May 11, 2012

කොදෙව් ලලනාකොදෙව් ලලනාවෝ තරගාවලිය ජය ගනිති - සිව්වන තරගයේ සුරිය මධුරිවෝ තරගාවලිය ජය ගනිති - සිව්වන තරගයේ සුරිය මධුරි

Yasoda Mendis scored a half-century in Sri Lanka Women's winටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති 20 /20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායම 3-1 ලෙස සතු කර ගත්තේය.ප්‍රථම තරග තුනම ජයගත් කොදෙව් කණ්ඩායමට එරෙහිව සිව්වන තරගයේදී පළමු වරට 20 /20 තරගයකට පිවිසි මධුරි සමුද්දිකා සිය 20 / 20 ප්‍රවේශය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබාදීම සදහා මුල් වෙමින් ලකුණු 11 ට කඩුලු 3 ක් ලබා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට ද සමත් වුවාය.
එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී ඉහළ දස්කම් දැක්වීමට අපොහොසත් වූ අතර යශෝධා මෙණ්ඩිස් 21 සමග නායිකා දිල්හානි මනෝදරා සහ ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී ලකුණු 14 බැගින් කරන ලද එකතු කිරීමත් සමග ලකුණු පූවරුව 90 දක්වා ගෙන යාමට හැකි විය.පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජුලියානි නිරෝ ලකුණු 32 ක් ලබා ගත්තද මධුරි සමුද්දිකා ගේ පන්දු යැවීම වඩාත් ප්‍රබල වූ අතර ඒ අනුව තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
පස්වන තරගය වැසි දියෙන් සේදී ගිය අතර තරගය පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දුන් පන්දු ඕවර් 18ග2 ට සීමා විය.චාමිනි සෙනවිරත්න මෙහි දී අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 ට කඩුලු 3 ක් දවා සිටි අතර තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුනු තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන තරගය නවතන විට පන්දු යවමින් සිටි අතර ඇයගේ ඒ වන විට පන්දු යැවීම කියැවුණේ පන්දු ඕවර් 3.2,එක් නිලකුණු ඕවරය යි සහ ලකුණු 5 සහ කඩුලු 2 ක් ලෙසය.තරගය බේරා ගැනීම සදහා කොදෙව් පිළ වෙනුවෙන් පෙරට පැමිණි එකම පිතිකාරිය බවට පත් වූ ඩියෙන්ද්‍රා ඩොටින් ලකුණු 52 ක් ලබා ගෙන නොදැවී සිටියේය.  

May 10, 2012

නෙළුම් මලෙන් විකසිත වන්නට මංජුල සහ ශෙහාන් සූදානමින්

 තායි බසෙන් නෙළුම් මල ලෙස හැදින්වෙන ක්‍රිබ්බුවා ක්‍රීඩාංගණයේ හෙට (මැයි 11) ඇරඹෙන ආසියානු ග්‍රොන්ප්‍රී 2012 තරගාවලියේ දෙවැන්නේ දී තමන්ගේ උපරිමයට පැමිණිමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ‍උස පැනමේ සූර මංජුල කුමාර සහ කෙටි ධාවන සූර ශෙහාන් අඹේපිටිය විශ්වාසය පළ කරයි.ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ ප්‍රථම අදියර 8 දා බැංකොක් හි පැවති අතර එහිදී මංජුල උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානයත්,ශෙහාන් මීටර් 100 ඉසව්වේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.
මංජුල බැංකොක් හී දී ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ අනූනවයෙනි.ෂෙහාන් ද මේ වසරේ තමන්ගේ හොදම කාලය වාර්තා කළ අතර ෂෙහාන් මෙන්ම පුහුණුකරු සුනිල් ගුණවර්ධන ද විහ්වාසය පළ කරන්නේ ක්‍රිබ්බුවා ධාවන පථයේදී ශෙහාන් ඉතා හොද මට්ටමෙන් දක්ෂතා දක්වනු ඇති බවය.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරු ද මේ වන විට මුහුණ දී සිටින විශාලතම අපහසුව වී ඇත්තේ ක්‍රීඩකයන්ගේ මංශ පේශි තරග වැදීමට උචිත තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍යය සම්භාහන පහසුකම් සපයා ගැනීම වන අතර මේ වන විට ලෙඩකට අත් බෙහෙත් සපයා ගන්නා ආකාරයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම එකිනෙකා ට උපකාරී වෙමින් සිය සම්බාහන කටයුතු සිදුකර ගැනීම අනෙකුත් රටවලින් මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් සිය සම්බාහකයන් මගින් සම්බාහන අවශ්‍යයතා ඉටු කර ගන්නා ආකාරය හා සසදන විට ඉතාමත් පහල මට්ටමේ තත්ත්වයකි.
තරගාවලියට ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ප්‍රසන්න අමරසේකර මෙන්ම ඇමෙරිකාවේ සිට පැමිණි ක්‍රිස්ටීන් මෙරිල් ද සිය ප්‍රථම තරගයට වඩා හොද කාලයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර මීටර් 400 සූරි චන්ද්‍රිකා සුභාෂණී මෙම තරගාවලියට සහභාගී වීම සදහා සළකා බැලූ කාලයන් හා ගත් විට තවමත් එම ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාව වන අතර ඇයට ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීම මෙන්ම ජයග්‍රහණය ලැබීමට ද මෙම ධාවන පථය හොද අවස්තාවක් වනු ඇතැයි සැළකිය හැකිය.
ප්‍රථම තරගයේදී ඩොලර් දීමනාවට හිමිකම් නොකී එකම ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ වරුණ ලක්ෂාන් දයාරත්න ද මේ තරගයේ දි සිය උපරිම දක්ෂතාවයට පිවිසීම වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් සිටින අතර එසේ වුවහොත් ඔහුට ද මුල් ස්ථාන තුන අතරට පිවීසීමට වැඩි අපහසුවක් නොවනු ඇත.කෙසේ වුවත් ආසියාකරයේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමුවරට සහභාගි වන ජාත්‍යන්තර මට්ටමේ තරගය මෙය වන අතර ඒ නිසා ප්‍රථම ග්‍රොන්පී අදියරේදී වැඩි දක්ෂතා වාර්තා නොවිණ.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වරුණ ලක්ෂාන් හැරෙන්නට සෙසු සියළුම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම අදියරේ ප්‍රථම ස්ථාන තුනෙන් එකකට සුදුසුවන අන්දමේ දක්ෂතා දැක්වීම නිසා මේ තරග උළෙලේ අවධානයට ලක් වූ පිරිසක් බවට සෙසු කණ්ඩායම් අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ අවධානයක් දිනා ගෙන ඇත. www.supirikrida.com

චතුර සැනසිලි වටයෙන් දිනයි


තායිලන්තයේ පතායා හී පැවති තායිලන්ත විවෘත කණිටු සහ කැඩෙට් මේස පන්දු තරගාවලියේ අවුරුදු 12 න් පහළ පිරිමි බාලක සූරතාවය සහ අනු සූරතාවය දිනා ගන්නට පිළිවෙළින් ශ්‍රී ලංකාවේ චතුර ගුණසේකර සහ ලිත්මිණ මහානාම සමත් වූහ.මහනුවර සසෙක්ස් විද්‍යාලයේ සිසුවෙකු වන චතුර අතින් අවසන් තරගයේ දී පරාජය වූ ලිත්මිණ කොළඹ වෙස්ලි විද්‍යාලයේ සිසුවෙකු වෙයි.අවසන් තරගයේ ලකුණු තත්තවය  11/02,11/08 සහ 13/11 ක් විය.
චතුර අතින් අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවේ සෙනාඩි සකී පරාජයට පත් වූ අතර ලිත්මිණ අවසන් පූර්ව තරගයේදී තායිලන්ත ක්‍රීඩකයා සහභාගි නොවීම නිසා නිතරග ජයක් ලැබීය.www.supirikrida.com


May 9, 2012

අවුරුදු 12 න් පහළ ටේබල් ටෙනිස් පැංච - පැංචියන්ගෙන් තායිලන්තයේ දී දස්කම්

තායිලන්තයේ පැවත්වෙන විවෘත කනිෂ්ඨ සහ කැඩෙට් මේස පන්දු තරගාවලිය නියෝජනය කරන අවුරුදු 12 න් පහළ  ක්‍රීඩිකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිස ඇත.එම වයස් ඛාණ්ඩය නියෝජනය කරන බාලක කණ්ඩායමද ප්‍රථම කණ්ඩායම් 16 අතරට පිවිස සිටියි.විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා අවුරුදු 12 න් පහළ කණ්ඩායම් වෙතින් සත්කාරක තායිලන්ත කණ්ඩායම් පරාජය වීමය.
අවුරුදු 15න් පහළ කණ්ඩායම් ප්‍රදාන තරග වට වලින් ඉවත්ව සිටින අතර අවුරුදු 15න් පහළ බී කණ්ඩායම සැනසිලි වටයෙන් අනු සූරතාවයට පිවිස ඇත.නමුත් අවුරුදු 15 න් පහළ කේවල තරග වලදී චින්තක ඒකනායක අර්ධ අවසන් පූර්ව තරග වලට පිවිස සිටියි.
අවුරුදු 12 න් පහළ බාලිකා කණ්ඩායම් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රසිනි දහනෙක විසින් පොහ්මා තපානි පරාජයට පත් කළේ ලකුණු 11/06,11/06 සහ 11/09 ලෙසය.හංසිනි පියුමාලිට සරිටාපිරික් මොනප්සෝර්න් වෙතින් නිතරග ජයක් අත්විය.ඉමාෂා ද සිල්වා වෙතින් පෙටහොන් නටපෝන් පරාජයට පත් වූයේ ලකුණු 11/17,11/1,10/12 සහ 11/3 ලෙසය.


May 8, 2012

මංජුල පළමු තැනට එයි - ෂෙහාන්ට දෙවන තැන

සියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියේ පළමුවැන්න ඊයේ බැංකොක් හී දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදි ක්‍රීඩකයන් අතරින් මංජුල කුමාරට පමණක් ප්‍රථම තැන හිමි වෙමින්.නමුත් ඊයේ තරග වැදි ක්‍රීඩකයන් අතරින් සුදුසුකම් ලැබීමේ දක්ෂතා අතර ස්ථානයක් දිනා ගැනී‍මට හැකි තත්ත්වයක් නොපෙන් වූ ෂෙහාන් අඹේපිටිය දෙවන ස්ථානයට පත් වෙමින් ඉදිරි තරග සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කිරීම සුභදායක තත්ත්වයක්
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වු මංජුල කුමාර ඊයේ දිනයේ අවසානය සටහන් කරමින් පැවති උස පැනීමේ තරගයේදී රැස් ව සිටි සීමිත ප්‍රේක්ෂක සියල්ලගේම අවධානය දිනා ගැනීමට සමත් වුණා.මීටර් 2.23 ක උසක් ඉක්මවා යාමෙන් පසු කෙළින්ම ඔලිම්පික් පරිසාධන මට්ටම වූ මීටර් 2.28 ට නො’පිවිස 2.26 උස තරණය කළේනම් මංජුල ගේ දක්ෂතාවය තවත් ඉහළ යන්නට තිබුණු අතර නමුත් ඔහු ඉතා පහසුවෙන් එම උස කඩඉම් තරණය කළ ආකාරයෙන් බොහෝ විට ඉදිරි තරග දෙකේදී මංජුල කුමාර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසු වූ කණ්ඩායමට එක්වනු ඇතැයි අනුමාණ කළ හැකියි.
මංජුල ද එම අදහස සනාථ කරමින් තමන් ඉතාම හොද මානසික විශ්වාසයකින් සිටින බව පැවසූ අතර තමාට මීටර් 2.28 ට පිවිසීම ආකාර දෙකකින් වැදගත් බව පෙන්වා දුන්නා.මන්ද දැනට පවතින මංජුලම සතු ශ්‍රී ලංකා වාර්තාවද (2.27) යළිත් මීටර් 2.28 ක උසත් සමග අලුත් කිරීම ද මංජුලගේ බලාපොරොත්තුවක් බවට පත් වී තිබෙනවා.
තමා මේ වසරේ ඉදිරිපත් වු දෙවන තරගයේ දී ප්‍රථම තරගයට වඩා ප්‍රගතියක් ලැබීම තමාට දෙවන ස්ථානයටත් වඩා වටිනා බව පැවසූ ෂෙහාන් අඹේපිටිය,සිය ආරම්භය පිළිබදව සතුටට පත් වුව ද තරගයේ අවසාන කොටසේ යම් දියුණුවක් සිදුවිය යුතු බවත් සිය දේශීය පුහුණුකරු සුනිල් ගුණවර්ධන සමග සාකච්ඡා කොට ඉදිරි තරග දෙකේදී මෙම තත්ත්වයට පිළියමක් ලබා ගැනීම අපේක්ෂවෙ බවත් පැවසුවා.එසේම සිය ජැමෙයිකානු පුහුනු සංචිතයේ ක්‍රීඩකයන් සමග මැයි 25 වන දා යුරෝපීය තරග ඉසව් ගණනාවක් සදහා සහභාගි වීමට පිටත්ව යන බව කී ෂෙහාන් මෙම තරග පදනම් කරගෙන එම තරග වලදී මීට වඩා විශාල ප්‍රගතියක් පෙන්වීම සිය අපේක්ෂාව බවත් පැවසීය.
තරගාවලියට සුදුසුකම් ලැබු දක්ෂතා සළකද්දී කාන්තා මීටර් 400 ඉසව්වේ ඉදිරියෙන්ම සිටි චන්ද්‍රිකා සුභාෂණීට අත් වූයේ තෙවන තැනයි.තත්පර 52.52 ක දක්ෂතාවයක් අනුව මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටි චන්ද්‍රිකා ඊයේ තෙවන තැනට පත් වෙමින් තරගය නිමා කළේ තත්පර 53.57 ක කාලයකට යි.ප්‍රථම ස්ථානය දිනූ ඉන්දියාවේ එම්ආර් පූවම්මා ට ද චන්ද්‍රිකා සුදුසුකම් ලැබූ කාලය ඉක්මවා යාමට නොලැබුණු අතර ඇය ඉසව්ව නිමා කළේ ද තත්පර 52.94 ට යි.
මීටර් 400 කාන්තා කඩුලු පැනීම ඉසව්වේ දෙවන තැන සිටි ක්‍රීස්ටීන් මෙරිල් ද පසුබෑමකට ලක්ව සිටි අතර ඇය වාර්තා කළේ ද තත්පර 58.20 ක කාලයක්.ඇය එම කාලය වාර්තා කරමින් තෙවන ස්ථානය දිනා ගත්තා. ආබාධයකින් පසුව පිටියට පිවිසුන ද ප්‍රසන්න අමරසේකර නැවත ප්‍රවේශය හොදින් සනාථ කරමින් තත්පර 47.52 ට තරගය නිමා කළේ තරගයේ තෙවන ස්ථානය දිනා ගනිමින්.
ශ්‍රී ලංකාවට පළමු ස්ථාන තුනෙන් එකක් හෝ දිනා දීමට අසමත් වූයේ වරුණ ලක්ෂාන් පමණයි.ආබාධයකට ලක්ව සිට සුව වෙමින් තරග බිමට පිවිසි ලක්ෂාන් සිය සාමාන්‍ය දක්ෂතාවය දැක්වීමට අපොහොසත් වීම කණගාටුදායක තත්ත්වයක් වූ අතර ඔහුට හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හත්වන තැන හිමි හිමි කර ගැනීමට වීසි කිරීමට වූ දුර මීටර් 67.80 ක් වූවා.
මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානයකට ඩොලර් 1500ක් දෙවන ස්ථානයට ඩොලර් 800 ක් සහ තෙවන ස්ථානයට ඩොලර් 500 ක් හිමිවන අතර මෙම ග්‍රෝන් ප්‍රී තරගයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් ජයග්‍රාහකයන්ට පදක්කම් පිරිනැමීමද අගය කළ යුතු වෙනවා.
තරග උළෙලේ ජනමාධ්‍ය වෙනුවෙන් පහසුකම් ලබා දීම නොසළකා හැර තිබීම කණගාටුදායක තත්ත්වයක් වන අතර විශේෂයෙන් මාධය කුටියක් හෝ අන්තර්ජාල පහසුකම් ලබා දී නොමැති වීම දැඩි කණගාටුදායක තත්ත්වයක්.මෙම නිසා බැංකොක් නගරයේ මිළ අධික අන්තර්ජාල පහසුකම් සොයා යෑමට හෝ එවැනි උපාංග මිළ දී ගැනීමකින් උළෙල වාර්තා කළ යුතු වීම මාධ්‍යවේදීන්ට විශාල ගැටළුවක් වී තිබෙනවා.  
ඊයේ තරගයේ කිසිදු ක්‍රීඩක ක්‍රීඩකයෙක් ඔලිම්පික් පරිසාධන මට්ටමට නො’පිවිසි අතර සමස්ත උළෙලේම දක්ෂතා පසුබැස්මක තිබෙන බව පැහැදිළි කළ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු සුනිල් ගුණවර්ධන ඊට බොහෝ විට ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම මෙම තරග උළෙල නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ ද මේ වසරේ පළමු අන්තර්ජාතික ඉසව්ව මෙය විය හැකි බව පෙන්වා දුන්නා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් පරිසාධන මට්ටම දක්වා රැගෙන ඒම අවශ්‍යය බව පෙන්වා දුන් සුනිල් ගුණවර්ධන එය පහසු කිරීමට ඉතා ඉක්මණින් විදේශ තරග සංචාර කිහිපයක් ලබා ගැනීමට හැකිනම් එය වැදගත් වනු ඇති බව ද ප්‍රකාශ කළා.
නිශ්මං රණසිංහ තායිලන්තයේ සිට
www.supirikrida.com

ලංකා ගැටවරයන්ට සැනසිලි වටයේ දෙවන තැන

තායිලන්තයේ ක්‍රියාත්මක තායිලන්ත විවෘත කණිෂ්ඨ සහ කැඩේට් මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ බී කණ්ඩායම අවසාන වටයේදී මාලිසියාව විසින් අනු සූරතාවය දිනා ගන්නට සමත් වුණා.වට 3 / 0 ක් ලෙස සිදු වූ එම පරාජය නිසා ශ්‍රී ලංකාවට ඉදිරියට පයවර තැබීම අහොසි වෙනවා.තරගයේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගත් නිල ලකුණු විස්තරය මේ සමග දැක්වෙනවා.ඡායාරුපයේ  දැක්වෙන්නේ මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
Table Tennis Championships – Results as follows
Sri Lanka Under 15 Boys “B” Team consolations Final with Malaysia
Sri Lanka “B” Team lost to Malaysia by 3/0
1Dishanka Thennakoon lost to WONG Chun Cheun
09/11,09//11,07/11
2Chathura Gunasekara lost to CHUA Tzong Lin
08/11,09/11, 09/11
3Dishanka Thennakoon / bt Lithmina Mahanama
WONG Chun Cheun / ( Double Match)
CHUA Tzong Lin
06/11, 12/10,06/11,11/02, 18/20

මාස් පවුලේ ආධුනික බොක්සිං තරග අද සහ හෙට

ගළුම් කේෂ්ත්‍රයේ ලොව සුපතල නමක් ඇති සහ ලාකේය බොක්සි කවයේ සුවිශාල කීර්තියක් ඇති මාස් නාමය යටතේ පෙළ ගැසුණු 40,000 ට ආසන්න සේවක පවුලේ ආධුනික බොක්සි විශිෂ්ඨයන් කවුරුන් ද යන්න නිර්ණය කරන මාස් ආධුනික බොක්සිං සූරතාවලිය අද සහ හෙට පල්ලේකැලේ ලීනියා බොක්සිං කවයේදී පැවත්වෙනවා.විවිධ බර පංතා නියෝජනය කරමින් මාස් පවුලට අයත් ආයතන නියෝජනය කරමින් 90 ට වැඩි තරගකරුවන් පිරිසක් මෙම තරගාවලියට එකතු වීම විහේෂත්වයක් වෙනවා.
ඉකුත් වසරේ දී මෙම තරගාවලියේ කාන්තා සූරතාවය ලීනියා ක්ලෝතීන් ආයතනය විසින් ද පිරිමි සූරතාවය සිලුවේටා ආයතන කණ්ඩායම විසින් ද දිනා ගත් අතර මෙවර ජයග්‍රාහකයන් සදහා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ ලිනියා ක්ලෝදින් සහ ඉන්ටිමේට්ස් සාමාණ්‍යාධිකාරී රොහාන් දවුලගලයි.