ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පළමු ශ්‍රේණියේ,දෙවන ශ්‍රේණියේ සහ තෙවන ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පාසල් 134 ට ලෙදර් බෝල පන්දු පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්සත් රාජධානි ක්‍රිකට් කොමිටිය කටයුතු යොදා තිබෙනවා.එහි සභාපති ධූරය දරණ 70 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි සටන්කාමී ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් අසිත ජයවීර මෙම කොමිටයේ සභාපති ධූරය දරණ අතර කොමිටියේ ආරාධනය පරිදි මෙම පන්දු පිරිනැමීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අධයාපන ඇමති බන්දුල ගුණවර්ධන එක් වුණා.එක්සත් රාජධානි ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව වෙනුවෙන් එහි ලේකම් අජිත් දන්දෙනිය සහ කමිටු සාමාජික දීපාල් අහංගම එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී පැවති රාත්‍රී නැටුම් සහ ආහාර පිරිනැමීමේ උත්සවයකින් ලද ආධාර හරහා උපයා ගත් මුදල මෙම පන්දු පිරිනැමීම සදහා මූලිකව යොදා ගෙන තිබෙන නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දායකත්වය ද මෙම ආධාර මුදල හා බැදී තිබෙනවා.
www.supirikrida.com
1 comment:
පාසල් නිවාඩු දුන් පසු පාසල්වලට ලියුම් හා ටැලිග්‍රෑම් යවා පසුගිය අප්‍රේල් 07 දින 19න් පහළ දෙවන වටයේ තරග කළ කණ්ඩායම්වලට ක්‍රිකට් පන්දු පිරිනැමීමක් පැවැත්විණි. මේ උත්සවයට යාමට අවස්ථාව නොලද මතුගම ශාන්ත මේරි විද්‍යාලය වෙනුවෙන් මෙම පන්දු ලබා ගන්නේ කෙසේද යන්න දිල්ෂාන් සිල්වාගෙන් විමසුවද පිළිතුරක් නොලැබිණි.
මීට කලින්ද 13න් පහළ අවසන් වටවල තරග කළ කණ්ඩායම්වලට ක්‍රිකට් පන්දු පිරිනැමුණු අතර එසේ පන්දු පිරිනමද්දී භාරගත් බවට ලේඛන අත්සන් ගැනුනේද නැත.
බෝලවලට වන්නේ මොනවාද යන් සොයා බැලිය යුතුය. බෝල රවුම් වන බව පෙනේ.
Post a Comment