Sep 5, 2012

ප්‍රදීප් ගෙන් ලංකාවට ඓතිහාසික පදක්කමක්

Gunther Matzinger of Austria crosses the line to win goldන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ ටී 46 මීටර් 400 ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනා දීමට ප්‍රදීප් සංජීව සමත් වුණා.1996 වසරේ සිට පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව සහභාගි වන පස්වන පැරා ඔලිම්පික් තරගාවලිය මෙය වන අතර එහිදි ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම ලෙස සංජීව ගේ පදක්කම ඉතිහාසයට එක් වෙනවා.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මට්ටමේ මීටර් 400 ඉසව්වද මේ වන විට තත්පර 48 -49 සීමාවේ රැදෙන බව බොහෝ ප්‍රතිපල පැහැදිළි කරන තත්ත්වයක ප්‍රදීප් සිය ඉසව්ව තත්පර 49.28 කින් නිමා කරන්නට සමත් වීම කැපී පෙණුනා.තරගයේ රන් පදක්කම ගන්තර් මැට්ෂින්ජර් හිමි කර ගත් අතර ඒ සදහා ඔහුට තත්පර 48.45 ක කාලයක් ගත වුණා.රිදී පදක්කම දිනා ගත් බ්‍රසීලයේ යොහාන්සන් නැස්කමින්ටෝ තත්පර 49.21 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඡායාරූපයේ 2054 අංකය යටතේ තරග වදින්නේ ජයග්‍රාහක මැට්සින්ජර් වන අතර අංක  2708 යටතේ තරග වදින්නේ ප්‍රදීප් සංජීව ය.
ඊයේ අමරා ඉන්දුමතී ද ටී 46 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වට තරග වැදුණු අතර ඇයට එහි මූලික තරගයේදී පස්වන ස්ථානය දිනා ගත්තාය.අවසන් තරගයට තේරීමට නොහැකි වුව ද,අමරා තමා ගේ මීටර් 200 තරගයේදී මෙන්ම මෙම ඉසව්වේදී ද තම හොදම පෞද්ගලික කාලය වාර්තා කළ අතර ඒ අනුව ඇය මීටර් 100 තත්පර 13.96 කින් සිය ඉසව්ව නිම කළාය.
මේ අතර ප්‍රදීප් සංජීව සිය ජයග්‍රහණය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ දෑස ඉදිරිපිට දි වාර්තා කිරීමට සමත් වූ බව වාර්තා වන අතර තරගයට පෙර සංජීව ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම හමු වී ඔවුන්ට සුභ පතන්නට ද ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බවත් කණ්ඩායම සමග ඡායාරූපයකට පෙනී සිටි බවත් ලන්ඩනයෙන් වාර්තා වෙනවා.මේ අතර ශ්‍රී ලංකාවෙන් තරගාවලිය ආවරණය කිරිමට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් මුණ ගැසීමට ද ක්‍රීඩා ඇමතිවරයා සහභාගි වී ඇති අතර පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවයි.
www.supirikrida.com

මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය 7 සහ 8

කොළඹ දිස්ත්‍රික් මේස පන්දු සංගමය සහ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය එක්ව පවත්වනු ලබන ජාතික මේස පන්දු ශ්‍රේනිගත කිරීමේ තරගාවලිය සැප්තැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදි පැවත්වීමට නියමිතය.අවුරුදු 8,10,12,15,18 යන වයස් ඛාණ්ඩ වල බාලක සහ බාලිකා යන තරග මෙන්ම විවෘත පිරිමි සහ කාන්තා කේවල සහ යුගල තරගත් මෙම තරගාවලිය ආශ්‍රිතව පැවත්වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක උළෙල වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සහභාගි වන අතර විශේෂ ආරාධිතයන් ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය එන්එල්ඒ කරුණාරත්න ද,එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ සහ වානිජ පීඨයේ පීඨාධිපති සම්පත් අමරතුංග ද සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com

Sep 4, 2012

ලෙස්ලි කුමාරගෙන් හොදම දක්ෂතාවය

DOBAGODA LIYANAGE Lesly Kumara න්ඩනයේ පැවත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියට ඉදිරිපත් වන හ්‍රී ලංකා කණ්ඩායමේ ලෙස්ලි කුමාර එෆ් 42 ඛාණ්ඩයේ උස පැනීමේ ඉසව්වේදී හත්වන ස්ථානයට පත් වෙමින් සිය හොදම පෞද්ගලික දක්ෂතාවය ලෙස මීටර් 1.50 ක උසක් ඉක්මවා යන්නට සමත් විය.මීටර් 200 සහ 400 ඉසව් සදහා ටී 46 ඛාන්ඩයෙන් ඉදිරිපත් වූ ප්‍රදීප් සංජීව පිළිවෙළින් තත්පර 23.40 ට සහ 50.56 ට සිය ඉසව් නිම කළ අතර එම ඉසව් දෙකෙන්ම අවසාන තරගයට පිවිසීමට ඔහුට අවස්ථාවක් හිමි වුණේ නැත.දුර පැනීමේ ඉසව්වට ටී 44 ඛාණ්ඩයෙන් සහභාගි වූ ධුමීර මධුරංග සියදෙවන ඉසව්ව වූ මීටර් 200 ට ඉදිරිපත් වී වාරතා කළේ තත්පර 26.23 ක  කාලයක් වූ අතර ඒ අනුව ඔහුටද අවසාන තරග සදහා පිවිසෙන්නට අවස්තාවක් හිමි වූයේ නැත.
මීට පෙර ටී 46 ඛාන්ඩයේ මීටර් 200 ඉසව්වේදී අවසාන තරගයට නොපිවිසුන ද,එම ඉසව්වේ සිය හොදම කාලය වාර්තා කළ අමරා ඉන්දුමතී අද මීටර් 100 ඉසව්ව නියෝජනය කරන්නට නියමිත අතර උස පැනීම එෆ් 46 සදහා තරග වදින ලෙස්ලි කුමාර දැනට ඉතිරිව ඇති අනෙක් බලාපොරොත්තුවය.රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනා පිළිබද ශ්‍රී ලංකාව විශාල බලා පොරොත්තු තබා තිබුණ ද එය සාර්ථක නොවිණි.කේවල තරග වලදී මෙන්ම ඔවුන් දෙදෙනා සහභාගි වූ යුගල තරගයේදී ද ජපානයේ ටී මිකී සහ ටී සන්ඩා වෙතින් ලකුණු 6- 0 සහ 6 - 1 ක් ලෙස පරාජයට පත් විය.
www.supirikrida.com

ජවන හා පිටිය වැඩි දස්කම් බෝගම්බරින්

 මෙවර බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල අති සාර්ථක ලෙස කොළඹ වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ අතර එහිදී පිරිමි සූරතාවය සහ සමස්ත සූරතාවය බෝගම්බර බන්ධනාගාරයට හිමි වූ අතර කාන්තා සූරතාවය වැලිකඩ බන්ධනාගාරයට හිමි විය.මෙහිදී විශේෂත්වයක් ගත්තේ ක්‍රීඩා උළෙලේ සංවිධායක වගකීම කරට ගත් බන්ධනාගිර දෙපාර්තමේන්තුවේ මලල ක්‍රීඩා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා ද වන බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායකයන් ගේ යටි සිතේ තැන්පත්ව තිබූ අදහසකට සුපිරික්‍රීඩා වෙතින් පණ පිඹිමෙන් ඉනික්බිතිව තරගාවලියට ඇතුළත් කරන ලද සිපිරියන්ගේ මීටර් 400 සහ මීටර් 100 ඉසව්වට විශාල ප්‍රතිචාරයක් සහ අවධානයක් හිමි වීමත් ඒ සදහා තරගකරුවන් ඉතා උනන්දුවෙන් සහභාගී වීමත්ය.
තරගාවලියේ ඒ ඒ වයස් ඛාණ්ඩවල දක්ෂතම ක්‍රීඩකයන් තෝරා ගැනීමේදි විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙල්ල වීසිකිරීමේ ඉසව්වෙන් 2006 දකුණු ආසියාතික තරගාවලිය නියෝජනය කළ දැනට කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නියුතු කේඒජීසී තිලකරත්න සම්මාන ලැබීය.
මේ වන විට ක්‍රීඩාවට සම්බන්ධ නැතත් තවමත් තාරුණ්‍යයේ පසුවන මෙම ක්‍රීඩකයා මෙහිදි මීටර් 54.22 දක්ෂතාවයක් දක්වමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින් තමා තුළ තවමත් තාරුණ්‍යය මෙන්ම ක්‍රීඩාවද ඉතිරිව තිබෙන බව පැහැදිළි කළේය.ක්‍රීඩා පවුලකට උරුමකම් කියන හෙතෙම කණිෂ්ඨ තුන්පිම්ම ඉසව්වේ වාර්තාලාභියෙකු මෙන්ම වර්ථමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකුද වන ඉසුරු උදානගේ සොහොයුරා ද වෙයි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූයේ බෝගම්බර බන්ධනාගාරය නියෝජනය කළ නිල්මිණි රණසිංහ ය.ඇය මීටර් 100 ඉසව්ව තත්පර 14.7 කින් නිම කර එම ජයග්‍රහණය ලද්දාය.වයස් 35 - 39 අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෝගම්බර කේබී අලවත්තේගම දුර පැනීම ඉසව්වෙන් පෑ දක්ෂතාවය හේතු කොට සම්මාන ලබද්දී,එම වයස් ඛාණ්ඩයේ දුර පැනීම කාන්තා ඉසව්වේදී මීටර් 3.59 ක දක්ෂතාවයක් දැක් වූ තුෂාරා රෝෂිණි දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.40 -44 වයස් ඛාණ්ඩයේ පිරිමි දුර පැනීම ඉසව්ව මීටර් 5.69 ක දුරක් පනින ලද වැලිකඩ ඒඑම් ආරියරත්න එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වෙද්දී,දක්ෂතම ක්‍රීඩිකාව වූයේ දුර පැනීම ඉසව්ව මීටර් 3.49 ක දක්ෂතාවයකින් ජයගත් බෝගම්බර පීකේ පෙතියාගොඩය.
වයස 45 - 49 ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.21 ක් වාර්තා කළ මඩකළපුව නියෝජනය කළ කේ චන්ද්‍රකුමාර්ට හිමි වූ අතර එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රිඩිකාව වූයේ කළුතර නියෝජනය කළ කේකේඑන්එච් රණවීර ය.ඇය යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 6.4 ක දක්ෂතාවයක් දැක් වූවාය.
යගුලිය වීසි කිරීමේ ඉසව්වට වයස 50 - 54 ඛාණ්ඩයෙන් ඉදිරිපත් වූ ඊඑම් සෙනවිරත්නමීටර් 11.00 ක දක්ෂතාවයක් දක්වමින් එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩක සූරතාවය බෝගම්බරට දිනා දෙද්දී,එහි කාන්තා සූරිය වන්නට සමත් වූ බෝගම්බරම පීජී අයිරංගනී දුර පැනීමේ ඉසව්වේදී මීටර් 2.9 ක දක්ෂතාවයක් වාර්තා කළාය.55 -59 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වූ බදුල්ල බන්ධනාගාරයේ උපාලි ද සිල්වා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 11.28 ක දක්ෂතාවයක් දැක් වූ අතර එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ඒ මංජුලා කව පෙත්ත වීසි කිරීමේ තරගයේදී මීටර් 12.02 ක දක්ෂතාවයක් දක්වා තිබුණාය.
මෙම තරගාවලියේ දී ධාවන ඉසව් වලදී ඉහළ දක්ෂතා වාර්තා නොවීම පිළිබදව මලල ක්‍රීඩා ලේකම් චන්දන ඒකනායකයන්ගේ මෙන්ම බන්ධනාගාර කොමසාරිස් වරයා ගේද අවධානය යොමු වුණු අතර ඊට හේතුව ලෙස ඔවුන් විසින් නිසි ව්‍යායාම වලින් තොරව සිට තරබාරු වීම සහ බඩ නෙරා ඒම හේතු හැටියට හදුනාගෙන තිබිණ.ඒ තත්ත්වය වෙනස් කර රාජකාරියට යහපත් පෙණුමක් ලබා දීම සදහා මෙන්ම සේවක නිරෝගී බව වර්ධනයට ද නිසි පරිදි  බන්ධනාගාර නිලධාරීන් ව්‍යායාම වලට යොමු කිරීමට කටයුතු කිරිම කෙරෙහි බන්ධනාගාර කොමසාරිස් වරයා සිය අවධානය යොමු කරන බව මෙහිදී ප්‍රකාශ කරන්නට යෙදිණ.
www.supirikrida.com

Sep 2, 2012

පැරා තරග පිටියේ පරාජයන් කිහිපයක්

Gold for Germany in the men's Long Jumpපැරා ඔලිම්පික් තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව් සහ රෝද පුටු ටෙනිස් තරග සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරිපත් වුණත් සාර්ථක ප්‍රතිපල අත් වුණේ නැහැ.ඒ අතරින් මෙවර පැරාඔලිම්පික් තරගාවලියට සහභාගි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තු අතර සිටි රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් වූ උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායකට කේවල තරග ඉසව්වේ මූලික තරග වලදී පරාජයට පත් වීමට සිදු වුණා.
උපාලි රාජකරුණා ස්පාඤ්ඤයේ ඩැනියෙල් කැවර්සච් අතින් පරාජයට පත් වුණේ 6 - 1 සහ 6 - 2 ක් ලෙසයි.19 හැවිරිදි ඩැනියෙල් 37 හැවිරිදි පළපුරුදු ශ්‍රී ලංකාවේ අංක එකේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයා වන රාජකරුණා පරාජයට පත් කිරීමට පෙර ගාමිණි දිසානායක තමාට වඩා වසරකින් බාල 33 හැවිරිදි ප්‍රංශයේ පෙඩ්රික් කැටෙනේ පරාජයට පත් කරේ 6 - 4 සහ 6 - 0 ක් ලෙස යි.
මලල ක්‍රීඩා එෆ් 42 - එෆ් 44 දුර පැනීමේ ඉසව්වෙන් තරග බිමට පිවිසි දුමීර මධුරංග මීටර් 5.56 ක දුරක් පැන එම ඉසව්වේ නව වන තැනට පත් වූ අතර එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනමින් මීටර් 7.35 ක දක්ෂතාවයක් දැක් වු ජර්මණියේ මාර්කස් රෙහ්ම් ඡායාරුයේ දැක්වෙනවා.
මේ අතර ටී 46 පිරිමි මීටර් 200 තරග ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ප්‍රදීප් සංජය එම මූලික තරගයේද ී තත්පර 23.40 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ පස්වන ස්ථානයට පත් වුව ද අවසාන තරග වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුණා.
www.supirikrida.com

2017 යොවුන් පොදුරද මඩුළු උළෙලට සත්කාරක ක්‍රීඩාවක් ලෙස දැල්පන්දු

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් සංවිධාන විසින් මෙහෙයවන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී
එම ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වය දරන රටට ක්‍රීඩාවන් කිහිපයක් ඇතුළත් කිරීමට ලැබෙන අවසරය ප්‍රයෝජනයට ගෙන 2017 දී හම්බන්තොට පැවත්වීමට නියමිත යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරක ක්‍රීඩාවක් ලෙස දැල් පන්දු ඇතුළත් කර ගන්නා බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු පවසයි.මීගමුවේ කැන්ටමාරා වෙරළ තීරයේ පැවති ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි හේමසිරි ප්‍රනාන්දු  එම ප්‍රකාශය සම්බන්ධයෙන් තව දුරටත් කරන ලද කරුණු විමසිමක දී දැල්පන්දු ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ආ හැකි ක්‍රීඩාවක් ලෙස සැළකිය හැකි බවත් මෙම තත්ත්වයන් සැළකිල්ලට ගෙන සත්කාරක ඉන්දියාවේද සහය ලබා ගෙන 2013 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ද දැල් පන්දු ක්‍රිඩාව ඇතුළත් කිරිමට හැකි වෙනු ඇතැයි ද විහ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර වශයෙන් සහ ආසියාතික ඔලිම්පික් කමිටු ප්‍රධානින් අතර විශේෂ සැළකීමක් ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රකට හේමසිරි ප්‍රනාන්දු 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය පතා ජාතික ඔලිම්පික් කමිටුව ඉක්මවා යමින් ඇතැමෙකු විසින් කරන්නට යෙදුණ දැවැන්ත ව්‍යාපාර පරාජයට පත් වෙද්දී එවැනි කිසිදු වැයක් නොමැතිව,2017 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට නිතරගයෙන්ම දිනා දුන්නේ ඒ සම්බන්ධයෙන් තරග කරන්නට සිටි රටවල් හා සුහදව කරන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස ය.ඒ නිසා එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස හේමසිරි ප්‍රනාන්දු විසින් දැල් පන්දුවට දක්වන්නට යෙදෙන දායකත්වය ශ්‍රී ලාංකේය දැල් පන්දුවට විශේෂ අවස්ථාවක් වනු සැක නැත.
www.supirikrida.com

පුංචි රෝමයේ ආසියානු වෙරළ දැල් පන්දු වසන්ත‍යේ සූරයෝ ඉන්දියාවෙන්- සූරියෝ ලංකාවෙන්

මීගමුවේ කැන්ටමාරා වෙරළ තීරයේ පැවති පළමු ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලියේ සූරියන් වෙමින් ඊට දිනකට පෙර අහිමි වූ ආසියානු දැල් පන්දු සූරියන්ගේ කිරිටයේ කදුළු යම් තාක් දුරට පිසලා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ජාතික දැල් පන්දු කණ්ඩායමට යොමු වූ අවධානයෙන් සහ සැළකිල්ලෙන් හරි අඩක්වත් යොමු නොවුණ ද ශ්‍රී ලංකා වෙරළ දැල් පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේ ලාංකේය දැල් පන්දුවට හිමි කීර්තියට කැළලක් නොවන්නට වග බලා ගත් අතර එම කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස 'යමුනා සදමාලි' ක්‍රීඩිකාවන්ගේ මුල් පුහුණුකාරියන්ගේ ද සේවය ස්වෙච්ඡාවෙන් ලබා ගනිමින් ඒවා නිසි සම්බන්ධිකරණයක් ඇතිව මෙහෙයවමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම සදහා කළ කැපවීම ද මෙහිදී ඇගයීමට ලක් කළ යුතුය.
එසේම යමුනා ගේ සේවය විශාල ඇගයීමකට ලක් කළ  තේරීම් කමිටු සාමාජිකාවක් ප්‍රකාශ කළේ ඇය කිසිදු බලපෑමක් තේරීමට නොකළ බවත් නම් කළ කණ්ඩායම ඉක්මණින් ලබා දී තමාට ඒ අතරින් දක්ෂ කණ්ඩායම තෝරා ගෙන පුහුණු කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළ බවය.පුහුණුකාරියක ලෙස ජාතික සංචිතයකට ඇතුළත් වන ඕනෑම ක්‍රීඩිකාවක දක්ෂ බව අවබෝධ කරගෙන ඔවුන් ගේ විශේෂ හැකියාවන් හදුනාගෙන ඒවා ඔප්නංවා ජයග්‍රහණය සදහා යොදා ගැනීමට පුහුණුකාරියකට දැණුම තිබිය යුතු බවත් යමුනා ට ඒ සම්බන්ධයෙන් විශාල අවබෝධයක් තිබුණු බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
පිරිමි අංශයේ දී සූරතාවය ඉන්දියාවට හිමි වූ අතර පකිස්තානය අනු සූරයෝ වූහ.ශ්‍රී ලංකාවට තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු විය.කාන්තා අංශයේ සූරතාවය ශ්‍රී ලංකාව වැඩි අභියෝගයකින් තොරව දිනා ගත් අතර මාල දිවයින මීට පෙර දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ ඉන්දියාවට එරෙහිව පරාජය වුව ද මෙවර ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව අනු සූරයන් වීමට වග බලා ගත්තේය.තෙවන ස්ථානය ඉන්දියාවට හිමි විය.
පිරිමි අංශය නියෝජනය කරමින් බලාපොරොත්තු වූ පරිදි මාල දිවයින සහභාගි නොවුණු අතර එම අංශයේ අවසාන තරගයට ශ්‍රී ලංකාවට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි කරමින් ඉන්දියාව සහ පකිස්තානය යන දෙරටම දැල් පන්දු කණ්ඩායම් ශ්‍රී ලංකාව පරාජයට පත් කළේය.කාන්තා අංශයේදී ශ්‍රී ලංකාවට අභියෝග කළ හැකි කණ්ඩායමක් නොවු තරම් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික තරග වල දී පකිස්තානය 27/02,මාල දිවයින 17/10,ඉන්දියාව 25/03 ක් ලෙස පරාජය කළහ.අවසාන තරගයේදී ශ්‍රී ලංකාව මාල දිවයින කණ්ඩායමට එරෙහිව ජය ගත්තේ 19/04 ක් ලෙස ය.
පිරිමි කණ්ඩායම් තරගයේදි ජයග්‍රාහි  ඉන්දීය කණ්ඩායම මුලික වටයේ තරග වල දී ශ්‍රී ලංකාව ලකුණු 16/10 ක් ලෙස සහ පකිස්තානය ලකුණු 19 /13 ක් ලෙස පරාජයට පත් කළ අතර අවසාන තරගයේදි යළිත් වරක් පකිස්තානය පරාජයට පත් කළේ,ලකුණු 21/13 ක් ලෙස ය.
www.supirikrida.com