දැයට කිරුළ ආශ්‍රිතව පැවත්වෙන සියළු ක්‍රීඩා වෙනුවෙන්
ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සිදු වුව
ද දැල් පන්දු ජයග්‍රාහකයන්ට පමණක් එම අවස්ථාව අහිමි වී ඇති බව සැළ වේ.නමුත්
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දැල්පන්දු සම්මේලන ලෙකම් කුමුදුණී ගෝමස් ප්‍රකාශ කළේ
තමන්ට අවශ්‍යය ප්‍රතිපාදන ඉල්ලා සිටීමේ දී ත්‍යාග සදහා මුදල් ඉල්ලා සිටීමට ඉඩකඩක්
එහි නොතිබුණු බවය.නමුත් දැනට ඇති වී තත්ත්වය තුළ දැල්පන්දු ක්‍රීඩාවට පමණක් මුදල්
ත්‍යාග නොලැබීම අර්බූදයක් වී ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවත් ඒ ගැන තමා සහ
සභාපතිණිය තමාරා ධර්මකීර්ති පෞද්ගලික්ව මැදිහත් වී යම් විසදුමක් ලබා දීමට උත්සාහ
ගන්නා බවත් ඇය පැවසීය.
දැයට කිරුළ සංවිධානයේ මූලිකත්වය දරණ රංජිත් සියඹලාපිටිය
අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු පැවසුවේ,අමාත්‍යවරයා සියළු තරග සම්බන්ධයෙන් අවධානය යොමු
කර ප්‍රතිපාදන ලබා දී ඇති බවය.එය ක්‍රීඩා
සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධානී අධ්‍යක්ෂ
ජෙනරාල් රංජනී ජයකොඩි පවසන්නේ ද අදාළ සංගම් වල ඉල්ලීම් අනුව ප්‍රතිපාදන වෙන්කර සංවිධානය
එම සංගම්වලට පවරා ඇති බැවින් ත්‍යාග සම්බන්ධයෙන් විමසීම ද එම සංගම් නිලධාරීන්ගේ
උවමනාව මත සිදුවන බව ය.
මේ අතර දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ පුහුණුකාරියක මෙහි
සංවිධායක කටයුතු වලට මැදිහත් වෙමින් ඇතැම් අයට කර ඇති ප්‍රකාශ නිසා මෙම කාර්යය
දැල්පන්දු සම්මේලනය විසින් ත්‍යාග පිරිනැමීම නොතකා හැර තිබෙන බවක් හැගෙන්නට පටන්
ගෙන ඇත.ඇය ගේ කණ්ඩායමට රාජ්‍යසේවා කුසලානය පවා අහිමිව තිබිය දී වැඩිම පිරිසක්
ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම මෙන්ම දිගින් දිගමට මේ වන විට රාජ්‍ය සේවක කණ්ඩායම්
පරාජය කරන පාසල් කණ්ඩායමක් දැයට කිරුළ දැල්පන්දු තරගාවලියේ ඉදිරියෙන් සිටීම යන
කරුණු පදනම් කර ගෙන මෙම පුහුණුකාරිය විසින් ත්‍යාග මුදල් ප්‍රදානයන් නවත්වා ඇති
බවට දැල් පන්දු කේෂ්ත්‍රයේ උණුසුම් කතා බහක් ඇති වී ඇත.
ඇය ඒ ආකාරයෙන් යම් යම් ප්‍රකාශ කිරීම පිළිබදව අදහස් දැක්
වූ දැල්පන්දු ලේකම්වරිය කුමුදුණි ගෝමස් සියල්ලන්ටම දැල්පන්දු සම්මේලනයේ තීරණ ගැන
ප්‍රකාශ කිරීමට අයිතියක් නැති බව කීවේය.ඒ සදහා වගකීම් පැවරි අය සිටියදී යමෙක් ප්‍රකාශ
නිකුත් කරන්නට යාම වැරදි බව ද ඇය පිළිගත් අතර ඒ පිළිබදව සොයා බලන බව ද කීවාය.




