MAS සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ගේ මග
පෙන්වීම යටතේ මාවතගම ජාතික පාසලට බොක්සිං හදුන්වා දීමේ වැඩ සටහනක් මාර්තු 26 වන දා
එම පාසලේදී ක්‍රියාවට නැගිණ.මාවතගම කැෂුවලයින් ආයතනයේ සාමාන්‍යාධිකාරී චන්දන
ගලප්පත්ති මෙන්ම හිටුපු ජාතික පුහුණුකරු මෙන්ම වර්ථමානයේ විනිසුරුවන්ගේ සංගමයේ
ලේකම් ධූරය දරන කපිතාන් ඉන්ද්‍රසේනයන් ගේ ද ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී
බොක්සිං ක්‍රීඩාවේ ආරම්භය,නීති - රීති සහ ආරක්ෂක ක්‍රමවේදයන් පිළිබද මූලික
හැදින්වීමක් සිදු කළේය.
මෙහිදී පුහුණු කටයුතු භාරව කටයුතු කිරීම හිටපු ජාත්‍යන්තර
මට්ටමේ බොක්සිං ක්‍රීඩකයෙකු වූ එස්අයි කුමාර ට පැවරී ඇති අතර ඉදිරියේදී MAS සමූහ ව්‍යාපාරයට අයත් මාවතගම කැෂුවලයින් ආයතනයේ
ද බොක්සිං ක්‍රීඩාව ආරම්භ වීමට නියමිතය.
No comments:
Post a Comment