Mar 18, 2013

සිව්කොන් මිත්‍රත්ත්ව සූරතාවය කොළඹ ඩීඑස් සේනානයක විද්‍යාලයට

ණබිම රාජකීය,මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය,ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය අතර පැවත්වෙන සිව්කොන් මිත්‍රත්ව කුසලානය වෙනුවෙන් පැවත්වෙන තරගාවලියේ දෙවැන්න ඊයේ මහනුවර රණබිම රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූයේ කොළම ඩීඑස් සේනානයක විද්‍යාලයට සූරතාවය අත් කර දෙමින්ය.දිස්ත්‍රික් හතරක පාසල් හතරක් තරග වදින මෙම තරගාවලිය සංවිධානය කිරීම මෙවර මහනුවර රණබිම රාජකීය විද්‍යාලයට පැවරී තිබුණ අතර එම විද්‍යලයෙන් බිහි වූ බේස්බෝල් දක්ෂයන් ක්‍රීඩා කරන රණබිම ක්‍රීඩා සමාජය ජාතික ප්‍රතිමළුන් පිටු දැකීමේ සූරතාවය මෙන්ම ජාතික ලීග් සූරතාවය ද දිනා ගෙන සිටින තත්ත්වයක් තුළ පාසල් ක්‍රීඩකයන් සිය ක්‍රීඩා පිටියේදීම කණ්ඩායම් 4 ක් අතරෙන් හතරවන ස්ථානයට පත් වීම එම විද්‍යාලයෙන් බිහි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ද අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.
අවසාන තරගයේදී අනු සූරතාවය දිනූ මහින්ද විද්‍යලයෙන් බලාපොරොත්තු වූ තරම් අභියෝගයක් ඩීඑස් සේනානායකයට එල්ල නොවුණු අතර මැදිරිගිරිය විද්‍යාලය තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී රණබිම රාජකීයන් පරාජය කිරීම කැපී පෙණින.තරග විනිසුරු කමිටුව පවතින පරිපාලනය විසින් විසුරුවා නැවත ස්ථාපනය කිරීම සදහා කටයුතු නොකරමින් පරිපාලනයට අවශ්‍යය පරිදි විනිසුරු අවශ්‍යයතා පරිශීලනය කරන තත්ත්වය තුළ අලුත් පරම්පරාවක් විනිශ්චය සදහා හුරු කිරීමේ ජාතික වගකීම මෙම තරග සංවිධායකයන් විසින් ලබා ගෙන තිබුණු අතර අවසාන තරගයේදී නැවතුම් මධ්‍යස්ථාන තුනම ආවරණය වන පරිදි විනිසුරුවන් සිව් දෙනෙකු යොදා ගැනීම ද කැපී පෙණින.අදාළ ගෙවීම් කරමින් විණිසුරුවන් දිරි ගැන්වීම ද කැපි පෙණුන අතර,තරගයේ ගැටළුකාරී තත්ත්වයන් ඉස්මතු නොවන්නට තමන්ට විනිශ්චය කටයුතු සදහා ලැබුණු අවස්ථාවේ වගකීම නිසි පරිදි ඉටු කිරීමට එම විනිසුරුවන්ට හැකි වීමද බේස්බෝල් ක්‍රීඩාව ලද ජයක් විය.
තරගයේ ජයග්‍රාහකයන් දිරිමත් කිරීම සදහා සුිශේෂී දක්ෂතා අගය කරමින් ජය සංඛේත ප්‍රදානය සිදු කෙරූ අතර ජාතික සූරතාවයන් හී පවා තරගාවලිය අවසාන වූ සැනින් ජය සංකේත ප්‍රදානය සිදු නොවන තත්ත්වයක් තුළ මෙය ආර්ශමත් ක්‍රියාවක් බව බේස්බෝල් කේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.තරගාවලිය සදහා අනුග්‍රහය දිවයිනේ කීර්තිමත් ඒ ශ්‍රේණියේ රියදුරු පාසලක් ලෙස හැදින්වෙන ශෂික ඩ්‍රයිවින් ස්කූල් දැරූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩීඑස් සේනානයක විද්‍යාලයේ තරිදු මෙණ්ඩිස් සම්මාණනීය විය.
තරගයේ දක්ෂතම පිතිකරු,මෙන්ම පිචර් ක්‍රීඩකයා ලෙස පිළිවෙළින් ඩීඑස් සේනානායක විද්‍යාලය නියෝජනය කළ ශසික මධුරංග වීරසිරි සහ සජිත් දිල්ශංක අබේසේකර තේරී පත් වූ අතර හොදම කැචර් ක්‍රීඩකයා ලෙස මැදිරිගිරිය මැදි විදුහලේහේෂාන් අකිලත් සහ දක්ෂතම පනදු රකින්නා ලෙස ගාල්ල මහින්දයේ ලලින්ද යසස් ද සම්මාණනීය විය.
www.supirikrida.com

No comments: