Aug 25, 2013

බස්නාහිර මේස පන්දු තරු යුගල සමිත සහ චමත්සරා

ස්නාහිර පළාත් මේස පන්දු සූරතාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යා පීඨයේ සමිත අබේරත්න ඇගයීමට ලක් වූ අතර විශිෂ්ඨතම ක්‍රීඩිකාව බවට පත් වූයේ කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දුය.තරගාවලිය මොරටුව විශ්ව විද්‍යාලීය නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු 22 සහ 23 යන දෙදින තුළ පැවත්විණි.මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලාංකේය මේස පන්දු ක්‍රීඩාව හා සබැදි බුද්ධිමතුන්ගේ පරම්පරා නාමයක් නියෝජනය කරමින් විද්යුත් ඉංජිනේරු මහාචාර්ය ජෝෂප් රොහාන් ලූකස් සහභාගි විය.
අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ සහ විවෘත ලෙස බාලක බාලිකා මෙන්ම කාන්තා සහ පිරිමි ලෙස ද ක්‍රියාත්මක වූ තරගාවලියේ අවුරුදු 15 න් පහළ සහ 18න් පහළ බාලිකා සූරතාවය ද,විවෘත කාන්තා ඒකල අනු සූරතාවයද දිනූ චමත්සරා දක්ෂතම ක්‍රීඩිකාව වීම සදහා සුදුසුකම් සපුරා ගැනීමේදී සිය විද්‍යලයේම හංසිනි පියුමිලා සමග එක්ව කාන්තා විවාත යුගල අනු සූරතාවයද දිනා ගන්නට සමත් විය.දක්ෂතම ක්‍රීඩකයා වූ සමිත විසින් විවෘත පිරිමි සූරතාවය දිනා ගත් අතර කසුන් කවිකේසව සමග එක්ව විවෘත පිරිමි අනු සූරතාවය දිනා ගන්නටද සමත් විය.
www.supirikrida.com

Aug 24, 2013

ආසියානු යොවුන් තටාකයෙනුත් පදක්කමක්

නැන්ජින් නුවර ක්‍රියාත්මක ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලැබූ පස්වන ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ඩන්කන් මැතිව් අබේසිංහ සමත් වුණා.ආසියාතික පදක්කමක් යනු ලාංකේය පිහිණුම් කේෂ්ත්‍රයට හීනයක්ව පවතින වට පිටාවක මැතිව් ගේ මෙම පදක්කම රන් පදක්කමක් හා සමාන වටිනාකමක් ගෙන දෙනවා.ලොව ඉහළම පිහීනුම් පුහුණු තාක්ෂනය අත් විදින්නට භාග්‍යය ලබා තිබෙන මැතිව් ඒ ආහිර්වාදය ශ්‍රී ලංකා පිහිණුම් කේෂ්ත්‍රයට දුර්ලභ පදක්කමක් බවට පෙරලා දීමත් සමග ශ්‍රී ලංකාවේ පදක්කම් පැස රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 5 ක් බවට පත් වුණා.
ශ්‍රී ලංකාවට එකතු වූ මෙම පදක්කම් ගොන්නෙන් රිදි පදක්කම සහ ලෝකඩ පදක්කම් තුනක්ම හිමි වුණේ මලලක්‍රීඩාවට වීම අගය කළ යුතුයි.එසේම තවත් ආසියාතික මට්ටමේ විශාල තරගකාරීත්වයක් තියෙන ස්කෝෂ් ක්‍රීඩාවෙන්ද ලෝකඩ පදක්කමක් දිනා දීමට මිහිලියා මෙත්සරනි සමත් වීම කැපී පෙනෙනවා.ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සිසුවියක්.
ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා දුන්නේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අකිල රවිශංක යි.ඒ මීටර් 110 ඉසව්වේදී ආසියාවේ දැව්නතයන්ට අභියෝගයක් ලබා දෙමින්.ඒ වගේම මීටර් 400 කඩුලු බාලක ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වුණා.එය දිනා දුන්නේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුශංක යි.එසේම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දිල්හානි ප්‍රනාන්දු බාලිකා මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.නිර්මලි මධුශිකා ශ්‍රී ලංකා පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක් එකතු කළේ මීටර් 400 ඉසව්වෙන්.ඇය කතළුව විද්‍යාලයේ ක්‍රීඩිකාවක්.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සෝඩා බෝතල් ප්‍රශංසාවක් සහ ඇගයීමක් කිරීම වෙනුවට දීර්ඝකාලීන වැඩ පිළිවෙළකට පිවිස මෙම කණිටු ජයග්‍රහණ ජ්‍යෙෂ්ඨ ජයග්‍රහණ බවට පත්කිරීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට කටයුතු කිරීමට බලධාරීන් ක්‍රියා කළ යුතුයි.
www.supirikrida.com

උදරට උදාර අවස්ථාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා කැදවා ඇති සංචිතයට 22 හැවිරිදි උදාර ජයසුන්දරට කැදවීමක් ලැබී තිබෙනවා.මේ සංචිතය සදහාද ප්‍රසන්න ජයවර්ධන කැදවා නැති අතර සංචිතයේ කඩුලු රකින්නන් ලෙස කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,කුසල් ජනිත් පෙරේරා,කිත්රුවන් විතානගේ සහ කෞෂාල් සිල්වා ඇතුළත් කර තිබෙනවා.සංචිතයේ එක දිගට සිය දක්ෂතා නඩත්තු කර ගැනීමේ අපහසුවකින් පෙළෙන උපුල් තරංග දකින්නට ලැබෙන්නෙ නැහැ.නමුත් එක දිගට අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ සිටිනවා.
අලුතින් කැදවා ඇති උදාර ජයසුන්දර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න පහළ සහ 23 න් පහළ කණ්ඩායම් වලට ක්‍රීඩා කර දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකු වෙනවා.එසේම කලෙකට පසුව මෙම සංචිතයට ගෙවුණු 20/20 තරගාවලියේ දක්ෂතා සළකා ඉසුරු උදාන ද කැදවා තිබෙනවා.ඔහු එම තරගාවලියේදී තීරණාත්මක මොහොතක පන්දු යවන්නෙකු පමණක් නොව පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට සේවයක් කළ හැකි බවට කරන ලද ඔප්පු කිරීම ඊට හේතු වුණා විය හැකියි
මහේල,සංගක්කාර සහ ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාම මෙම සංචිතයේ දකින්නට ලැබෙන අතර,රංගන හේරත්,අජන්ත මේණ්ඩිස් සහ සචිත්‍ර සේනානනායක දග පන්දු යවන්නන් ලෙස ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරමින් කැදවා ඇති ක්‍රීඩකයෝය.ඊට අමතරව පිතිකරුවෙකු ලෙස ද යමක් කළහැකි දිල්රුවන් පෙරේරා ද සංචිතයේ දකින්නට ඇත.කැදවා ඇති තෝරා ගැනීමේ සංචිතයට ක්‍රීඩකයන් 27 දෙනෙකු ඇතුළත් වී ඇත.

ක්ලිෆර්ඩ් කුසලාන තරග හෙට ඇරඹේ

ශ්‍රී ලංකාවේ පැවත්වෙන ප්‍රමුඛතම ජාතික බොක්සිං තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ 86 වැන්න හෙට (25) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඇරඹේ.හෙට  ඇරඹෙන බොක්සිං තරගාවලිය 29 දා නිමා වීමට නියමිතයි.බොක්සිං කේෂ්ත්‍රයේ විනිසුරු කටයුතු සම්බන්ධයෙන් සහ පරිපාලනමය කටයුතු වලින් කීර්තියක් දිනූ ඩොනල්ඩ් මුණසිංහ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.
තරගාවලියට ක්‍රීඩා සමාජ 20 ක් පමණ එක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ක්‍රීඩකයන් 150 ක් පමණ සහ ක්‍රීඩිකාවන් 50 ක් පමණ තරග බිමට බැසීමට නියමිතව ඇත.පිරිමි සහ කාන්තා අංහ සදහා බර පංති 10 බැගින් ක්‍රියාත්මක වන මෙම තරගාවලියේදී ජාත්‍යන්තර බොක්සිං සම්මේලන නීති අනුගමනය කිරීමට නියමිත අතර ඒ අනුව පහළ පිරිමි බර පංති තරග ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ හිස් ආවරණ රහිතවය.
දිනෙන් දින ලාංකේය බොක්සිං පිටියේ තරගකාරීත්වය ඉහළ යාම නිසා නිශ්චිත ජයග්‍රාහකයන් නොමැති තත්ත්වයට ඒ ඒ බර පංතිවල තරගකාරීත්වය විවෘත මුහුණුවරක් ගෙන ඇති නිසා තියුණු තරගකාරීත්වයක් දකින්නට ලැබෙන අතර මෙම තරගාවලියන්හී දී ඇතැම් විට විනිශ්චය කටයුතු සම්බන්ධයෙන් ඇතිවන අපැහැදිලි තැන් මෙන්ම ඊට විරෝධය දක්වන්නන් හැසිරෙන අප්‍රසන්න ආකාරයද බොක්සිං ක්‍රීඩාවට එතරම් උචිත නොවන බව කිව යුතුව ඇත.
විශේෂයෙන් ඇතැම් බොක්සිං ලෝලීන් විනිසුරුවරියන්ව විවේචනයට ලක් කරන ආකාරය ආශෝභන බව මෙහිදී සදහන් කළ යුතුමය.විශේෂයෙන් බොක්සිං විනිසුරු ක්‍රියාවලිය විවේචනය කරන බොහෝ ප්‍රේක්ෂකයන් අතර බොක්සිං ක්‍රීඩා කළ අයද දකින්නට ලැබෙන අතර ඔවුන්ට මේ තත්ත්වය වෙනස් කිරීමට කළ හැකි හොදම දේ,විනිසුරු සුදුසුකම් ලැබීමට අවශ්‍යය පදනම සකස් කර ගැනීම වුව ද කිසිවෙකු එසේ දැණුම හඹා යාමට උනන්දුවන බවක් පෙනෙන්නට නැත.
 www.supirikrida.com

Aug 23, 2013

ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක්

චීනයේ නැන්ජින් හි පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් ගොන්නට තවත් පදක්කම් දෙකක් එකතු කර දෙන්නට දිල්හානි ප්‍රනාන්දු සහ අනුරාධ විදුශංක සමත් වුණා.දිල්හානි මීටර් 800 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 2:14.16 ක කාලයක් වාර්තා කරමින්.කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක වන දිල්හානි එම පදක්කමට හිමිකම් කියද්දී මීටර් 400 බාලක කඩුලු මතින් දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම ලංකාවට ගෙන ඒමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුශංකට හැකි වුණා.ඔහු ඒ සදහා තම ඉසව්වේ හොදම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් තත්පර 54.05 කින් සිය ඉසව්ව නිමා කළා.ඊයේ දිනයේදී උදාන්ත බණ්ඩාර ද උස පැනීමේ ඉසව්ව සදහා තරග බිමට පිවිසිය ද ඔහුගේ උත්සාහයන් මීටර් 1.90 ට  සීමා වුණා.ඒ නිසා ඔහුට හිමි වුණේ හයවන ස්ථානය යි.
ඒ වගේම ඊයේ පැවති බාලක මීටර් 100 නිදහස් ආර පිහිණුම් තරගයේදි ඩන්කන් මැතිව් අවසාන තරගයට පිවිසෙන්නට වරම් ලැබුවා.වාර්තාකර තිබෙන කාලයන් සසදද්දී අද බොහෝ විට ඩන්කන් පදක්කමකට යා හැකි මට්ටමක සිටිනවා.ඩන්කන් සිය මූලික තරගය තත්පර 52.43 කින් නිමා කළ අතර අවසාන පූර්ව තරගයට පිවිසීම සදහා තත්පර 52.42 කින් තරගය නිම කරන්නට සමත් වුණා.
මචිකෝ රහීම ද බාලිකා මීටර් 100 නිදහස් ආර මූලික තරගයේදී තත්පර 59.49 ක් වාර්තා කර දෙවන ස්ථානය දිනා අවසාන පූර්ව තරගයට පිවිසියද අවසාන පූර්ව වටයේදී තත්පර 59.90 ක කාලයක් වාර්තා කරමින් ඇයට දිනා ගන්නට හැකි වුණේ සිව්වන ස්ථානය යි.ඒ නිසා ඇයට අද අවසාන තරගය අහිමි වෙනවා.
www.supirikrida.com

