කටාර් හී දෝහා නගරයට 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලි දිනා ගැනීම සදහා අවශ්‍යය කාරණා ඇතුළත් ආකර්ශණිය ලෙස සිය ඉල්ලුම් පත්‍රය සැකසීමේ සිට මෙහෙයවීම දක්වා වන කාරණා වෙනුවෙන් කටාර් රජය විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සමාගමක් වන එම්අයි සමූහය තෝරාගෙන ඇති බව වාර්ථා වේ.සිඩ්නි ඔලිම්පික් උළෙල වෙනුවෙන් සියළු වගකීම් දරා ඇති එම ආයතනය ඉන් අනතුරුව පැවති සහ පවත්වන්ට නියමිත ඔලිම්පික් තරගාවලි සදහා ද සිය දැණුමෙන් දායකත්වය සැපයීමට ඉදිරිපත් වී ඇති සමාගමකි.
අදාළ ආයතනය පිළිබදව කටාර් බලධාරීන් දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති අතර මෙම සමාගමේ සහය 2006 පැවත් වූ ආසියානු තරගාවලිය වෙනුවෙන් ද ලබා ගැනීමට කටාරය ක්‍රියා කර ඇත.
No comments:
Post a Comment