Sep 24, 2012

ශ්‍රී ලංකාවට පළිහ සූරතාවය

චීනයේ ක්‍රියාත්මක වූ සත් සාමාජික ෂැංහායි ආසියානු රග්බි තරගාවලියේ පළිහ සූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.සමස්ත තරගාවලියේ පස්වන තැන සමග ශ්‍රී ලංකාව පළිහ සූරතාවය දිනා ගත්තේ තායිලන්තයට එරෙහිව ලකුණු 22 - 7 ක් ලෙස ජය ගනිමින්.මෙම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා සමස්ත සූරතාවය දිනූ හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 7 - 36 ක් ලෙස සහ සිව්වන ස්ථානයට පත් කොරියාව ඉදිරියේ 12 - 17 ක් ලෙස පමණක් පරාජය වූවා.සිංගප්පූරුව ලකුණු 41 - 0 ලෙස ද,එක්සත් අරාබි  එමීර් රාජ්‍යය ලකුණු 43 - 0 ක් ලෙස ද පරාජය කරමින් ශ්‍රී ලංකාව පළිහ සූරතාවයේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.
තරගාවලියේ සමසත සූරතාවය සදහා හොංකොං කණ්ඩායම සමග තරග වැදුණේ චීන කණ්ඩායම යි.එහිදී චීනයට හොංකොං කණ්ඩායම ලකුණු 42 ක් ලබන විට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 10 ක් පමණයි.තරගාවලියේ පළග සූරතාවය සදහා පැවති අවසාන තරගයේදී මැලේසියාව සිංගප්පූරැව පරාජයට පත් කළ අතර එහි ලකුණු තත්ත්වය වාර්තා වූයේ 19 - 14 ක් ලෙස යි.
තරගාවලිය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ කාන්තා සත් සාමාජික තරගාවලියේ සූරතාවය සත් කාරක චීනය විසින් හිමි කරගත්තේ පිරිමි තරගයේදී සිය රටට පරාජය අත් කළ හොංකොං කණ්ඩායම ලකුණු 31 -0 ලෙස පරාජය කරමින්.
www.supirikrida.com

කෝට්ටේ දැල්පන්දු ඇකඩමියෙන් සත් වසර සමරා සත් කොන් තරගාවලියක්

හිටපු ජාතික දැල් පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස ගේ මග පෙන්වීම ඇතිව ඇරඹි කෝට්ටේ දැල්පන්දු ඇකඩමියට සත් වසරක් පිරීම නිමිත්තෙන් අවුරුදු 15 න් පහළ සහ ඉහළ ලෙස කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් හතක සහභාගීත්වයෙන් තරගාවලියක් පැවත්වීමට නියමිත බව තරගාවලියේ මෙහෙයුම් කටයුතු භාර නිලධාරිණිය වන ශ්‍යාමා කුරේ සුපිරි ක්‍රීඩා වෙත පැවසීය.මේ වන විට බෘනායි ජාතික දැල් පන්දු පුහුණුකාරිය සහ පුහුණු අධ්‍යක්ෂවරිය ද වන තිලකා ශ්‍රී ලංකාවේ නොමැති වුව ද ඇයගේ පූර්ණ ආශිර්වාදය සහ දායකත්වය මෙම තරගාවලියට ලැබෙන බව ද,ශ්‍යාමා තව දුරටත් අවධාරණය කළාය.
සිය ඇකඩමියට සම්බන්ධ පුහුණුකරුවන් පුහුණු කටයුතු කරන පාසල් මෙන්ම සිය ඇකඩමියේ පාසල් වයසේ පුහුණුව ලබන සිසුවියන් ගේ දායකත්වයෙන් සකස් කර ගන්නා කණ්ඩායම් දෙකක් ද මෙම තරගාවලියේදි ක්‍රීඩා කරනු ඇති බව ඇය තව දුරටත් අනාවරණය කළාය.ඇකඩමිය කේන්ද්‍රීයව පවතින අංගම්පිටිය ක්‍රීඩා පිටියේ දී මෙම තරගාවලිය පැවත්වෙන බව පැවසූ ඇය,එම තරගාවලිය නොවැම්බර් 03 දා පැවත්වීමට නියමිත බව ද පැවසුවාය.
ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයකට මාර්ගෝපදේශකත්වය සැපයූ සහ ඔවුන්ගේ හැකියාවන් ඔප මට්ටම් කිරීමට දායක වූ කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය හරහා පෙරට පැමිණි විශාල ක්‍රීඩිකාවන් පිරිසක් මෙම තරගාවලියට ආශිර්වාදය කිරීමට එක් වනු ඇති බව ද ශ්‍යාමා පවසන්නීය.
www.supirikrida.com

