Aug 10, 2012

බොල්ට් ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි

ලිම්පික් ඉතිහාසයේ මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වය වෙනුවෙන් ඔලිම්පික් උළෙල දෙකකදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ උසෙයින් බෝල්ට් ඊයේ සිය දස්කම් තවමත් වියැකී නැති බව සනාත කරමින් තත්පර 19.32 කින් සිය ඉසව්ව නිමා කර නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වූවාය.ඉතිහාසයේ පැවති වේගවත්ම මීටර් 200 ඉසව්වක් ලෙස අවිවාදිත මෙම තරගයේදි මුලු ස්තාන හතරම තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 නිමා කිරීම කැපී පෙණින.
තරගයට පෙරාතුව පෙර පුහුනුවීම් ධාවන පථයේ සිට බෝල්ට් ජැමෙයිකානු ක්‍රීඩක වැරන් වෙයාර් සමග රැදෙමින් ඔහුට අවවාද දෙමින් ක්‍රියා කරන අයුරු රූපවාහිනි දසුන් වලින් පැහැදිළි විය.එහි ප්‍රතිපලය ලෙස වර්ථමානයේ උසෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ජැමෙයිකාවේම යොහාන් බ්ලේක් තත්පර 19.44 ට තරගය නිමා කරමින් සිය කාලීන හොදම දක්ෂතාවය දක්වමින් රිදී පදක්කම දිනා ගනිද්දී වැරන් සිය හොදම දක්ෂතාවයට පිවිසෙමින් තත්පර 19.84 කින් ඉසව්ව නිමා කරමින් තරගයේ ලෝකඩ පදක්කම ද ජැමෙයිකාවට දිනා දීමට සමත් විය.
තරගයේ සිව්වන ස්ථානය දිනූ ඇමෙරිකාවේ වොල්ස් ස්පියර්මන් ද සිය කාලීන හොදම දක්ෂතාවය දක්වමින් තත්පර 19.90 කින් තරගය නිමි කිරීමට සමත් විය.
www;supirikrida.com

ජපන් හපනියෝ පැරද වු ඇමෙරිකානු කාන්තාවෝ පාපන්දු රන් පදක්කම දිනති

The United States women's soccer team celebrate with the the gold medal කාන්තා ලෝක සුරතාවය දිනා සිටින ජපන් පාපන්දු කණ්ඩායමට 2 - 1 ක පරාජයක් උරුම කර දුන් ඇමෙරිකානු කාන්තා පාපන්දු ක්‍රීඩිකාවෝ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා පාපන්දු රන් පදක්කමට උරුමකම් කීහ.අමෙරිකානු කන්ඩායම වෙනුවෙන් අටවන සහ පනස් හතර වන විනාඩි වලදී ඇමෙරිකාව වෙනුවෙන් ගෝල රැස් කර ගැනීමට සමත් වූ කලි ලොයිඩ් ඇමෙරිකාවට මෙම රන් පදක්කම දිනා දීමට මුල් වූ ක්‍රීඩිකාව වූවාය.
ලෝක සූරී ජපන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය රැස් කිරීමේ භාග්‍යය යුකී ඔගිමි විසින් දිනා ගත් අතර ඇය තරගයේ 63 වන මිනිත්තුවේදී එම ගෝලය රැස් කළාය.තරගයේ වැඩි දක්ෂතා ඇමෙරිකාවෙන් වාර්තා වූ අතර තරගයේ උණුසුම කෙතරම් ඉහළ මට්ටමක පැවතියද තරගයේ එක කහ කාඩ් අවවාදයක් පමණක් දකින්නට ලැබුණු අතර එම අවවාදය ලැබුවේ ඇමෙරිකානු කණ්ඩායමේ සුපිරි පෙර පෙළ ක්‍රීඩිකා ඇබී වැම්බැක්ය.
තරගාවලියේ ලෝකඩ පදක්කම ප්‍රංශය පරාජය කළ කැනඩාවට හිමි වූ අතර ඡායාරුපයෙන් දැක්වෙන්නේ ඇමෙරිකාව වෙනුවෙන් ගෝල ද්විත්වයක් රැස් කළ අංක 10 ක්‍රීඩිකා කලී ලොයිඩ් ය.
www.supirikrida.com

ඉතිහාසයේ වේගවත්ම මිටර් 800 ඉසව්වේ ජය ලෝක වාර්තාවක් සමග රුඩීෂා ට

Gold medallist David Lekuta Rudisha of Kenya poses on the podiumතිහාසයේ පැවති වේගවත්ම මීටර් 800 ඉසව්ව බවට පත් වූ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 800 ඉසව්වේ ජයග්‍රහණය තමන් සතුව පැවති පැරනි ලෝක වාර්තාව (1:41.54) විනාඩි 1:40.91 ක් බවට පත් කළ කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා ට හිමිවිය.මෙහිදී විශේෂත්වය වූයේ තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් අට දෙනාගෙන් රුඩීෂා ද ඇතුළුව හත් දෙනෙකුම සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කළ අතර තරගයේ හත්වන තැන ලැබූ සුඩානයේ කාකි අබුබකර් ද සිය හොදම කාලීන දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්නට සමත් විය.
දෙවන ස්ථානය දිනා ගත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග ජයග්‍රාහකයා වූ ‍බොට්ස්වානා හී අමොස් නයිජල් නව බොට්ස්වානා ජාතික වාර්තාවක් තබමින් විනාඩි 1:41.73 කින් තරගය නිමා කළේය.තෙවන ස්ථානය කෙන්යාවේම කිතුම් තිමොතිට හිමි වූ අතර ඔහු වාර්තා කළ විනාඩි 1:42.53 ඔහුගේ හොදම කාලය විය.පිළිවෙලින් සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය දිනූ ඇමෙරිකානු ක්‍රීඩකයන් වන ඩවන් සොලමන් (1:42.82) සහ නික් සයිමන්ඩ් ද (1:42.95) සිය හොදම පෞද්ගලික කාලයන් වාර්තා කළේය.
හත්වන ස්තානය දිනූ ඉතියෝපියාවේ අමාන් මොහොමඩ් නව ඉතියෝපියානු වාර්තාවක් තැබිමට සමත් වූයේ විනාඩි 1:43.20 ක දක්ෂතාවයක් දක්වමින්ය.තරගයේ අවසාන ස්ථානයට (8) පත් වූ බ්‍රිතාන්‍යයේ ඔසාජි ඇන්ඩෘ ද සිය හොදම පෞද්ගලික දක්ෂතාවය දැක් වූවේ 1:43.77 ක කාලයක් වාර්තා කරමින්ය.
www.supirikrida.com

