Oct 20, 2012

නව ක්‍රීඩා පරිපාලන පහකට ඉන්දීය ඔලිම්පික්වරණයේ ඡන්ද බලය?

Ice Skating,
නොවැම්බර් 25 දා පැවත්වෙන ඉන්දීය ඔලිම්පික් නිලවරණයේදී නව ක්‍රීඩා පරිපාලන පහකට ඡන්දය භාවිතා කිරීමේ බලය ලබා ගැනීමට ඉන්දීය වැඩ බලන ඔලිම්පික් කමිටු සභාපති විජය කුමාර් මල්හෝත්‍රා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.එම ක්‍රීඩා පහෙන් තුනක්ම ශීත සෘතු ක්‍රීඩා වීම විශේෂත්වයක් වන අතර එම ක්‍රීඩා නම් Ice Skating,Ice Hockey සහ Luge වේ.ඊට අමතරව Golf  සහ Modern Pentathlon ක්‍රීඩා පරිපාලන ද එම ඡන්ද බලය අපේක්ෂිත ක්‍රීඩා පරිපාලන අතරට වැටේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන්දීය ඔලිම්පික් බලධාරීන්ට එල්ල වූ වංචා චෝදනා පිළිබදව සළකා බලා සභාපතිව සිටි සුරේෂ් කල්මාඩි ඇතුළු තිදෙනෙකුට එරට ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කිරිම නිසා මෙවර නිලවරණයෙන් පසුව නව පරිපාලනයකට දොරටු විවර වන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
www.supirikrida.com

ශාන්ත ජෝන් ක්‍රිකට් නංවන්න ඕසට්‍රේලියානු ආදි සිසුන්ගෙන් උදව්


නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සදහා එම විද්‍යාලීය ඕසට්‍රේලියානු ආදි ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වී සිටිනවා.ඒ අනුව එහි ප්‍රධානි බර්ටි එක්නායක ගේ ප්‍රදානත්වයෙන් රැස් වූ ඕසට්‍රේලියානු ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමය මෙවර එම විද්‍යාලීය අවුරුදු 19 න් පහළ කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලැබීමට ඉදිරිපත් වී සිටිනවා.

ඒකනායකයන් විසින් පසුගිය හය වසර තුල සිය පෞද්ගලික වියදමින් රුපියල් ලක්ෂ පහක මුදලක් වසරකට වැය කළ අතර නව අනුග්‍රාහකත්වය මගින් වසරකට රුපියල් ලක්ෂ හතක මුදලක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.අදාළ අනුග්‍රාහකත්වය ඕස්ට්‍රේලියානු ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ශ්‍රීනාත් කරුණාරත්න විසින් වත්මන් ශාන්ත ජෝන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන පෙරේරා ට භාර දුන් අවස්ථාව මේ සමග වන ඡායාරූපයේ දැක්වෙනවා.එම අවස්ථාවට විද්‍යාලීය විදුහල්පති  මේජර් ඩීඒඩී වානගුරු ඇතුළුව ආදි ශිෂ්‍ය සංගමයේ වර්ථමාන සහ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුම එක් වී සිටියා.
www.supirikrida.com

Oct 19, 2012

Nike ආම්ස්ට්‍රෝන්ග් හැර යයි

ප්‍රංශ සවාරිය සත් වරක් ජය ගනිමින් ලෝක ප්‍රකට වූ සුපිරි පාපැදි සූර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සමග පවතින ගිවිසුම් වලින් ඈත් වීමට සුප්‍රකට ක්‍රීඩා උපකරණ සහ ඇගළුම් නිෂ්පාදන සමාගමක් වන Nike ආයතනය තීරණය කර ඇත.ප්‍රංශ පාපැදි සවාරිය තහනම් උත්තේජන මගින් ජය ගත් බවට එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි නිසා ඔහුට එම ජයග්‍රහණ අහිමි කිරිමට කටයුතු කරමින් සිටින අතර මේ දිනවල සිය නිර්දෝෂිභාවය සනාත කිරීම සදහා ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය වෙත කරුනු ඉදිරිපත් කරමින් සිටියි.
මේ අවස්ථාවේ Nike  සිය බැදීම් ආම්ස්ට්‍රෝන්ග් වෙතින් පමණක් නොව ඔහු විසින් පවත්වා ගෙන යනු ලබන පිළිකා මර්ධන සමාජ සත්කාර සේවය වන Livestrong  සමග වන බැදීම් ද නවතා දැමීම කෙරෙහි සිය අවධානය යොමු කරමින් සිටියි.
www.supirikrida.com

දෙබිඩි මැල් ගේ හයේ කණ්ඩායමේ නායකත්වය මුබාරක් ට


 ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිරන්තර ආශිර්වාද හිමි ජෙහාන් මුබාරක් ට යළිත් ජාතික කණ්ඩායමක නායකත්වයක් පිරිනමන්නට තේරීම් කමිටුව කටයුතු කර ඇත.ඒ අනුව ඔහු ට මෙවර හිමි වන්නේ හොංකොං සය සාමාජික තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ය.විශේෂත්වය වන්නේ 20 - 20 තරග සදහා ද අලුත් කණ්ඩායමක් පිළිබදව සිතිය යුතු බවට තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර දින කිහිපයකින් සය සාමාජික කණ්ඩායමක නායකත්වයට ජෙහාන් මුබාරක් නම් කිරීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමට කෙළින් දිගු පහර සදහා යා හැකි ජව සම්පන්න ක්‍රීඩකයන් නැති බව ජනමතයක් බවට පත් වෙමින් තිබෙන මොහොතක ගෙවුණු එස්එල්පීඑල් තරගාවලියේ දී දක්ෂාත අතර සිටි කෞශල්‍යය වීරරත්න සහ යොවුන් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් මෙම කණ්ඩායමට නොසළකා හැර තිබීමය.
ප්‍රහාරය මෙන්ම වේගයෙන් කඩුලු අතර දිව යා හැකි කඩිසර අනන්‍යතාවයක් සහිත ක්‍රීඩකයන් සය සාමාජික තරගයකට අත්‍යවශ්‍යය බව සාමාන්‍ය දැණුමක් ඇති අයෙකු හෝ දන්නා තත්ත්වයක මුබාරක් වැනි ක්‍රීඩකයෙකු එවැනි අනන්‍යතාවයක් තිබිය යුතු කණ්ඩායමක නායකයා වීම ගැටළුවක් නමුත් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් දිය නොහැකි තරමට දක්ෂයන් පිරී ඇති නිසා එවැනි වැඩි අවධානයක් යොමු නොවන කණ්ඩායමකට හෝ මුබාරක් හේත්තු කර දැමීමට තේරීම් කමිටුව කල්පනා කළා විය හැකිය.කාලයක් මුළු ජනමාධ්‍යයම මුබාරක් ජාතික කණ්ඩායමේ සිටීම ප්‍රශ්න කරද්දිත්,වෙනත් ක්‍රීඩකයෙකුට ලබන්නට තබා හිතන්නටවත් නොහැකි තරම් අවස්ථා ලබා දෙමින් මුබාරක් කණ්ඩායමේ තබා ගැනීමට මෙරට තේරීම් කමිටු කටයුතු කර තිබීම ආදර්ශයට ගනිමින් මෙවරත් තේරිම් කමිටුවේ ක්‍රීඩකයා නායකත්වයත් සමග සය සාමාජික නායකත්වයට කැදවා තිබෙන බවක් පෙනෙන්නට ඇත.
මුබාරක් ගේ නායකත්වයෙන් සහභාගි වන ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමට චාමර කපුගෙදර,කෞෂාල් ලොකුආරච්චි,සචිත් පතිරණ,රමිත් රඹුක්වැල්ල,කෝසල කුලසේකර සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළත් වෙති.කණ්ඩායමේ කළමණාකරු ලෙස චන්න වීරක්කොඩි කටයුතු කරයි.
www.supirikrida.com

