මෙවර නිලවරණයට පාර්ශව දෙකක් ඉදිරිපත් වූ අතර කාලිංග ඉන්ද්‍රතිස්ස නිලවරණය සදහා කැදවා ගෙන ඒමට මූලිකව කටයුතු කළේ හිටපු පරිපාලනයට සම්බන්ධ පිරිස්ය.ඊට ප්‍රති විරුද්ධ පාර්ශවය නියෝජනය කරමින් තරග කළ කණ්ඩායමෙන් ඩයන් ගෝමස් සමූහ කළඹණාකාරීත්වය දරණ මාස් සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුද නිලවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටියේය.
මෙවර බේස්බෝල් නිලවරණය පැවත්වීම වාරණයට ලක් කරමින් ගම්පහ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබූ අතර එම වාරණ නියෝගය ලබා දීමට බේස්බෝල් පරිපාලනය සිය රාජකාරී ලිපිනය ලෙස සදහන් කර තිබෙන ස්ථානයට ගිය ද,එය කලෙකින් භාවිතයට නොගත් ස්ථානයක් ලෙස වල් බිහි වී තිබෙන බව වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය හරහා මෙන්ම පෞද්ගලික තැපැල්සේවා මගින් ද වාරණය පිළිබදව දැනුවත් කිරීමට ගත් උත්සාහයන්ද ව්‍යර්ථ වූයේ එය දැණුම් දිය යුතු පුද්ගලයන් තම පෞද්ගලික ලිපින වලින් ඒ අවස්ථාවන් හී අතුරුදහන් වී සිටි නිසාය.
කෙසේ හෝ වාරණය පිළිබදව ජනමාධ්‍යයද සිය ප්‍රවෘත්ති හරහා වාර්තා කර තිබියදී එය තමන් වෙත නොලැබුණු බව පවසමින් නිලවරණය පැවත් වූ එහි නිලධාරීන් පිළිබදව ක්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද දැනුවත්ව සිටියදී මේ වන විට පත් වූ බේස්බෝල් නිලධාරීන් නිල සංචාරයක් සදහා ජපානයට ද ගොස් සිටින බව ද වාර්තා වේ.
නව බේස්බෝල් සභාපතිවරයා වන්නේ සීබී රත්නායකයන් ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන සමයේ අමාත්‍යවරයාගේ නීතිමය කටයුතු සදහා උපදෙස් ලබා දෙමින් කටයුතු කල නිතිඥවරයා ය.
www.supirikrida.com
No comments:
Post a Comment