Apr 19, 2012

විදේශ සේවා කණ්ඩායම විදේශ ගත වේ


ශ්‍රී ලංකා විදේශ සේවා වොලිබෝල් කාන්තා කණ්ඩායම හෙට තායිලන්තයේ කොරාඩ් හී දී ඇරඹෙන රැජිණ කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය.ආසියාවේ කාන්තා වොලිබෝල් ක්‍රීඩා සමාජ සදහා වෙන් වූ මෙම තරගාවලියට තායිලන්තය,වියට්නාමය,මියන්මාර්,ඉරානය,ජපානය යන රටවල් නියෝජනය කරන කණ්ඩායම් ඒ කොටසෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන බී කාණ්ඩයෙන් තරග වදින්නේ චීනය,කසකස්තානය සහ මැලේසියාව වන අතර එම කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි කුවේට් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නැත.ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය 21 දා එරට වේලාවෙන් මධ්‍යහන 12.00 ට මැලේසියාව නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායම සමග පැවත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ 2010 වසරේ ජාතික සූරතාවය දිනා ගනිමින් පෑ දක්ෂතා පදනම් කරගෙන වන අතර මීට පෙර 2009 සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම ද මෙම තරගාවලිය නියෝජනය කර ඇත.මෙම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශාලතම දායකත්වය සපයමින් නායකත්වයෙන් සහ දක්ෂතාවයන්ගෙන් විශාලතම සේවය කළ ලීනා සදමාලි ට ආබාධිත තත්ත්වය නිසා මෙම සංචාරය අහිමිවීම ද ඛේදයකි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ නායකත්වය ඒටීඑච්ටීඑම් රත්නසිරි ට හිමි වී තිබෙන අතර පුහුණුකරු ධූරය අජන්ත දහනායකටත් සහය පුහුණුකාරීත්වය ජානක ඉන්ද්‍රජිත්ට ත් හිමි වී ඇත.අභ්‍යාසක ලෙස කටයුතු කරන්නේ කේඒආර්ජී රාජකරුණා ය.අසංගි හුලුගල්ලගේ කණ්ඩායම් කළමණාකරු ලෙස මෙම සංචාරයට එක්වන අතර එච්ඩබ් සමන්ත සහය කළමණාකරු ලෙස සංචාරයට එක්වන්නේය.
එල්කේඩී විජේකෝන්,යූඑස් රංගනී ඩබ්කේඩබ්ටී පංචලී,ජේඒකේ ජිනාදරී,ඩබ්ඩීකේසි අබේවික්‍රම,පීඩබඑච් ඉසංකා,කේටීඩබ් පෙරේරා,එස්එච් ලක්ෂානි,පීබීඑන් නිලක්ෂි සහ ඒඑම්පීඑස් අධිකාරී කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

Apr 18, 2012

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙකට සහ පිරිමි කණ්ඩායමකට තායිලන්තයෙන් ඇමෙරිකානු ඩොලර් 600


තායිලන්තයේ ක්‍රියාත්මක වූ කනොම් චාන්ග් තෙවන ජාත්‍යන්තර වොලිබෝල් සූරතාවලිය නියෝජනය කළ කාන්තා කණ්ඩායම් දෙක වන ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලා අයත් අංක එක කණ්ඩායමටත් සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ නියෝජනය කළ අංක දෙක කණ්ඩායමටත් තරගාවලියේ නවවන තැන දිනා ගැනීමට හැකි වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායමකට ඩොලර් 200 බැගින් වූ මුදල් ත්‍යාග දිනා ගැනීමට හැකි විය.
මේ අතර  පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් නියෝජනය කළ ශ්‍රී ලංකා අංක එක කණ්ඩායමටත් නව වන තැන දිනා ගැනීමට හැකි විය.ඒ සදහා ඔවුන්ට ද ඩොලර් 200 ක ත්‍යාග මුදලක් හිමි විය.තරගාවලියේ කාන්තා ජයග්‍රහණය තායිලන්තය නියෝජනය කළ මැකේවි තනරත්තා ට සහ වරපට්සෝන් රැඩරොන් ට හිමි විය.පිරිමි ජයග්‍රහණය හිමි වූයේ කසකස්තානය නියෝජනය කළ ඩයචෙන්කෝ ඇලෙක්සැන්ඩර් ට සහ සිඩොරෙන්කෝ ඇලෙක්සිට යි.ජයග්‍රාහී කණ්ඩායම් යුගලයට ඇමෙරිකානු ඩොලර් 2,200 බැගින් හිමි විය.
www.supirikrida.com

ගෙබ්රෙලාසි තවමත් ඔලිම්පික් සිහින දකියි


ලොව පහළ වූ අත් විශිෂඨතම දුර ධාවකයා ලෙස පිළිගැනෙන හේලි ගෙබිරෙලාසි මෙවර ඔලිම්පික් මැරතන් තරගයටද ඉතියෝපියාව  නියෝජනය කිීමට සිහින දකිමින් සිටියි.දුර ධාවනයේ ධාවන පථයේ මෙන්ම මාර්ග ධාවන ඉසව් වලද සියළුම ඉසව් වල ලෝකයේ හොදම කාලය සිය නමින් වාර්තා පොත් වලට ඇතුළත් කර ගැනීමට සමත් වූ මෙම ක්‍රීඩකයාගේ පසු පරම්පරාව අද එම වාර්තා වලින් ඔහු ගේ නම ඉවත් කිරීමට තරම් දක්ෂතා දක්වා ඇතත් ඒ සියළු වාර්තා තමන් නමින් ලියා ගැනීමට හැකි සමතෙක් බිහි වී නැත.ඒ නිසා තවමත් ලොව පහළ වූ අද්වීතීය දුර ධාවකයා ලෙස හැදින්වෙන ගෙබ්රෙලාසි ඉදිරියේදී දක්ෂතා දක්වා ඔලිම්පික් මැරතන් තරගයේදී බතියෝපියාට එහි රන් පදක්කම දිනා දීම සදහා සටන් කරනු ඇතැයි විශ්වාසයක් ඇති කර ගැනීම බොහෝ දුරට සැබැවක් වනු හැකි සිහිනයකි.
මේ දිනවල ඔහු මැන්චෙස්ටර් මාර්ග ධාවන තරගය වෙනුවෙන් සූදානමින් සිටින අතර එම කිමී 10 මාර්ග ධාවන තරගය පස්වන වරටත් ඔහුට ජය ගනු හැකි බවට විශ්වාසය පළ කරමින් අලුත් පරමිපරාවට විශාල අභියෝගයක් තරගයට පෙරාතුවම එල්ල කර ඇත. 

Apr 17, 2012

ජූනි අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන වගකීම ෂෙමාල් ට සහ දයා ට


