තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ සෙවනැල්ල ලෙස විදෙස් විචාරක අවධානමට ලක් වූ කුසල් ජනිත් පෙරේරා සභාපතිවරයා සිය සෙවනැල්ල රැකීමට ගන්නා උත්සාහය නිසා දෝ දිගින් දිගටම කණ්ඩායමේ රැදි සිටීමේ සහ අවස්ථාව ලැබීමේ භාග්‍යය හිමි කර ගෙන සිටින අතර ඔහු ද සනත් වන්නට යාම නිසා ද ඒ ආරූඨයෙන් ලත් අනවශ්‍යය පිම්බිමක් නිසා ද වගකීමකින් තොරව පිතිකරණයේ යෙදෙන බවක් දක්නට ලැබෙන අතර බොහෝ විට අනවශ්‍යය කළබලයකින් පහර දී කඩුල්ල පූජා කරන බවක් දක්නට ලැබෙනවා.
එහෙත් දිගින් දිගටම ලකුණු අතර සිටින පළමු පෙළ තරගාවලියේ කැපී පෙණුනම පිතිකරුවා ද වන කෞෂාල් සිල්වා අත්හදා බැලීමට හෝ ඉදිරිපත් වන තේරීම් කමිටුව කුසල් ජනිත් ව දිගින් දිගටම කණ්ඩායමේ තබා ගනිමින් ඔහුට අවස්ථාව ලබා දීමට පෙළඹි සිටිනවා.මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දෙන විට ක්‍රීඩකයන් කාලයකදි මානසිකව ඇද වැටී අසාර්ථක වීම ස්වභාවය වුව ද,කෞෂාල් දිගින් දිගටම තමාට වසා තිබෙන ජාතික කණ්ඩායමේ දොරටුවට සිය පිත්තෙන් පහර දෙමින් සිටින බව දැකිය හැකියි.අප්‍රතිහත දිරියෙන් ලකුණු අතර රැදෙමින් සිටින කෞෂාල් ගේ පිතිකරණය මෙම නවසීලන්ත සංචාරයේදි දෙවරක්ම ශතක ලබමින් වැසී ඇති දොරටුව බිදින සුළු ප්‍රහාරයකට ලක් කර තිබෙන අතර ලකුණු බහුල පිටියක වුව,ලකුණු 193 ක් යනු පහසු කාරණයක් නොවන බව වගකිවයුත්තන්ගේ අවධානයට ලක් විය යුතුයි.
කුසල් ජනිත් ස්වීය පෞද්ගලික පසු බැසීමක් නිසා හෝ අධි විශ්වසනීයත්වය නිසා හෝ අසාර්ථක වෙමින් සිටියද ඔහු රට වෙනුවෙන් රැක ගත යුතු ක්‍රිකට් සම්පත් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් බව අප ද පිළි ගන්නා නමුත් ඔහුව අභිබවා කෞෂාල් දක්ෂතා දක්වන මොහොතක කෞෂාල් ගැන නොතකා හැරිම රට වෙනුවෙන් වගකීම් ඉටු කළ යුතු අය ඒ වගකීම ඉටු නොකිරීමක් බව ද අපි පවසන්නෙමු.
www.supirikrida.com
1 comment:
කුසල් ජනිත් පෙරේරා කියන්නෙ දක්ශයෙක්. ටීම් එකට අපූ කාලේ හොදට සෙල්ලම් කරා. ඒත් පස්සෙනෙ අවුල් ගියේ. ඒ වැරදි හදාගන්න A ටීම් එකට දාන එකේ වැරැද්දක් නෑ. කුනුමාලු කෑල්ල වගේ වීසි කරන්න හොද නෑ කුසල්ව. මොකද ලංකාවෙ පලමු පෙල තරගාවලියක මුලින්ම 300+ ගහුවෙත් කුසල්.
Post a Comment