගයට තරග වැදිමට නියමිතව ඇත්තේ ජපානය සහ තායිලන්තය යි.මෙවර ආසියානු කණිෂ්ඨ වොලිබෝල් සූරියන් කවුරුන්ද යන්න තීරණය කරන අවසාන තරගය සදහා විශාල පෙරළියක් ඇති කළ චීන තායිපේ කණ්ඩායම, චීනය සමග අවසාන තරගය සදහා ප්‍රවේශ වී සිටිනවා.
www.supirikrida.com