ජූනි මස ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත කණිෂ්ඨ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ 
සංවිධාන කටයුතු මෙහෙයවීම සදහා රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ යුධ හමුදා 
මාණ්ඩලික ප්‍රධානි ටම්ජර් ජෙනරාල් දයා රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් යුත් 
කමිටුවක් නම් කර ඇති අතර ඒ කමිටුව සදහා සුනිල් ජයවීර,ප්‍රේම පින්නවල,
කර්නල් සුදත් මඩුගල්ල සහ වෛද්‍ය ලාල් ඒකනායකත් දැනට ක්‍රියාත්මක මලල 
ක්‍රීඩා අතුරු කමිටුවේ නිලධාරීන් පිරිසත් ඇතුළත් තර ඇත.
ජූනි 09 දා සිට 12 දා දක්වා අභිනවයෙන් එලන ලද සුගතදාස කෘතිම ධාවන පථයේ 
පවත්වන්නට නියමිත මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට අනිද්දා
 (අප්‍රේල් 19)  නාමයෝජනා භාරගෙන අවසන් වන්නට නියමිත සහ අප්‍රේල් 03 දා
 පවත්වන නිලවරණයෙන් බලයට පත්වන නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් පැවරෙනු
 ඇතැයි ද ක්‍රීඩා අමාත්‍යංශ්‍ය අවධාරණය කරනු ලබයි.රටවල් 43 ක් නියෝජනය කරමින්
 ක්‍රීඩක ක්‍රීඩිකාවන්,පුහුණුකරුවන් තාක්ෂණික නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීන්ද 
ඇතුළු 800 ක පමණ නියෝජනයක් සිදුවනු ඇතැයි අපේක්ෂිත මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් 
තරග සංවිධානය,මාධ්‍ය ප්‍රචාරණය,උත්සව සංවිධානය,ප්‍රවාහන,ආහාර සහ නේවාසික
 කටයුතු සොයා බැලීම සදහා ද අනු කමිටු පත් කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා
 අමාත්‍යංශය අවධාරණය කරයි.
එම ක්‍රීඩා උළෙල මෙන්ම පැවත්වීමට යෝජිත දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල පිළිබදවද
 ක්‍රීඩා අමාත්‍යංශයෙ අවධානය යොමු වී ඇති අතර ක්‍රීඩා ඉසව් 23 ක් සදහා පුහුණුකරුවන්
 පත් කිරීම,කළමණාකරුවන් පත් කිරීම,විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම මෙන්ම
 ක්‍රීඩක පරිසාධන මට්ටම් අධීක්ෂණය කිරීම වැනි කාරණා සදහා දැනටමත් මෙහෙයුම් 
කමිටුවක් ක්‍රියාත්මකව පවතින අතර එහි ප්‍රධානත්වය පැවරී ඇත්තේ රියල් අද්මිරාල් 
ෂෙමාල් ප්‍රනානන්දුට ය.






ජගත් විශ්ව විද්‍යාල රට හරහා දිවීමේ කණ්ඩායම් සූරතා ද්විත්වයම ජපානයට

 ඇන්කියුටා

පෝලන්තයේ ලෝඩ්ෂ් හී පැවති 18 වන ජගත් විශ්ව විද්‍යාල රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් සූරතා දවිතවයම ජපානය විසින් දිනා ගත්තා.රටවල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 70 ක් සහ ක්‍රීඩිකාවන් 60 ක් මෙම තරගාවලිය නියෝජනය කළා.

යුවා,අබ්දෙල් සහ ඩයිචි
මෙහි පිරිමි තරගයේ ජයග්‍රහණය ඇල්ජීරියාවේ අබ්දෙල්මජීඩ් ටොයිල් විසින් දිනා ගත් අතර පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන ජපානයේ යුවා සිටාරා සහ ඩයිචි මොටොමුරා විසින් දිනා ගනු ලැබුවා.රැමේනියාවේ අන්කියුටා බොබෝසෙල් මෙහි කාන්තා තරගයේ ජයග්‍රාහිකාව වූ අතර දෙවන ස්ථානය පෘතුගාලයේ කාර්ලාසැල්මෝ රෝචා ද තෙවන ස්ථානය රුමේනියාවේ රොක්සානා බිර්කා ද දිනා ගනු ලැබුවා.
ජයග්‍රාහී ජපන් කාන්තා කණ්ඩායම
කණ්ඩායම් තරග වල පිරිමි අංශයේ අනු සූරතාවය හිමි වුණේ යුක්රේනයට වන අතර තෙවන ස්ථානය ඇල්ජීරියාව විසින් දිනා ගනු ලැබුවා.කාන්තා කණ්ඩායම් අනු සූරතාවය හිමි වුණේ රුමේනියාවට වන අතර එහි තෙවන ස්ථානය පෝලන්තය විසින් දිනා ගත්තා.මෙහි පිරිමි තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම්පීඩීඒඑස් සෝමතිලක සහභාගි වූ අතර ඔහු ට තරගය නිම කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. 

