Jun 25, 2013

ප්‍රසන්න කොදෙව් ඒ පිළට අප්‍රසන්න අත්දැකීමක් දෙයි

Seekkuge Prasanna celebrates a wicket ටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය දකිමින් සිටි කොදෙව් ක්‍රීඩකයන්ගෙන් එය උදුරා ගත් සීකුගේ ප්‍රසන්න පන්දු 17 ක් තුළ ලකුණු 51 ක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් ලබා දෙන්නට සමත් වුණා.ග්‍රෙනඩා හී සාන්ත ජෝජ් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දු ඕවර් 50 තුළ ලකුණු 282 ක් රැස් කරන්නට සමත් වුණා.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලෙන්ඩිල් සිමන්ස් අගනා ශතකයක් ලබා ගත් අතර ඩියොනරින් නරසිං ප්‍රවේගකාරී ලකුණු 60 ක් ලබා ගත්තා.
ඕවරයකට ලකුණු හයකට ආසන්න වේගයකින් ජයග්‍රාහී ඉලක්කට හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න (89)  සහ නිරෝෂන් දික්වැල්ල (61)  පන්දු ඕවර් 24.1 දී ආරම්භක කඩුල්ලට ලකුණු 138 ක් එක් ක‍ළා.නමුත් පන්දු ඕවර 40.2 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 217 ට අහිමි වී තිබුණා.එම අවස්තාවේදී පිටියට පිවිසි සීකුගේ ප්‍රසන්න පන්දු 17 දී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සහිතව ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ නිසා 47 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුවේදි ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 287 දක්වා ඉහළ ගෙ යමින් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දීමට සීකුගේ සමත් වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දි සුරංග ලක්මාල් ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.
www.supirikrida.com

නීතිඥයන්ගේ අපරාජිත බව රැකීමට අසේලගෙන් නායකත්වයේ ඉණිමක්

තෙවන කොටසේ ක්‍රිකට් සූරතාවලියේ අපරාජිත බව තව දුරටත් සුරක්ෂිත කර ගත් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම කොළම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එම ක්‍රීඩා පිටියේදීම ලකුණු 80 ක ජයක් ලබා ගත්තා.පළමුව පන්දුවට පහර දුන් නීතිඥ කණ්ඩායම වෙනුවෙන් එහි නායක අසේල පටබැදි හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු ලකුණු 72 ක් ලබා ගන්නට සමත් වූ අතර ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 25 ක් සහ උදිත රාජසේකර ලකුණු 24 ලබා ගනිමින් නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 50 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 212 ක් දක්වා ඔසවා තබන්නට දායක වුණා.අසේල පිට පිටම ලබා ගත් දෙවන අර්ධ ශතකය මෙය වන අතර ඉකුත් තරගයේදි බෝරා ක්‍රීඩා සමාජයට එරෙහිව ද වේගවත් ලකුණු 71 ක් නොදැවී ලබා ගන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම අසරණ කිරීමට ප්‍රමුඛත්වය ගත් පිට දග පන්දු යවන යොහාන් ජිනසේන,කොල්ට්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 24 ට දවා ගනිද්දී තරංග අබේකෝන් සහ තුසිත රණතුංග ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.කොල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් ලකුණු 27 ට කඩුලු 2 ක් දවා ගත් ලහිරු හේරත් පිත්තෙන් ද දස්කම් දක්වමින් ලකුණු 39 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් කැපී පෙණුනා.
www.supirikrida.com

Jun 24, 2013

ඉන්දියාව චැම්පියන්

Virat Kohli does his rendition of <i>Gangnam Style</i>
 තරගයේ විශේෂ අවස්ථා සදහා පහත සබදතාවය භාවිතා කරන්නhttp://www.espncricinfo.com/ci/content/video_audio/644781.html
චැම්පියන්ස් කුසලාන තරගයේදී අවසාන තරගයට පිවිසෙන තෙක් අපරාජිත බව රැක ගත් ඉන්දියාව,අවසාන තරගයේදී එංගලන්තය ලකුණු 5 කින් පරදා චැම්පියන් කුසලානය තරගාවලියේ සිය අපරාජිත බව සමග ශූරතාවය ද,ඉන්දියාවට රැගෙන යන්නට සමත් වුණා.තීරණාත්මක කාසියේ වාසිය එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ට හිමි වුව ද,වර්ෂාව නිසා තරගය පන්දු ඕවර් 20 ට සීමා වුණා.තරගාවලිය පුරා ඉදිරියෙන් සිටිමින් කැපී පෙනෙන ඉන්දීය පිතිකරු සිකර් ධව‍ාන් මෙම තරගයේදී ද ලකුණු 31 ක් ලබා ගත් අතර විරාට් කෝලි ඉන්දීය පිළේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 43 ක් රැස් කළා.රවීන්ද්‍ර ජඩේජා ගේ දායකත්වය නොදැවී ලත් ලකුණු 33 ක් වුණා.පන්දු යැවීමේදී ඉන්දියාවට විශාලතම හිසරදය බවට පත් වූ ඉන්දීය සම්බවයක් ඇති එංගලන්තයේ රවී බෝපරා ලකුණු 20 ක් තුළ එංගලන්ත පිතිකරුවන් තිදෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 129 හඹා යාමට ගත් උත්සාහයේදී ඉයින් මෝර්ගන් පන්දු 30 ක් තුළ ලකුණු 33 ක් ලබා ගනිමින් උත්සාහ ගත අතර යළිත් ක්‍රියාත්මක වූ රවී බෝපරාද පන්දු 25 දී ලකුණු 30 ක දායකත්වයක් ලබා දුන්නා.නමුත් රවිචන්ද්‍ර අශ්වින්ගේ පන්දු දග කැවීම ඉදිරියේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට ඔහුගේ ඕවර් 4 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් වූ අතර ඒ අතර කාලයේ අශ්වින්ගේ කඩුලු පැසට එංගලන්ත කඩුලු දෙකක් ද එකතු වුණා.පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් තරගයේ වීරයා බවට පත් වූ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දු ඕවර 4 තුළ කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 24 ක් පමණක් ලබා දෙමින්.තරගාවලිය පුරා අති දක්ෂ පිතිකරණයක නියැලි සිකර් ධවාන් එම දස්කම හේතු කොට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කරා.
අවසාන පූර්ව තරගය තෙක් පැමිණිය ද අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට අවසාන තරගය ආශ්‍රිතව අසමසම කීර්තිමය වටිනාකමක් හිමි වූයේ තරගයේ ප්‍රධාන තීරක ලෙස රන්ජන් මඩුගල්ලත්,අවසාන තරගයේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේනත් කටයුතු කිරීම නිසයි.
www.supirikrida.com

Jun 22, 2013

නීතිඥයෝ පෙරටම

තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවති තරගයකදී බෝරා ක්‍රීඩා සමාජය පරදවා කඩුලු 7 ක පහසු ජයක් අත් කර ගන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් බෝරා ක්‍රීඩා සමාජය ලකුණු 120 ට සීමා කරන්නට නීතිඥ කණ්ඩායමට හැකියාව ලැබුණු අතර එහිදී බෝරා ක්‍රීඩා සමාජයට නීතිඥ කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය මැඩ ලකුණු අතරට ඒමට ගත් උත්සාහයේදී බෝරා ක්‍රීඩා සමාජයේ එම් හුසෙයින් ලකුණු 39 ක් ද,එම් තාහිර් ලකුණු 25 ක් ද ලබා ගන්නට සමත් විය.
නීතිඥ කණ්ඩායම වෙනුවෙන් පිට දග පන්දු යවන තරංග අබේකෝන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු17 ට කඩුලු 4 ක් දවා ගත් අතර යොහාන් ජිනසේන ලකුණු 19 ට කඩුලු 2 ක් සහ ගිහාන් කුලරත්න ලකුණු 20  ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට අදාළ ඉලක්කයට සමීප වීමට පන්දු ඕවර් 19.3 ක් පමණක් වැය වූ අතර එහිදී ජයග්‍රහණය ඉක්මන් කරන ප්‍රහාරාත්මක සහ ප්‍රදර්ශනාත්මක ඉණිමක් දියත් කළ නීතිඥ කණ්ඩායමේ නායක අසේල පටබැදි පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 71 ක් ලැබීය.හතරේ පහර 7 ක් සහ හයේ පහර තුනක් සහිතව වාර්තා වු අසේලගේ ඉණිමට අමතරව බුවනෙක බස්නායක ලකුණු 18 ක් ලැබීය.
එළැඹෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේ පැවත්වෙන නීතිඥ ලෝක කුසලාන තරගාවලිය සදහා පුහුණු වෙමින් සිටින නීතිඥ කණ්ඩායම මෙම තරග වාරයේ දක්වන දක්ෂතා අනුව මේ දක්වා අහිමිව තිබූ ලෝක කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි  මට්ටමක සිටින අතර මෙවර නීතිඥ කණ්ඩායම ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙක් මෙන්ම ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකුද වන,ජාතික ක්‍රීඩා ජනමාධ්‍ය පදනමේ සභාපති රන්ජන් පරණවිතාන යටතේපුහුණුව ලබයි.
www.supirikrida.com

