සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ හෙළ වදන
Pages
(Move to ...)
Home
දකින හැගෙන සෑම දේ රැගෙන එන පියාපත් =http://piyabanasithuvili.blogspot.com/
▼
Jun 6, 2012
යාපනෙන් තිදෙනෙක්
ජූ
නි 9 වන දා සිට 12 වන දා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට උතුරු පළාත නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක ඇතුළත් වන බව ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.ඒ අනුව යාපනය අලවෙඩ්ඩි හී අරුනෝදය විද්‍යාලය නියෝජනය කරමින් රිටි පැනීමේ ඉසව්ව සදහා ඒ පවිත්‍රා සහ බී ලවනන් ඇතුළත් වෙයි.කාන්තා රිටී පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් තරග වදින පවිත්‍රාගේ හොදම දක්ෂතාවය ලෙස මීටර් 2ග90 ක් වන අතර පිරිමි උස පැනීමේ ඉසව්ව නියෝජනය කරන ලවනන් ගේ දක්ෂතාවය මීටර් 3.50 කි.මෙම දෙදෙනාම තර්මකුලසිංහම් පාකිස්වරන් යටතේ පුහුණුව ලබයි.
යාපනය උඩුප්පිඩ් ඇමෙරිකන් මිෂන් විද්‍යාලය නියෝජනය කරන ආර් නිමලේන්ද්‍ර යගුලිය වීසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඔහු දක්වා තිබෙන හොදම දක්ෂතාවය මීටර් 14.09 කි.කේ විජිතරන් නිමලේන්ද්‍ර ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය.වසර තිහක යුද්ධයක නිමාවෙන් පසුව මේ රටේ පැවත්වෙන වැඩිම රටවල් ගණනක් සහභාගි වන ඉසව්ව වන මෙම ක්‍රීඩා උළෙලට යාපනය නියෝජනය කරමින් තිදෙනෙකු සහභාගි වීම තුළින් පැහැදිළි වන්නේ තිස් වසරක කාලයක් උතරේ සම්පත් වලින් පල ප්‍රයෝජන ලැබීමේ අවස්ථාව රටට අහිමි වී තිබූ බව යන්න සුපිරික්‍රීඩා විශ්වාසය වන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment