Aug 7, 2012

පියාඹන ගැහැණියගේ තටු බිදෙයි

Elena Isinbaeva of Russia misses a vaultකාන්තා රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාවද උසුලන යෙලීනා ඉසින්බයේවා ට මෙවර ඔලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කමකින් සෑහෙන්නට සිදු වූවාය.2004 සහ 2008 ඔලිම්පික් උළෙල දෙකේම රන් පදක්කම දිනා සිට යෙලීනා ට සිය තෙවන ඔලිම්පික් රන් පදක්කම සදහා ගත් උත්සාහයේදී වාර්තා කිරීමට හැකි වූයේ මීටර් 4.70 ක දස්කමක් පමණි.
කාන්තා රිටී පැනීමේ රන් පදක්කම සහ රිදී පදක්කම සදහා වාර්තා වූ උස ප්‍රමාණය මීටර් 4.75 ක් පමණක් වූ අතර එහිදී අඩු වාර ගණනකදී උස ප්‍රමාණයන් ඉක්මවා යාම සළකා රන් පදක්කම ඇමෙරිකාවේ ජෙනිෆර් සුහ්ර් විසින් දිනා ගත් අතර රිදී පදක්කම කියුබාවේ යරිස්ලි සිල්වා ට හිමි වූ අතර ඇය විසින් වාර්තා කළ දක්ෂතාවය නව කියුබානු ජාතික වාර්තාවක් ද විය.
ඡායාරුපයේ දැක්වෙන්නේ ජෙනිෆර් ෂුහ්ර් විසින් රිටි පැනී‍මේ යෙදී සිටි අවස්ථාවකි.
www.supirikrida.com

මරජුවානා ගත් ඇමෙරිකානුවාට වැඩ වරදී

 රිජුවානා හෝ හෑෂ් නම් මත් ද්‍රව්‍ය වල තිබිය හැකි  tetrahydrocannabinol නම් 
තහනම් උත්තේජනය තිබූ බවට පරීක්ෂණ වල දී අනාවරණය වීම නිසා ඇමෙරිකා එක්සත් ජනපද ජූඩෝ ක්‍රීඩක නික් ඩෙල්පොපෙලෝ ට ඔලිම්පික් තරග සහභාගීත්වය අත්හිටුවීමට තරග සංවිධායකයන් පියවර ගෙන ඇත.මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය නික් ගේ ඔලමිපික් අවසර පත්‍රය අවලංගු කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය විසින් ගන්නා ක්‍රියා මාර්ගය කවරේද යන්නද විමසීමක් කර ඇත.
www.supirikrida.com

Aug 6, 2012

ඉන්දියාවට ඉදිරියෙන් සිට ටී - 20 පිටියට බසින ලංකාවේ ඉරණම අභියෝගයට

න්දියාව සහ ශ්‍රී ලංකාවේ ටී -20 ක්‍රිකට් දස්කම් විමසා බලද්දී සෑම අතින්ම ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බව සංඛ්‍යාලේඛන ඔප්පු කර පෙන්වයි.කණ්ඩායම් වර්ගීකරනයේදී ශ්‍රී ලංකාව ටී - 20 කණ්ඩායම් අතර ලොව තෙවන තැනට පත්ව සිටින අතර ඉන්දියාව සිටින්නේ හත්වන තැනයි.ටී - 20 පිතිකරුවන් වර්ගීකරනයේ මුල් දස දෙනා අතර ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම දකින්නට ලැබෙනවා.ඒ අතරින් මහේල ජයවර්ධන හයවන තැන සහ ටීඑම් ඩිල්සාන් අටවන තැන සිටින අතර නව වන තැන සිටින සංගක්කාර මේ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු නොවීම කණගාටුදායකයි.
පන්දු යවන්නන් වරගීකරණයේ මුල දස දෙනා අතර ශ්‍රී ලංකාවේ අජන්ත මෙණ්ඩිස් (4) සහ ලසිත් මාලිංග (7) දකින්නට ලැබුණත් අජන්තගේ සේවය ද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ.ඒ ඔහුද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන බැවින්.
තුන් ඉරියව් ක්‍රීඩකයන් සළකා බලද්දී මුල් දස දෙනා අතර අටවන තැන සිටින ටීඑම් ඩිල්ෂාන් ගේ පන්දු යැවීමට නායක මහේල ජයවර්ධන ප්‍රිය කරන බවක් නොපෙනෙන නිසා ඔහුගෙන් කාලයක සිටම තුන් ඉරියව් දස්කම් නෙලා ගැනීමක් සිදු වන්නේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශ්වසනීයම පන්දු රකින්නා වන ඩිල්ෂාන්ට නායකත්වයෙන් සමුගැනීමෙන් පසු ඇතැම් තරගයක දී  පන්දු ඕවර් කිහිපයක් එපා වාහෙට හොදි බෙදන්නාක් මෙන් ලැබුණා හැරෙන්නට ඔහුගෙන් පන්දු යැවීමේ සේවය ලබා ගැනීමට මහේල සුදානම් නැති බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ නිසා එම වර්ගීකරණයේ 10 වන තැන සිටින ඇන්ජලෝ මැතිව්ස්  හැරෙන්නට අප කණ්ඩායමට අලුත්ම තුන් ඉරියව් බලාපොරොත්තුව වන තිසර එකතු වෙනවා.
කෙසේ හෝ ඉන්දීය තරුණ ක්‍රීඩකයන් වඩා විශ්වාසයකින් සිටිනවා.ඒ සීමිත පන්දුවාර තරගාවලිය ජයගැනීම නිසාම ඔවුන් සතුව සිටින සියළුම ක්‍රීඩකයන් අයිපීඑල් තරගාවලියේ ටී - 20 සංස්කෘතිය ඇතුළත හොදින් දක්ෂතා දැක් වූ පිරිස වීමත් නිසා.මේ තත්ත්වයට සංඛ්‍යාලේඛණ වල ඉදිරියෙන් සිටීමේ තත්ත්වය ප්‍රායෝගිකව ගලපා ගැනීමේ අභියෝගය හෙට පල්ලෙකැලේ දී ශ්‍රී ලංකාවට බාර ගන්නට සිදු වෙනවා.දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ගොදුරුව සිටීම මෙන්ම දක්ෂතා ඇති අයගෙන් ප්‍රයෝජනයට ගැනීමට නායකයා දක්වන උනන්දුවට සාපේක්ෂව තරගයේ තීරනය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ඇති ඉඩ තීරණය කරනවා.පො‍තේ ලකුණු හදන පිළිවෙළට ලංකාව පෙරමුණේ සිටියද යථාර්තය නම් මේ මොහොත වන විට පිටියේ ලකුණු ලබා ගැනීමේදී මෙන්ම ප්‍රතිවාදීන් ගේ ලකුණු ලැබීම වැළැක්වීමට ඇති හැකියාව අතිනුත් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා.මේ සදහා පොත් පෙරළීමෙන් තොරව සැබෑ යථාර්තය තෝරා ගෙන සැබෑ දක්ෂතා ප්‍රයෝජනයට ගැනීමට මහේල ජයවර්ධන දක්වන වෙහෙස සහ කැපවීම මත මිස ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම් මත සිය ක්‍රිකට් දැණුම පරිශිලනය කිරීමෙන් ජයග්‍රහණය ලැබීමට යාමනම් විශ්වාස කිරීමට අපහසුයි.
www.supirikrida.com

