Sep 30, 2012

කසුනි ගේ නායකත්වයෙන් කාන්තා කණ්ඩායම තායිලන්තයට

ත්‍රිකුණාමලය මිහිදුපුර විද්‍යාලයේ කසුනි චතුරිකා ගේ නායකත්වයෙන් යුත්  ශ්‍රී ලංකා කාන්තා කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලිය සදහා සහභාගි වීමට තායිලන්තය බලා පිටත්ව ගියා.කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාදම්ප සේනානායක ජාතික ක්‍රීඩා පාසලේ ප්‍රධාන ක්‍රීඩා උපදේශක චාල්ස් තිලකරත්න කටයුතු කරන අතර කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර වොලිබෝල් සම්මේලන සභාපති,විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වෙනවා.
රටවල් 17 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සී කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කොටසේ සෙසු කණ්ඩායම් ලෙස කසකස්ථානය,කොරියාව සහ හොංකොං තරග බිමට පිවිසීමට නියමිතයි.තරගාවලියේ 10 වන තරගයේදී තරග බිමට පිවිසීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කොරියාවයි.තරගය ඔක්තෝම්බර් 1 දා පැවත්වීමට නියමිත අතර ඔක්තෝමබර් 2 දා ශ්‍රී ලංකාව සහ කසකස්තානය තරග වැදීමට නියමිතයි.ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසාන තරගය හොංකොං සමග පැවත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 3 වන දා යි.
www.supirikrida.com

Sep 29, 2012

හීලේ රෝහලට ඇරියත් කිරුළ ස්ලිම්ලයින්ට

ප්‍රවීන බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස් එන් හීල්බත්දෙණිය ට රෝහල් ගත වන්නට මුෂ්ටි පහරක් එල්ල කළ ගුවන් හමුදාවේ මොහොමඩ් ඩිල්ෂාන් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා වුව ද,ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මෙවර ක්ලිෆර්ඩ් සූරයන් වීම වළක්වන්නට එය ප්‍රමාණවත් නොවිණ.ඩිල්ෂාන් ගේ එම ප්‍රහාරය අති විශිෂ්ඨ දස්කමක් ලෙස සැළකිය හැක්කේ ඒ වන විට ගණණය කිරීමකට ලක්වන ප්‍රහාරයකට හීල්බත්දෙණිය වෙතින් ලක් වී තිබීම නිසා සහ ලකුණු ප්‍රමාණය අතින් ද හීල්බත්දෙනිය ඉදිරියෙන් සිටිය දී එවැනි ප්‍රහාරයකට පිවිසීම සදහා ඔහුට විශ්වාසයක්,ශක්තියක් සහ මානසික ඒකාග්‍රතාවයක් තිබීම නිසාය.
කෙසේ නමුත් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද MAS ආයතනයට සම්බන්ධ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සහ මාස් සදර්න් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය ලැබීම කැපී පෙණින.සෑම තරගාවලියක දී මෙන්ම මෙම තරගාවලියේදී ද මාස් හා සම්බන්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවනට අනෙකුත් ක්‍රීඩා සමාජ හා එක්ව විරෝධය දැක්වීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ වලදී විනිශ්චය විරෝධයට ලක් කරමින් කටයුතු කිරීම මෙහිදී ද දක්නට ලැබිණ.සැබවින්ම ඇතැම් තීරණ පිලිබදව සැක සහිත බවක් පෙණුන ද,එම විනිශ්චයන් සදහා සහභාගි වන වැඩි පිරිසකට අනෙකුත් ක්‍රීඩා සමාජ සමග නෑ සබදකම් තිබීම ගැන ද මෙහිදී අවදානයට ලක් විය යුතුය.
ප්‍රියදර්ශණී,ඩිල්ෂාන්,නිරංජලා සහ පෙරේරා
එම විනිශ්චයන් නිවැරදි  ද නොවන්නේද යන කාරණය පිළිබදව සැක සිතෙන තරමටම එම විනිශ්චයන්ට සම්බන්ධ මාස් නොවන බහුතරයකගේ තීරණ මාස් වෙත පක්ෂග්‍රාහී විම යන්න විනිශ්චය සාධාරණ වීමටත් වඩා  තමන්ගේම හෘද සාක්ෂියට එරෙහි වීමකි.කෙසේ නමුත් මෙම විරෝධය සියයට සියයක් අසාධාරණ නොවිය හැකි නමුදු සෑම කණ්ඩායමක්ම සිය පොදු හතුරා ලෙස මාස් සැළකීම රටේ බොක්සිං ක්‍රීඩාව පිළිබදව නැවත සිතා බැලීමට වන තත්ත්වයක් උදා කරන්නේය.එම ආයතනික මූල්‍ය සම්පත් මූලික කොට යැපෙන ලාංකේය බොක්සිං ක්‍රීඩාව මාස් සතුරෙකු කොට ප්‍රතිපක්ෂව සිට ගැනීම යනු ස්වීය හෘද සාක්ෂියෙන් කෘතවේදීත්වයේ වර්ගපලය ගැන ප්‍රශ්න කිරිමකි.
මාස් සහ සෙසු කන්ඩායම් වල මාස් විරෝධතාවය අතර ඇති ඓන්ද්‍රීය ගනු දෙනුව ඇති නැති පරතරය විසින් මතු කිරීමක් ලෙස හැදින්වීමට හැකි අතර මාස් ද ඇතුළුව සියල්ලෝම මෙවැනි ජාතික මට්ටමේ තරග වල දී ජාතික සම්පත් රැක ගැනීම සහ ඔවුන්ට හෘදයාංගමව සුබ පැතීම යන්න ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතුවන බව අපේ විශ්වාසය වන්නෙමු.
එසේම මාස කිහිපයක් විදේශ ගතව සිට පැමිණ නැවත බොක්සි පිටියට පා තැබූ MAS ක්‍රීඩා සමාජයේ නිරංජලා සේනානායක දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වූවා ය.ඇයගේ කැපවීම සහ හැකියාව පිලිබද නිදර්ශනයක් ලෙස එම දක්ෂතාවය හැදින්විය හැකිය.
තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ඉන්දික පෙරේරා තේරී පත් වූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ එච්එස් ප්‍රියදර්ශණීය.
 www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් සමග එක්ව කොදෙව් ක්‍රීඩිකාවෝ අසරණ කරති

