ජාතික කාන්තා සහ පිරිමි යොවුන් බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට එම තරගාවලියට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වූ එකම ක්‍රීඩකයා වූ රුචිර ගුණසේන සමත් වූණා.රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය ජාතික තලයට බොක්සිං ක්‍රීඩකයන් විශාල පිරිසක් බිහිකළ සහ වර්ථමානයේ එම ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෝ කරන පුහුණුකරුවන් බවට පත් වී තිබෙන බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පාසලකි.නමුත් වර්ථමානයේ එම සහභාගීත්වය ක්‍රමයෙන් හැකිලෙමින් තිබෙන අතර විශේෂයෙන් විද්‍යාලීය පරිපාලනය ඒ කෙරෙහි දක්වන උනන්දුවේ හීනභාවය මෙම තරගාවලියට ද සීවලිය නියෝජනය කරමින් එක ක්‍රීඩකයෙකු පමණක් ඉදිරිපත් වීම තුළින් පැහැදිළි කර ගැනීමට හැකිය.සහභාගි වූ එකම ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා වීම මෙන්ම විදේශිය තරගාවලියක තේරීම් තරගාවලියක් ලෙස පැවත් වූ මෙම තරගාවලියේ ප්‍රතිපල පිළිබදව පාසල සමග සාකච්ඡා කිරීමට බොක්සිං පරිපාලනය උත්සාහ දරද්දී පාසලේ කිසිදු වගකිවයුත්තෙකු ඔහු සමග නොසිටීමත් විද්‍යාලය වර්ථමානයේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
එසේම සීවලි බොක්සිං වංශ කතාවේ එන පුහුණුකරුවන්ගේ පරිච්ඡේදයට තවත් කතාවක් එකතු කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වූ මාස් සදර්න් බොක්සිං සමාජයේ කාංචනා ලාලනී ගේ පුහුනුකරු වූයේ ද සීවලියේ නිර්මාණයක් වන චම්පික මාතරආරච්චිය.මේ සියළු සාධක සහිත සීවලියේ බොක්සිං හකුළුවා දමන්නට ක්‍රීඩාව කෙරෙහි ආශක්ත නොවන පුද්ගලයෙකුට හැකියාව ඇතත් සීවලියේ වර්ථමාන ක්‍රීඩා ගුරුවරුන් සියල්ලම පාහේ සීවලියේ නිර්මාණ වද්දී එය එසේ වීම ඛේදණිය තත්ත්වයකි.මේ ඛේදණිය තත්ත්වය විද්‍යාලයට පමණක් නොවෙයි තාක්ෂණයෙන් අග තැන් පත් බොක්සිං ක්‍රීඩකයන් නිර්මාණය කරන පාසලක් ලෙස සීවලියට ඇති සුන්දර ඉතිහාසය සළකද්දී රටටද ඉතාමත් අහිතකර තත්ත්වයක් වනවා.
www.supirikrida.com
No comments:
Post a Comment