Oct 18, 2012

ඔලිම්පික් තරු පිපෙන බිමකින් LI-NING ලාංකේය නිල සම්ප්‍රාප්තිය සළකුණු කරයි

තරග අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම
මෙවර ඔලිම්පික් උළෙලේ දී ජගත්  අවධානය දිනූ නිලූක කරුණාරත්න මෙන්ම ඔලිම්පික් තරග නියෝජනය කළ තිලිනි ජයසිංහ ද සහභාගි වන 29 වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අනුග්‍රාහකයන් වෙමින් ලෝක ප්‍රකට බැඩ්මින්ටන් ක්‍රීඩා උපකරණ වන LI-NING ලාංකේය බැඩ්මින්ටන් පිටියේ සම්ප්‍රාප්තිය සටහන් කරයි.ඔලිම්පික් සූර ලී ඩාන් ඇතුළු ජගත් බැඩ්මින්ටන් සූරයන්ගේ තේරීම වන LI-NING සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාවේ තරගකාරීත්වය මත සුදුසුකම් ලබා ඔලිම්පික් නියෝජනය කළ එකම ක්‍රීඩකයා සහ එකම ක්‍රීඩිකාව තරග පිටියේ සිටිනු දකින්නට ලැබීම විශේෂ අවස්ථාවක් බව LI-NING ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන  ඩීඑස්අයි සමාගමේ අලෙවි සහ වෙළද සාමාන්‍යාධිකාරි රොහාන් සෝමවංශ සුපිරික්‍රීඩා හා පැවසීය.
 LI-NING දොරට වැඩුම
මෙම 24 දා සිට 28 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී ක්‍රියාත්මක 29 වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට මෙවර අලුත් ඉසව්වක් ලෙස ප්‍රථම තරගයේ පරාජිතයන් අතර පැවත්වෙන පළිහ කුසලාන තරගාවලියක්ද පැවත්වීම විශේෂත්වයකි.ඊට අමතරව සුපුරුදු පරිදි කේවල,යුගල පිරිමි සහ කාන්තා තරග ද,මිශ්‍ර යුගල තරග සහ  අවුරුදු 40 න් ඉහළ ප්‍රවීන කාන්තා සහ පිරිමි කේවල සහ යුගල තරගද ඇතුළත් වන අතර අවුරුදු 50 ඉහළ පිරිමි කේවල සහ යුගල තරගද සුපුරුදු පරිදි ඇතුළත් කර ඇත.
ඒ පිලිබදව දැනුවත් කිරිමේ මාධය හමුවේදී ඩීඑස්අයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් නුගවෙල අතින් අදාළ අනුග්‍රාහක චෙක්පත වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා වෙත පිරිනැමුණු අතර එම අවස්ථාවට LI-NING නිෂ්පාදන නියෝජනය කරමින් මාල දිවයින,ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග කළාප නියෝජිත ලෙස කටයුතු කරන ප්‍රදීප් සිං ද එක්විය.එසේම මෙම තරගාවලියේ මාධ්‍ය හමුවට සාපේක්ෂව LI-NING ලාකේය වෙළද පොළට නිල වශයෙන් හදුන්වාදීමද  එම අවස්ථාවේදී සිදු කෙරිණ.
තරගකරුවන් 350 දෙනෙකු තරග 265 ට මෙම තරගාවලිය තුළ මුහුණ දීමට නියමිත අතර මෙවර තරගාවලිය තුළ වෙනදාට වඩා පිබිදීමක් සහ සහභාගීත්වයක් දක්නට ලැබෙන බව වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා සදහන් කළේය.තරගාවලියේ මාධහ හමුව මෙන්ම තරගාවලියේ තොරතුරු සම්පාදනය කිරීමට මාධ්‍යයට දායකත්වය දක්වමින් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සදහා www.supirikrida.com වෙබ් අඩවිය කටයුතු කරයි.
www.supirikrida.com