Sri Lanka Women celebrate a wicketලොව සිටින හොදම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මෙවර අයිසීසී සම්මාන දිනූ ස්ටෙෆ්නී ටේලර් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 6 ක් අති විශිස්ඨ ජයක් වාර්තා කරන්නට සමත් වූහ.ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන 20 / 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් අතර තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට පදනම දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම නිසා ටේලර් ඇතුළු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුටම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදු වූයේ දුවද්දී දැවී ගොස් ය.
එසේම ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන සිය තුන් ඉරියව් දස්කම් වලින් කොදෙව් ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ අතර  ශ්‍රී ලංකාව පන්දු ඕවර් 10 දී කඩුලු තුනක් දැවී ලබා ගත් ලකුණු 50 න් ලකුණු 18 ක් ම නොදැවී රැස් කළේ ඇය ය.පන්දු යැවීමේන්ද ශෂිකලා ලකුණු 4 ට කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොදම පන්දු යැවිම ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව වූවා ය.පන්දු ඕවර් 8 දී ලකුණු 48 ක් ලබා ගැනීමට ගිය ගමන ලකුණු 42 දී නිම වෙද්දී කොදෙව් ක්‍රීඩිකාවන්ට කඩුළු අටක්ම අහිමි කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ඉහළ මට්ටමක පවතීම පැවත්වීමට නියමිත නවසීලන්තය අතර තරගයට විශාල ශක්තියක් වනු නිසැකය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් ප්‍රවේශ විය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/current/match/533304.html

www.supirikrida.com

වියපත් රුවිනි ඉලක්කය සවිමත් බව පෙන්වයි

දැනට ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස සැළකෙන රුවිනි අබේමාන්න මෙවර ජාතික වෙඩි තැබීමේ සූරතාවලියේදී පිස්තෝල ඉසව්වේ හොදම වෙඩික්කාරිය වෙමින් තමන් තවමත් ඉහළ මට්ටමක පසුවන බව තහවුරු කළාය.දැනට MAS ‍සමූහයේ සේවය කරන රුවිනි මෙන්ම එම සමුහයට අයත් සුරංග ප්‍රනාන්දු පිරිමි අංශයේ දක්ෂතම වෙඩික්කරු ලෙස ද ඇගයීමට ලක්විය.
පිරිමි රයිෆල් අංශයේ දක්ෂතම වෙඩික්කරු ලෙස මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මංගල සමරකෝන් තේරී පත් වූ අතර දක්ෂතම රයිෆල් වෙඩික්කාරිය වූයේ මධුෂානි වටරැක ගමගේ යි.
කළුතර නාවික හමුදා වෙඩි පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙ ජාතික තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රදාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහභාගි වූ අතර එහිදී ඔහු සබාව අමතමින් ප්‍රකාශ කළේ වෙඩි තැබීමේ ඉසව්ව පාසල් මට්ටමින් ව්‍යාප්ත කරමින් ක්‍රීඩාවේ ඉදිරි වර්ධනය පිණිස කටයුතු කරන බවය.
www.supirikrida.com



