කසකස්තානයේ අස්තානා හී ක්‍රියාත්මක
ආසියානු කළාපයෙන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබන බොක්සිං ක්‍රීඩකයන් කවරේද
යන්න තීරණය කරන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සුරේෂ් පට්ටියආරච්චි සහ දමිත්
විජේරත්න තමන් මුහුණ දුන් ප්‍රථම තරගවලින්ම පරාජය වී ඇත.කිග්‍රෑම් 52 බර පංතියෙන්
තරග වැදුණු සුරේෂ් ගේ ප්‍රතිවාදියා වූ ජපානයේ සුසා කට්සුආකි ලකුණු 22 / 10 ක් ලෙස
සුරේෂ් ව පරාජය කළ අතර කිර්ගිස්තානය නියෝජනය කළ ඔමොර් මැලබෙකෙව් සමග පැවති තරගයේදී
දමිත් විජේරත්නට තරගය ඇරඹි විනාඩි 3 ක් යන්නටත් මත්තෙන් මැලබෙකොව්ගේ දැවැන්ත ප්‍රහාරයකට
ලක් වන්නට සිදු විය.
No comments:
Post a Comment