විලියම්ස් සොහොයුරියෝ ඔලිම්පික් ඉතිහාසයට

Serena and Venus Williams celebrate on the podium
ලිම්පික් ඉතිහාසයේ ටෙනිස් යුගල තරගයක දී තෙවන වරටත් රන් පදක්කම් දිනීමට ඇමෙරිකාවේ සෙරීනා සහ වීනස් විලියම්ස් සොහොයුරියෝ සමත් වුණා.2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මෙම සොහොයුරියන් දෙදෙනා කාන්තා යුගල තරගයේ රන් පදක්කම දිනා ගැනීමට අමතරව වීනස් එහි කේවල රන් පදක්කමද දිනා ගනු ලැබුවා.නැවත 2008 බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වන වීනස් සහ ෂෙරිනා එම තරගාවලියේ යුගල රන් පදක්කමේ උරුමක්කාරියෝ වූවා.මෙවර නැවත සෙරීනා වර්ථමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රිඩිකාව වන මාරියා ෂරා‍ෆෝවා පහසුවෙන් පරාජය කරමින් නොනැවතී සිය සොහොයුරිය විනස් සමග එක්ව චෙකොස්ලොවේකියාවේ ඇනඩ්‍රියා හැලවකෝවා සහ ලුසී හැඩෙකා පරාජයට පත් කරමින් කාන්තා යුගල රන් පදක්කමද දිනා ගන්නේ මේ දෙදෙනා  එක්ව දිනා ගත තෙවන යුගල රන් පදක්කම ලෙස ඉතිහාසයට එකතු වෙමින්.
එසේම සෙරීනා ගේ මෙම ජයග්‍රහණයත් සමග ස්ටෙෆි ග්‍රාප් හා සම වීමට ද ඇයට හැකියාව ලැබෙන අතර ඔලිම්පික් රන් පදක්කමක සහ ප්‍රධාන පෙළේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග හතරක ජයග්‍රහණය ලැබූ අයෙක් ලෙස සෙරීනා ස්ටෙෆී හා සම තත්ත්වයට පත් වෙනවා.එසේම මෙම ඔලිම්පික් උළෙලේ දී රොජර් ෆෙඩරර් දිගින් දිගටම බලාපොරොත්තු නැති අභියෝග වලට ලක් වීම කැපී පෙණුන අතර අවසානයේ ඔහුට එම කේවල රන පදක්කම අහිමි කරමින් එංගලන්තයේ ඇන්ඩි මරේ ඔලිම්පික් කේවල සූරතාවය දිනා ගැනීමත් මේ වසරේ ඔලිම්පික් ටෙනිස් පිටියේ වාර්තාගත සිදුවීම් අතර කැපී පෙණුනා.
www'supirikrida.com

බැඩ්මින්ටන් රන් ඔක්කොම චීනයට


The China Badminton team celebrate their 5 Gold Medalsමෙවර ද ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියේ ආධිපත්‍යය තහවුරු කළ චීනය ඒ සදහා පිරිනැමෙන රන් පදක්කම පහටම උරුම කම්  කීවා.ඊට අමතරව ඔවුන් රිදී පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක්ද බැඩිමින්ටන් වෙනුවෙන් සිය පදක්කම් මල්ලට එකතු කර ගනු ලැබුවා.මෙහිදී පිරිමි සූරතාවය නැවත වරක් ලොව සුපිරිතම ක්‍රිඩකයා තමා බව තහවුරු කරමින් ලී ඩෑන් විසින් දිනා ගත් අතර කාන්තා සූරිය වූයේ ෂුරෙයී ලී යි.
Yihan Wang of China competes in the women's Singles Badminton gold medal
පිරිමි යුගල තරග අංශයේ රන් පදක්කම චීනයට දිනා දීමට යුන් සායි සහ හයිෆෙන්ග් ෆූ සමත් වූ අතර කාන්තා යුගල සුරතාවය චීනයට දිනා දීමට කියුන්ග් ටියෑන් සහ යුන්ලෙයි ෂාහෙන් සමත් වුණා.
මිශ්‍ර යුගල සූරතාවය ෂෑන්ග එන් සමග එක් වූ ෂාහෝ වයි විසින් දිනා ගත් අතර බැඩ්මින්ටන් පදක්කම් සටහනේ අසල්වැසි ඉන්දියාවේ නම සටහන් කළ ෂයිනා නෙවාල් කාන්තා තරග අංශයේ ලෝකඩ පදක්කමට හිමිකම් කිවා.පහළ ඡායාරූපයේ දැක්වෙන්නේ නෙවාල් වල අතර ඉහතින් දැක්වෙන්නේ ජයග්‍රාහී චීන බැඩ්මින්ටන් කණ්ඩායමයි.
www.supirikrida.com

කියුබානුවා විසින් කොලොම්බියාවට දිනා දුන් රිදී පදක්කම


An athlete competes in the women's Triple Jump Finalකාන්තා තුන් පිම්ම තරගයේ රිදී පදක්කම දිනා ගනු ලැබුවේ කොළොම්බියාවේ ක්‍රිස්ටීන් ඉබරගුවේන් විසින්.ඇය විසින් මීටර් 14 .80 ක දක්ෂතාවයක් පෙන්වමින් වාර්තා කළ මෙම ජයග්‍රහණය ඇයගේ කියුබානු පුහුණුකරු උබල්ඩෝ ඩනී විසින් කොළොම්බියාවට දිනා දුන් පදක්කමක් ලෙස හදුන්වන්නට හැකියි.ක්‍රිස්ටීන් කොළොම්බියාවේ උස පැනීමේ ජාතික වාර්තාව වන මීටර් 1.93 ක දක්ෂාතවය දක්වා සිටි ක්‍රිඩිකාවයි.එම උස පදනම් කරගෙන ජාත්‍යන්තර තරග සදහා පිවිසීම අපොහොසත් නොවුණ ද ජයග්‍රහණ පිළිබදව එතරම් බලාපොරොත්තු තැබීමේ ඉඩක් තිබුණේ නැහැ.මේ තත්ත්වය මත උබල්ඩෝ පැනීම් පුහුණුකරු ලෙස කොළොම්බියාවට ආ පසු ක්‍රිස්ටීන් ට උස පැනීමට වඩා තුන් පිම්ම ඉසව්වෙන් ජගත් ජයග්‍රහණ සදහා පිවිසිය හැකි බවට අනුමාන කරනවා.

ඒ අනුව පුහුණුකරු විසින් ක්‍රිස්ටීන් ට තමා ජාතික වාර්තාව දරන ඉසව්වෙන් ඉවත් වෙන ලෙස ගෙන එන යෝජනාව සාවධානව පිළිගන්නා ක්‍රිස්ටින් තුන් පිම්ම ඉසව්ව සදහා පිවිසෙන අතර එහිදී මෙවර ඔලිම්පික් රිදි පදක්කමට පෙර ඉකුත් ජගත් මලල ක්‍රිඩා සූරතාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගන්නට සමත් වෙනවා.28 හැවිරිදි ක්‍රිස්ටින් පුහුණුකරු ගේ දැනුමට ගර කිරීම නිසා හිමිවන මෙම රිදි පදක්කම කොළොම්බියාව මලල ක්‍රීඩා පිටියේ ලද විශාලතම ජාත්‍යන්තර ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් වන අතර  මෙම තරගයේ ජයග්‍රහණය කසකස්තානයේ ඔල්ගා රිපකෝවා විසින් දිනා ගනු ලබන්නේ මීටර් 14.98 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් වන අතර තෙවන ස්ථානය මීටර් 14.79 ක දක්ෂතාවයක් පෙන් වූ යුක්රේනයේ ඔල්හා සලාහුදා ට හිමි වෙනවා.
www.supirikrida.com

බෝල්ට් නව ඔලිම්පික් වාර්තාවක් සමග වේග කිරුල රැක ගනියි.අවසන් අට දෙනාගෙන් හතක්ම තත්පර 10 ට අඩුවෙන් දුවති