පකිස්තානය සටනක් දී ජය ගනියි ඉන්දියාව සටනකින් තොරව පරදියි

A familiar sight as Shane Watson collects a Man of the Match award ලෝක කුසලාන 20 / 20 තරගාවලියේ සුපිරි අට වටයේ දී  දකුණු අප්‍රිකාව සහ පකිස්තානය අතර පැවති තරගයෙන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සිය පිතිකරුවන් විසින් ලබා දුන් ලකුණු 133 රැක ගැනීම සදහා ලබා දුන් විශිෂ්ඨ සටන නිසා පකිස්තානයට ජයග්‍රහණය පිණිස 20 වන ඕවරයේ සිව්වන පන්දුව තෙක් බලා සිටින්නට සිදු විය.එසේම කඩුලු 8 ක් අහිමි කර ගන්නට සිදු විය.
මෙවර තරගාවලියේ මේ දක්වා පැවති තරගවල දී විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා දක්වමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි ක්‍රීඩා රටාවක නියැලෙන ෂේන් වොට්සන් තෙවන වරටත් තරගයේ වීරයා බවට පත් වෙමින් ඉන්දියාවට විශාල පරාජයක් අත් කර දුන්නේය.පලමුව පන්දුවට පහර දුන් ඉන්දීයාව ලකුණු 140 ට සීමා කරන්නට මූලිකත්වය ගත් වොට්සන් ලකුණු 34 ට කඩුලු 3 ක් ලබා ගත්තේය.අනතුරුව පන්දු ඕවර 14.5 දි අවශ්‍යය ඉලක්කය කරා ඕස්ට්‍රේලියාව රැගෙන එන්නට පෙරමුණ ගත් වොට්සන් පන්දු 42 දී ලකුණු 71 ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවේ ජය තහවුරු කළ අතර ඒ අනුව ඉන්දියාව පරදවා කඩුලු නවයක අති විශිෂ්ඨ ජයක් ලබන්නට ඕස්ට්‍රේලියාවට හැකිවිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533287.html හරහා ඉන්දීය ඕස්ට්‍රේලියා තරගයේ ලකුණු සටහනට පිවිසීමට හැකි අතර මෙම තරගය සම්පූර්ණයෙන් ඕස්ට්‍රේලියාවේ පාලනයට යටත්ව ක්‍රියාත්මක වූ තරගයක් විය.උපක්‍රමශීලීත්වය ඉක්මවා ගිය සටන්කාමීත්වය සහ වාසනාව රැදි නායකයෙක් ලෙස ප්‍රකට මහේන්ද්‍ර සිං දෝනි ගන්නා ලද තීරණ වලින් වාසනාව මතු කර ගැනීමට  අසමත් වීම නිසා තරගයේ සෑම තත්පරයකම ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටිය අතර දෝනි ආරම්භක පිතිකරුවන් ලෙස වොට්සන් සහ ඩේවිඩ් වෝනර් (63) දවා ගන්නට පන්දු යවන්නන් අට දෙනෙකු යොදා ගත්තද එය සාර්ථක කර ගන්නට ලකුණු 133 ක් වාර්තා වන තෙක් බලා සිටින්නට දෝනි ට සිදු විය.
Umar Gul slammed 32 off 17 balls to revive Pakistan පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී ආරම්භක පන්දු යවන්නා ලෙස දග පන්දු යවන හසන් රාසා කැදවීමට මොහොමඩ් හෆීස් ගත් තීරණය ඉදිරියේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් පසු බැස්මක් පෙන්නුම් කළ අතර රාසා ට කඩුලු දවා ගැනීමට නොහැකි වුව ද,ඔහු යවන ලද පන්දු ඕවර් 3 තුළ ලබා දුන්නේ ලකුණු 12 ක් පමණි.ඒ පීඩනයේ ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 6.1 ක් ගත වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 28 ක් පමණක් ලකුණු පූවරුවේ සටහන් වූ අතර ඒ පීඩනය නිසා දකුණු අප්‍රිකානු ඉණිම ලකුණු 133 ට සීමා විය.
එම ලකුණු 133 රැක ගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හොද සටනක් ලබා දුන් අතර එයට එරෙහිව උමාර් අක්මාල් නොදැවී ලකුණු 43 ක් ලැබූ අතර උමාර් ගුල් පකිස්තානය පීඩනයෙන් මුදවා ගනිමින් පන්දු 17 දී ලැබූ ලකුණු 32 නොවන්නට අක්මාල් ගේ උත්සාහය වතුරේ යන්නට තිබිණ.ඒ නිසාම පන්දුවෙන් ලකුණු 19 ට එක් කඩුල්ලක් දවා ගැනිමද සැළකිල්ලට ගනිමින් උමාර් ගුල් තරගයේ වීරයා ලෙස නම් කරන්නට යෙදිණ.
පහත සබදතාවයෙන් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533286.html
www.supirikrida.com



