Feb 6, 2012

හොංකොං මැරතන් සූරතා ඉතියෝපියානුවන් වාර්තා සමගින් අත් කර ගනිති


හොංකොං ස්ටෑන්ඩර්ඩ් මැරතන් තරගයේ පිරිමි සහ කාන්තා අංශ දෙකේම ජයග්‍රහණ වාර්තාගත කාලයන් සමගින් දිනා ගන්නට ඉතියෝපියානුවන් සමත් වුණා.පැය 2:11:27 ක කාලයක් වාර්තා කළ දෙජෙරේ අබෙරා පිරිමි මැරතන් තරගය ජය ගත්තේ එම කාලයම වාර්තා කළ කෙන්යාවේ එලියුඩ් චෙප්ටෙයි සමග තියුණු තරගයක යෙදෙමින්.තෙවන ස්ථානය ද කෙන්යාවට හිමි වූ අතර පැය 2:11:28 ක කාලයක් වාර්තා කළ කොස්මස් ක්යේවා තෙවන ස්ථානය දිනා ගත්තා.
කාන්තා අංශයේ ජයග්‍රහණය මිසිකර් ඩිමිස්සි දිනා ගත් අතර ඇය ද හොංකොං මැරතන් තරග ඉතිහාසයට අදාළව කාන්තා අංශයේ හොදම කාලය වාර්තා කරමින් පැය 2:30:12 ක කාලයක් වාර්තා කළා.දෙවන ස්ථානය දිනා ගත්තේ ඉතියෝපියාවේම සිටායේ ගැමුඩු යි.ඇය පැය 2:31:44 ක කාලයක් වාර්තා කළ අතර පැය 2:31:47 ක කාලයක් වැය කළ කෙන්යාවේ වින්ෆ්‍රඩ් නයිනසිකේරා තෙවන ස්ථානය දිනා ගත්තා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට අජිත් බණ්ඩාර සහ අනුරාදි බෝගහවත්ත සහභාගි වුව ද තරගයේ සමස්ත ප්‍රතිපලය ප්‍රසිද්ධ කිරිමට මේ වන විටත් කාර්මික ගැටළුවක් හේතුවෙන් හොංකොං සංවිධායකයන් අසමත් වී තිබෙන බැවින් ඔවුන්ගේ ස්ථාන පිළිබදව වාර්තා වන්නේ නැහැ.ඒ පිළිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසුවේ ඔවුන් සමග ගිය නිලධාරීන් අද (6) උදෑසන වන තෙක්ම ඒ පිලිබදව කිසිවක් මලල ක්‍රීඩා සංගමයට දැණුම් දී නොමැති බවයි.  

Feb 5, 2012

කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලිය අද ඇරඹේ


ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සහභාගි වන කොමන්වෙල්ත් බෑන්ක් තුන්කොන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙනවා.එහි ප්‍රථම තරගය ලෙස අද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මෙල්බෝර්න් හී දී හමු වෙනවා.මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහබාගි වන ප්‍රථම තරගය 8 දා පර්ත් හී දී පැවත්වෙන්නේ ඉන්දියාව සමගයි.
තරගාවලියේ නිල ලකුණු විස්තරය ට මෙන්ම සජීවි රූපරාමුවලට පිවිසෙන්නට ද සුපිරික්‍රීඩා වෙබි අඩවිය ඔස්සේ අවකාශ සලසා තිබෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ඕස්ට්‍රේලියානු අගමැතිණිය ජුලියා ගිල්බර්ඩ් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඡායාරූපයකට පෙනි අයුරුයි.

නිලූක උගන්ඩා කිරුළට තවත් පියවරකින් ළගා වෙයි


ගන්ඩා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරග වලදී ඊශ්‍රායලයේ මීෂා සිල්බර්මන් පරාජය කළ නිලූක කරුණාරත්න,අවසන් පූර්ව වටය දක්වා පැමිණියා.මීසා සමග විනාඩි 43 ක් තිස්සේ පැවති තරගය ලකුණු 21/18 ක් සහ 21/16 ක් ලෙස නිලූක ජය ගන්නට සමත් වුණා.
අද අවසාන පූර්ව තරගයේ දී නිලූකට හමුවන්නේ පෘතුගාලය නියෝජනය කරන පෙඩ්රෝ මාටිනස් වන ඔහු  මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරිම්වල අංක දෙකට සිටියි.නිලූකට වඩා එක පියවරකින් ඉදිරියෙන් සිටින පෙඩ්රෝ අංක 68 ට සිටින අතර නිලූක ට ඔහුව පරාජය කිරීමට හැකි වුවහොත් බෙහෝ විට හමුවිය හැකි ක්‍රීඩකයා වන්නේ මෙම තරගාවලිය ආශ්‍රිතව අංක එකට ශ්‍රේණිගතව සිටි ඔස්ට්‍රියාවේ මයිකල් ලන්ස්ටෙයිනර් (ජගත් ශ්‍රේනිගත කිරීම්වල අංක 54) පරාජය කරමින් පැමිණි ඉතාලියේ විෂ්ණු හර්යෝ පුත්‍රායි.පුත්‍රාට වර්ථමාන ශ්‍රේණිගත කිරිම්වල හිමිවන්නේ 134 වන ස්ථානය යි. 

