ශ්‍රී ලංකා තෙවන පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මුතුවැල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුණ ද ලකුණු 120 ක ජයක් ලකුණු ලබා ගැනීමේ වේගය මත ලබා ගැනීමට සමත් වුණා.පානදුරේදී පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නීතිඥ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 452 ක් රැස් කළා.සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ උදිත රාජසේකර හතරේ පහර 19 ක් සහ හයේ පහර 12 ක් සමග ලකුණු 153 ක් රැස් කළ අතර ඔහු සමග ඉණිම අරඹන එර්සාන් ආරියරත්නම් ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මුතුවැල්ල ක්‍රීඩා සමාජයේ ඉණිමට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පන්දු වාර 20 .3 ක දි ලකුණු 145 ක් ලබා සිටියේ සුවිශාල ලකුණු වේගයක් හඹා යාමට ගත් උත්සාහයෙන් කඩුලු හතක් ද අහිමි කර ගෙනයි.ඒ අවස්ථාව වන විට ලකුණු වේගය අනුව තරගය ජය ගැනීමට නම් මුතුවැල්ල ක්‍රීඩා සමාජය ලකුණු 266 ක රැස් කර ගත යුතුව තිබුණු අතර ඒ හේතුව නිසා නීතිඥ කණ්ඩායමට ලකුණු 120 ක ජයක් හිමි වුණා.ඡායාරූපයේ දැක්වෙන්නේ අගනා ඉණිමක් ක්‍රීඩා කළ උදිත රාජසේකරයි.
www.supirikrida.com
No comments:
Post a Comment