Sep 28, 2012

සුපිරි ඔවරයේදී ශ්‍රී ලංකාව සුපිරි බව රැක ගනියි


මෙවර 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වට‍ය අරඹමින් පැවති පළමු තරගය වූ ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී ක්‍රියාත්මක වූ සුපිරි ඕවරයේදී පළමුව පන්දුවට පහරදන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13 ක් ලැබුව ද,නවසිලන්තයට ලබා ගත හැකි වූවේ ලකුණු 7 ක් පමණක් බැවින් ශ්‍රී ලංකාවට ජය හිමි විය.
Lasith Malinga celebrates after stifling New Zealand in the Super Overකාසියේ වාසිය ලබමින් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පළමුව පන්දුවට පහර දීමට පිවිසි නවසීලන්තය සිය පන්දු ඕවර් 20 නිමා කළේ ලකුණු 174 ක් ලබමින් ය.එහිදී නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා අනගි වගකීමක් ඉටු කළ අතර මාටින් ගුප්තිල් (38) සහ රොබ් නිකොල් (58) නවසීලන්තයේ වැඩිම ලකුණු ලාභියෝ වූහ.මෙම කඩුලු දෙකම සිය මංගල 20/20 තරගයේ පළමු ඕවරයේ දෙවන පන්දුවෙන්ම කඩුලු අතරට පැමිණි අකිල ධනංජයට හිමි විය.ඔහු ලකුණු 32 ට කඩුලු 2 ක් දවාලමින් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ඉදිරියෙන්ම උන්නේය.
ලකුණු 174 ක් විශාල ලකුණු සංඛයාවක් වුව ද ඉණිම ඇරඹූ මහේල (44)  සහ ඩිල්ෂාන් (76 )ඉතා පහසුවෙන් පන්දුව දකිමින් පහර දෙන්නට වීමේ ප්‍රතිපලය ලෙස 8 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවෙන් මහේල දැවී යන විට ලකුණු පූවරුව 80 ක් ලෙස දිස්විය.නමුත් දග පන්දු යවන්නන්ගේ පැමීණිමත් සමග තරගය කරට කර ක්‍රියාත්මක වූ අතර තරගයේ අවසාන පන්දු දෙකට මුහුණ දීමට ලහිරු තිරිමාන්න සිට ගත්තේ ජයග්‍රහණයට ලකුණු 5 ක් පිටුපසින් ය.අවසාන ඕවරයේ පස්වන පන්දුවට ලහිරු තිරිමාන්න ලකුණු 4 ක් ලබමින් තරගයේ අවසාන පන්දුවේදී ජයග්‍රහණය දක්වා එක ලකුණක් වන තරමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලං කළ ද ෆ්‍රෑන්ක්ලීන් සහ රොස් ටේලර් ගේ දායකත්වයෙන් අවසාන පන්දුවේ දී දුවද්දී දැවී යාමකට ලිහිරැ තිරිමාන්න ගොදුරු කර ගැනීමත් සමග ශ්‍රී ලංකා ලකුණු පූවරුවද ලකුණු 174 දීම නැවතිණ.
එහිදී තීරණය කර ගත් අවසාන සුපිරි පන්දු ඕවරය යැවීමේ අවසරය නවසීලන්තය ටිම් සවුතිට පවරා දුන් අතර ඔහු ඉතා හොදින් පන්දු යවමින් අතිරේක ලකුනු 2 ක් සමග ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 13 ක් පමණක් බවට පත් කළේය.සංගක්කාර අතින් ගිලීහී ගිය  පන්දු දෙක පසෙකින් තැබූ විට නවසීලන්තය  ට එරෙහිව ඉතා හොදින් පන්දු යවමින් ලසිත් මාලිංග කැපී පෙණින.සුපිරි පන්දු ඕවරයේදී සුවිශේෂී මෙහෙවරක් දියත් කළ ඔහු ලකුණු 32 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533284.html මෙම සබදතාවය  තෙරපමින් තවත් දැනුවත් වීමේ අවශ්‍යයතාවයක් ලබා දී ඇති බවද පාඨක ඔබට අවබෝධය හිමි වේවා යැයි අප අප ප්‍රාර්ථනා කරන්නෙමු .
www.supirikrida.com