ටීබී ජයා පළමු වරට ගංතලාවට රැගෙන යයි

ය වසරක් වූ ගංතලාව මධ්‍ය විද්‍යාලයේ බොක්සිං ඉතිහාසයට එක් වූ පළමු ජාතික මට්ටමේ බොක්සිං ජයග්‍රහණය දිනා ගන්නට 44 වන වරට පැවත්වූ ටීබී ජයා අණුස්ම‍රණ බොක්සිං තරගාවලියේදී එම විද්‍යාලීය ක්‍රීඩකයෝ සමත් වූහ.කලියාපිටිය සාරානාත් මධ්‍ය විද්‍යාලයේ පැවති මෙම තරගාවලිය නියෝජනය කරමින් පාසල් ක්‍රීඩකයන් 219 ක් පාසල් 48 ක් නියෝජනය කරමින් සහභාගි විය.
විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ඇතිව පැවති මෙවර තරගාවලියේදී පාසල් ක්‍රීඩකයන්ගේ ශිල්පීය කුසලතා ඉහළ මට්ටමක පැවති අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර සිල්වෙස්තර් විද්‍යාලයේ එස් චන්දු තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ එච්ඒඑස් සුමුදුරංග තේරී පත් විය.
සමස්ථ සූරතාවය වෙනුවෙන් ගංතලාව මධ්‍ය විද්‍යාලය ලකුණු 27 ක් ලැබූ අතර ලකුණු 24 ක් ලැබූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අනු සූරතාවය දිනා ගැනීමට සමත් විය.තෙවන ස්ථානය හිමි වූයේ හොරණ මේධංකර විද්‍යාලයටය.
www.supirikrida.com

