Apr 21, 2012

දකුණු ආසියාවේ කඩු හරඹ අනු සූරතාවය ශ්‍රී ලංකාවට


ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ කොට්ලා හී පිහිටි විජේ බාස්කර් රෙඩ්ඩි ක්‍රීඩාංගණයේ දී රටවල් පහක සහභාගීත්වයෙන් පැවති දකුණු ආසියාතික කඩු හරඹ සූරතාවලියේ දී අනු සූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත.පකිස්තානයට වීසා ලබා ගැනීමේ දී ඇති වූ ගැටළුනවක් මක මෙම තරගාවලියට නියිමිත වේලාවට සහභාගිත්වය සනාත කිරීමට නොහැකි වූ අතර සත්කාරක ඉන්දියාව,ශ්‍රී ලංකාව,නේපාලය,ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය යන රටවල් පහක සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන් කණ්ඩායම අතරින් අතර කාන්තා කේවල ඉසව්වේ දී ශ්‍රී ලංකාවේ පියුමි ක්‍රිෂාන්ති ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග වලට සහභාගි වී ඇති බොක්සිං ක්‍රීඩිකාවක වන නිරජලා වීරරත්න ද මෙම කඩු හරඹ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් දෙකක දී ජාතික නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදු වීමක් විය.


ඉන්දීය ජාතික ෂන්මුගම් ගනේෂන් ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සහභාගි වූයේ ආසිරි විජේසිංහ ය.කණ්ඩායම් කළමණාකාරිණි ලෙස කසුනි සිල්වා සංචාරයට එක් වූ අතර නිලධාරිනිය ලෙස සුලෝචනී සෙනරත් සහභාගි විය.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ප්‍රදීප් දුනුකියනගේ,සුරේෂ් සුභසිංහ,සුරේස් සුදර්ශණ,සදේස් චන්දන සහ මංජුල ප්‍රනාන්දු මෙම සංචාරයේදී හ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර නිරංජලා වීරරත්න,පියුමි ක්‍රිෂාන්ති,සංදීපා සදමාලි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත් විණි.ඡායාරූපයේ දැක්වෙන්නේ සමස්ත තරගාවලියේ දී සමස්ත අනු සූරතාවය සහ කාන්තා අනු සූරතාවය ද සමග කාන්තා අංශයෙන් රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ද කාන්තා අංශයෙන් ලෝකඩ පදක්කම් 4 ක් ද දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකරු,සහය පුහුණුකරු සහ කණ්ඩායම් කළමණාකාරීත්වය සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරු සහ තරගාවලියේ අවස්ථාවකි.

වැසුණු බුෆේ යළි ඇරේ?


යොවුන් ආසියාතික කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක මලල ක්‍රීඩා සංචිතය නව අතුරු පාළක කමිටුව යටතේ ඊයේ දියගම දී යළි නවාතැන් අතර එහිදී මීට පෙර නවාතැන් ගෙන සිටිය දී ආහාර ගැනීමට ලැබුණු බුෆේ ක්‍රමය අහෝසි කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාර්සල් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇති අතර එම තත්ත්වය එහි පැමිණි යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි දයා රත්නායක‍යන්ගේ නියෝජිතයෙකු විසින් යළිත් නිවැරදි කරන්නට පොරොන්දු වී ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.මෙම යොවුන් තරගාවලිය වෙනුවෙන් පත් කළ කොමිටියේ සභාපති මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස ද පත් වීමට නියමිත දයා රත්නායකයන් ය.
යොවුන් ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකා සංචිතය යළි ඊයේ ඇරඹි අතර ඒ සදහා තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු එකතු වී සිටිනු දක්නට ලදී.ඔවුන් පුහුණුවීම් සදහා නවාතැන් ගෙන සිටි දියගම ක්‍රීඩාං සංකීරණයට ගිය එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් සමබන්ධයෙන් ගැටළුවක් ඇති වී ඇති අතර ඒ තත්ත්වය නිසා ඔවුන් විශාල කාලයක් නේවාසිකාගාරවලට ඇතුළත් වීමට නොහැකිව එළියේ ගත කර ඇත. මෙම තත්ත්වය පිළිබදව අමාත්‍යවරයාටද දැන ගන්නට ලැබී ඇති අතර කෙසේ හෝ එම අවස්ථාවේ දී වහා මැදිහත් වී ඇති කර්නල්  සුදත් මඩුගල්ල විසින් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉක්මණින් නේවාසිකාගාර විවෘත කර දීමට මැදිහත් වී කටයුතු යොදා ඇත.
පහසුකම් වෙනස්වීමට ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මූලිකත්වය ගත් මලල ක්‍රීඩා පරිපාලනයේ වෙනස්වීම විසින් බලපෑමක් ඇති කර ඇති බව ක්‍රීඩා සංචිතයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් හෙළි වන  අතර ඊට ප්‍රතිවිරුද්ධ පිරිස් වල අදහස වන්නේ ක්‍රීඩක සංචිතය 54 සිට 81 දක්වා ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය.කෙසේ හෝ මෙම කාරණයේදී  තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වෙන බවත් එහි දී ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙම ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට බවත් ශ්‍රී ලාංකිකයන් විසින් තේරුම් ගැනීම වැදගත් ය.

Apr 20, 2012

බ්ලේක් කේමන් දූපත් තරගාවලියට පිවිසෙයි


කේමන් දූපත් හී මැයි නවවන දා පැවත්වෙන පළමු කේමන් ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ දී ලෝක සූර යොහාන් බ්ලේක් ද ඊට සහභාගි වන බව සනාථ කොට ඇත.කොරියාවේ දියාගෝ හි දී ජගත් සූරතාවලියක වේගවත්ම ක්‍රීඩකයා වීමේ භාග්‍යය ලත් ලාබාලතම ක්‍රීඩකයා වීමේ භාග්‍යය බ්ලේක් විසින් උදා කර ගනිද්දී ඔහු 21 හැවිරිදි වියේ පසු විය.
ජැමෙයිකානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී තත්පර 9.90 ක කාලයක් වාර්තා කරමින් හොද ආරම්භයක් ලබා සිටින බ්ලේක් වාර්තා කර ඇති හොදම කාලය ලෙස සැළකෙන්නේ 9.82 ය.මේ වන විට උසෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම අභියෝගය බවට පත් ව සිටින බ්ලේක් මීටර් 200 සදහා වාර්තා කර ඇති තත්පර 19.26 ක කාලය ඒ ඉසව්ව සදහා වාර්තා කර ඇති ලොව හොදම දෙවනකාලය ලෙස සැළකෙන්නේ ය.


ඔලිම්පික් නියෝජනයේ දී චීනයට අවස්ථා තුනක් ලැබෙන ලකුණු, නිලූක 27 ට

චෙන් ජින්
මේ දිනවල් ක්‍රීයාත්මක වන යුරෝපා බැඩ්මින්ටන් කුසලාන තරගාවලියේ දී ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 4 ට ශ්‍රේණිගතව සිටින ඩෙන්මාර්කයේ පීටර් හොග්, ස්වීඩනයේ හෙන්ර් හර්ස්කනන් වෙතින් අර්ධ අවසාන පූර්ව තරගයේ දී ලද පරාජය මෙන්ම මේ වන විට ක්‍රියාත්මක ආසියානු සූරතාවලියේදී ජගත් ශේණිගත කිරීම් වල පස්වන ස්ථානයේ සිටින චීනයේ චෙන් ජින් අර්ධ අවසාන තරග වලට පැමිණ සිටීමත් යන කාරණා සැළකිල්ලට ගනිද්දී මෙවර ඔලිම්පික් තරග නියෝජනය සදහා ජගත් ශ්‍රේණිගත කිරිම් වල මුල් ස්ථාන හතරෙන් තුනක් දිනා ගනිමින් ක්‍රීඩකයන් තුනක් ඉදිරිපත් කිරීමේ හැකියාව චීනයට ලැබෙන්නට විශාල ඉඩකඩක් නිර්මාණය වෙමින් ඇත.මේ වන විට පීටර් හොග් සහ චෙන් ජින් අතර ප්‍රසාද ලකුණු පරතරය 834.3500 ක පමණ පරතරයක් තිබෙන අතර හොග් ට මේ තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට යුරෝපීය තරගාවලියේ අංක එකට සිටි ක්‍රීඩකයා ලෙස තිබූ අවස්ථාව මේ අනුව සිවීඩනයේ හෙන්ර් හර්ස්කනන් වෙතින් ලද පරාජයත් සමග අහිමි වී ගියේය.
මේ අතර නිලූක කරුණාරත්න නෙදර්ලන්ත තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසීමත් සමග ජගත් ශ්‍රේණිගත කිරීම්වල 49 වන ස්ථානයේ සිට 51 වන ස්ථානය දක්වා පහළ බැසීම යළිත් 48 වන ස්ථානය දක්වා ඉදිරියට ගෙන එන්නට සමත් විය.මේ අනුව ජගත් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පැමිණි ඉහළම ස්ථානය යන්න 49 වන ස්ථානයේ සිට 48 වන ස්ථානය දක්වා තව දුරටත් ඉහළ යන්නේය.ඒ සමගම නිලූක ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් අතර මේ නවතම ශ්‍රේණිගත කිරීමත් සමග 27 වන ස්ථානයට පැමිණෙන්නේය.

Apr 19, 2012

තිළිණි සහ ගයාත්‍රී ආසියානු සූරතාවලියේ මූලික වටයෙන්ම ඉවතට

නදීශා ගයත්‍රී
ආසියානු බැඩ්මින්ටන් සූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ තිලිණි ජයසිංහ සහ නදීශා ගයත්‍රි සුදුසුකම් වටයේ දී පරාජයට පත් වී ඇත.එහිදි තිලිනි ජයසිහ හොංකොං දේශය නියෝජනය කරන ලද එන්ගන් යී චේන්ග් හමුවේ ලකුණු 21 / 11 සහ 21 / 8 ක් ලෙස පරාජයට පත් විය. නදීශා ගයත්‍රි ඉදිරියේ පරාජයට පත් වූයේ චීන තායිපේ ක්‍රීඩිකා ශී හව් හුන්ග් ය.එහිදී ලකුණු තත්ත්වය 21 /8 සහ 21 / 8 ක් විය.
තිළිණි පරාජය වූ තරගය විනාඩි 20 ට ත් ගයාත්‍රි පරාජය වූ තරගය විනාඩි 16 ට ත් සීමා විය.නෙදර්ලන්ත ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව ආසියානු තරගාවලියට සහභාගිවීමට සිටි රේණු චන්ද්‍රිකා ද සිල්වා ට වීසා ලබා ගැනීමේ දී ඇති වූ ප්‍රමාදයක් නිසා මෙම තරගාවලියට සහභාගි වීමට හැකි වී නැත.

විදේශ සේවා කණ්ඩායම විදේශ ගත වේ


ශ්‍රී ලංකා විදේශ සේවා වොලිබෝල් කාන්තා කණ්ඩායම හෙට තායිලන්තයේ කොරාඩ් හී දී ඇරඹෙන රැජිණ කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය.ආසියාවේ කාන්තා වොලිබෝල් ක්‍රීඩා සමාජ සදහා වෙන් වූ මෙම තරගාවලියට තායිලන්තය,වියට්නාමය,මියන්මාර්,ඉරානය,ජපානය යන රටවල් නියෝජනය කරන කණ්ඩායම් ඒ කොටසෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන බී කාණ්ඩයෙන් තරග වදින්නේ චීනය,කසකස්තානය සහ මැලේසියාව වන අතර එම කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි කුවේට් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නැත.ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය 21 දා එරට වේලාවෙන් මධ්‍යහන 12.00 ට මැලේසියාව නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායම සමග පැවත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ 2010 වසරේ ජාතික සූරතාවය දිනා ගනිමින් පෑ දක්ෂතා පදනම් කරගෙන වන අතර මීට පෙර 2009 සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම ද මෙම තරගාවලිය නියෝජනය කර ඇත.මෙම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශාලතම දායකත්වය සපයමින් නායකත්වයෙන් සහ දක්ෂතාවයන්ගෙන් විශාලතම සේවය කළ ලීනා සදමාලි ට ආබාධිත තත්ත්වය නිසා මෙම සංචාරය අහිමිවීම ද ඛේදයකි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ නායකත්වය ඒටීඑච්ටීඑම් රත්නසිරි ට හිමි වී තිබෙන අතර පුහුණුකරු ධූරය අජන්ත දහනායකටත් සහය පුහුණුකාරීත්වය ජානක ඉන්ද්‍රජිත්ට ත් හිමි වී ඇත.අභ්‍යාසක ලෙස කටයුතු කරන්නේ කේඒආර්ජී රාජකරුණා ය.අසංගි හුලුගල්ලගේ කණ්ඩායම් කළමණාකරු ලෙස මෙම සංචාරයට එක්වන අතර එච්ඩබ් සමන්ත සහය කළමණාකරු ලෙස සංචාරයට එක්වන්නේය.
එල්කේඩී විජේකෝන්,යූඑස් රංගනී ඩබ්කේඩබ්ටී පංචලී,ජේඒකේ ජිනාදරී,ඩබ්ඩීකේසි අබේවික්‍රම,පීඩබඑච් ඉසංකා,කේටීඩබ් පෙරේරා,එස්එච් ලක්ෂානි,පීබීඑන් නිලක්ෂි සහ ඒඑම්පීඑස් අධිකාරී කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

Apr 18, 2012

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙකට සහ පිරිමි කණ්ඩායමකට තායිලන්තයෙන් ඇමෙරිකානු ඩොලර් 600


තායිලන්තයේ ක්‍රියාත්මක වූ කනොම් චාන්ග් තෙවන ජාත්‍යන්තර වොලිබෝල් සූරතාවලිය නියෝජනය කළ කාන්තා කණ්ඩායම් දෙක වන ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලා අයත් අංක එක කණ්ඩායමටත් සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ නියෝජනය කළ අංක දෙක කණ්ඩායමටත් තරගාවලියේ නවවන තැන දිනා ගැනීමට හැකි වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායමකට ඩොලර් 200 බැගින් වූ මුදල් ත්‍යාග දිනා ගැනීමට හැකි විය.
මේ අතර  පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් නියෝජනය කළ ශ්‍රී ලංකා අංක එක කණ්ඩායමටත් නව වන තැන දිනා ගැනීමට හැකි විය.ඒ සදහා ඔවුන්ට ද ඩොලර් 200 ක ත්‍යාග මුදලක් හිමි විය.තරගාවලියේ කාන්තා ජයග්‍රහණය තායිලන්තය නියෝජනය කළ මැකේවි තනරත්තා ට සහ වරපට්සෝන් රැඩරොන් ට හිමි විය.පිරිමි ජයග්‍රහණය හිමි වූයේ කසකස්තානය නියෝජනය කළ ඩයචෙන්කෝ ඇලෙක්සැන්ඩර් ට සහ සිඩොරෙන්කෝ ඇලෙක්සිට යි.ජයග්‍රාහී කණ්ඩායම් යුගලයට ඇමෙරිකානු ඩොලර් 2,200 බැගින් හිමි විය.
www.supirikrida.com