Aug 9, 2012

මම විවේචනයට ගරු කරන වැරදි හදා ගන්න කැමති කෙනෙක් - බැඩ්මින්ටන් සභාපති

සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දුරකථනය මගින් අදහස් දැක් වූ බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක පැවසුවේ නිලූක කරුණාරත්න වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත් අප ලිපියෙන් විස්තර කරන ආකාරයට තමන් අතින් වරදක් වී ඇත්නම් ඒවා නොදැන සහ යම් නොමග යැවීම් හේතුවෙන් සිදු වන්නට ඇතැයි එම ලිපිය කියවීමෙන් තමන් තේරුම් ගත් බවත් ය.
මීට පෙර ද අප වෙබ් අඩවියේ පළ වූ විවේචන දුටු බව පැවසූ බස්නායකයන්,එවැනි අවස්ථා කිහිපයකදී ම කතා කිරීමට උත්සාහ කළ ද කාර්ය බහුලත්වය නිසා අමතක වූ බවත් සෘජු විවේචන තමා ප්‍රිය කරන බවත් පැවසීය.තමා සැම විටම නිවැරදි යැයි නොසිතන නමුත් තමා සෑම විටම වැරදි නිවැරදි කර ගැනීමට සූදානම් අයෙකු බැවින් එම විවේචන ඔස්සේ වඩාත් නිවැරදි ගමනක් යාම තම අපේක්ෂාව බව ද පෙන්වා දුන්නේය.නිලූක කරුණාරත්න වෙනුවෙන් මැක්ලරන්ස් ආයතනය මෙහෙය වූ උත්සවයේදී අමාත්‍යවරයා නිලූක කරුණාරත්නට ලබා දුන් බව කියන විශාල මුදල් ප්‍රමාණය නිවැරදි නොවන බව තමා පිලිගත්තේ අමාත්‍යවරයා වැරදි ප්‍රකාශයක් කළ බව ඒත්තු ගැන්වීමට නොවන බව පැහැදිළි කළ බස්නායකයන් එය අමාත්‍යංශය විසින් වැරදීමකින් ලබා දුන් තොරතුරු මත සිදුවන්නට ඇතිය යන විශ්වාසයෙන් බවත් පැහැදිළි කළේය.
අමාත්‍යවරයා පවසන මුදල් ප්‍රමාණය සමස්ත බැඩ්මින්ටන් සංගමයට ලබා දුන් මුදලක් මිස නිලූකට පමණක් ලබා දුන් මුදලක් නොවන බව එම උත්සවයේදි  බස්නායක විසින් කළ ප්‍රකාශය උපුටා දක්වමින් අප බැඩ්මින්ටන් සංගමය වැරදි තොරතුරු ලබා දී ඇතැයි කරන විවේචනය පදනම් කර ගෙන එම අදහස් ප්‍රකාශ කළ හෙතෙම ඉදිරියේදී නිලූක කරුණාරත්නට දීර්ඝ කාලීනව විදේශ පුහුණුවක් ලබා දිය යුතුව ඇතැයි පැහැදි‍ළි කළේය.
නිලූක ගේ ඉදිරි ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කටයුතු පිලිබදව සදහන් කළ බස්නායකයන් තමා සහ නිලූක ගේ කළමණාකරු මෙන්ම අනුග්‍රාහකයාද වන රොහාන් ද සිල්වා සහ තමා නිලූකට පුහුණු කටයුතු කළ කොරියානු ජාතික පුහුණුකරු කිම් සමග සාකච්ඡා කළ බව ද නිලූක විදේශ ගත කිරීමට වඩා පුහුණුකරු මෙරටට කැදවිය හැකි ආකරයක් ගැන ද තමා එහිදී යෝජනා කළ බව ද ඔහු පැහැදිළි කළේය.වර්ථමානයේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාව ලෙස කැපී පෙනෙන තිළිණි හෙන්දහේවා වැනි ක්‍රීඩිකාවක දැන් සිටම විදේශ පුහුණුවකට යොමු කිරීමේ වැදගත් කම අප විසින් මෙහිදී සභාපතිවරයාට පෙන්වා දුන් අතර මේ වන විටත් තමා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඇය මෙන්ම කාවින්දි,සහ ෂුස්මිතා යන ක්‍රීඩිකාවන් මෙන්ම අචිනි රත්නසිරි වැනි අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් පිළිබදවද එවැනි අවධානයක් යොමු කිරීම සිය අපේක්ෂාව බවද පැහැදිළි කළේය.
යළිත් නිලූක කරුණාරත්න සමග තරග පිටියට පුහුණුකරුවෙකු නොපැමිණිම ගැන අදහස් දැක් වූ සභාපතිවරයා කොරියානු පුහුණුකරුට එහි ඒමට අවකාශ නොතිබීමට හේතුව ඔහු පෝලන්ත ජාතික පුහුණුකරු ලෙස කටයුතු කිරීම බව පැහැදිළි කළේය.ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යොමු කළ පුහුනුකරුවෙකු වන ලුවී කරුණාරත්න වෙනුවෙන් අවසර පත්‍රයක් සැකසී නොතිබීම එයට හේතු වූ බව පැවසූ සභාපතිවරයා එහිදී යම් අඩුවක් වී තිබෙන බවට අප විසින් පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ නොකළේය.කිසිවෙකු නොමැති තැන තමාට අන්තර්ජාතික බැඩ්මින්ටන් සම්මේලන සාමාජිකයෙකු ලෙස එහි අසුන් ගැනීමට ඇති අයිතිය පාවිච්චි කර නිලූක ගේ ද ඉල්ලීම පිට තමා එහි අසුන් ගත් බව පැහැදිළි කළේය.
කොරියනු සංචාරයට කළමණාකරුවෙකු ලෙස සහභාගි කිරීමට එම සංචාරයට පුතෙකු එක් වු උප සභාපතිවරයෙකුගේ ආවතේවකම් සහ රියදුරුකම් කරන අයෙකු සහභාගි කරවිම තමා දැනුවත්ව කළ දෙයක් නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා ඔහු සහභාගි වූ සංචාරයේ එම තනතුර සදහා කෙනෙකු නම් කර එවන ලෙස සංගම් කිහිපයකට දැණුම් දුන්නත් දකුණු පළාතෙන් පමණක් මොහු එහි කමිටු සාමාජිකයෙකු බව කියමින් යෝජනා කර එවා තිබූ බව  පැවසීය.ඒ අනුව ඔහු ව සංචාරයට නම් කිරීමේදී ගැටළුවක් නොවුණු බව පෙන්වා දුන් සභාපතිවරයා නමුත් එය තමා පෙර සදහන් කල නොමග යැවීමකින් වූ වරදක් බව ද පෙන්වා දුන්නේය.
නැවත නැවතත් අප විසින් දිගින් දිගටම විවේචනාත්මකව වැරදි පෙන්වා දීම පිලිබදව කරුණු දැක් වූ සභාපතිවරයා එයට ස්තූති කරන අතරේම එම වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යාමට එය විශාල රුකුලක් වනු ඇති බවත් සදහන් කළේය.

ඇමෙරිකාවට සරු දවසක්

Aries Merritt of the United States celebrates after winning gold in the men's 110m Hurdles

මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩාවේ ඇමෙරිකානු ආධිපත්‍යය බිදී යමින් තිබුණද,ඊයේ යළිත් එය පණ ලබන අයුරක් දකින්නට ලැබුණා.ඊයේ රන් පදක්කම් තුනක් මලල ක්‍රීඩාවෙන් පමණක් දිනා ගත් ඇමෙරිකාවට කාන්තා බීච් වොලිබෝල් තරගවලින් ලැබුණු රන් පදක්කමත් සමග   ඊයේ දවස තුළ ඇමෙරිකාවට රන් පදක්කම් හතරක් හිමි වුණා.චීනයට රන් පදක්කම් දෙකක් පමණක් හිමි වූ ඊයේ දිනයේදී ඇමෙරිකාව සහ චීනය අතර රන් පදක්කම් පරතරය දෙකක් දක්වා අඩු වූ අතර ඒ අනුව චීනයේ රන් පදක්කම් ප්‍රමානය 36 ක් වෙද්දී ඇමෙරිකාවේ රන් පදක්කම් ප්‍රමාණය 34 දක්වා ඉදිරියට පැමිණියා.
ඊයේ මලල ක්‍රීඩාවෙන් හිමි වූ රන් පදක්කම් විමසා බැලීමේ දී ඇමෙරිකාවට යම් වාසනා ගුණයක් ද තිබෙන බව පැහැදිලි වුණා.විශේෂයෙන් මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වේදී ලොව අංක එකට සිටින ලියු ෂියෑන් ප්‍රථම වටයේදීම තරගයෙන් ඉවත්විම මෙන්ම අවසාන තරගයේදී ඉසව්වේ ලා්ක වාර්තාලාභියා වන කියුබාවේ ඩැරන් රොබ්ලස් ආබාධයකට ලක් වී තරගයෙන් ඉවත් වීමත් ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.නමුත් එම ඉසව්ව ජයගත් ඇමෙරිකාවට දිනා දුන් ඇරිස් මෙරිට් වාර්තා කළ තත්පර 12.92 ක කාලය ගෙන බලද්දී ඔවුන් දෙදෙනා සිටියද ජය මෙරිට්ට ජය ගැනීමට අවස්ථාවක් තිබුණු බව පැහැදිළි කරන දක්ෂතාවයක් නිසා මෙරිට් අදක්ෂ යැයි කීමට නොහැකි වුව ද ෂියෑන් සහ රොබ්ලස් සිටියානම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණු බව ද ප්‍රතික්සේප කළ නොහැකියි.
මීටර් 200 ඉසව්වේ දී ඔලිම්පික් උළෙල දෙකකදීම රිදී පදක්කමකට සීමා වූ සිය දක්ෂතාවය රන් පදක්කමකට පෙරළා ගැනීමට ඇමෙරිකාවේ ඇලිසන් ෆෙලික්ස් සමත් වීම ඇයගේ අප්‍රතිහත ධෛර්‍ය පැහැදිළි කරන සුළු සිදුවීමක් වුණා.ඒ වගේම ලොව ඉදිරියෙන්ම සිටින දුර පනින්නිය තමන් බව සනාත කරමින් බ්‍රිට්නි රීස් ඇමෙරිකාවට දිනා දුන් රන් පදක්කම මෙන්ම බීච් වොලිබොල් කාන්තා අංශයේ ආදිපත්‍යය තමන් සතු බව පෙන්වමින් කෙරී වොල්ස් සහ මිස්ටි මේ-ට්‍රෙනර් දිනා දුන් රන් පදක්කමද අගය කළ යුතුයි.
ඉදිරියේදී ඊටන් ඇස්ටන් බොහෝ විට සිය ශක්තිවන්ත බව මොනවට විදහා දක්වමින් දසප්‍රයාම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම වැළක්වීමට නම් ඔහුගේම වරදක් හෝ ආබාධයක් විය යුතු බව සිතිය හැකි අතර ඔහුව ඉක්මවා යා හැකි තරග කරුවෙක් ගැන සිතීම අපහසුයි.එසේම ඇමෙරිකාව පැසිපන්දු පිටියේ දරන ආධිපත්‍යයද බොහෝ ඉදිරියෙන් තිබෙන නිසා සහ මලල ක්‍රීඩා සහය දිවීම් ඉසව් වලදී ඔවුන්ට ජයග්‍රාහකයන් වීමට ඇති ඉඩත් සළකන විට චීනයට සිය තත්ත්වය රැක ගැනීමට නම් තවත් පදක්කම් අටක් පමණ හිමි කර ගත යුතු වෙනවා.එසේම ඒ තත්ත්වය වෙනස් කිරීමට ජැමෙයිකාවෙන් ලැබෙන සහයද මේ මොහොතේ චීනයට ඉතාමත් වටිනා අතර ඒ ජැමෙයිකානු අභියෝගය විසින් ඇමෙරිකාවට අහිමි කරන්නට
හැකි රන් පදක්කම් ප්‍රමානය ද චීනයේ ජයග්‍රහණය තීරණය කරන සාධකයක් වන බව නිසැකයි.
www.supirikrida.com











Aug 8, 2012

බස්නායකගෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට තවත් වැරදි පිරිනැමීමක්

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ ඔලිම්පික් සහභාගීත්වය වළක්වමින් ඔහුට ඒ සදහා සුදුසුකම් ලැබිය හැකි මග වසා දැමීමට උත්සාහ කළ බැඩ්මින්ටන් පරිපාලනයක අවතාර ඔලිම්පික් තරගාවලියේ ඔහු ගේ ක්‍රීඩා විලාශය පිළිබදව ලෝකයම ප්‍රශංසා මුඛයෙන් කතා කරන වාතාවරනයක් තුළ යළිත් වතාවක් ඔහුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයකට ක්‍රීඩා අමාත්‍යංශය ඈදා ගැනීමේ සැළසුමක් ක්‍රියාත්මක වන බවට ඉගි පහළ කරන මාධය නිවේදනයක් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ලේකම් හර්ෂ බී අබේකෝන් ගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් විය.එය, පහුණුකරුවෙකු සහභාගි නොකිරීම පිලිබදව සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඩ්මින්ටන් පරිපාලනයට එරෙහිව ගත යුතු විනය ක්‍රියා මාර්ග ක්‍රීඩකයාගේ පිටින් යවමින් ඉදිරියේදී මෙම ක්‍රීඩකයාව ජාත්‍යන්තර පුහුණුවකට යොමු කරමින් අමාත්‍යංශ අනුග්‍රහය යටතේ ජාතික වස්තුවක් ලෙස රැක ගැනීම පසෙක ලා ඔහුට එරෙහිව අමාත්‍යංශය විනය ක්‍රියාමාර්ග සදහා පොළඹවන සුළු ඉගි සැපයීමකි
එහිදී මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ නිලූක කරුණාරත්න පුහුණුකරු වෙනුවට රොහාන් ද සිල්වා තරගයට සහභාගි කර ගත් බවය.නමුත් රොහාන් පුහුණුකරු ලෙස තරගාවලියට සහභාගි නොවුණු අතර ඔහු සහභාගි වූයේ කළමණාකරු ලෙස ය.රොහාන්ට එම අවස්ථාව ලැබෙන්නට හේතුව වූයේ මෙම තරගාවලියට සහභාගි වීම සදහා විදෙස් තරගාවලි නියෝජනයේදී නිලූක වෙනුවෙන් විශාල බර පැනක් දැරුවේ රොහාන් ද සිල්වා බැවින් නිලූක ඊට ගෞරවයක් ලෙස රොහාන් ට එම අවස්ථාව ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයෙන් මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවෙන් කරන ලද ඉල්ලීම් අනුවය.
මිට පෙර ද ක්‍රීඩා අමාත්‍යවරයාට නිලූක කරුණාරත්නට ක්‍රිඩා අමාත්‍යංශයෙන් ලබා දුන් මුදල් හැටියට දීර්ඝ කාලයක සිට බැඩ්මින්ටන් පරිපාලනයට ලබා දුන් මුදල් ලබා දෙමින් අමාත්‍යවරයා නොමග යැවූ පරාක්‍රම බස්නායක සභාපතිවරයා, නිලූක කරුණාරත්න වෙනුවෙන් පැවත් වූ මාධ්‍ය හමුවේදී ඒ පිළිබදව සදහන් කළේ,එය අමාත්‍යවරයාට වැරදිමකින් කරන ලද ප්‍රකාශයක් බවය.නැවත මාධ්‍ය ලේකම් වරයාගේ නිවේදනය දෙස අවධානය යොමු කරද්දී පැහැදිළි වන තවත් කරුණක් නම් නිලූක ගේ කොරියානු පුහුණුකරු තරගයට පෙරාතුව නිලූකට අවශ්‍යය උපදෙස් ලබා දුන් බවය.ඔහු එහි සිටි බව සදහන් කරන්නේ බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියා වන පරාක්‍රම බස්නායක ලබා දුන් තොරතුරු මතය.
එසේම ක්‍රීඩා අමාතයවරයා කොරියානු පුහුණුකරු වෙත යැවීමට නිලූකට අවශ්‍යය පසුබිම සකසමින් මෙන්ම නිලූක ගේ දෙමව්පියන් තරගාවලියට සභභාගි කරමින් ද නිලූක ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට විශාල උපකාරයක් කළ බව අපි දනිමු.නමුත් එසේ සහය පුහුණුකරු ලෙස ගිය ඔහුගේ පියා හෝ කොරියානු පුහුණුකරු වෙනුවට එම ස්ථානයට පරාක්‍රම බස්නායක සැපත් වූයේ කෙසේද යන්න මෙහිදී ඇතිවන බරපතලම ගැටළුවය.
බැඩ්මින්ටන් පරිපාලනයේ ප්‍රධානියෙකු එහි ඉද සිටීම නියමයක් ලෙස තවත් අකාරයකට අමාත්‍යවරයා නොමග යවමින් බස්නායකයන් විසින් පැවසිය හැකි බැවින් එසේ බැඩිමින්ටන් පරිපාලන වල නිලධාරීන් ක්‍රීඩකයාගේ අවශ්‍යයතාවය නොසළකා එහි සිටියේ නම් ඒ කවුරුන්ද යන්නත් එසේ සිටියා නම් ඔවුන් ට සහ බස්නායකයන්ට බැඩ්මින්ටන් දැණුම සම්බන්ධයෙන් ඇති අවබෝධයේ වර්ගපලය ද විමසා බැලිය යුතුය.
ක්‍රීඩා අමාත්‍යවරයා නිලූක සම්බන්ධයෙන් ඔහුගේ තරග මානසිකත්වය යහපත්ව පවත්වා ගෙන යාම සදහා ගත් තීන්දු බැඩ්මින්ටන් පරිපාලන ප්‍රධානියාගෙන් නිශේධනය වි ඇති තත්ත්වයක් තුළ බැඩ්මින්ටන් පරිපාලනය එම වරදකරුවන්ගේ පෝලීමේ චෝදනා විරහිතව අමාත්‍යවරයාද සිටුවා තබා ගෙන ක්‍රීඩාවේ ප්‍රධාන පරිපාලකයා සිය කණ්ඩායමේ වැරදි වලට හවුල් කරුවෙකු කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය සාර්ථකව පොළඹවා ගැනීමක් ලෙස මෙම මාධ්‍ය  නිවේදනය හරහා හැගීමක් ඇති වීම වහාම නිවැරදි විය යුතු බව අපේ හැගීමය.
අමාත්‍යංශයේම නිවේදනයට අනුව පරාක්‍රම බස්නායකගේ උපුටා දැක්වීම පැහැදිළි කරන ආකාරයට කොරියානු පුහුණුකරු වෙනුවට ක්‍රීඩකයා බලාපොරොත්තු නොවුනු බැඩ්මින්ටන් සභාපතිවරයා එහි අසුන් ගත්තේ මන්ද?ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් තරග සංචාරය සදහා සහය පුහුණුකරුවෙකු ලෙස සහභාගි වූ නිලූක ගේ පියා (ලුවී කරුණාරත්න) පුහුණුකරු ලෙස තරග පැවත්වෙන ස්ථානයට සහභාගි නොකර පරාක්‍රම බස්නායක එහි අසුන් ගත්තේ මන්ද?
මේවාට පිළිතුරු අවශ්‍යය වන්නේ බැඩ්මින්ටන් පරිපාලනයෙන්ය.
www.supirikrida.com

ශ්‍රී ලංකා දැල් පන්දු තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි?

සියානු කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම නම් කිරීම සදහා අවසන් තේරීම් පසුගියදා පැවතිය ද ඒ සම්බන්ධයෙන් පුහුණුකාරිය සතුටට පත් වී නැති වීම හේතුකොට ගෙන ඇය දැල් පන්දු ප්‍රධානින් හරහා නැවත තෝරා ගැනීමකට යන ලෙස බලපෑම් කරමින් සිටින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.කණ්ඩායම තේරීමේ දී හොදින් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවන් ඊට ආදේශ කරන ලෙස පුහුණකාරිය කරන ලද ඉල්ලීම් යම් තරමකින් සළකා බැලුවද,ඉතාමත් ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් ඉවත් කිරීමට තේරීම් කමිටුව අකමැති වීම හේතු කර ගෙන මෙම තත්ත්වය ඇති වී තිබෙන බව එම වාර්තා පැහැදිළි කරයි.
ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වූ කළමණාකාරිය සමග සමීපව කටයුතු  කළ බවට චෝදනා කරමින් එම සංචාරයට ආබාධයක් තිබියදී පවා එක් කර ගත් ක්‍රීඩිකාවක් ඉවත් කිරීමට පුහුණුකාරිය අනුබල දී ඇති අතර එම සංචාරයෙන් පසුව හමුදා සේවයට සම්බන්ධ ක්‍රීඩිකාවක් පුහුණුවීම් වලට ඒමෙන් වැළකී සිය නිල රාජකාරිය ආශ්‍රිත සේවයේ පුහුණුවකට සහභාගි වී ඇති බවත් ඇය කණ්ඩායමට අත්‍යවශ්‍යය ක්‍රීඩිකාවක බව පුහුණුකාරිය පවසා ඇයද කණ්ඩායමේ රදවා ගැනිමට තේරීම් කමිටුවේ අවසරය ලබා ගෙන ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
එහිදී කණ්ඩායමේ දරා ගැනීමේ ශක්තිය පිළිබදව තේරීම් කමිටුව සෑහීමකට පත් වී නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී හෝ අවධානය යොමු කරන ලෙස පුහුණුකාරියට උපදෙස් ලබා දී ඇත.එහිදී හොදින්ම සිය දරා ගැනීම පවත්වා ගෙන තේරීමට මුහුණ දුන් ක්‍රීඩිකාව ලෙස තේරීම් කමිටුවේ අවධානයට ලක් වූ ක්‍රීඩිකාවක් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවක් ඊට ආදේශ කරන ලෙස ඉල්ලා පුහුනුකාරිය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම අමාත්‍යවරයාට යොමු නොකරමින් අතුරු කමිටු ප්‍රධානින් හරහා පුහුණුකාරිය සිය බලපෑම තේරීම් කමිටුව වෙත එල්ල කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වන විටත් තරගාවලිය පවතින රටේ කණ්ඩායම තෝරා නැති වීම පිලිබදව ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශාල කතාබහක් ඇති වී ඇතත් පුහුණුකාරිය සහ දැල් පන්දු පරිපාලනයේ ඇතැමෙක් ඕසට්‍රේලියානු සංචාරයේ වීඩියෝ පට ද නරඹා නැවත තේරීමක් කරන ලෙස ඉල්ලා ඇති බව ද සුපිරික්‍රීඩා වෙත දැන ගන්නට ලැබිණ.තේරිම් කමිටුවේ නිලධාරිණියන්ට බලපෑම් කරමින් කණ්ඩායමෙන් ඉවත් කරන්නට හදන ක්‍රීඩිකාව ඕස්ට්‍රේලියාවේදී හොදින් ක්‍රිඩා නොකිරීමට එහි ඇති වෙනත් සාධක බල පාන්නට ඇති බව පෙන්වා දෙන තේරීම් කමිටුව තරගාවලිය පැවත්වෙන පරිසරයේදී ඇය ඉතාමත් හොදින් දස්කම් දැක්වීම වඩා වැදගත් කොට සැළකිය යුතු බව ද පුහුණුකාරියට දන්වා ඇත.
දැනට තෝරා ගෙන ඇති ක්‍රීඩිකාවත් ඇය ඉවත් කර කණ්ඩායමට ඇයගේ ස්ථානය සදහා ගෙන ආ යුතු බවට යෝජනා කරන ක්‍රීඩිකාවත් එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන අතර එහිදී දැනට තෝරා ඇති ක්‍රීඩිකාව අදාළ ස්ථානයේ ක්‍රීඩා කරන බවත්,අනෙක් ක්‍රීඩිකාව වෙනත් ස්ථානයක ක්‍රීඩා කරන බවටත් තොරතුරු වාර්තා වේ.පුහුණුකාරිය තේරිම් කමිටුව ඉදිරියේ කරුණු දක්වමින් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දරා ගැනීමේ ශක්තිය හීනවීම පිළිබදව කරුණු දක්වමින් පවසා ඇත්තේ තරගයකට ක්‍රීඩිකාවන් එක් එක් කාර්තුව සදහා වෙනස් කර යොදා ගනිමින් ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බවය.මාස ගණනක පුහුණු සැසි වලින් පසුව එක දිගට තරගයක යෙදීමට හැකි ලෙස කණ්ඩායමේ තත්ත්වය ඉහළට නොගැනීම පිළිබදව මෙහිදී පුහුණුකාරියට තේරිම් කමිටුව වරද පටවා ඇති අතර තමන්ට අවශ්‍යය කණ්ඩායම නම් කර ගැනීම සම්බන්ධයෙන් තර්ක කරමින් කාලය විනාශ කර දැමීම නවතා දැන්වත් වෙහෙස වී ක්‍රීඩා පුහුණුවීම් වල නියැලෙන ලෙස ද අවවාද කොට ඇත.
