Oct 17, 2012

60 වන ජාතික බැඩ්මින්ටන් ජාතික සූරතාවලිය 18 ඇරඹේ

හැට වන ජාතික බැඩ්මින්ටන් ජාතික සූරතාවලිය 18,19,20 සහ 21 යන දිනයන් හී පැවත්වෙන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නියෝජිත පාලිත හෙට්ටිආරච්චි මෙන්ම එම සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක ද සුපිරි ක්‍රීඩා වෙත පවසා සිටියා.ඔලිම්පික් තරගාවලියේදී ඉහළ දස්කම් දැක් වූ නිලූක මෙන්ම දිනූක ද මෙම ජාතික තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටින බව පාලිත පෙන්වා දුන් අතර ඉකුත් වසරේ ජාතික සූරිය වූ අචිනි රත්නසිරි මෙම  තරගාවලියට ආබාධිත තත්ත්වයක් නිසා සහභාගි නොවන බව ද ප්‍රකාශ කර සිටියා.එසේම ප්‍රවීන ක්‍රීඩිකා තිළිනි ජයසිංහ ද මෙම තරගාවලියේදී කේවල තරග වලින් ඉවත් වී සිටින අතර නමුත් දැනට වයස්ගතම ක්‍රීඩිකාව ලෙස සැළකෙන චන්ද්‍රිකා ද සිල්වා කේවල,යුගල මෙන්ම මිශ්‍ර යුගල යන තරග අංශ ත්‍රිත්වයෙන්ම මෙම තරගාවලියට පෙනී සිටිනවා.
බැඩ්මින්ටන් සංගමයේ අදූරදර්ශි පාලනය පිළිබදව විශාල ගැටළු ගණනාවක් පවතින අතර ඒ පිළිබදව පරිපාලනය සමග සංවාදයකට ජනමාධ්‍යයට විවෘත අවස්ථාවක් ලබා දිම බැඩ්මින්ටන් සම්මේලනය මග හරිමින් සිටිනවා.නිලූක ගෙ ඔලිම්පික් සහභාගීත්වය පිළිබදව ප්‍රශ්නය ඉදිරියේ සුපිරික්‍රීඩා කළ හෙළිදරව්වකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියෙක් කරන ලද දැණුම් දීමකට අනුව මාධය හමුවක් කැදවා අතපසුවීම් සහ නොදන්නා කම් පිළිබදව පරිපාලනයකින් නොවිය යුතු ප්‍රකාශ ගණනාවක් ප්‍රකාශ කර අනුකම්පාව දිනා ගැනීමේ වෑයමක නිරත වූ අතර වඩාත්ම නින්දිත ලෙස කොරියානු සංචාරයේ කළමණාකරු පත් කිරීම ඇතුළු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වගකීමකින් තොරව හැසිරීම,පිළිබදව විමසා සිටියදී බැඩ්මින්ටන් සභාපතිවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබදව වෙනම මාධය හමුවක් පවත්වන බවයි.එම මාධය හමුව බාලගිරි දෝෂයට අසුවී ඇති අතර එල්ල වන දැවැන්ත චෝදනා හමුවේ මාධ්‍යයෙන් ගැලවීම සදහා මෙවර ජාතික තරගාවලියද මාධ්‍ය හමුවකින් තොරව පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.ඒ පිළිබදව පරාක්‍රම බස්නායක සභාපතිවරයාගෙන් සුපිරි ක්‍රීඩා විමසා සිටිය අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ මාධය හමුවක් ගැන උනන්දු නොවූ බවයි.
එසේම සභාපතිවරයාට මෙන්ම පාලිත හෙට්ටිආරච්චිට ද සුපිරික්‍රීඩා පොරොන්දු වූ ප්‍රකාරව තරග කාල සටහන මෙහි පළ කරන අතර එය කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී මෙන් වරින්වර වෙනස් වීම් වලට භාජනය වේදැයි කරණ ලද විමසීමේදී එය එසේ නොවන බවට සහතිකයක් ලබා දීමට ද ඉදිරිපත් වුණා.
බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් පාලිත හෙට්ටිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද තරග කාල සටහන මේ සමග ඇති google සබදතාවය තෙරපීමෙන් පරික්ෂා කිරීමට හැකියි
.https://docs.google.com/spreadsheet/ccc?key=0Aqd36zloZGpjdDlzcXUtenlKVkNEbkVLellzcWwtdVE&pli=1#gid=0
www.supirikrida.com

ලක් යෞවනියෝ ශ්‍රේණිගත කිරීම්වලින් ඉවතට

ව වන ආසියානු යොවුන් බාලිකා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යෞවනියන්ට ශ්‍රේණිගත කිරීම් තරගවලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.කණ්ඩායම් 13 ක් සහභාගි වූ මෙම තරගාවලියේ ශ්‍රේණිගතකිරීම් සදහ කැදවන කණ්ඩායම් 12 අතරට එක් වීමට කිසිදු තරගයක් ජය නොගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසමත් වී තිබෙනවා.තරගාවලිය පුරාම එකම තරග වටයක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාව එම තරග වටය මුහුණ දුන් අවසන් තරගයේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරිමට සමත් වුණා.
වරගීකරණ වටයේ දී එච් කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකාව ඊයේ ඕසට්‍රේලියාව සමග තරගයට පිවිසෙන විට ඒ වන විට දක්වා තිබූ දක්ෂතා පදනම් කරගෙන සළකා බලද්දී තරගය ජය ගත හැකි මට්ටමක සිටියා.ඒ තත්ත්වය තව දුරටත් පැහැදිළි  කරමින් ඔවුන් ප්‍රථම වටය ලකුණු 25 - 16 ක් ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව ජය ගත්තා.නමුත් ඉතිරි වට තුන ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ ඕස්ට්‍රේලියාව ලකුණු 25 - 21 ,26 - 24 සහ 26 - 24 ලෙස ජය ගැනීමට සමත් වුණා.
තරගය තුළ රැදී සිටීමට සහ අවස්ථානුකූලව ක්‍රියා කිරීමට ඇති වෘත්තිමය වට පිටාවකින් තොරවීම නිසා ලා බාල යොවුන් ක්‍රීඩිකාවන් ට තරගයේ ජය අහිමි වුව ත් ප්‍රථම වටයේ ඔවුන් ලැබූ පහසු ජය නිසා තරගයේ සමස්ත ලකුණු සටහනේ එකතුව විමසද්දී ශ්‍රී ලංකාව ලකුණු 94 - 93 ක් ලෙස ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටියා.එහි තරග වාර්තාව සදහා පහත සබදතාවය හරහා පිවිසිමට අවස්ථාව ලැබෙනවා http://www.asianvolleyball.org/upfile/bulletin/files/201210/1552642981_1350398272.pdf

www.supirikrida.com

Oct 16, 2012

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඉරානයටත් දෙවැනි වේ

චීනයේ ක්‍රියාත්මක නව වන ආසියානු යොවුන් බාලිකා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රථම වටයේ දක්ෂතා මත අයත් වූ එච් කාණ්ඩයේ ප්‍රථම තරගයට ඊයේ ඉරානය සමග සහභාගි වූ අතර එහිදී ද වට 3 - 0 ක පරාජයක් ලැබීය.ලකුණු 21 - 25 ,22 - 25 සහ 21 - 25 ක් ලෙස (http://www.asianvolleyball.org/upfile/bulletin/files/201210/1737583024_1350310262.pdf) ශ්‍රී ලංකාව ඉරානය ඉදිරියේ පරාජයට පත් වූ මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට මුණ ගැසීමට නියමි.ව ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.
ඕස්ට්‍රේලියාව සහ ඉරානය අතර පැවති තරගයෙන්ද වට 3 - 0 ක් ලෙස ඉරානය ජය ලැබීමත්,ලකුණු ලබා ගැනීම සළකා බැලීමේදී එම තරගයේ ප්‍රතිපලය ඉරානය, ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජයට වඩා පහසු ජයක් ලෙස දකින්නට ලැබීමත් නිසා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ලබන ප්‍රථම ජය ලබනු ඇතයි අපේක්ෂා කළ හැකිය.නමුත් ඉරානය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙකම මූලික වටයේ දී ඉන්දියාව ඉතා පහසුවෙන් පරාජය කර තිබීම යනු කළාපීය අබියෝගය හෝ ජය ගැනීම පිලිබදව අපේ අවධානය මීට වඩා විශාල විය යුතු බවට ඉගි කරන්නකි.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ මේ දක්වා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කර ජපන් බාලිකා කණ්ඩායම සිය පුහුණුකරුගේ පුහුණු උපදෙස් වලට සවන් දෙන අයුරුය.
www.supirikrida.com

ism.gov.lk අද දොරට වඩියි

ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ තොරතුරු සහ සේවාවන් පිළිබද දැන ගැනීම පහසු කර ගැනීම පිණිස සකස් කළ ism.gov.lk වෙබ් අඩවිය අද දින දොරට වැඩීමට නියමිතය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ උපදෙස් මත සිදු වූ කළමණාකරණ වෙනස්කම් වලට සමගාමීව සිදුවන මෙම වෙබ් අඩවිය දොරට වැඩීමේ අවස්ථාව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානි මහාචාර්‍ය අර්ජුන ද සිල්වා ගේ ආරාධනය පරිදි අද (ඔක්තෝම්බර් 16) පෙ.ව 9.00 ට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සුරතින් දොරට වැඩීම ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී සිදු වීමට නියමිතව ඇත.
තහනම් උත්තේජන භාවිතය වැළක්වීම,තහනම් උත්තේජන කවරේද යන්න පිළිබදව ජාත්‍යන්තර වාඩා ආයතනයේ අණ පනත් සහ නිති රීති පිළිබදවද,ක්‍රීඩාවේ යහ පැවත්ම උදෙසා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් ඇරඹු ක්‍රීඩා දින පොත සේවාවන් ඇතුළු විවිධ මහජන සේවාවන් ද ක්‍රීඩා වෛද්‍ය ඒකකය ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංක සහ විද්‍යුත් ලිපින ආදී තොරතුරු ද දැන ගැනීම සදහා මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව හිමි වේ.
www.supirikrida.com

කොළඹ දිස්ත්‍රික් දැල් පන්දු තරග ටොරිංටන් හී දී

කොළඹ දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ අතර පවත්වනු ලබන කොළම දිස්ත්‍රික් අන්තර් සමාජ නෙට්බෝල් තරගාවලිය ඔක්තෝම්බර් 21 දා පෙ.ව.8.00 සිට කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රය පිහිටි ටොරිංටන් ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
ඒ,බී සහ අවුරුදු 14 න් පහළ සහ වයස 35 න් ඉහළ ප්‍රවීන ලෙස කාණ්ඩ හතරක් යටතේ තරග ක්‍රියාත්මක වන අතර අවුරදු 35 න් ඉහළ ප්‍රවීන අංශයේ තරග සදහා පමණක් රුපියල් 1000/= ක ඇතුළත්වීමේ ගාස්තුවක් ගෙවිමට සිදු වේ.
මෙහිදී ඒ කාණ්ඩයෙන් ජයගනු ලබන කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායමට ජාතික දැල්පන්දු සම්මේලනය මෙහෙයවන ජාතික තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමිවනු ඇත.
www.supirikrida.com

Oct 15, 2012

සුනිමල් ගේ වැඩේට නිමල ඇගයීමක්

ප්‍රවීන මලල ක්‍රීඩකයෙකු මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු ද වන මලල ක්‍රීඩා පුහුණුකරු සුනිමල් රූපසිංහ විශේෂ ජාත්‍යන්තර පුහුණුවක් ලද කිඩ්ස් ඇත්ලටික් (ළමා මලල ක්‍රීඩා) වැඩ සටහන් මෙහෙයවමින් කරන ලද සත්කාරය මෙන්ම, ඔහු ඉගෙනුම ලැබූ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යලයේ කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති 1000 ක් පමණ සහභාගි වූ ළමා මළළ ක්‍රීඩා පුහුණු වැඩ සටහන අවසානයේ ඔහුගේ සේවය අගයමින් උපහාර තිළිණයක් ප්‍රදානය කෙරුණා.
මෙම මලල ක්‍රීඩා උළෙලට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය හිටපු ඔලිම්පික් කමිටු ලේකම් වරයෙකු මෙන්ම,මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයෙකු ද වන ක්‍රීඩාව සම්බන්ධ ජනාධිපති උපදේශකයෙකු ද වන ප්‍රේමා පින්නවල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම ක්‍රීඩා උළෙලේ දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන පෙරේරා එම සම්මානය පිරිනැමූ අයුරුත් ඡායාරූපයේ දැක්වේ.
www.supirikrida.com

'පතන' පාසල් රග්බි සූරයන් බව යළි සනාත කරයි

ලක් පාසල් රග්බි පිටියේ සදාකාලික වීරයන් සේ වැජඹි,ඉසිපතන විද්‍යාලය මේ වසරේ යළිත් එම කීර්තිමත් ඉතිහාස මාවතට පිවිසෙමින් ‍මේ වසරේ පාසල් පිටියේ සියළු ප්‍රදාන සූරතාවයන්ගේ උරුමක්කාරයා වෙමින් මයිලෝ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති කුසලාන රග්බි කිරුළ ද සියතට ගැනීමට සමත් වුණා.ඒ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීරණයේ පැවති ජනාධිපති කුසලාන අවසාන තරගයේදී මනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 21 - 16 ක් ලෙස පරාජයට පත් කරමින්.
තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ මුල් භාගය ලකුණු 13 - 10 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණ ගත්තද දෙවන භාගයේදී ආක්‍රමණය මෙන්ම ආරක්ෂාවෙන්ද සමබරව තරග වැදි ඉසිපතනය පෙරමුණට පැමිණි අතර ඔවුනගේ ලකුණු 21 එක් උත්සාහක දිණුමකින්,ගෝල් ප්‍රහාරයකින් සහ දඩුවම් පහර තුනකින් සපුරා ගත් අතර ත්‍රිත්ව විද්‍යාලය උත්සාහක දිණුම් දෙකකින් සහ එක් දඩුවම් පහරකින් සිය ලකුණු ප්‍රමාණය රැස් කර ගනු ලැබුවා.
www.supirikrida.com