Feb 11, 2013

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව තරගයෙන් ඉවතට?

Erin Osbourne finished with outstanding figures of 10-6-9-3
 එරින් ඒස්බ්‍රෝන්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුපිරි හය වටයේදී දෙවන වරටත් අතිශයින් අසාර්ථක වීම හේතු කොට ගෙන අවසාන පූර්ව තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඈත් කර ගන්නට සිදු විය.දැනට තරගයක් පරාජය වී සිටින එංගලන්තය නවසීලන්තය ඉදිරියේ පරාජය වීම   හෝ නවසීලන්තය හෝ ඉටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඔවුන්ගේ ඉදිරි තරග දෙකම පරාජය වීම යක කරුණු මත ශ්‍රී ලංතාව දකුණු අප්‍රිකාව පරාජය කළහොත් තරග එක බැගින් ජයගත් කණ්ඩායම් තුනක් ඉතිරි වීමටඉඩ ඇති අතර එහිදී මතුවන ගැටළුව ශ්‍රී ලංකාව දැනට පරාජය වූ තරග දෙකේදීම ඉතා අඩු ලකුණු ගණනකට දැවී යාමය.ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු වේගය මත අවසාන කණ්ඩායම් හතරට ඇතුළත් වීමට ඇති ඉඩ ඇහිරී යාමට විශාල ඉඩක් ඇත.
ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී අසාර්ථක වූ අතර ඊයේ ද පිතිකරණ නාමාවලිය පවත්වා ගෙන යාමේදී දැක් වූ දුර්වලතා පැහැදිළි විය.පරාජිත නවසීලන්ත තරගයේදී අංක තුන සහ හතර පිතිකාරිනියන් ලෙස පිටියට පිවිස එම තරගයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකාරිණියන් බවට පත් වූ දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදරා ඊයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් සාර්ථක වූ පිතිකාරියෝ වූහ.නමුත් නවසීලන්ත තරගයේදී සාර්ථක වූ මනෝදරාට ඒ වෙනුවෙන් ඊයේ සිය පිතිකරු අංකය හතරේ සිට හය දක්වා පහළ බසින්නට සිදු වී තිබුණු අතර මෙම තරගාවලියේ දස්කම් අතර නැති සදමාලි දොලවත්තට ඊයේ අංක පහ දක්වා උසස් වීමක් ලබා දී තිබිණ.මනෝදරා සහ දීපිකා පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගි ලකුණු 49 සබදතාවය තෙවන විකට්ටුවට වාර්තා විණි නම් ශ්‍රී ලංකාවට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යාමට ඉඩ ලැබෙන්නට තිබුණු අතර චාමිණි සෙනවිරත්න මේ තරගාවලියේ යම් මට්ටමකට සාර්ථකව සිටින නමුදු ඊයෙත් ඇයට පන්දුවට පහර දෙන්නට ලැබුණේ අංක නවය පිතිකාරිනිය ලෙස ය.


Deepika Rasangika top scored with 43
දීපිකා රසාංගිකා
කෙසේ වුව ද ශ්‍රී ලංකාව තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව ඉදිරියේ අවසානයේ එකතු කර ගත් ලකුණු 131 කිසිසේත්ම ප්‍රමාණාත්මක ලකුණු සංඛ්‍යාවක් නොවූ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු ඕවර් 22.2 දී අවශ්‍යය ලකුණු ප්‍රමාණය එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමය.එහිදී දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලි රැචෙල් හෙයින්ස් නොදැවී ලකුණු 71 ක් රැස් කළේ පන්දු 61 කින් ය.නමුත් තරගයේ වීරවරිය වන්නට හැකි වුයේ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට වඩාත්ම හිසරදයක් වන ආකාරයෙන් පන්දු යැවූ එරින් ඒස්බ්‍රෝන් ය.ඇය පන්දු ඕවර් 10 තුළ ලකුණු 9 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තාය.තරගයෙ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/current/match/594907.html
www.supirikrida.com

No comments: