මේ දිනවල තායිලන්තයේ ක්‍රියාත්මක 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ දී සී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව එහි ප්‍රථම තරගය කොරියාව ඉදිරියේ වට 3 - 0 ක් ලෙස පරාජය වූවාය.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් ආසියාවේ දෙවන තැනට ශ්‍රේණිගතව සිටින දකුණු කොරියාව සමග තරගයේ ලකුණු තත්ත්වය 25 -16 ,25 -9 ක් සහ 25 - 12 ක් ලෙස ය.ඊයේ (ඔක්තෝම්බර් 01) තරගාවලිය අරඹමින් පැවති එම කාණ්ඩයේ හොංකොං සහ කසකස්තානය අතර තරගයෙන් කසකස්තානය ජයගත් අතර එහිදී ලකුණු තත්ත්වය 25 -21, 25 -14 ක් සහ 25 - 16 ක් විය.මේ අතර තරගාවලියේ ඒ කාණ්ඩයේ ක්‍රියාත්මක වූ තරග වලින් නවසීලන්තය තරග වට 3 - 0 ක ජයක් කුවේටයට එරෙහිව වාර්තා කළ අතර ඉරානය තරග වට 3 - 0 ක් ලෙස පරාජය කරන්නට තායිලන්තය ට හැකිවිය.බී කොටසෙන් තරග වදින ප්‍රබල චීනය මොංගෝලියාවට එරෙහිව තරග වට 3 - 0 ක ජයක් වාර්තා කළ අතර එම කාණ්ඩයේ ඉන්දියාව සහ වියට්නාමය අතර තරගයේ ජය ඉන්දියාවට හිමි වූයේ ද වට 3 - 0 ක් ලෙස ය.
කාණ්ඩ හතරක් යටතේ මූලික තරග ක්‍රියාත්මක තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වදින ටර්කිමෙනිස්තානය චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ වට 3- 0 ලෙස පරාජය වූවාය. එම කාණ්ඩයේ ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ජපානය වට 3 - 0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ශ්‍රි ලංකාව සහ කොරියාව අතර තරගයේ වීඩියෝ දර්ශනයක් මෙම සටහන ඉහළ ඇතුළත් වේ.
www.supirikrida.com
No comments:
Post a Comment