කෙසේ වුවත් සිය අවශ්‍යයතාවය වෙනුවෙන් දිගින් දිගමට තේරීම් කමිටුවට බලපෑම් කරමින් සිටින පුහුණුකාරිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකගේ නම ද පවසමින් ඇයගේ ද ඉල්ලීමක් ලෙස සළකා ක්‍රීඩිකාවක කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට උත්සාහ දරමින් සිටීම පිළිබදව දැල්පන්දු පරිපාලනය ද පුහුණුකාරියට අවවාද කිරීම පසෙකලා තේරීම් කමිටුවට බලපෑම් කරන යන්නේ නම් එය නරක ආදර්ශයක් විය හැකිය.මේ තත්ත්වය මත තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ඉඩක් ද පවතින අතර දැල් පන්දු පරිපාලනය පුහුණුකාරිය අවසාන මොහොතේ සිය නොහැකියාව වසා ගැනීම සදහා ඉල්ලා අස්වේය යන බියෙන් පුහුණුකාරියට අවනත වන්නේදැයි සැකයක් මතුවන බව දැල් පන්දු කේෂ්ත්‍රයේ කතා බහට ලක්වෙමින් පවතින්නේය.
මීට පෙර ද සිය අවශ්‍යයතාවය මත දැල් පන්දු පරිපාලනය නොහැසිරුනු විට කණ්ඩායම අතහැර විදෙස්ගත වීම සම්භන්ධයෙන් පුහුණුකාරිය සම්බන්ධව ඇති අත්දැකීම් සළකා එවැනි බියක් ඇති වීම සාධාරණ බව පෙන්වා දෙන ඔව්හූ ගියවර තිලකා ජිනදාස යටතේ ආසියානු කුසලානය දිනූ ජ්‍යෙෂ්ඨ සංචිතය ද එසේ අතරමග හැර දමා ගිය බව පෙන්වා දෙති.එසේම තරගාවලියට සහභාගි වන විදේශ කණ්ඩායමක් සමග තවත් තරගාවලියට සහභාගි වන කණ්ඩායමක් ඉදිරිපිට පුහුණු තරගයක නියෑලීම පිලිබදවද මේ වන විට පුහුණුකාරියට එරෙහිව මතු වෙමින් තිබෙන විශාල චෝදනාවක් වන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇති අතර මේ තත්ත්වයන් සළකා තරගාවලියේදී කණ්ඩායම පරාජය වුවහොත් එම වරදේ වැඩි කොටස තේරීම් කමිටුවට පැවරීම පිණිස පුහුණුකාරිය මෙම අරගලය දියත් කිරීමට පියවර ගන්නට ඇති බවද ඇතැමුන් ගේ මතය වී ඇත.
‍කෙසේ හෝ මේ වන විට ආසියානු කිරුළ නැවත දිනා ගැනීම අපේක්ෂාවෙන් සිංගප්පූරු දැල්පන්දු සංචිතය නම් කර ඇති අතර ඔවුන්ගේ අවසාන ක්‍රීඩිකාවන් දොළොස් දෙනා ඔවුන් ක්‍රීඩා කරන ස්ථාන ද නිශ්චිතව නම් කරමින් කණ්ඩායම ඉදිරිපත් කිරීමට මේ වන විටත් සිංගප්පූරු දැල් පන්දු පරිපාලනය ක්‍රියා කර ඇත.පුහුණුකාරියම අනුවද ඇය දිගින් දිගටම ප්‍රසිද්ධියේ පවසා ඇති පරිදි එක්තරා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට අනුවද අප විසින් පළ කරනු ලබන මෙම ප්‍රවෘත්ති කණ්ඩායමේ මානසිකත්වයට අහිතකර වන අතර අප විශ්වාස කරන්නේ වඩාත් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සමග තරගාවලියට පිවිසීම මේ මොහොතේ ජයග්‍රහණය පිණිස වන හොදම ක්‍රියා මාර්ගය බවය.
පහත දැක්වෙන්නේ සිංගප්පූරු දැල් පන්දු වෙබ් අඩවිය සිය කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන පැහැදිළි ආකාරය ය.ඡායාරුපයෙන් දැක්වෙන්නේ ආසියාවේ තෙවැනියන් ලෙස තරගාවලියට සහභාගි වී හත්වන ආසියානු සූරියන් වෙමින් ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් අනතුරුව ඡායාරුපයකට පෙනී සිටි අයුරුය.
PlayersPositionsAgeHeightInternational Caps
Chen HuifenGA/GS27170cm60
Chen Li LiGK22196cm5
Premila HirubalanGD/GK/WD30170cm79
Shelby KohC/WA18177cm8
Vanessa LeeWD/C28170cm52
Lin Qingyi (Co-Captain)GK/GD27174cm51
Jean Ng (Co-Captain)GK/GD34174cm100
Nurul BaizuraWD/C/WA22170cm17
Charlene PorimaC/WD34172cm45
Cassandra SohGS22176cm11
Charmaine SohGA/GS22175cm10
Yu Mei LingGS21179cm4

www.supirikrida.com