Runners leave the starters blocks in the men's 100m finalමා සතුව මීටර් 100 ඉසව්ව සදහා පැවති තත්පර 9.69 ක ඔලිම්පික් වාර්තාව යළි අලුත් කළ උසෙයින් බෝල්ට් තත්පර 9.63 කින් මීටර් 100 නිමාවට පත් කර නව ඔලිම්පික් තරග වාර්තාවක්  පිහිටු වන්නට සමත් වුණා.බීජීං ඔලිම්පික් උළෙලෙදි තැබු නව තරග වාර්තාව අහිමි වීම කෙසේ වෙතත් මෙවර බෝල්ට් ට තරග ජයග්‍රහණය අහිමි වනු  ඇතැයි බො‍හෝ දෙනා සැක පහළ කළා.ඒ ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරග වල දී යොහාන් බ්ලේක් ට පරාජය වීම නිසා.එසේම ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සහ ටයිසන් ගේ මෙන්ම ජැමෙයිකාවේම  අසාෆා පවෙල් ද මෙවර ජයග්‍රහණය වෙනුවෙන් බෝල්ට් ව වෙනදාට වඩා මහන්සි කළා.
Runners leave the starters blocks in the men's 100m finalමීටර් 100 අවසන් තරගය සදහා සුදුසුකම් ලැබූ අවසන් තරගකරුවන් අටදෙනා අතරින් තත්පර 10 ට අඩුවෙන් තරග කළ තරගකරුවන් හත් දෙනෙකුම සිටිම විශේෂත්වයක් වුණා.ඒ තත්ත්වය නිසාම බෝල්ට් ට තරගය අතරතුර රංගනයන් සදහා අවකාශ නැති බව තරගයට පෙර සිටම පැහැදිළිව නෙන්නට තිබුණා.ඒ අකාරයටම තරග වැදුණු සියළු දෙනා තමන් ලොව සිටින හොදම වෘත්තීය මට්ටමේ ධාවකයන් බව පසක් කරමින් ප්‍රතිචාර දැක්වීම 0.200 ට අඩුවෙන් තබා ගැනීමට සමත් වුණා.ඒ අතරින් බෝල්ට් තමන්ගේ ප්‍රධානම අභියෝග වූ ජස්ටින් ගැට්ලින් (0.178) සහ යොහාන් බ්ලේක් (0.179) අභිබවා යමින් 0.165 ක ප්‍රිතික්‍රියා වේගයක් රදවා ගත් අතර ටයිසන් ගේ බෝල්ට් ට වඩා ඉදිරියෙන් සිටිමින් 0.145 ක ප්‍රිත්‍රික්‍රියා වේගයකින් තරගය ආරම්භ කර තිබුණා.අවසන් මීටර් 70 දී පමණ සුපිරි ධාවක අසාෆා පවෙල් ආබාධයකට ලක් වීම නිසා ඔහු තත්පර 11.99 කින් තරගය නිම නොකරන්නට මෙම තරගයේ අවසාන ප්‍රතිපලයේ සියල්ලෝම තත්පර 10 ට අඩුවෙන් ධාවනයේ යෙදුණු අය වෙන්නට තිබුණා.
දෙවන ස්ථානය දිනූ  යොහාන් බ්ලේක් සිය හොදම පෞද්ගලික කාලය සම කිරීමටත් (9.75),ජස්ටින් ගැට්ලින් හොදම පෞද්ගලික කාලය (9.79) සහ පස්වන ස්ථානය දිනූ බේන් රේලි (9.88) සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කිරීමටත් සමත් වුණා.ටයිසන් ගේ සිය හොදම කාලීන දක්ෂතාවය පෙන්වමින් තරගයේ සිව්වන ස්ථානය දිනා ගත්තේ තත්පර 9.80 ක කාලයක් ගත කරමින්.බෝල්ට් ද සිය කාලීන හොදම දක්ෂතාවය මෙන්ම ඔහු මීටර් 100 ලෝක වාර්තාව සදහා ධාවනයේ යෙදුනු තත්පර 9.58 කාලයට පසුව එම ඉසව්ව වෙනුවෙන් වාර්තා කළ හොදම කාලය ද මෙය වෙනවා.
www.supirikrida.com