Sep 23, 2012

දකුණු අප්‍රිකාවෙන් 20 / 20 ක්‍රිකට් පාඩමක්

South Africa celebrate a wicketශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති 20/20 ලෝක කුසලාන තරගය වර්ෂාව නිසා පන්දු ඕවර් හතකට සීමා වුනු අතර එයින් ලකුණු 32 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව 20 / 20 තරග සම්බන්ධයෙන් නව පාඩමක් ක්‍රිකට් ලෝකයට උගන්නන්නට සමත් විය.20 /20 තරග වලදී දිගු පහරවලින් ලකුණු 6 සහ 4 ලබා ගැනීමේ සංස්කෘතිය අභියෝගයට ලක් කරමින් පහර දුන් දකුණු අප්‍රිකාව (6 x 5) ,(4 x  3) පන්දු 8 ක් පමණක් එසේ සීමාවෙන් පිටතට එල්ල කළ අතර ඉතිරි පන්දු 34 තුළ කෙටි ලකුණු වලින් ලකුණු 40 ක් ලබා ගත්තේය.විශේෂයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ විශාලත්වය ප්‍රයෝජනයට ගත් දකුණු අප්‍රිකා පිතිකරුවෝ එක ලකුණ ලකුණු 2 බවට පත් කර ගනිමින් කඩුලු අතර දිව ගිය ආකාරය විශ්මිත විය.වේගය මෙන්ම ජවසම්පන්න බව අතින් ද තමන් 20 / 20 තරග සදහා සැපිරු සුදුසුකම් සහිත බව පෙන්නුම් කළ ඔවුන් සිය පන්දු ඕවර් 7 නිමාවට පත් කළේ ලකුණු 78 ක් ලබා ගනිමින්ය.මහේල පන්දු ඕවර් දෙකේ පන්දු යවන්නන් දෙදෙනා කවුරුන් ද යන්න තෝරා ගැනීමේදී යම් අපහසුවකට මුහුණ දුන් බව පෙණුනු අතර දිනය ගැන නොසිතා ඔහුට අවසානයේ  නම ඇති ලිසිත් මාලිංග සහ රංගන හේරත් තෝරා ගැනීමට සිදුවිය.එය එතරම් ප්‍රයෝජනයක් සහිත ක්‍රියාවක් නොවිණ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාව දැවැන්ත ඉලක්කය හේතුවෙන් යම් තැති ගැන්මකට ලක් වී සිටි බවක් පැහැදිළි කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස තිලකරත්න ඩිල්ෂාන් ගේ කඩුල්ල දුවද්දී දැවී යාමක් ලෙස දකුණු අප්‍රිකාවට පූජා කරද්දී ලකුණු පූවරුව ලකුණු 4 ක් පමණක් විය.ඩිල්ෂාන් ට ලකුණු ලබා ගැනීම සදහා  එක් පන්දුවකට හෝ මුහුණ දීමටවත් අවකාශ නොලැබිණ.අනතුරුව මහේල ද දකුණු අප්‍රිකාව විසින් දවා ගන්නා කඩුලු පෝලිමට එක් වීමෙන් පීඩනය දෙගුණ තෙගුණ වූ අතර නවක ඩිල්ෂාන් මුණවීර එම පීඩනය ඉදිරියේ ලකුණු ලැබීමට උත්සාහ ගන්නෙකු පමණක් වූ අතර ඔහු ලකුණු 13 ක් සහ සංගක්කාර ලකුණු 13 ක් ලබමින් ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභීන් වූහ.කඩුලු අතර දිවීමෙන් ලකුණු ලබා ගැනීමේ පාඩම උගත් බවක් පෙනෙන්නට නොතිබි අතර ඇතැම් විට අප ක්‍රීඩක සිරුරු ඒ තරමට ජවය සහ වේගය සහිත සිරුරු නොවිමද ප්‍රායෝගිකව එයට හේතු වන්නට ඇත.
පන්දු ඕවර් 7 තුළ ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලබා ගත් ලකුණු 46 තුළ 4 පහර 4 ක් පමණක් සටහන් වූ අතර ඉතිරි පන්දු 38 ක් තුළ ඔවුන් ලබා ගෙන ඇත්තේ ලකුණු 30 ක් පමණකි.මේ වෙනස දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ජය පරාජය තීරණය කළ විශාල සාධකයක් වූ අතර එය මෙම තරගාවලියේ ඉදිරි තරග වලදී ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු අප්‍රිකාව සමග තරග වදින සෙසු කණ්ඩායම් වලට ද විශාල අභියෝගයක් වනවාට සැක නැත.පන්දු 13 කින් ( 6 x  2 සහ 4 x  1 ) ලකුණු 30 ක් ලැබු ඩිවිලියර්ස් තරගයේ වීරයා වූ අතර ඔහු පන්දු 3 කින් ලකුණු 16 ක් ලබා ගන්නා අතරේ පන්දු 10 දී ලකුණු 14 ක් ලබා ගත්තේ කඩුලු අතර වේගවත් ධාවනයට ඇති සිය හැකියාව උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින්ය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533278.html

www.supirikrida.com

වොට්සන්ට යළිත් තරගයේ වීරයා සම්මානය

Shane Watson took two wicketsස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් ගේ තුන් ඉරියව් දක්ෂතා පිහිටෙන් ලකුණු 192 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව ලකුණු 17 ක ජයක් ලබන්නට හැකි  විය.පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉණිම අර්ධ ශතක වලින් ශක්තිමත් කළ ක්‍රිස් ගේල් (53) සහ මාලන් සැමුවෙල් (50) ගේ දක්ෂතා සමග ලකුණු 191 ක් දක්වා ඉදිරියට ගියේ ඕස්ට්‍රේලියාව දැඩි අපහසුවට ලක් කරමින්ය.මිචෙල් ස්ට්‍රැක් ලකුණු 35 ට කඩුලු 3 ක් සහ ෂේන් වොට්සන් ලකුණු 29 ට කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් විය.
පිලිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාවට දැවැන්ත ලකුණු ඉලක්කය මෙන්ම ඒ වන විට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඉහළින්  මුදුන්ව තිබුණු,කළු වළා වලින් පැවසුණු වැහි ළග එන බවට කළ නිවේදනයත් සමග ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය ලබා ගැනීමට හැකි ආකාරයේ වේගයක් රදවා ගත යුතුව තිබිණි.මේ අභියෝගයට මුල සිටම තමන් සූදානම් බව පෙන්වූ ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වර්නර් (28) සහ ෂේන් වොට්සන් (නොදැවී 41) ආරම්භක කඩුල්ලට ලකුණු 30 ක් එකතු කළේ පන්දු ඕවර් 2.1 තුළදී ය.පසුව පැමිණි මයික් හසී පන්දු 19 කින් ලකුණු 28 ක් ලබා නොදැවී සිටියදී වර්ෂාව නිසා තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට යටත් කළ අතර ඒ වන විට ඕස්ට්‍රේලියාව පන්දු ඕවර් 9.1 දි ලබා සිටි  ලකුණු 100 ලකුණු 17 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533279.html

www.supirikrida.com

Sep 22, 2012

නවසීලන්තයෙන් සහ එංගලන්තයෙන් ලකුණු වැස්සක්

Brendon McCullum raises his bat after scoring a centuryවසීල්නත කණ්ඩායම බංගලාදේශයට එරෙහිවත් එංගලන්තය,ඇෆ්ගනිස්තානයට එරෙහිවත් කළ දැවැන්ත ප්‍රහාරය නිසා පල්ලේකැලේ ක්‍රීඩාංගණය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තාගත පිටියක් බවට පත් විය.නවසීලන්තය වෙනුවෙන් ලකුණු 123 ක් ලබමින් අන්තර්ජාතික 20 / 20 තරගයක හොදම ඉණිම දියත් කළ මේ වන විට 20 / 20 පිතිකරුවන් අතර ලොව පළමු තැන දිනා සිටින බ්‍රෙන්ඩන් මැකලම් නවසීලන්තය ලකුණු 191 දක්වා රැගෙන යන්නට සමත් විය.නමුත් එම තරගයෙන් පසුව ඇරඹි එංගලන්ත තරගයේදී ලුක් රයිට් නොදැවී ලබා ගත් ලකුණු 99 සමගින් බංගලාදේශයට එරෙහිව එංගලන්තය රැස් කළ ලකුණු 196 නවසීලන්තයේ වැඩිම ලකුණු ප්‍රමාණය අභිබවා මෙවර තරගාවලියේ වැඩිම ලකුණු සහිත ඉණිම බවට පත් විය.
කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළ බංගලාදේශයට බලාපොරොත්තු වූ සහය පන්දු යවන්නන්ගෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි නොවුණු අතර ප්‍රචණ්ඩ පිතිකරණයක නියැලි බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 58 කින් ලකුණු 123 ක් රැස් ක‍ළේ බංගලාදේශ පන්දු යවන්නන්ව සිත් පිත් නැති ප්‍රහාරයකට ලක් කරමින්ය.පිළිතුරු ඉණිමට පිවිසි බංගලදේශ ප්‍රහාරක බල ඇණිය ලැබී තිබුණු විශාල ඉලක්කය ඉදිරියේ දැඩිව අසරණ වූ බවක් පෙණින.ඒ නිසාම අනවශ්‍ය පීඩනය ඔවුන්ට නිසි මානසික මට්ටමක සිට හඹා යාමට ඉඩ හසර ලබා නොදුන් අතර නසීර් හොසේන් පමණක් පන්දු 39 කින් ලකුණු 50 ක් රැස් කර එය හඹා ගොස් ගැනීමට හැකි ලකුණු ප්‍රමාණයක් විය හැකි බවට ඉගි සැපයීය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533276.html තරගාවලියේ ලකුණු පූවරුවට ඉහළ සබදතාවය මගින් පිවිසිය හැකිය.
ලුක් රයිට් පන්දු 55 කින් නොදැවී ලබා ගත් ලකුණු 99 මෙන්ම ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන් සිය දුර්වලතා මගින් ලබා දුන් අවස්ථාත් ප්‍රයෝජනයට ගත් එංගලන්තය සිය පන්දු වාර 20 අවසන් කළේ ලකුණු 196 ක් ලබා ගනිමින්ය.පල්ලෙකැලේ දි බංගලාදේශයට අත් වූ ඉරණම දකිමින්ම ඇෆ්ගනිස්තානය ද කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමේ වාරය එංගලන්තයට පැවරීය.එම ඉරණම පෙරළා ඇෆ්ගනිස්තානය වෙත හැර වූ එංගලන්ත පිතිකරුවන් ලබා ගත් ලකුණු 196 හඹා යාමට පිවිසි ඇෆ්ගනිස්තානය එම දැවැන්ත ලකුණු ප්‍රමාණය ඉදිරියේ කර කියා ගත දෙයක් නොහැකිව අසරණ වූ බවක් පෙණින.එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 17.2 ක් නිමා වෙද්දී ලකුණු 80 ක් ව පැවති ඇෆ්ගනිස්තානයේ ඉණිම සියල්ලන්ම දැවී යමින් නිමාවට පත් විය.
මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.
www.supirikrida.com



ඉහළ ක්‍රිකට් තාක්ෂණය ආලින්දයට


විවිධ ස්ථානයන් පාදක කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව හැදෑරිම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය නිවසේ සිටම එහි නිර්වද්‍ය ශිල්පීය භාවිතය පිළිබදව නිවිහැනහිල්ලේ හැදෑරීමට අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සීඑස්එන් නාලිකාව පියවර ගෙන ඇත.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි පුහුණුකරුවන්ගේ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජාතික පුහුණුකරුවන් ඊට සහභාගි වීමට නියමිතය.
ඒ අනුව මෙම වැඩ සටහනට පන්දු රකින්නන් පුහුණු කිරිමට රුවන් කල්පගේ සහභාගි වන අතර,පන්දු යැවීමේදි දග පන්දු යවන්නන් පුහුණු කිරීම පියල් විජේතුංගට පැවරී ඇත.වේග පන්දු යවන්නන් පුහුණු කිරීම චම්පක රාමනායකත් පිතිකරණය පිළිබදව පුහුණුව ලබා දීම මාවන් අතපත්තු වෙතින් ද සිදු වීමට නියමිතය.
www.supirikrida.com

Sep 21, 2012

සිම්බාබ්වේ නැවතත් පරදියි

Jacques Kallis was named Man of the Match for his 4 for 15සියළුම කණ්ඩායම් 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දස්කම් අනුව ඊ ළග වටය දක්වා පිවිසීමට අවශ්‍යය ජයග්‍රහණ සොයමින් වෙහෙසෙද්දී ඊ ළග වටයට නොපිවිසෙන කණ්ඩායම ලෙස පළමු සහතිකය ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.ශ්‍රී ලංකාව ද තරග කරන සී කාණ්ඩයෙන් තරග බිමට පිවිස සිටින ඔවුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ ලද දැවැන්ත පරාජයෙන් නොනැවතී දකුණු අප්‍රිකාව ඉදිරියේද 10 ක පරාජයක් ලබමින් සී කාණ්ඩයේ අන්තිමයා බවට පත් විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම තරගයේදී ක්‍රීඩාංගණය ස්වභාවය අනුව  කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීම සිදු කළේ ඉතා අසීරුවෙන්ය.එම තත්ත්වය තව දුරටත් දැඩි කළ ජැක් කලිස් ගේ පන්දු යැවීමේ ප්‍රවේශය සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 100 දක්වා යාමට හෝ අවස්ථාව ලබා නොදුන්නේය.ලකුණු 93 ට සීමා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 4 ක් ම කලිස් ගේ ගිණුමට වැටුණේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්ය.
පිලිතුරු ඉණිමට ඉකුත් වසරේ හොදම 20/20 ක්‍රීඩකයා වූ රිචඩ් ලිවි සහ හසීම් අම්ලා ගේ ආරම්භය ජයග්‍රහණය දක්වා යාමට හොදින්ම ප්‍රමාණවත් විය.තරගාවලියේ සෙසු කණ්ඩායම් වලටත්අනතුරු ඇගවීමක් කළ ලිවි,13 වන පන්දු ඕවරයේ ජයග්‍රාහී ලකුණ සම්පූර්ණ වන විට පන්දු 44 දී ලකුණු 50 ක් ලබා නොදැවී සිටියේය.තරගයේ වීරයා ලෙස ජැක් කලිස් සම්මානනීය වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය ය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533275.html
www.supirikrida.com