Jun 21, 2013

එංගලන්තයට එදරිව ඉන්දියාව

Ishant Sharma enjoyed a good day with the ball
විශේෂ අවස්ථා සදහා මෙතනින් පිවිසෙන්න
http://www.espncricinfo.com/ci/content/video_audio/643959.html
මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලිය තුළ සිටින පිතිකරුවන්ගෙන් බහුලම කණ්ඩායම ලෙස සැළකෙන  ඉන්දියාව ඊයේ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේදී කඩුලු අටක පහසු ජයක් ලබමින් 23 දා පැවත්වෙන එංගලන්තය සමග වන අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනිමට සමත් විය.තරගයේ සියළු භෞතික වාසි ඉන්දියාව දෙට නැඹුරුව බැවති මෙම තරගයේදී එයින් ගොඩ ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැරූ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී ගියේය.
තරගය ආරම්භයට වර්ෂාව යම් තරමක හරස් වූ අතර එවැනි පසු බිමක තීරනාත්මක සාධකයක් වන කාසියේ වාසිය ශ්‍රී ලංකාවට අහිමි විය.ඒ නිසා ඉන්දීය ආරාධනාව අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට තරගාවලිය පුරාම සිදු වූ පරිදි කුසල් ජනිත්තේ කඩුල්ල ඉක්මණින් අහිමි වූ අතර තරගාවලිය පුරාම පන්දුව හොදින් දකිමින් ලකුණු අතර  සිටින තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ගොදුරු විය.ඒ නිසා ඩිල්ෂාන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඒ වන විට ලකුණු 12 ක් ලබා සිටි ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉණිම කඩා වැටෙද්දී ආබාධය නොතකා පිටියට පැමිණ තරගය නිමා වන විට ලකුණු 18 ක් ලබා නොදැවී සිටියේය.පීඩනය හමුවේ නායක මැතිව්ස් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළ අතර මහේල ලකුණු 38 ක් සහ ජීවන් මෙණ්ඩිස් ලකුණු 25 ක් රැස් කළේය.
එසේම ලාංකේය නරඹන්නන් විසින් මීට පෙර තරගයේ ජයග්‍රාහී උද්දාමය සමරමින් එල්ටීටීඊ හිතවාදීන්ට කරන ලද පහර දීම නිසා තරගයට පෙර සිටම එය තරගයට මෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකි බවට පැතිර ගොස් තිබූ රාවයන්ද ක්‍රීඩක මනසට යම් බලපැමක් කරන්නට ඇත.ඒ සදහා  ලාහෝර් තැති ගැන්මද ලාංකේය ක්‍රීඩකයන්ගේ සිත් තුළ තිබුණාට සැක නැත.
කෙසේ හෝ මේ සියළු සාධක ශ්‍රී ලංකා ඉණිම ලකුණු 181 සීමාවේ නවතන්නට සමත් වූ අතර අති ප්‍රබල පිතිකරුවන් සහිත ඉන්දීය කණ්ඩායමට ඒ ලකුණු ප්‍රමාණය සදහා වැය වූයේ පන්දු ඕවර් 35 ක් පමණි.තරගාවලිය පුරාම ලකුණු අතර සිටින සිකර් ධවානි යළිත් සිය පිත්තේ බලය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතර ඔහු ලකුණු 68 ක් ලැබීය.ආරම්භක කඩුල්ලට ඉන්දියාව මේ තරගාවලිය පුරාම හොද සබදතාවයක් එක් කරන අතර ශ්‍රී ලංකාවට එරෙහිවද එය එසේ සිදු විය.ලකුණු 182 ක ඉලක්කයෙන් ලකුණු 77 ක් පළමු කඩුල්ල දැවී යන විට වාර්තා වී තිබුණේ,පන්දු ඕවර් 17 දී ය.
තරගයෙන් කඩුලු 8 ක ජයක් ඉන්දියාවට හිමි කර දීමට පිතිකරුවන් ගේ කාර්යය පහසු කළෝ ඉන්දීය පන්දු යවන්නෝය.ඉන්දීය පිතකරුවන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අයුරෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පන්දු යවන්නන්ට ඉදිරියෙන් සිටින බව තරගයට පෙර ප්‍රවීන විචාරකයන්ගේ ද මතය විය.නමුත් ඉන්දීය පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා අධ්‍යයනය කරමින් නිසි ඉලක්කයට පන්දු යැවූ අතර,ඒ අතරින් ශ්‍රී ලංකා ඉණිම කඩා දැමීමට මුල් වෙමින් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත් ඉෂාන්ට් ෂර්මා තරගයේ වීරයා විය.
ලකුණු විස්තරයට-http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/match/566947.html
www.supirikrida.com


Jun 20, 2013

කොමර්ෂල් ක්‍රෙඩිට් උසස්වීම් වල ප්‍රතිපල සූරතාවයෙන් සමරයි

වෙළද සේවා පැසිපන්දු තරගාවලියේ දක්ෂතා අනුව වසරින් වසර ඉහළ ආ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කණ්ඩායම මේ වසරේ එහි උපරිම පල භුක්ති විදිමින් ඒ කොටසේ සූරයන් වන්නට සමත් වුණා.වසර තුණක් තුළ කොටසින් කොටසට උසස් වීම් ලද කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඉකුත් වසරේ බී කොටසේ සූරතාවය දිනා ගනිමින් මේ වසරේ ඒ කොටසට ලද උසස් වීම සූරතාවයෙන් කෙළවර කළේ අවසාන තරගයේදී යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම ලකුණු 63 - 53 ක් ලෙස පරාජයට පත් කරමින්.
ෆයිසාල් දේවානන්ද ගේ නායකත්වයෙන් තරග වැදුණු කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට මනරම් බණ්ඩාර, හර්ෂදේව සිල්වා,ගයාන් ද කෲස්,ගයාන් මීදෙණිය,ප්‍රනීත් උඩමලගල,සුදේෂ් අහමඩ්,සංජීව කුළුමිණ,ලක්ෂාන් පෙරේරා,ඉන්දික රොෂාන් සහ රංජිත් හෙට්ටිආරච්චි අතුළත් වූ අතර මනෝජ් ප්‍රනාන්දු සහ එස්පී නිරෝෂන් කණ්ඩායම් කළමණාකරුවන් ලෙස කටයුතු කළා.
මේ සමග දැක්වෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමේ ජායාරූපයයි.
www.supirikrida.com