Aug 22, 2013

රුවන්පුර පුතු ලක් මව රිදී පැහැ ගන්වයි

නැන්ජින් හී ක්‍රියාත්මක ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ලෝකඩ සදහා වෙන් වී තිබූ ලාංකේය පදක්කම් පැසට පළමු රිදී පදක්කම උරුම කර දීමේ ගෞරවය රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංක  දිනා ගත්තා.ඒ මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේ ජයග්‍රහණය වාර්තා කරමින්.ජපානයේ පුරුසා ටකුමු ට තියුණු තරගයක් ලබා දුන් අකිල සිය හොදම පෞද්ගලික කාලය ලෙස තත්පර 13.99 වාර්තා කිරීම කැපී පෙණෙනවා.පසුගිය දා මෙල්බර්න් හී පැවති ආරාධිත තරගාවලියකට සහභාගි වී මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයේ රන් පදක්කම ලබා ගත් අකිල,ශ්‍රී ලංකාවට පිරිමි කඩුලු පැනීමේ ඉසව්වක ලබා දුන් ඉහළම ජයග්‍රහණය ලෙස මෙම ජයග්‍රහණය වාර්තා කළ හැකියි.මීට පෙර ඉකුත් වසරේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී සුපුන් විරාජ් රණ්දෙණිය මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගෙන සිටියා.
මේ අතර තවත් මලල ක්‍රීඩා පදක්කමක් පිළිබද බලාපොරොත්තුවක් තබමින් බාලිකා මීටර් 800 මූලික තරග වටයේ දී දිල්හානි ප්‍රනාන්දු සිය මූලික තරගයේ දෙවැනියා වන්නට සමත් වුණා.ඇය අවසන් තරගයට තේරී සිටින ක්‍රීඩිකාවන් අතර ද දෙවන තැනම පසු වෙනවා.ඒ නිසා එම ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට පදක්කමක් ගැන බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව තිබෙනවා.එසේම හ්‍රී ලංකා පදක්කම් පැසට පදක්කම් බලාපොරොත්තු ඇති කරමින් අවසාන තරගයට පිවිසීමට විදුශංක අනුරාධ ද සමත් වුණා.ඔහු තත්පර 54.65 කින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය අවසන් කර අවසාන තරගයට පිවිසීමට සමත් වුණේ මුලික තරගයේ දෙවන ස්ථානය ද දිනා ගනිමින්.ඉසුරු දිල්හාන් ද මීටර් 200 මූලික තරග වල දී තෙවන ස්ථානය දිනා ගනිමින් ඉදිරියට යාම සදහා සුදුසුකම් ලබා ගත්තා.මේ අතර බාලිකා දුර පැනීමේ තරගයට ඉදිරිපත් වූ කේසි විජේසිරිවර්ධන ක්‍රීඩිකාවන් 12 දෙනෙක් අතරින් 11 වන ස්ථානයට පත්වුණේ මීටර් 5.08 ක දුරක් වාර්තා කරමින්.
මේ අතර කිග්‍රෑම් 85 බර පංතියේන් තරග වැදි උපේක සේනාධීර ස්නැච් ක්‍රමයට කිග්‍රෑම් 110 ක් සහ ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිග්‍රෑම් 135 ක් ලෙස මුළු බර කිග්‍රෑම් 245 ක් ඔසවමින් තරගයේ හය වන ස්ථානයට පත් වුණා.ටෙනිස් මිශ්‍ර යුගල පළමු මූලික තරගය යේමනයට එරෙහිව ජයගත් නෙත්මි වඩුගේ සහ ෂර්මාල් දිසානායක අනතුරුව පැවති තරගයේදි තායිලන්ත යුගලය අතින් පරාජයට පත් වුණා.
www.supirikrida.com

Aug 21, 2013

නීතිඥ ක්‍රිකට් නායකයා සොදුරු බන්ධනයට යටත් වේ


විවාහය වනු සොදුරුතම බැදීමකි.මේ බැදීමේ සොදුරුතම අවස්ථාවක් පසුගියදා උදා විය.එය සොදුරු වූයේ එම බන්ධනයට යටත් වූයේ සොදුරුතම මිතුරෙකු වූ බැවිනි.අප වෙබ් අඩවියත් සමග මුල සිටම සොදුරු ගණු දෙනුවක නියැලි හෙතෙම වත්මන් ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය.අසේල පටබැදි වන ඔහු ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කේෂ්ත්‍රයට වඩාත්ම වැදගත් වන ප්‍රබලතම හේතුවක් වන්නේ නීතිඥ ලෝක ක්‍රිකට් කුසලාන ලෝකයට හදුන්වා දුන් වසරේදී ම එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වන්නේ ඔහු බැවිනි.

මේ සොදුරු මිනිසා ගේ සොදුරුසෙනෙහස සොදුරු බන්ධනයට යටත් කර ගත් සොදුරිය වූයේ ජුලාන්ජලී වනිගසේකරය.එලැඹෙන නීතිඥ ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් තරගාවලියේ සූරයන් වන්නට වෙහෛසෙන මොහොතක බැදුණු මේ සොදුරු බන්ධනය අසේලගේ ක්‍රිකට් දිවියට මෙන්ම ජීවිත ඉණිමටද නොදැවී බොහෝ ජයග්‍රහණ කරා යන්නට ආශිර්වාදයක් වන්නැයි සුපිරි ක්‍රීඩා සුපැතුමයි