පිටදේසක්කාරයන් අතරින් ‘මහේල’ හරි ගණන්


ස්වන වරටත් ක්‍රියාත්මක අයිපීඑල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිළකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වන්නට මහේල ජයවර්ධන ට හැකිවිය.ශ්‍රී ලංකා රුපියල් පහළොස් කෝටිය ඉක්මවන එම මුදලට මහේල අලෙවි වුව ද.එය ගිය වසරේ ඔහුව මිළ දී ගැනීම වෙනුවෙන් කෝචි ටකර්ස් කණ්ඩායම ගෙවන ලද මුදලට වඩා කෝටියක පමණ අඩු මුදලකි.
මෙවර මිල අඩුවීම මෙන්ම යම් යම් අර්බූද නිර්මාණය වෙමින් පවතින බවක් ද මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී පැහැදිළි විය.විශේෂයෙන් ඉන්දීට ජාතික කණ්ඩායමට අනුග්‍රහය දැක් වූ සහරා ආයතනය මෙම තරගාවලියේ දී අනුග්‍රාහය දැක් වඋ පූනේ වොරියර්ස් හැර යාම මෙන්ම ඉන්දීය කන්ඩායමට දැක් වූ අනුග්‍රහය අවසන් කරන බව ඉන්දිය ක්‍රිකට් පරිපාලනයට දැණුම් දෙමින් ඉන්දීය ක්‍රිකට්  පරිපාලනය සමග හිත නොහොද කම් ඇති කිරීම නිසා මෙවර තරගාවලියට පූනේ වොරියර්ස් ඉදිරිපත් වන්නේ ද නැත.එසේම වෙන්දේසියට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 144 ක් අතරින් මිළට ගනු ලැබුවේ 25 දෙනෙකු පමණක් වීමත් විශේෂ සිදුවීමකි.
මෙම වෙන්දේසියේ දී වැඩිම මිළිකට අළෙවි වූ ක්‍රීඩකයා වූයේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ය. ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා ද මේ වෙන්දේසියේ දී ශ්‍රී ලංකා මුදලින් කෝටි 7 ට වඩා වැඩි මුදලකට අලෙවි වූ අතර ක්‍රික්ඉන්ෆෝ නිල වෙබ් අඩවියට අනුව එම ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන්ගේ මිළ ගණන් තීරණය වී ඇති ආකාරය දැක ගැනීමට පහත සබදතාවය යොදා ගත හැකිය.

කපුකොටුව ගෘහස්ත යගුලිය වාර්තාව යළි වෙනස් කරයි


යේ පැවති සීඑස්සී ට්වීලයිට් ගෘහස්ත ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ චරිත් කපුකොටුව මීටර් 16.28 ක දුරක් යගුලිය වීසි කරමින් නව ශ්‍රී ලංකා ගෘහස්ථ වාර්තාවක් තැබීමට සමත් වුණා.ඒ අනුව ඔහුම මීට දින කිහිපයකට පෙර තැබූ මීටර් 15.83 වාර්තාව බිද වැටෙනවා.වර්ථමානයේ බර වීසිකිරිම ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම එළිමහන් මිටිය වීසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාවත් කපුකොටුව සතුවෙනවා.
ශ්‍රී ලංකාවේ එළිමහන් යගුලිය වාර්තාව වන මීටර් 16.62 ටීඑෆ් අලෙයිලීමා සතුවන අතර,ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර් 16 සීමාවට එළිමහන් හෝ ගෘහස්ත තරගයක පිවීසීමේ කාර්යය නව ගෘහස්ත යගුලිය වාර්තාවත් සමග කිරිමට කපුකොටුවට හැකි වී තිබෙනවා.නව යගුලිය වාර්තාව සමග සුපිරි ක්‍රීඩා වෙබ් අඩවියට අදහස් දැක් වූ කපුකොටුව, එම තරගයේදී එක් නීති විරෝධි විසී කිරීමක් මීටර් 17 ක දුරකට ගිය බව පැවසූ අතර,තවමත් එලිමහන් හෝ ගෘහස්ත තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ළගා වී නැති මීටර් 17 සීමාවට මෙම වසරේ ගෘහස්ත තරගාවලි සමය නිම වන්නට පෙර පිවිසෙන්නට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

Feb 4, 2012

ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති


ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන් කණ්ඩායම සමග පැවත්වෙන තරගාවලියේ සිව්වන තරගය කඩුලු හතරකින් ජය ගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය සම කර ගැනීමට සමත් විය.තරගාවලියේ ප්‍රථම තරග දෙකම පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන සහ සිව්වන තරග ජය ගනිමින් යළි තරගාවලියට ප්‍රවේශ වී සිටින අතර 06 දා පැවත්වෙන තරගය ජය ගෙන තරගාවලිය ජය ගැනීමට අවශ්‍යය මානසික පරිසරයක සකසා ගැනීමට ද සමත් විය.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා ඒ නායක තිළින කණ්ඩම්බි පළමුවට පන්දුවට පහර දීම ඇරඹූ අතර මාලිංග බණ්ඩාර (41/3),සීකු ගේ ප්‍රසන්න (43/3) සහ ධනුෂ්ක ගුණතිලක (43/2) ගේ පන්දු යැවීම ඉදිරියේ අසරණව අඩපණව ගිය එංගලන්ත ඉණිම ලකුණු 204 ට සීමා විය.එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගත් අතර (සමිත් පටෙල් 50,ඇලෙක්ස් හෝල් 62 )ඔවුන් දෙදෙනාගේ ආරම්භ කඩුල්ලේ සබදතාවය ලකුණු 85 ක් විය.නමුත් ඉන් අනතුරුව ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත ඉණිම නියමිත පන්දු ඕවර් 50 ට පෙර පන්දු ඔවර 42.1 දී නිම කළහ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ඉණිම ඇරඹිමේ වගකීම දිමුත් කරුණාරත්න සහ ධනුස්ක ග්නතිලක විසින් මනාව ඉටු කළ අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 84 ක් විය.තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ දිමුත් මේ තරගයේ දී ද ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 45 ක් රැස් කළ අතර පන්දුවෙන් දැක් වූ දක්ෂතා වලින් නොනැවතී ධනුෂ්ක සිය පිත්තෙන්ද ලකුණු 41 ක දායකත්වයක් ලබා දීමට සමත් විය.අහාන් ප්‍රියංජන ගේ පිත්තෙන් එක් වු ලකුණු 37 ද සහය කර ගෙන නියමිත පන්දු ඕවර 50 ට පන්දු 47 ක ට මෙපිටින් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 206 ක් ලබා ගන්නා විට අහිමිව ගොස් තිබුණේ කඩුලු 6 ක් පමණි.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබචතාවය තෙරපීමෙන් පිවිසීමට හැකිය.http://www.espncricinfo.com/ci/engine/current/match/549036.html ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ ජයග්‍රහණය සදහා පිත්තෙන් සහ පන්දුවෙන් මනා දායකත්වයක් දැක් වූ ධනුෂ්ක ගුණතිලකය.දකුණතින් මද වේග පන්දු යවන සහ වමතින් පිත්ත හසුරුවන ධනුෂ්ක,කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රීඩාවට ලැබුණු දායාදයක් වන අතර වර්ථමානයේ ඔහු ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු අඩි 6 ක උසකින් යුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

නිලූක උගන්ඩා තරගාවලියේ අවසන් අට දෙනා අතරට


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සූර නිලූක කරුනාරත්න උගන්ඩා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් අට දෙනා අතරට පිවිසෙන්නට සමත් වී සිටියි.නලූක ඊයේ දවස තුළ තමන් ඉදිරිපත් වූ පළමු තරගයේදී ඉරානයේ අලී සාහුසේනි වෙතින් නිතරග ජයක් ලැබූ අතර ඊ ළග තරගයේ දී ප්‍රතිවාදියා වූ දකුණු අප්‍රිකාවේ ජාකොබ් මැලෙයික පරාජය කිරීමට ද නිලූකට ගත වුණේ විනාඩ් 27 ක කාලයක් පමණි.ලකුණු තත්ත්වය 21 – 13, 21 – 8 ක් ලෙස මැලෙයිකා පරාජය කරමින් අවසන් අටදෙනා අතරට පිවිසි නිලූක ගේ අද අර්ධ අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඊශ්‍රායලයේ මීසා සිල්බර්මන් ය.