පන්දු යැවීමේදී සොහේල් තන්වීර් දැවී ගිය කඩුලු 3 ම ලකුණු 31 ට දවා ගත් අතර පිලිතුරු ඉණිමට පිවිසි කදුරට කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තිසර පෙරේරා පන්දු 21 දී ලකුණු 35 ක් ලැබූව ද,බස්නාහිර ඉලක්කයට සමීප වීමට එය ප්‍රමාණවත් දක්ෂතාවයක් නොවිණි.පන්දු යැවීමේදී ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගැනීමටත් එක් දුවද්දී දැවී යාමකට දායක වෙමින්ද තරගය සියතට ගත් ඩිල්ෂාන් කදුරට කණ්ඩායම ලකුණු 95 ට සීමා කරන්නට මුල් විය.ඒ අනුව තරගයේ වීරයා වෙමින් ඩිල්ෂාන්,බස්නාහිර කණ්ඩායමට ලකුණු 34 ක ජයක් ලබා දෙන්නට සමත් විය.
තරගාවලිය අරඹමින් පැවති නැගෙනහිර සහ රුහුණ තරගයේ තීරණයක් ලැබීමට වර්ෂාව බාධාවක් විය.පළමුව පන්දුවට පහර දුන් නැගෙනහිර කණ්ඩායම සිය පන්දු ඕවර් 20 තුළ ලකුණු 134 ක් ලබා ගත්තේ සියල්ලන්ම දැවී යමින්ය.ලහිරු තිරිමාන්න වැඩිම ලකුණු ලාබියා වෙමින් පන්දු 33 දී ලකුනු 34 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක පිතිකරු සහීඩ් අෆ්රිඩී ගේ වේගය දුවද්දි දවා ගැනීමකින් නතර වෙද්දි ඔහු පන්දු 12 දී ලකුණු 18 ක් ලබා සිටියේය.පන්දු යැවිමේදී රුහුණ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන සමින්ද එරංග ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින් ආරම්භක දිනයේ හොදම පන්දු යැවීම සනාත කළ අතර රුහුණු කණ්ඩායමේ පිළිතුරු ඉණිම පන්දු ඕවර් 12 නිමා වෙද්දී වර්ෂාවට ගොදුරු වන විට ඔවුන් කඩුලු 2 ට ලකුණු 77 ක් ලබා සිටි අතර ට්‍රෙවිස් බර්ට් ලකුණු 33 ක් නොදැවි ලබා සිටි අතර ඉණිම ඇරඹු යොවුන් ක්‍රීඩක උදාර ජයසුන්දර ලකුණු 25 ක් ලැබීය.ලසිත් මාලිංග පන්දු ඕවර් 2 ක් යවා ලකුණු 4 ක් දී එක් කඩුල්ලක් ලබා සිටියේය.
බස්නාහිර සහ කදුරට ලකුණු පූවරුව http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571354.html මෙම සබදතාවයෙන් ලබා ගැනීමට හැකි අතර නැගෙනහිර සහ රුහුණ අතර ලකුණු පූවරුව http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/current/match/571353.html සබදතාවයෙන්ද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com