බැඩ්මින්ටන් e-mail වංචාව දණ්ඩ නීති සංග්‍රහයෙන් දඩුවම් කළ හැකි වරදක්

බැඩ්මින්ටන් විනිසුරුවරියකගේ නම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල බැඩ්මින්ටන් තරගාවලියකට යෝජනා කරමින් විශ්ව විද්‍යාලයක ක්‍රීඩා ප්‍රධානියෙකුගේ විද්‍යුත් තැපෑල ( e-mail ) යොදා ගනිමින් ඔහු නොදැනුවත්ව ජාත්‍යන්තර සංවිධානයකට ලිපියක් යැවීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි විශාල වරදක් ලෙස සුපිරි ක්‍රීඩා මගින් ඒ පිළිබදව කළ විමසීමකදී නීති අංශ සනාත කරයි.
කෙනෙකුගේ පෞද්ගලික රහස්‍ය දෙයක් වංචනික ලෙස භාවිතා කිරීම මෙන්ම එම විනිශ්චය කටයුතු සදහා ගෙවීමක් ඇතුළුව වරප්‍රසාද රාශියක් හිමි විමද සළකද්දී එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව නීති අංශ පෙන්වා දෙන අතර එසේම නව විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් වන නීති සංශොධනයෙන්ද ඒ සදහා සැළකිය යුතු දඩුවමක් කිරීමට ප්‍රතිපාදන ඇතැයි ද නීති අංශ අවධාරණය කරයි.
අප මේ සම්බනධයෙන් අදාළ ක්‍රීඩා ප්‍රධානියාගෙන් කරන ලද විමසීදක දී ඔහු අවධාරණය කළේ බැඩ්මින්ටන් සම්මේලනය ජාතික මට්ටමෙන් සියල්ල සදහා වගකීමට බැදී සිටින බැවින් තමන් ඒ පිළිබදව දන්නා තොරතුරු සියල්ල බැඩ්මින්ටන් සම්මේලනයේ සබාපති පරාක්‍රම බස්නායකයන් දැනුවත් කරමින් සම්මේලනය වෙත ලබා දී ඇති බවයි.බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වූ ඇතැමි කරුණු අනුව එම චෝදනා පිලිබදව තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කිරීම මග හරිමින් වංචනිකව යවන ලද ලිපියෙන් ලද විනිශ්චය වරප්‍රසාද අදාළ තැනැත්තියට ලබා දීමට කටයුතු කරන බව වාර්තා වූ බැවින් අප ඒ පිළිබදව සභාපති පරාක්‍රම බස්නායකගෙන් විමසිමක් කරන්නට යෙදිණ.
'එහෙම කතාවක් කියවුණා මතකයි.ඒත් මොකද්ද කියල හරියට දන්නෙ නැහැ,කරුනා කරල පාලිත හෙට්ටිආරච්චිගෙන් අහන්න' ඒ පිලිබදව සභාපතිවරයාගේ පිලිතුර එබදු විණි.
අදාළ විශ්ව විද්‍යාල ප්‍රධානියා සභාපතිවරයා දැනුවත් කර තිබෙන බව කී එම කරුණ පිලිබදව සභාපතිවරයා ට නිවැරදි මතකයක් නොමැති වීම ගැටළුකාරී නමුත් අප පාලිත හෙට්ටිආරච්චිව ඇමතීමට තීරණය කළ අතර ඔහු පවසන්නේද තමන්ට එවැනි තොරතුරක් තවමත් නිවැරදි ලෙස වාර්තා වි නොමැති බවයි.එහෙත් ඔහුට ද එවැනි චෝදනාවක් එල්ල වී තිබෙන බව සැළ වී ඇති අතර එම සැලවීමට අනුව වංචනික ලෙස ක්‍රීඩා ප්‍රධානියාගේ විදයුත් තැපෑලෙන් යොමු කර තිබෙන නම ඇති විනිසුරුවරියට අදාළ තරගාවලියට ආරාධනාවක් ලැබී ඇති බවත් පිළිගත්තේය.
එම ලිපිය ලැබුණු පසු තමා ජාත්‍යන්තර සංවිධානයට යළි පිලිතුරක් යවමින් එවැනි ආකාරයේ විශේෂ තේරීම් සදහා යොමු නොවිය යුතු බව පැහැදිළි කරමින් ඒ සදහා ක්‍රමවේදයක් තිබෙන බවද එම අවස්ථා ඒ අනුව පිළිවෙලින් ඒ ඒ පුද්ගලයාට හිමිවන ආකාරයේ සැළැස්මක් බැඩ්මින්ටන් සම්මේලනය සතු බවත් පැහැදිළි කළ බව ද පාලිත අවධාරනය කරන්නේය.
එම විනිසුරුවරියම එම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා නොකළේනම් මෙම ආරාධනය ලැබී ඇත්තේ ඇයගේ අවශ්‍යයතාවයකට නොවන බැවින් ඒ සදහා බැඩ්මින්ටන් සම්මේලනයට එම සහභාගීත්වය වළකා නිසි පරිදි ඒ සදහා යොමු කළ යුතු නම් යොමු කිරීමේ බලයක් ඇති අතර සිදු වී ඇත්තේ බරපතල වංචනික ක්‍රියාවක් බැවින් එම විශයානුබද්ධ ප්‍රවීනයන් හරහා අපරාධ විමර්ශන ඒකකයට එම ‍තොරතුරු ලබා දීම බැඩ්මින්ටන් පරිපාලනයේ වගකීම බව බැඩ්මින්ටන් කේෂ්ත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙන්ම අප විසින් මේ පිළිබදව නීතිමය වටපිටාව පැහැදිළි කර ගැනීමට කතා කළ නීතීඥයන්ගේද මතය විය.
දණ්ඩනීති සංග්‍රහය යටතේ ප්‍රබල වරදක් සිදු වී ඇති අවස්ථාවක එම වර‍ද හරහා වරප්‍රසාද යෝජනා වී ඇති අයෙකුට සිය පරිපාලන වපසරිය තුළ ඇති වගකීම් සහ වරප්‍රසාද භාවිතා නොකර එම වරප්‍රසාද භුක්ති විදීමට අවසර දීමද බරපතල වරදක් බව අප විසින් නීති අංශ හරහා කරන ලද විමසීමකදී තව දුරටත් පැහැදිළි කර ගැනීමට හැකිවිය.එසේම මෙහිදී වරප්‍රසාද කඩ වී ඇත්තේ රටේ ප්‍රධාන ආයතනයක ප්‍රධානියෙකුගේ බැවින් ද,ඔහු  ජාතික මට්ටමේ ක්‍රීඩා පරිපාලන හා සබැදි ඒවා යේ නිලතල දරණ සහ දැරූ පුද්ගලයෙකුද වීම නිසා මෙම තත්ත්වය තවත් බරපතල තත්ත්වයකට ඇදි වැටිය හැකි බව ද නීති අංශ පැහැදිළි කරයි.
පුද්ගලයෙකුගේ පෞද්ගලික රහස් තොරතුරු වංචනික ලෙස භාවිතයට ගැනීමක්  මෙහිදී සිදු වී තිබෙන බව පැහැදිළි අතර ඒ සමග ඔහු ගේ දත්ත යොදා එම විද්‍යුත් ලිපිනය වෙනුවට වෙනත් විදයුත් ලිපිනයක් හෝ වෙනත් විද්‍යත් සේවාවක පෙනී සිටිමින් විශාල අනර්ථයක් කළ හැකි අවදානමක් පැවතිමද මෙහිදී අවධානයට ලක් කළ යුතු බව ද එම නීති අංශ තව දුරටත් පැහැදිළි කළේය.
www.supirikrida.com

