Sep 28, 2012

කණිටු පිහාටු මල් කැකුළු දස්කම් පිපෙයි කොළඹ තැන තැන


ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය 42 වන වරට පවත්වන්නට නියමිත ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සීමාසහිත සැම්සන් සහ පුත්‍ර සමාගමේ AVI අනුග්‍රහයෙන් ඔක්තෝමබර් 2 දා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී පෙ.ව.9.00 ට ඇරඹිමට නියමිතය.අවුරුදු 11 න් පහළ,13 න් පහළ,15 න් පහළ අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් ඛාණ්ඩ 4 ක් යටතේ බාලක සහ බාලිකා ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ වයස 11 න් පහළ සහ 13 න් පහළ තරග ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකිරණයේද,15 න් තරග කොළඹ ඩීඑස් සේනානායක විදයාලීය ක්‍රීඩා සංකීරණයේ ද සහ අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ තරග කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේද ක්‍රියාත්මක වීමට නියමිතය.
ක්‍රීඩා උපකරණ සහ පාවහන් සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක්දිනා සිටින ඩීඑස්අයි නිෂ්පාදන ජාලය සමග වෙළද පොළට එන AVI  අනුග්‍රහයෙන් 2 දා ඇරඹෙන මෙම තරගාවලිය ඔක්තෝමබර් 8 දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
www.supirikrida.com

Sep 27, 2012

ශෂීකලා ගේ තුන් ඉරියව් වික්‍රමය අස්මාවියා ගේ වේග පන්දුවට යට වේ

 ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා ශෂීකලා සිරිවර්ධන පිත්තෙන් (38) සහ පන්දුවෙන් (17/2) දැක් වූ දස්කම් යටපත් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගයේ ජය පකිස්තානයට හිමි කර දෙන්නට  පකිස්තානු මද වේග පන්දු යවන ක්‍රීඩිකා අස්මාවියා ඉක්බාල් ගේ (11/4) ගේ දස්කම් මූලික විය.
Shashikala Siriwardene propped up Sri Lanka with 58අස්මාවියා ප්‍රමුඛ පකිස්තානු පන්දු යවන්නියන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් බැද තබා ගනිමින් පන්දු යැවූ අතර ඒ හේතුව නිසාම ශ්‍රී ලංකා ඉණිම ලකුණු 77 ට සීමා විය.ඒ ලකුණු ප්‍රමාණය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකාරිණියෝ කඩුලු 8 ක් බිද දැමූහ.ලකුණු ප්‍රමාණය පෙණුමෙන් විශාල නොවුණ ද එය රැක ගැනීමට  විශාල සටනක් දියත් කළ ශෂීකලා ඇතුළු කණ්ඩායම පකිස්තානයේ කඩුලු හයක්ම ජයග්‍රහණයට පෙර දවා ගැනීමට සමත් වූහ.නමුත් 18 වන ඕවරයේ 2 වන පන්දුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙවර 20 / 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයේදී පරාජිතයන් ලෙස පසු බසින්නට සිදු වූහ.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසීමට හැකිය.

ක්ලිෆර්ඩ් කුසලාන අර්ධ අවසන් පූර්ව තරග හෙට (28) ඇරඹේ


යලොග් අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 28 දා ඇරඹිමට නියමිතය.ඒ අනුව 28 දා ප.ව. 4.15 ට  හැව්ලොක් ක්‍රීඩාංගණයේදි නාවික හමුදා කණ්ඩායම සහ පොලිසිය ගැටෙන අතර ,එම වේලාවටම මහනුවර බෝගම්බර දී මහනුවර ක්‍රීඩා සමාජය සහ සීආර්ඇන්ඩ්එෆ්සී ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා සිටින කදුරට සිංහ සහ යුධ හමුදා කණ්ඩායම් 29 දා බෝගම්බරදී ප.ව.4.15 ට තරග වැදීමට නියමිත අතර 30 දා හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම ප.ව. 4.15 ට හැව්ලොක් පිටියේදී තරග වැදීමට නියමිතය.අර්ධ අවසන් පූර්ව තරග ජය ගන්නා කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග 03 දා බෝගම්බර සහ හැව්ලොක් ක්‍රීඩා පිටි වල දී ක්‍රියාත්මක වීමට නියමිත අතර අවසන් තරගය පැවත්වීමට නියිමිත ඇත්තේ 07 දා වන අතර එම ක්‍රීඩාපිටිය හැව්ලොක් හෝ බෝගම්බර විය හැකිය.



