Pages

Feb 22, 2013

පිලීපීන් යන්න යොවුන් මුෂ්ටි ප්‍රහාරකයෝ පහක්

පිලීපීනයේ පැවත්වෙන ආසියානු යොවුන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායමට ක්‍රීඩකයන් පස් දෙනෙකු ඇතුළත් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව එම්ආර් සදරුවන්(ස්ලිම්ලයින්),එච්ඒසී රොෂාන් (සුමංගල විද්‍යාලය - පානදුර),රුචිර ගුණසේන (සීවලි මමවි - රත්නපුර),ඒඑස් තුඩුවේවත්ත (ධර්මරාජ විද්‍යාලය - මහනුවර) සහ කේආර් මධුශංක (එම්ඩීඑස් - රත්මලාන) එසේ සුදුසුකම් ලබා ඇති ක්‍රීඩකයන් පස් දෙනා වන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රොහාන් දංගල්ලය.සහය පුහුණුකරු ඉන්දික සේනානනායක වන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස කටයුතු කරන්නේ පාසල් බොක්සිං සංගමයේ ලේකම් ලක්ෂ්මන් තිලකරත්නය.
www.supirikrida.com

1 comment:

  1. පුහුණුකරුත්,සහය පුහුණුකරුත් දෙන්නම සීවලී ආදිශිෂයන්... :)

    ReplyDelete