දිමුත් කරුනාරත්න |
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ගහන එස්එස්සී ක්‍රීඩා සමාජයට එරෙහිව ප්‍රථම ඉණිමේ ජයග්‍රහණයක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි බදුරලිය ක්‍රීඩා සමාජය සිය අත්දැකීම් මදකම හේතුවෙන් දෙවන ඉණිමේදී එම තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වූ අතර එහි ප්‍රතිපලය වූයේ දෙවන ඊනිමේදී ලකුණු 115 ට දැවී යාමය.ප්‍රථම ඉණිමේදී එස්එස්සී ඉණිම ලකුණු 102 ක ට සීමා කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නියැලෙමින් කඩුලු ත්‍රිත්වයක්ද සහිතව ලකුණු 53 ට කඩුලු 8 ක් දවා ගැනීමට සාලිය සමන් සමත් වූ අතර ඔහු බදුරලිය කණ්ඩායම වෙනුවෙන් සමස්ත තරගයේ බිද හෙළු කඩුලු සංඛයාව ලකුණු 99 ට කඩුලු 10 කි.
දෙවන ඉණිමේ බදුරලිය පිතිකරුවන්ගේ බලාපොරොත්තු කඩ කළ පන්දු යවන්නා බවට පත් වූ එස්එස්සී කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් ලකුණු 20 ට කඩුලු 4 ක් දවා ගත් අතර එස්එස්සී කණ්ඩායමේ ලකුණු 241 ක ඉලක්කය පහසු කළ දිමුත් කරුනාරත්න අගනා ශතකයක් (නොදැවී 109) ලබා ගන්නට සමත් විය.තිලාන් සමරවීර ලකුණු 57 ක් ලබා ගත් අතර කඩුලු හතරක් පමණක් දැවී අදාළ ඉලක්කයට පිවිසි එස්එස්සී කණ්ඩායම කඩුලු හයක ජයක් ලබමින් බදුරලිය කණ්ඩායමට හිමි ව තිබු තරගයේ ගෞරවය සිය ගිණුමට දමා ගැනීමට සමත් විය.
මෙවර තරගාවලියේ කණ්ඩායම් අතර විශාල අසමානතාවයක් දකින්නට ලැබෙන අතර බොහෝ තරග විසදුමක් සහිතව අවසන් වීම ඒ නිසා දැකිය හැකිය.බීආර්සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගයත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයත් හැරෙන්නට අන් සියළුම තරග සති අන්තයේ නිමාවට පත් වූයේ විසදුමක් සහිතව වීමත් එම ජය - පරාජයන් ප්‍රථම ඉණිමේ ජය හෝ පරාජයන්ට සීමා නොවී පූර්ණ විසදුම් වීමත් හරහා පැහැදිළි කරන්නේ කණ්ඩායම් අතර ඇති දැඩි අසමානතාවය ය.ඒපිළිබදව පහත සබදතාවයෙන් තරගයන්හී ලකුණු විස්තර සදහා පිවිස වඩාත් පැහැදිළි කර ගැනීමට අවස්ථාව ඔබට ඇත.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/series/590748.html
www.supirikrida.com
No comments:
Post a Comment