OPERATION SAG පිලිබදව සුනිල්ගෙන් පැසසුම්

ළඹෙන දකුණු ආසියාතික තරගාවලිය සහ ඉතිරි ජාත්‍යන්තර තරග ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශය සහ මලල ක්‍රීඩා සංගමය එක්ව පවත්වා ගෙන යන OPERATION SAG වැඩ සටහන ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් සංවිධානය කරන්නට යෙදුණ සාර්ථකම වැඩ පිළිවෙළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකු වන සුනිල් ජයවීර පවසයි.වර්ථමාන මළළ ක්‍රීඩා පරිපාලනයේ දක්නට ලැබෙන ප්‍රවීනතම පුද්ගලයා වන සුනිල් ජයවීර මෙරට ක්‍රීඩා පරිපාලනයේ දැවැන්තයෙකු මෙන්ම ජාත්‍යන්තර තරග සංවිධානයේ අති ප්‍රවීනයෙකු හැටියට ද සැළකේ.
සුනිල් පවසන ආකාරයට මලල ක්‍රීඩා සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය පදක්කම් අපේක්ෂාවෙන් ක්‍රීඩක සංවර්ධනය පිණිස අරඹන ලද සාර්ථකම වැඩ සටහන ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයක් මත අරඹන ලද OPERATION SAG වන අතර පළමු අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් කුමක් කරන්නේදැයි වික්ෂිප්තව බලා සිටියද අද වන විට පරිපාලකයෙකු ලෙස මනා අවබෝධයකින් සහ සැළසුමකින් යුතුව ඔහු ලාංකේය ක්‍රීඩාව නිවැරදි දිශාවකට යොමු කරමින් සිටින බව පවසන්නේය.1991 දී අපට පදක්කම් 12 ක් දිනා ගෙන මලල ක්‍රීඩාවෙන් ඉන්දියාව අබිබවා යන්නට ශ්‍රී ලංකාව සමත් වූ සේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විඩ පිලිවෙළ මත ලැබෙන පහසුකම් පාදක කර ගෙන ඊටත් වඩා ජයක් ලැබීමට අප උත්සාහ කළ යුතු බව ද සුනිල් ජයවීර පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව දිනා ඇති ජාත්‍යන්තර පදක්කම් සටහනේ 51% ශ්‍රී ලංකාව දිනා ඇත්තේ මලල ක්‍රීඩාවෙන් බව ද,ආසියානු පදක්කම් 100% ක් මෙන්ම දිනා ගෙන ඇති ඔලිම්පික් පදක්කම් දෙක සහ පැරා ඔලිම්පික් පදක්කමද ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ මලල ක්‍රීඩාවෙන් බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දෙන ක්‍රීඩාවක් ලෙස මලල ක්‍රීඩාවේ දියුනුවට සෑම පහසුකමක්ම ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.
මලල ක්‍රීඩාවට වාර්ශිකව රැපියල් ලක්ෂ  230 ක අනුග්‍රහයක් ලබා දෙන ලංකා බැංකුව දක්වන කැපවීම ඇගයීමට ලක් කළ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේදී ලංකා බැංකුව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු වෙනුවෙන් රැකියා අවස්ථා ඇති කිරීමට ද එකග වී ඇති බව පෙන්වා දුන්නේය.එළැඹෙන දකුණු ආසියාතික තරගාවලිය ඉලක්ක කර ඇති කර තිබෙන මලල ක්‍රීඩා ජාතික සංචිතය,පුහුණුකරුවන් සහ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම සදහා සංවිධානය කරන්නට යෙදුණ වැඩ මුළුවකදි සුනිල් ජයවීර සහ අමාත්‍යවරයා මෙම අදහස් පවසන්නට යෙදුණ අතර මෙම අවස්ථාවට මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මෙන්ම ප්‍රවීන පුහුණුකරුවන් වන යෝගානන්ද විජේසුන්දර සහ සුනිල් ගුණවර්ධන ද එක් ව සිටියහ.
www.supirikrida.com