May 30, 2012

රාජකීයන් යළි පෙරමුණට


පාසල් රග්බි වසන්තයේ පස්වන සතිය ඉක්මවා යද්දී යළිත් පෙරමුණට ඒමට කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායමට හැකි වී ඇත.තරගාවලියේ ආරම්භක සතියේ පෙරමුනේ සිටි රාජකීය කණ්ඩායම අභිබවා යමින් ඉන් අනතුරුව කොළඹ ශාන්ත පීතර විද්‍යාලය පෙරමුණට පැමිණ ලකුණු සටහනේ ඉදිරියේ සිටීමට සමත් විය.නමුත් යළිත පස්වන සතිය වන විට රාජකීය විද්‍යාලය යළිත පෙරමුණට පැමිණ තිබෙන අතර රාජකීය සහ ශාන්ත පීතර යන විද්‍යාල ද්විත්වයම මේ වන විට ප්‍රථම කොටසේ සිය ශක්තිය මනාව විදහා පෙන්වමින් අපරාජිතව සිටිති.එම කණ්ඩායම් දෙකට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ද තවමත් පළමු කාණ්ඩයේ අපරාජිතව සිටින බැවින් තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කරන මොහොත වන විට මෙවර පාසල් රග්බි තරගාවලිය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.
තරගාවලියේ ඒ ඒ අංශවල දී පාසල් ලබා ඇති ජයග්‍රහණ සහ ලකුණු සටහනේ තත්ත්වය පිළිබදව පාසල් රග්බි සම්මේලනය නිකුත් කළ නිල ලකුණු සටහන මේ සමග දැක් වෙනවා.

5th   Week     - 15th to 21st  May


                         Points Table 2012






Division - 1A-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Royal College Colombo
5
5

0
30
17
02
00
190
90
2.50
27.50
5.50

2
St. Peter's College Colombo
5
5
0
0
36
28
08
00
260
64
2.00
27.00
5.40

3
Trinity College Kandy
5
5
0
0
26
15
11
00
193
90
2.00
23.00
4.60

4
Isipathana College Colombo
5
3
1
1
30
20
08
00
214
76
2.50
21.00
4.20

5
Vidyartha College Kandy
5
2
2
1
16
09
05
01
116
167
1.00
15.50
3.10

6
Science College Mt. Lavinia
5
2
3
0
11
08
04
01
86
94
1.00
14.00
2.80

7
St. Joseph's College Colombo
5
1
4
0
23
09
05
01
149
169
2.00
11.00
2.20

8
Kingswood College Kandy
5
1
4
0
14
05
01
00
83
180
1.50
10.50
2.10

10
D.S.Senanayake College Colombo
5
0
4
1
05
01
01
00
30
263
0.50
7.00
1.40

9
St.Anthony's College Kandy
5
0
4
1
08
01
00
00
42
168
0.00
6.50
1.30













Division – 1B-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Dharma raja College Kandy














2
S. Thomas' College Mt.Lavinia
5
5
0
0
43
25
01
00
268
50
2.50
27.50
5.50

3
Wesley College Colombo
5
5
0
0
43
23
01
00
264
17
2.50
27.50
5.50

4
Mahanama College Colombo
5













5
Thurdtan College Colombo
5
03
02
00
15
07
01
00
92
98
1.00
18.00
3.60

6
C.W.W.Kannangara MMV Colombo
5













7
Lumbini College Colombo
5
1
3
1
06
03
01
00
39
219
0.00
10.50
2.10

8
Nalanda College Colombo
5
1
4
0
07
03
01
00
44
145
0.00
9.00
1.80

9
St.Sylvester's College Kandy














10
Carey College Colombo
5
0
5
0
05
01
05
00
42
281
1.00
6.00
1.20






                 






Division - 1A-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Prince of Wales College Moratuwa
5
5
0
0
61
29
0
0
363
72
2.50
27.50
5.50

