සිය විවාහය වෙනුවෙන් ද එවැනි සූදානමකින් කටයුතු කළ විජේකොන්ට එම දිවි ගමණෙන්ද පරමාදර්ශි ජයග්‍රහණයක් ලබන්නට ශක්තිය හා දිරිය ලැබේවා යන්න සුපිරි ක්‍රීඩා පැතුමයි.
කෙන්යාවේ වැඩිදුර පුහුණුව ලැබීමට සිය හැකියාව භාග්‍යයක් බවට පෙරළා ගත් චමින්ද,මනා හැදෑරීමකින් යුතුව ලද අවස්තාව ජයග්‍රාහී,ඓතිහාසික මතක සටහන් වලින් පුරවා ගන්නට සමත් වුණා.එසේම අධ්‍යාපනික වශයෙන් මෙන්ම ක්‍රීඩාවේ ශිල්පීය සහ තාක්ෂණික ගුණාංග පිළිබදවත් පරිචයක් ඇත්තෙකු ලෙස හැදින්විය හැකි චමින්ද,අධයාත්මික වශයෙන් විශාල සංවර්ධනයක් ලත් සහ ඒ වර්ධනය ක්‍රීඩාවේ ජයග්‍රහණ පිණිස මෙන්ම ජීවිතයේ පැවැත්ම කෙරෙහි භාවිතාවට ගත් පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකියි.
ඒ සියළු ගුනාංග වල එකතුවෙන් දිරිමත්,නොපසුබස්නා වීරියෙන් යුත් ජයග්‍රහණ වලින් සිය ක්‍රීඩා ජීවිතයේ සාර්ථකත්වයට ළගා වූ චමින්ද ගේ විවාහ ජිවිතය ද සාර්ථක එකක් වේවා යන්න සුපිරික්‍රීඩා පැතුමයි!
www.supirikrida.com
Happy Wedded life Dear Chaminda & Dileka......
ReplyDelete