කෝට්ටේ ඇකඩමියේ සත් වර්ෂ පූර්ණ තරග නොවැම්බර් 3 දා

දිවයිනේ ප්‍රමුඛතම දැල්පන්දු ඇකඩමියක් වන කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය සිය සත් වර්ස පූර්ණය වෙනුවෙන් සංවිධානය කරන ක්‍රීඩා සමාජ සහ පාසල් සදහා වෙන් වූ දැල් පන්දු තරගාවලිය නොවැම්බර් 03 දා පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.එම ඇකඩමියට නෑ කම් කියන පාසල් සහ ක්‍රීඩා සමාජ සදහා ආරාධිත තරගාවලියක් ලෙස ක්‍රියාත්මක මෙම තරගාවලියට පාසල් අංශයෙන් හොරයිසන් ජාත්‍යන්තර පාසල,ස්ටැඨර්ඩ් ජාත්‍යන්තර පාසල,මෙතඩිස්ට් බාලිකා පාසල,පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල,පිළියන්දල ම.ම.විදයාලය සහ කෝට්ටේ ඇකඩමියේ ඒ සහ බි කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර පාසල් තරග අවුරුදු 15 න් පහළ සහ ඉහළ ලෙස අංශ දෙකකින් ක්‍රියාත්මක විමට නියමිතය.
ක්‍රීඩා සමාජ මට්ටමෙන් ආරාධනා ලැබ ඇත්තේ සංවර්ධන ලොතැරයි මණ්ඩලය,කම්කරු දෙපාර්තමේන්තුව,හොරයිසන් ජාත්‍යන්තර පාසල් ගුරු කණ්ඩායම සහ පුහුනුකරුවන්ගේ ඇකඩමි කණ්ඩායමය.තරගාවලිය සදහා අයිසන් කන්ට්‍රක්සන්,ස්කොයා ටෙක් ඉංජිනියර්ස් යන ආයතන මෙන්ම පරීසියේ සිට චමිලා ජයවර්ධන සහ වසන්ති ලියනගේත් චාන්දනී බණ්ඩාර සැලූන් ආයතනයත් අනුග්‍රාහකයන් ලෙස එක් වේ.
www.supirikrida.com