2
Ananda College Colombo
5
5
0
0
42
15
03
00
249
19
2.50
27.50
5.50

3
Zahira College Colombo
5
4
1
0
36
09
01
00
201
63
2.50
23.50
4.70

4
St. Benedict's College Colombo
5
3
2
0
08
05
01
00
53
103
0.00
17.00
3.40

5
 Royal College Panadura
5
2
2
1
14
01
00
00
72
88
1.50
16.00
3.20

6
St. John's College Nugegoda
5
2
2
1
07
02
00
00
41
93
0.50
15.00
3.00

7
Maliyadeva College Kurunegala
5
2
3
0
08
06
04
00
66
151
0.5
13.50
2.70

8
St. Thomas'  College Matele
5
1
4
0
07
04
05
00
58
97
0.50
9.50
1.90

9
Dharmapala MV Pannipitiya
5
0
5
0
03
01
01
00
20
208
0.50
5.50
1.10

10
St. Anne's College Kurunegala
5
0
5
0
04
02
00
00
24
102
0.00
4.00
0.80
10










ආසියානු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබද තොරතුරු සංචිතයක් සෑම මාධ්‍යකටම


සියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබදව තොරතුරු ඇතුළත් සංයුක්ත තැටියක් සෑම මාධ්‍යයක් වෙතම නිකුත් කිරීමට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මාධය අනු කමිටුව විසින් මේ වන විට කටයුතු කර ගෙන යමින් සිටියි.ඔහු ගේ හෝ ඇයගේ ඉසව්ව මෙන්ම පෞද්ගලික හොදම දක්ෂතා ආදි කරුණු ගණනාවක් ඇතුළත් මෙම සංයුක්ත තැටියේ එම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සම්බන්ධ කර ගැනීමට හැකි මාර්ගය කවරේද යන්න ද සදහන් වෙනවා.
ජූනි මස 5 වන දා සිට මෙම සංයුක්ත තැටිය ජනමාධ්‍ය ආයතන වෙත ලබා ගැනීමට හැකි වනු ඇතැයි මාධ්‍ය ඒකකය විශ්වාස කරන අතර දැනටමත් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් සමගද සියළුම ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා කළ හැකි ආකාරයේ වැඩ පිළිවෙලක් සකස් කරන්නට ජනමාධ්‍ය කමිටුව පියවර ගෙන තිබෙනවා. 

May 29, 2012

කෙටියි - සොදුරුයි


https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137967e12fa04419&attid=0.1&disp=inline&realattid=f_h2rodtwe0&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1338260350250&sads=4tAx0Q-xmqwQMV3pf6ccfJnNxw4ශ්‍රී  ලංකාවේ පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය,සුරතලා ,නිල ලාංඡනය මෙන්ම ගීතය එළි දැක්වීමටත් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සූදානම් වූ හදිසි කෙටි උත්සවය චමත්කාරජනක එකක් වූයේ ම එහි කෙටි බව නිසාය.නිදහස් චතුරස්‍රය තෝරා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික වටිනාකමක් සහිත එම උත්සවයට අභිමානවත් බවත් සරල බවත් මුසු කිරීමට එම තීරණයේ ප්‍රධානියා මෙන්ම වත්මන් මලල ක්‍රීඩා පරිපාලනයේ ප්‍රධානියාද වන මේජර් ජෙනරාල් දයා රත්නායකයන් ගත් උත්සාහය අගය කළ යුතුය.
https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137967e12fa04419&attid=0.2&disp=inline&realattid=f_h2roeoo01&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1338260266601&sads=q7ZIv19jQke_XSOe_0gCdz1bMg0නමුත් මෙම අසිරිමත් කෙටි උත්සවය සමාජ ගත කිරීමේ සොදුරු නිමේෂයන් රූපවාහිණි සහ නිශ්චල කැමරා තුළ ප්‍රමාණාත්මකව තැන්පත් නොවුණේ එම අවස්ථාව හදිසියේ ම සංවිධානය වීම නිසා මෙන්ම හදිසියේ ලැබුණු ආරාධනයේ තිබූ ප්‍රායෝගික දෝෂයක් ද හේතුවෙන් ය.සාමාන්‍යයෙන් ක්‍රීඩා මාධ්‍යවේදීන්ට කාලයක් සකසා ගැනීමට තිබෙන අවස්ථාවන් නිශ්චය කර ගෙන මෙවැනි දේ පැවත්විය යුතු අතර සකස්කර ගත් කාල සටහනෙන් බැහැරව හදිසි තීරණ වෙනුවෙන් සකස්වීම අසීරු කටයුත්තකි.එමෙන්ම එම හදිසි ආරාධනයේ ටයි කෝට් පැළද පැමිණෙන ලෙස සදහන් කර තිබීමද හදිසි ආරාධනයක දී නොවිය යුතුව තිබිණ.නිදහස සංඛේතවත් කරමින් ඉදි වූ නිදහස් චතුරස්‍රයේදි එවැනි උත්සවයක් පැවත්වෙද්දී ටයි කෝට් ගැන කතා කිරීමම නැවත නිදහස ප්‍රශ්න කිරීමක් බැවින් එය එම ආරාධනයේ සදහන් නොවුණානම් අපූරුය.
එහෙත් කෙටි උත්සවයේ පෙළගැස්ම නම් සොදුරුය.අගය කළ යුතුය.උත්සවයේ ගීතය එළි දැක්වුණු අවස්ථාව ඉහළ ඡායාරූපයෙන්ද,පහළ ඡායාරූපයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අතින් වෙබ් අඩවිය විවෘත වූ අවස්ථාවද එම අවස්ථාවට එක් වූ මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ‍සහ යොවුන් පොදුරාජ්‍ය මන්ඩලීය පදක්කම්ලාභී කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ශිවන්තිකා කුමාරි රත්නායක ද ඡායාරූපයේ වෙති.

ක්‍රීඩා ඇමති නිකොලස්ට තුති පුද කරයි


2012-05-28.jpgසියානු මලල ක්‍රීඩා සම්මේලනයට වාර්තා වූ කරුණු කිහිපයක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ පැවත්විමට නියමිතව තිබූ කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා උළෙල නවතා දැමීමට ආසියානු සම්මේලනය ගත් තීරණය ශ්‍ර ලංකාවේ කරුණු දැක් වීමට අනුව දිනක් ඇතුළත විධායක කමිටුව සමග සාකච්ඡා කර යළි වෙනස් කිරීමට මොරිස් නිකලස් විසින් ගත් උත්සාහය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශේෂ ඇගයීමකට ලක් කළේය.
ක්‍රීඩා උූළෙල වෙනුවෙන්ම සම්ඵාදිත කාරණා පිළිබදව සොයා බැලීමට ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයාද ක්‍රීඩා අමාත්‍යංශයේදී මුණ ගැසුණු අතර එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.තරග උළෙලේ තාක්ෂණ කමුටු පිළිබදව මෙන්ම,අලුතින් ඉදි කෙරුණු ධාවන පථය ඇතුළු කරුණු ගණනාවක් මොරිස් නිකලස් ඇතුළු පිරසගේ අවධානයට ලක් වීමට නියමිතව ඇත.

මම නායකයා හදුනා ගෙන ඉන්නෙ තව දින දෙකකින් කියන්නම්- සුසන්තිකා ජයසිංහ


http://qbr.melbourne2006.com.au/_content/photogalleryitem/00000897-photo.jpgසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරිය යුත්තේ කාටද යන්න මේ වන විට හදුනා ගෙන ඇති බව එම කණ්ඩායමේ කළමණාකාරිය වන ඔලිම්පික් පදක්කම්ලාභී සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති සුසන්තිකා ජයසිංහ පැවසීය.ක්‍රීඩා උළෙලේ සුරතලා,නිල ලාංඡනය,වෙබ් අඩවිය මෙන්ම උළෙලේ තේමා ගීතය එළි දැක්වීම සදහා පැවති නිල උත්සවය නිමාවේ දී ඇයගෙන් කළ විමසීමක දී ඇය මේ බව පැවසීය.
ශ්‍රී ලංකවෙන් පමණක් නොව ආසියාවෙන්ම කෙටි දුර ඉසව්වකදී ඔලිම්පික් පදක්කමක් දිනා ගත් එකම ක්‍රීඩිකාව වන සුසන්තිකා, මලල ක්‍රීඩිකාවක ලෙස සිය ක්‍රීඩා ජීවිතයට සමු දීමෙන් පසුව ක්‍රීඩාව සමග නිල වශයෙන් එක් වන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව සිය ක්‍රීඩා තරග සංවිධාන ඉතිහාසයේ ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලක් සංවිධානය කරන පළමු මොහොතේදී එහි කළමණාකාරිය ලෙස කටයුතු කරන්නට ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂීම මලල ක්‍රීඩිකාව ලෙස ඇයට අවස්තාව හිමි වීම අගය කළ යුතුය.
මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සදහා අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා ගිය සුපුන් විරාජ් රන්දෙණිය,(මීටර් 110 කඩුලු ) මිලාන් මධුෂ්ක (උස පැනීම) සහ මධුෂානි නිමේෂා (උස පැනීම ) ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් සහ ජයග්‍රහණ ලැබූ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් මේ සංචිතයට ඇතුලත් ව සිටිති.