Aug 8, 2012

සැලී රිදී රන් කර රන් රිදී කරයි

Sally Pearson of Australia wins the Women's 100m Hurdles Final කුත් වසරේ ලොව විශිෂ්ඨතම මලල ක්‍රීඩිකාව ලෙස නම් කළ සැලී පියර්සන් නව ඔලිම්පික් වාර්තාවක් (තත්.12.35) සමග මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජය ගත්තේ 2008 වසරේදී තමන් දිනූ රිදී පදක්කම රන් පදක්කමක් බවට පෙරළා ගනිමින්ය.එම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ ඇමෙරිකානු ක්‍රීඩිකා ඩොන් හාපර් රිදී පදක්කමට හිමිකම් කියූ අතර නමුත් ඇයද සිය ජීවිතයේ හොදම තරග නිමි කිරීමේ කාලය වාර්තා කරමින් පැවති ඔලිම්පික් වාර්තාව සම කරමින් තත්පර 12.37 ක කාලයක් ගත කරන්නට සමත් වූවාය.
ඉතා වේගවත් තරගයක යෙදෙමින් සියළු දෙනාම මේ තරගය ජය ගැනීමට කළ උත්සාහය නිසා තරග නිමා කිරීම් ඇතැම් රටවල ජාතික වාර්තා බවට පත් වෙද්දී බොහෝ දෙනෙකු සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කිරීම ද කැපී පෙණින.තරගයේ තෙවන සහ සිව්වන ස්ථාන සදහා පිළිවෙලින් පත් වූ ඇමෙරිකාවේ කෙලී ලේස්  තත්.12.48 ක් වාර්තා කරද්දී ලෝලා ජෝන්ස් සිය කාලීන හොදම දක්ෂතාවය ලෙස තත්පර 12.58 ක් වාර්තා කරන්නට සමත් විය.
පස්වන ස්ථානයට පත් වූ තුර්කියේ වැනිට් නෙවින් නව ජාතාක වාර්තාවක් තබමින් තත්පර 12.58 කින් සිය ඉසව්ව නිමා කළ අතර හයවන තැනට පිවිසි කැනඩාවේ ජෝජ් පිලිසියා සිය හොදම පෞද්ගලික කාලය සම කරමින් තත්පර 12.65 ට ඉසව්ව නිමා කළාය.
www.supirikrida.com

ලංකාව ආයෙත් පරාදයි

Irfan Pathan picked up three wicketsන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ඇරඹීමට පෙරම ඒ පිළිබද කණ්ඩායම් දෙකේ සංයුතිය ගැන සදහන් කරමින් අප පවසා සිටියේ ඉන්දියාවේ හැකියාවන් ඇති කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ වාසනාවන්තයන් ගේ කණ්ඩායම අතර තරගාවලියක් පැවත්වෙන බවයි.ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් ද ශ්‍රී ලංකා නායක මහේල සහ දෝනි ගැන ද මෙවැනි අදහසක් දැරුවා.ඒත් දෝනි ගේ වාසනා යන්ත්‍රය කරකැවිය හැකි දක්ෂතා වලින් අනූන කණ්ඩායමක් ලැබුණත් මහේලට එවැනි කණ්ඩායමක් නැහැ.
දක්ෂයන් මෙන්ම දක්ෂතා අතර නැති කිහිප දෙනෙකුටද එම සංචිතයේ වාසනාව තිබෙන බැවින් හදිසියක දී   වෙනුවට යෙදීමට ඉන්නේ එවැනි වාසනාවන්තයන් නිසා දක්ෂතා සුරැකෙන්නේ නැති අඩුව පසුගිය කාලයේම දකින්නට ලැබුණත් එවැනි වාසනාවන් පහළවීම පිළිබදව ජනතාවට ඇති කුහුල නිවා ගන්නට ජනමාධ්‍ය්‍යට මුහුණ දීමට තරම්වත් හැගීමක් නැති තේරීම් කමිටුව දිගින් දිගටම වදුරෙකුට දැලි පිහියක් ලැබුණු ආකාරයෙන් හැසිරෙමින් සිටිනවා.නමුත් ඔවුන් ට පෞද්ගලිකව කිසි හානියක් නොවන අතර ඔවුන් දිගින් දිගටම තේරීම් කමිටුවේම සිටින අතර ඔවුන් ගේ දැලි පිහි පහරින් තුවාල ලබන්නේ දක්ෂයන් සහ ක්‍රීඩාව වීම ඛේදණීය තත්ත්වයක් බවට පත් වී තිබෙනවා.
මේ තත්ත්වය මත පැවති එකම 20 - 20 තරගයේදී ශ්‍රී ලංකාව ජගත් ශ්‍රේණිගත කිරීම් වල තමන්ට ඉදිරියෙන් සිටීම පිලිබදව තැකීමක් නොකරන ඉන්දියාව කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ලකුණු 39 කින් පරාජය කරන්නට සමත් වෙනවා.පල්ලෙකැලේ ක්‍රීඩාංගණ ඉතිහාසය ගැන සොයා බලද්දී එහි සාර්ථකම පිතිකරුවා වන ටීඑම් ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී යාම මෙන්ම එම තණතිල්ලේ ඉතාමත් හොදින් පන්දු යවා ඇති ඩිල්ෂාන් පන්දු නොයැවීමද යම් ආකාරයක බලපෑමක් කළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.දිගින් දිගටම ඔහුගේ කණ්ඩායමට ඇති අවශ්‍යයතාවය පිතිකරණය පමණක් යන්න ඔහුටම ඒත්තු යන පරිදි ඔහුගේ ක්‍රිකට් ජීවිතය විනාශ කිරීමට කාට හෝ ඇති උවමනාවක් හෝ තමාට ඇති උවමනාවක් හෝ මහේල විසින් ඉටු කරමින් තිබෙන බව පැහැදිළි වුණත් කිසිදු බලධාරියෙකු ඒවා සංඛයා ලේඛන සමග සංසන්දනය කරමින් කතා කිරීමට ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්.
එම නිසා මෙම තරගාවලියේදී අවස්ථානුකූලව පිතිකර'නයේ නොයෙදීම ලෙස පරාජයේ හේතුව හුවා දක්වන්නට මහේල කටයුතු කරද්දී ඔහු ද කණ්නාඩියක් ඉදිරිපිට සිට අවස්ථානූ කූලව නායකත්වයේ වගකීම ඉටු නොකළ බවට ද දෙස් දෙවොල් තැබිය යුතුව තිබෙනවා.
කෙසේ හෝ ඉතාමත් දක්ෂ තරුණ කණ්ඩායමක් ලෙස ඉන්දීය සංචාරයට එක් කර තිබූ එකම 20 - 20 තරගයේ සෑම අතින්ම ඉදිරියෙන් සිටි ඉන්දියාව එම තරගය ජයගත් බව කිව යුතුයි.ඒ නිසා එම ජයග්‍රහණය වාසනාවන්ත එකක් නොවන අතර කළයුතු දේ නිසි වේලාවට නිසි පරිදි කිරීමේ භෞතික තත්ත්වයන් විසින් ඉන්දියාවට ලබා දුන් ජයග්‍රහණයක් ලෙස අර්ථ දැක්විය යුතුයි.
20 - 20 තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය මගින් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564786.html
www,supirikrida.com

රන් පදක්කම්ලාභියා ගේ හිස මතට මහ බරක්







ර ඉසිලීම ඉසව්ව වෙනුවෙන් බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ජර්මණියේ මැතිව්ස් ස්ටෙනර් සිය ඉසව්වේ නියැලී සිටියදී  ආබාධයකට ගොදුරු වීම නිසා තරගයෙන් ඉවත් වුණා.ස්නැච් ක්‍රමයට එම එසවීම කරමින් සිටියදී ඇති වූ තත්ත්වයක් නිසා ඔහු බර එසවුමත් සමග ඇද වැටුණු අතර එහි දී බර එසවුම සිය හිස සහ ගෙල මත පතිත වුණා.
සංවිධායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව නරඹන්නන්ගෙන් ආවරනය කර රෝහල වෙත ගෙන යාමට කටයුතු කල අතර එහිදී ඔහු ව විකිරණ ප්‍රතිකාර වෙත යොමු කර තිබෙනවා.එහිදී සංවිධායකයන් තමාට ඉක්මණින් ප්‍රතිකාර ලබා දීම සදහා යොමු කිරීම පිලිබදව මතියෙස් සංවිධායකයන් වෙත ස්තුතිය පුද කර තිබෙනවා.
මේ සමග දැක්වෙන්නේ ඊට අදාළ ඡායාරූප කිහිපයක්.
www.supirikrida.com

කැමරුන් ක්‍රීඩකයන් හතක් අතුරුදහන්


න්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන කැමරුන් ක්‍රීඩක කණ්ඩායමේ හත් දෙනෙකු මේ වන විට අතුරුදහන් වී තිබෙන බව ලන්ඩනයෙන් වාර්තා වේ.අතුරුදහන් වූ හත් දෙනා අතරට බොක්සිං ක්‍රීඩකයන් පස් දෙනෙකුම ඇතුළත් වී ඇති අතර පිහිණුම් ක්‍රීඩකයෙක් සහ පාපන්දු ක්‍රීඩකයෙක් ද ඒ අතර වේ.තෝමස් එසොම්බා,ක්‍රිස්ටියන් ඩොන්ෆැක්,ඇබ්ඩන් මිවෝලි,බ්ලැසි යෙප්මොව් සහ සර්ගි ඇම්බොමෝ යන බොක්සිං ක්‍රීඩකයන් ද,පෝල් එකානේ යන පිහිණුම් ක්‍රීඩකයා සහ කැමරුන් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට පිවිසීමට වරම් නොලත් පාපන්දු සංචිතයට අයත් ව සිටි ඩ්‍රසෙලි එන්ගාකෝ මේ අතුරුදහන් වූ ක්‍රීඩක සංයුතිය නියෝජනය කරනවා.
මේ අතුරුදහන්වීම පිළිබදව කණ්ඩායම්භාර නිලධාරීන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දී සිටින අතර විදෙස් වාර්තා පෙන්නා දෙන්නේ මිලියන 12 ක් පමණ වන කැමරුන් රැකියා වියුක්තියන් අතරට වැටෙන මෙම ක්‍රීඩකයන් යුරෝපීය රැකියා වෙළද පොළෙන් අවස්ථාවක් ලබා ගැනීම පිණිස කණ්ඩායමෙන් පලා යන්නට ඇති බවයි.
www.supirikrida.com

Aug 7, 2012

ඔලිම්පික් පාපන්දු පිටියේ ආසියානු දස්කම් කැපී පෙනෙයි

Extra time during the women's semi-final Football match between Canada and the USAජගත් කාන්තා පාපන්දු සූරියන් වන ජපානය මේ වන විටත් ඇමෙරිකාවට එරෙහිව පාපන්දු රන් පදක්කම සදහා වන සටනට සුදුසුකම් ලබා සිටින අතර මෙවර පිරිමි අංශයේදී ද ආසියානු දස්කම් කැපී පෙණෙන තත්ත්වයක විය.මේ  වන විට අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා තිබෙන කණ්ඩායම් හතරට ජපානය සහ කොරියාව සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය ආරම්භයේදී ම ජගත් සූර ස්පාඤ්ඤය පරදවමින් ජගත් පාපන්දු ලෝකයේ අවධානය දිනා ගත් ජපානය අවසන් පූර්ව තරගයේදී මෙක්සිකෝවට එරෙහිව තරග වැදීමට නියමිතය.කොරියානු කන්ඩායමේ ප්‍රතිවාදියා වන්නේ බ්‍රසීලය ය.ඡායාරුපයේ දැක්වෙන්නේ ජපාන කාන්තා පාපන්දු කන්ඩායම අවසාන තරගයට තේරී පත්වීම ප්‍රේක්සකයන් සමග විද ගත් අයුරුයි.
www.supirikrida.com

මේස පන්දු පිටියම චීනයට?

Zhang Jike celebrate during men's Singles Table Tennis finalමෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මේස පන්දු ක්‍රීඩාව වෙනුවෙන් දිනා ගත හැකි රන් පදක්කම් හතරම චිනය දිනා ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාසය පළ කරති.පිරිමි සහ කාන්තා කේවල ලෙසත් කන්ඩායම් ලෙසත් තරගාවලිය පැවත්වෙන අතර මේ වන විට නිමා වී ඇති කාන්තා සහ පිරිමි ඒකල තරග වල රන් සහ රිදී පදක්කම් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගෙන සිටිති.
පිරිමි කේවල අංහයේ රන් පදක්කම චීනයේ ජික් සාන්ග් විසින් දිනා ගත් අතර එහි රිදී පදක්කම හාවෝ වැනග් දිනා ගත්අතර එහි ලෝකඩ පදක්කම දිමිත්‍රි ඔවිට්චරෝ විසින් දිනා ගත්තා.කාන්තා කේවල සූරිය වූයේ චීනයේ ලී ෂයැෂිඔවා වන අතර රිදී පදක්කම ඩින්ග් නින්ග් විසින් දිනා ගත්තා.සිංගප්පූරුවේ ෆෙන්ග් ටියැන්ගවෙයි විසින් ලෝකඩ පදක්කම දිනා ගත් මෙම ඉසව්වේ කාන්තා කණ්ඩායම් අවසාන තරග අද පැවත්වෙන අතර ඒ සදහා චීනය සමග ගැටෙන්නේ ජපානය යි.
පිරිමි කණ්ඩායම් අවසාන තරග හෙට (8) පැවත්වෙන අතර ඒ සදහා ද චීනය සුදුසුකම් ලබා සිටින අතර එහිදී චීනයට එරෙහිව රන් පදක්කම සදහා තරග වැදීමට දකුනු කොරියාව තරග වැදිමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

සිය මිත්තනිය වෙනුවෙන් රන් පදක්කම් දෙකක් දිනූ ෆෙලික්ස් සැන්චස්

තිශයින් සංවේදී මිනිසෙකු ලෙස ප්‍රකට සුපිරි මීටර් 400 කඩුලු මතින් දිවීමේ සූර ෆෙලික්ස් සැන්චස් සිය දෙවන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් වුණා.තත්පර 47.63 ක කාලයකින් සිය ඉසව්ව නිමා කළ සැන්චස් තරගය අවසානයේ තම උඩුකය ඇදුම තුළින් ගත් සිය මිත්තනියගේ ඡායාරූපයක් ධාවන පථය මත තබා ගෙන සිප ගන්නට වුණා.මියගිය මිත්තනියගේ බලාපොරොත්තුවක් සපල කිරීමක් හැටියට එම ජයග්‍රහණය ඇය වෙත පිදූ සැන්චෙස් ජය සංඛේත ප්‍රදානයේදී ඉතාමත් හැගුම්බරව කදුළු වගුරද්දී මුළු ක්‍රීඩාංගණයම සිය අසුන් වලින් නැගිට මේ තිස් හතර හැවිරිදි ඩොමිනිකන් ජාතිකයාට ගෞරව කළා.
වසර 2000 දී සිය ප්‍රථම ඔලිම්පික් අත්දැකීම සිඩ්නි වලදී ලබාගන්නා සැන්චෙස්,එහි අවසාන පූරව තරග සදහා දක්වා තරග වදිනවා.2001 සිට 2004 දක්වා 43 ක් වරක් සිය අපරාජිත තත්ත්වය රැක ගන්නා සැනචෙස් 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ තත්පර 46.63 ක දක්ෂතාවයක් දක්වමින්.2008 වන විට ආබාධයකින් පෙළෙමින් සිට නැවත යථා තත්ත්වයට පත් වෙමින් සිටින සැන්චෙස්ට බීජිං ඔලිම්පික් උළෙලේ පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු වෙනවා.
ජාතික වීරයෙකු ලෙස ඩොමිනිකන් රජය විසින් පිළිගනු ලබන සැන්චෙස් නමින් එහි ජාතික ක්‍රීඩාංගණය පවා නම් කර තිබෙනවා.සිය නමින් පවත්වා ගෙන යන පදනම මගින් කුඩා දරුවන්ට උදවි අපකාර කරන සැන්චෙස්,විශේෂයෙන් දරුවන්ගේ ඉංග්‍රිසී දැණුම වර්ධනය කිරිම සදහා කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා.
Felix Sanchez of Dominican Republic celebrates becoming Olympic champion in the men's 400m Hurdles
සැන්චෙස් සිය සිව්වන ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් මීටර් 400 කඩුලු මතින් දිවීම වැනි ඉසව්වක රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනෙන දක්ෂතාවයක් වන අතර එහි රිදී පදක්කම ඇමෙරිකාවට දිනා දෙන්නට මයිකල් ටෙන්ස්ලි සමත් වෙනවා.මේ වසර පුරාම මෙම ඉසව්වේ අපරාජිතත්ත්වය රැක ගෙන සිටි පුවාටරිකෝ හී ජෙවියර් කොල්සන් ලෝකඩ පදක්කමෙන් සෑහෙන්නට සිදු වුණා.
www.supirikrida.com