Apr 16, 2012

යොහාන් බ්ලේක් ට 1 ෂෙහාන් ට 17

ෂෙහාන් සහ බ්ලේක් තරග වදිමින්

ජැමෙයිකානු විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ දී මේ වසරේ හොදම කාලය වාර්තා කරමින් මීටර් 100 ආරාධිත තරගය ජය ගන්නට ලෝක සූරතා තරගාවලියේ මීටර් 100 ජයග්‍රාහකයා වූ යොහාන් බ්ලේක් සමත් වූ අතර ඔහු ඉසව්ව තත්පර 9.90 දී නිම කරන්නට සමත් විය.බ්ලේක් සහ බෝල්ට් අතර තරගයක් බලාපොරොත්තුවෙන් ජැමෙයිකානු ජාතික ක්‍රීඩාංගණයට රැස් වූ පිරිසට සිය බලාපොරොත්තු සිද දමා ගන්නට සිදු වූ අතර බෝල්ට් මීටර් 100 තරගයට ඉදිරිපත් නොවූ අතර ඔහු රේසර්ස් ට්‍රැක් සමාජය නියෝජනය කරමින් මීටර් 4 x 100 තරගයේ දි එම කණ්ඩායම ජයග්‍රහණය කරවීම පිණිස විශාල දායකත්වයක් දැක් වූ අතර රේසර්ස් ට්‍රැක් සමාජය මෙම තරගය ජය ගත්තේ නව වාර්තාවක් තබමින් තත්පර 37.82 ක කාලයක් වාර්තා කරමින්ය.
මේ තරගාවලිය සදහා මේ වන විට ජැමෙයිකාවේ පුහුණුව ලබන ෂෙහාන් අඹේපිටිය ද සහභාගි වූ අතර ඔහු මීටර් 100 තරගයේ දී  මේ වසරේ ලාංකිකයෙකු වාර්තා  කළ හොදම කාලය වාර්තා කරන්නට සමත් විය.තරග හතරක් ලෙස ක්‍රියාත්මක වූ හොදම කාලය අනුව ජයග්‍රාහකයා තීරණය වූ මෙම තරගයේදී යොහාන් බ්ලේක් තරග වැදි තරගයට සහභාගි වූ ෂෙහාන් එම තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් හත් දෙනෙකු අතරින් හත් වැන්නා වූ අතර තරගයට ඉදිරිපත් වූ 27 දෙනෙකු අතරින් ෂෙහාන් වාර්තා කළ කාලය වූ තත්පර 10.54, 17 වන ස්ථානයේ රැදිණි.

ඔලිම්පික් දිනා ගැනීමේ නගර වලින් විනාඩි 10 දේශන මාලාවක්

බාකු
මැඩ්රිඩ්
ළැඹෙන 2020 වසරේ දි ඔලිම්පික් තරගාවලිය පැවත්වීම වෙනුවෙන් නගර පහක් යෝජනා වී ඇති අතර ඒ පිළිබදව එම නගර අයත් රටවල ක්‍රීඩා ප්‍රධානින් සහ දේශපාලන නායක නායකාදීන් ඉකුත් අප්‍රේල් 14 දා මොස්කව් නුවරට රැස්ව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානින් ඉදිරියේ සිය නගර ඔලිම්පික් තරගාවලිය සදහා සූදානම් වන ආකාරය පිළිබදව අදහස් ප්‍රකාශ කළා.විනාඩි 10 ක කාලයක් මේ සදහා එක් රටකට වෙන් කර තිබූ අතර එම නගර සදහා ඔලිම්පික් ලැබීමෙන් ඔලිම්පික් තරගාවලියට සහභාගි වන්නන්ට අත්වන ප්‍රතිලාභ පිළිබදව මෙහිදී ඒ ඒ රටවල් සිය අදහස් ප්‍රකාශ කළා

දෝහා
ටෝකියෝ
කෙසේ වුවත් අසර්බයිජානයේ බාකු,තූර්කියේ ඉස්තාන්බුල්,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්,ජපානයේ ටෝකියෝ සහ කටාරයේ දෝහා යන නගර මේ සදහා දැනට යෝජිත නගර වී තිබෙනවා.මේ සමග වන ඡායාරූප වලින් දැක්වෙන්නේ ඒ ඒ නගර මොස්කව් නුවරදී සිය අදහස් දැක්වීම් කළ අයුරුයි.
ඉස්තාන්බුල්