Sep 25, 2012

සුපිරි අට වටයේ ලංකාවේ තරග සියල්ලම පල්ලේකැලේ දී

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ දී මුහුණ දෙන සියළුසහභාගි වන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කරයි.තරගාවලිය සදහා මූලික වටයේ දී සී කාණ්ඩය නියෝජනය කරමින් තරග බිමට පිවිසි ශ්‍රී  ලංකාව සී කොටසේ දෙවැනි ස්ථානයට පත් වූ අතර ඒ අනුව සුපිරි අට වටය ක්‍රියාත්මක කරන කාණ්ඩ දෙක යටතේ ශ්‍රී ලංකාව පළමු කාණ්ඩය නියෝජනය කරයි.
ඒ අනුව සුපිරි අට වටය අරඹමින් ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නට නියමිත අතර ඒ නවසීන්තයට එරෙහිව හෙට ය.(27)   ශ්‍රී ලංකාව සහභාගි වන  දෙවන තරගය 29  දා පල්ලේකැලේ දී පවත්වන අතර එහිදී ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය.ඔක්තෝමබර් 1 දා  දා සුපිරි අට වටයේ ශ්‍රී ලංකාවට හිමි අවසාන තරගය වන එංගලන්තයට එරෙහිව මුහුණ දෙන අතර එම තරගයද පල්ලෙකැලේ දීම පැවත්වීමට නියමිතය.
තරගාවලියේ අවසාන පූර්ව වටය සදහා මෙම සුපිරි අට වටයේදී පළමු සහ දෙවන කාණ්ඩ වලින් කණ්ඩායම් දෙක බැගින් තෝරා ගැනීමට නියමිත අතර එය ජයග්‍රහණ මත ද ජයග්‍රහණ සමාන තත්ත්වයේ පැවතුණහොත් එහිදී ලකුණු වේගය මත ද කණ්ඩායම් අවසාන පූර්ව තරග සදහා තෝරා ගැනෙනු ඇත.අවසන් පූර්ව තරග ඔක්තෝම්බර් 4 දා සහ 5 දා පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

වැස්සත් කොදෙව්වෝ සුපිරි අට ට

West Indies celebrate a wicketයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගය විසදුමක් නොමැතිව අවසන් වුව ද,ලකුණු ලබා ගැනීමේ වේගය මත කොදෙව් කණ්ඩායම සුපිරි අට වටයට ඇතුළත් වීමට සුදුස්සෝ වූහ.ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලද ඉහළම ලකුණු ප්‍රමාණය (196) වාර්තා කිරීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වුව ද එම තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජය තීරණය කිරී‍මේ දී ඕස්ට්‍රේලියාවට ජය හිමි විය.
මේ තත්ත්වය මත ඊයේ අයර්ලන්ත තරගය ජය ගැනීම ජය පරාජයෙන් තොරව අවසන් වීම යන කරුනු දෙක මතම කොදෙව්වන්ට සුපිරි අට වටයට පිවිසිමට අවස්ථාව තිබුණු අතර අයර්ලන්තයට අනිවාර්යයෙන්ම කොදෙව්වන් පරාජය කළ යුතුව තිබිණි.තරගාවලියට පිවිසෙන විටම පෙරළිකාර කණ්ඩායමක් විය හැකි බවට ඉගි සපයා තිබුණු අයර්ලන්ත‍ය,කොදෙව්වන් ඉදිරියේ හොදින් පන්දුවට පහර දුන් අතර පන්දු ඕවර් 19.දී තරගය වර්ෂාව මත අතහැරීමට තීරණය කරන විට ඔවුන් කඩුලු 96 ට ලකුණු 129 ක් ලබා සිටියේය.
අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා වූයේ ප්‍රතට ඕබ්‍රයන් පවුලේ නීල් ඕබ්‍රයන් ය.ඔහු ලකුණු 25 ක් ලබන්නට සමත් විය.ප්‍රහාරක පිතිකරු ක්‍රිස් ගේල් ට ඊයේ පිත්ත එසවීමට වර්ෂාව ඉඩ නොදුන්න ද පන්දු යවමින් කොදෙව් කණ්ඩායමේ සාර්ථකම පන්ද් යවන්නා වූවේ ලකුණු 21 ට කඩුලු 2 ක් දවා ගනිමින්ය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
www.supirikrida.com

කළු සැප්තැම්බරයට නිහඩ වීමට ඔබාමාත් එකගයි


ළු සැප්තැම්බරය ලෙස හදුන්වන 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩකයන් 11 දෙනෙකු සහ ජර්මන් පොලිස් නිලධාරියෙකු පලස්තීන ප්‍රහාරයෙන් මිය යාමේ සිද්ධිය වෙනුවෙන් සෑම ඔලිම්පික් උළෙලකදීම විනාඩියක නිහඩතාවයක් පැවත්වීම සදහා ලෝක එකගතාවය දිනා ගැනීම සදහා එහිදි මිය ගිය දෙදෙනෙකුගේ බිරින්දෑවරු වන ඇන්කි ස්පීට්සර් සහ ලානා රොමානෝ ගෙන යන ව්‍යාපාරයට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ද සිය එකගතාවය පළ කර ඇත.එය 2016 රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේ සිට සමාරම්භක න්‍යාය පත්‍රයේ අනිවාර්ය අංගයක් කිරීම ඇන්කි ගේ සහ ලානා ගේ අරමුණ වී ඇත.
එම ප්‍රහාරයෙන් 40 වසරක් සපිරෙන මේ වසරේ ඔලිම්පික් තරගාවලියට ද එය ස්මරණය කරමින් විනාඩියක් නිහඩවීම සිදු කරන්නට යෙදුණු අතර එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයාම ප්‍රකාශ කරන්නට යෙදිණ.ජගත් කෙළිබිම ඇසුරේ සිදු වූ දැවැන්තම ඛේදවාචකය ලෙස හැදින්වෙන් මියුනිච් සිදුවීම ස්මරණය කර විනාඩියක නිහඩතාවයක් පැවත්වීම සදහා ඇනිකා සහ ලානා ගෙන යන සටනට මේ වන විට ඔබාමා ගේ සහය මෙන්ම කැනඩාව,බ්‍රිතාන්‍යය,ජර්මණිය,ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ද එකගතාවය පළ වී ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ අනීකා සහ ලානා විසින් ගෙන එන ලද එම යෝජනාව පිළිබදව ඇනීකා ස්පීට්සර් අදහස් දැක් වූ අවස්ථාවකි.

Sep 24, 2012

දෝනි ගේ පිරිවර ඛෙත්තාරාමයේ දී ලගාන් 2 පෙන්වයි

Harbhajan Singh celebrates one of his four wicketsසුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහි ඉන්දීය සටන සංඛේතවත් කරන චිත්‍රපටයක් ලෙස සැළකෙන ලගාන් චිත්‍රපටියේ දි ඉන්දීය තරුණයන් සුදු ජාතිකයන්ට එරෙහිව ක්‍රිකට් තරගයේදී එල්ල කරන ප්‍රහාරය සිහියට නංවමින්,ලෝක කුසලාන 20 / 20 තරගාවලියේදී ඉන්දියාව එංගලන්තයට එරෙහිව ලකුණු 90 ක් අති විශිෂ්ඨ ජයක් ලැබීය.ස්වීය ස්ථානය පිළිබදව ගැටළුවකට මුහුණ දී සිටි ඉන්දීය ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නා වන හර්බජාන් සිය තම හැකියාව මොනවට ප්‍රදර්ශනය කරමින් ලකුණු 12 ට කඩුලු 4 ක් ලබා මෙම ජයග්‍රහණයේ කසකරුවා බවට පත් විය.
කාසියේ වාසිය ලැබූ එංගලන්තය, ආර් ප්‍රේමදාස තණතීරුව පළමුව ලකුණු ලබා ගැනීම සදහා ඉන්දියාවට බාර කළ අතර එහිදී ගෞතම් ගාම්බිර් (45) සහ රෝහිත් ෂර්මා (55) සහ සුපුරුදු පරිදි විරාට් කෝලි (40) එක්ව ඉන්දීය ඉණිම කඩුලු 4 ට ලකුණු 170 ක් දක්වා ඔසවා තැබීමට සමත් වූහ.මෙම අභියෝගයට මුහුණ දීමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ඇලෙක්ස් හෝල් ලකුණු නොලබා දැවී ගියද සටන අත් නොහරින බවක් ක්‍රේග් කිස්වේටර් විසින් පෙන්නුම් කළද දග පන්දු යවන්නන් හදුන්වා දීමත් සමග සියල්ල වෙනස් විය.විශේෂයෙන් හර්බජාන් සිං ද පියසු චව්ලා ද (13 / 2) එක්ව එංගලන්ත ඉණිම ලකුණු 80 ට සීමා කළේ මේ දක්වා මෙම තරගාවලිය තුළ වාර්තා වූ ඉහළම ජයග්‍රහණය සනිටුහන් කරමින් ය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533281.html
මේ අතර ඊයේ පකිස්තානය සහ නවසීලන්තය අතර පල්ලේකැලේදී පැවති තරගය තියුණු මුහුණුවරක් ගත්ත ද අවසානයේ ලකුණු 13 ක ජයක් පකිස්තානයට ලබා දී තරගාවලියේ අපරාජිත තත්ත්වය අහිමි කර ගන්නට නවසීලන්තයට සිදු විය.නසීර් ජම්ෂේඩ් (56) මෙන්ම මොහොමඩ් හෆීස් (43) ද සියළුම පකිස්තානු පිතිකරුවන් සිය ලකුණු ලබා ගැනීමේ දළ වේගය 100% එපිටින් තබා ගැනීමත් නිසා පකිස්තානයට සිය පන්දු ඕවර 20 කඩුලු 6 ට ලකුණු 177 ක් ලෙස අවසන් කරන්නට හැකි විය.
එයට පිලිතුරු ලබා දීමට පැමිණි නවසිලන්තය හොද සූදානමක් පෙන් වුවද 20 / 20 පිතිකරණයේ වාර්තාගත ඉණිම දියත් කළ බ්‍රෙන්ඩන් මැකලම් අවාසනාවන්ත ලෙස දැවී යාමත් සහීඩ් අජ්මාල් උපක්‍රමශීලීව පන්දු යවමින් තමන්ගෙන් ලබා ගන්නා ලකුණු වල හිලව්වට කඩුලු බිද දමමින් ලකුණු 30 ට කඩුලු 4 ක් බිද දැමීමත් නිසා නවසිලන්ත ඉණිම ලකුණු 164 දී නතර විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට ‍පහත සබදතාවය තෙරපීමෙන් ප්‍රවේශවීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533280.html

www.supirikrida.com